2016-08-01

අලුත් කුණුහරුප -01; යහපාලනය

යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට  මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.

සිරි ඉල්ලන්කාව තුල අඩුම කාලයක් තුල වැඩිම වෙනසකට භාජනය වෙච්ච වචනයක් ඇත්නම් ඒ අන් කිසිවක් නොව යහපාලනය කියනා වචනය ය.
එක වෙන්නේ මෙන්න මෙහෙමය.
මේ යහපාලනය කියන වචනය රටේ කලටිපොල් දික්ෂනරියට ඇතුලේ වෙන්නේ මරාගේ කළුවර දශකයේ අග භාගයේදී හෙවත් රට කෑලි කපන්න පුළුවන් කට්ට කළුවරේ  හසරක් නැතුව පාදඩ වැදී රාජ්‍ය වල අනුග්‍රහයෙන් වැනී වැනී ලෝකයේ අඳුරු මුල්ලකට තල්ලු වෙන කාලයේදී ය.
අපේ මාදුළුවාවේ සෝභිත හාන්දුරුවෝ මේ අරුම පුදුම වචනේ කරලියට ගෙනල්ලා දික්ෂනරිය්ට ඇතුල් කරලා ඒ වෙනුවෙන් කෑ ගහන්න කරන්න පටන් ගන්නකොට කොට මුලින් අපිට එක හරියට තේරුමක් අඳුනගන්න බැරි පට්ට විහිලු වචනයක් විය. ඒ තරමට ම ආතල් එකක් ඒකාලේ තිබුනේ ය. ඒ වෙන මක්කා හින්දාවත් නොව "යහපාලනය" කියනා වචනේ ඉංගිරිස් පරිවර්තනේ වන "Good Governance" කියනා වචනේ ගූගල් දෙයියා ගේ අනුග්‍රහයෙන් තේරුම් ගන්න බලනකොට හම්බුවෙච්ච අරුම පුදුම මෙලෝ සම්මජ්ජාතියක මේ රටේ නම් සිද්ධ නොවෙච්චි දේවල් පෙනෙන්න පටන් ගත්තු නිසා ය.
ඒ එදා අපි වැටී හිටි අඳුරේ තරම ය.

එත් කාලයක් යනකොට යහපාලනය කියන්නේ මේ රට ඇතුලේ පරක්කු වෙලා හරි යතාර්ථයක් වෙන්න ඕනා සංකල්පයක් කියලා අපිට තේරුම් ගියේය. එත්  ඒ කාලේ හිටපු අපේ අප්පච්චි ට සහ සහ එයාට කලින් හිටපු අම්මණ්ඩි ට පින්සිද්ධ වෙන්න ඒ අරුම පුදුම වචනය  මහපොළොවේ යථාර්තයක් වෙන්නේ නැති බවට ඉර හඳටත් වඩා ෂුවර් ඇන්ඩ් ෂොට් වෙච්චි සුන්දර හීන යක් විය.

අපේ සිරිසේන උන්නැහේට අර අරුම පුදුම අපූරු ආප්පේ කැවුණේ ඔන්න ඔහොම අපි සුන්දර හීන ලෝකෙක බඩ පිනුම් ගහන කාලයකදී ය. මරාගේ බත් බැලයන්ගේ , ගොට්ටන්ගේ හැර රටේ අනිත් සේරම ජනතාවගේ හීන අස්සේ තිබ්බ යහපාලනය කියන සුන්දර වචනය , එදා මරණ වරෙන්තුව අතට අරන් මරාගේ පඩංගුවෙන් දොට්ට බැස්ස සිරිසේන උන්නැහේ තමුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය විදියට ප්‍රකාශ කළේය.

සිරිසේන උන්නැහේ විතරක් නොව වික්‍රමසිංහ උන්නැහෙත් තමුන්ගේ ප්‍රතිපත්තිය යහපාලනය යයි කියලා කියපුවාම අර හැබෑ නොවෙන හීන් කුලකය ඇතුලේ තිබ්බ ඒ සුන්දර වචනේ , හැබෑ කරගන්න බැරිකමකුත් නැහැ කියන අලුත් කුලකයට මාරුවුණේ හීන් සීරුවේ පුංචි බලාපොරොත්තුවක් රටේ හැම මනුස්සයෙකුගේම හිතේ ඇතිකරමින්ය.

එතනින් එහාට වෙච්ච දේ ලියන්න අවශ්‍ය නැත.
"යහපාලනය" හැමෝගෙම "හැබෑ කරගතයුතුම හීනයක් "   බවට පත්වුනේය,
ඊට පස්සේ ඒක : හැබෑ කරගන්න පුළුවන් හීනයක් "බවට පත් වුනේය.

2015 ජනවාරි 8 වෙනිදා, කුප්ප මරාගේ "පරලොව දිනන මග" පරද්දන්න "යහපාලන" ප්‍රතිපත්තියට හැකි විය.
සිරිසේන උන්නැහෙත් වික්‍රමසිංහ උන්නැහෙත් රට භාර ගත්තෝය. ටික දවසකට දුක වේදනාව රටට අමතක විය.

එත් එක දෙයක් සිද්ධ වුනේ නැත.

ඒ කියන්නේ "විහිලු" කුලකයෙන් "හැබෑ නොවෙන හීන " කුලකයටත් එයින් පස්සේ "හැබෑ  කරගන්න බැරිකමකුත් නැති" කුලකයටත්, පස්සේ " හැබෑ කරගත යුතුම " කුලකයටත් , එයිනුත් පස්සේ " හැබෑ කරගන්න පුළුවන් " කුලකයටත් මාරුවෙවී ආපු "යහපාලනය " කියන වචනය " හැබෑ කරගත්තු හීන" කුලකයට වැටුනේ නැත.

ඒ වෙනුවට වුනේ හරි අමුතු අමුතු විජ්ජුම්බර සද්ධ විය.

මරාගේ කුප්ප පඩංගු ව ඇහැක් කරලා හිටං අටෝ ගත්තු ආණ්ඩුවේ එක එක කෙරුමෝ කීප දෙනෙක් ආපහු වතාවක් මරා සරණ ගච්චාමී ගාථාව මතුරන්ට පටන් ගත්තේය.
සමහරු මරාට අතක් තියන්න දෙන්නේ නැතැයි කියා චන්ඩි ටෝක් ද දිය. එකියපු එකෙක් බැරිම තැන ගෙදරද ගියේය.
ඒ අස්සේ සිරිසේන උන්නැහේ ත් මරාගේ රෙද්ද අස්සේ ඉඳන් අහවල් දෙක ලොවපු පිංගුත්තර රැලක් තමුන්ගේ රෙද්ද අස්සට දා ගත්තේ රජකම් කලත් උපන් ගොන්කම මනාව් ප්‍රදර්ශනය කරන්නට ද කොහෙදය.

මරාගේ හොරකම් විකුණගෙන කාලා උඩට ආපු අය හොර මරා සහ සනුහරේ ට මහා උළුගෙයි බත් කවන්නේ නැතිව ආපහු පාරක් සුළුවෙන් හරි රට කන්න චෑන්ස් එකද අරන් දුන්නේය.

යහපාලනය කියන වචනේ නියම අර්ථය ඇතුලේ ඔය කියන ලබ්බ වල නැත්තේය.
ඒ වෙනුවට එකේ තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වීම, හැමට සමානව සැලකීම, හැමෝගෙම අදහස් වලට සවන් දීම වගේ දේවල් ය.

එත් ඒ නමින්මෙහෙ වෙන්නේ තනි අමු අනිත් පැත්ත ය.

නීතිය එක පවුලකට සහ  රැලකට එක විදියකටත් අනිත් එවුන්ට තවත් විදියක් ය.
හැමට සමානව සැලකීම කොහොම වෙතත් උන්ගේ එවුන්ට එක ජාතියක සමාන කමකුත් , අනිත් එවුන්ට තව ජාතියක සමාන කමකුත් ය,.
හැමෝගෙම අදහස් වලට සවන් දීම නම් ඕනෑවටත් වැඩියි වගෙය.
ඇත්තම කිව්වොත් සවන් දෙනවා විතරය.
ආණ්ඩුවට ඕනා විදියට මෙලෝ මංගල්ලයක් කරන්නේ නැත.

19 කියල අටමගලක් ගෙනාවේය. එකට සංශෝධන සිද්ධ වුනේ ආණ්ඩුවට ඕනා විදියට නොව විපක්ෂේ හොර නඩේට ඕන විදියට ය.
ETCA ගෙන්නලැස්ති විය. මිනීමරු ඩොක්කු රල රෙද්ද උස්සන් පුක පෙන්නන්න ගියායින් උන්ගේ පුකේ ගඳ සුවඳ බලන්න ද කොහෙද ETCA අතුරුදහන් විය .
අයවැයක් ගෙනාවේය. "ගරු කතානායකතුමනේ" කෑල්ල ඇරෙන්න ඉරි කොමා තිත්  පවා හොරුන්ට ඕනා විදියට වෙනස් විය.
දැන් වලිය SAITM එකක් අල්ලාගෙනය.
අපි කොච්චර කිව්වත් ආණ්ඩුව ඉක්මනටම මිනීමරු ඩොක්කුන්ගේ පුකවල් සිපාචාර කරනු ඇත. වෙච්ච දේවල් එක්ක මෑත ඉතිහාසය බලනකොට සාමන්‍ය අපිට කියන්න පුළුවන් හොඳම අනාවැකිය ඕකය.

ඔය කිව්වේ ටිකක් පමණය.
ලියනවා නම් තව ගමකට ඇත .

යහපාලනය කියන වචනය එදා ලස්සන සුන්දර වචනයක් වුනත් මෙදා ප්‍රසිද්ධියේ කියන්න බැරි කුනුහබ්බයක් වී ඇත්තේ මෙන්න මේ කුප්ප  වැඩ නිසාය.

අද යහපාලනය කියන වචනය මිනිස්සුන්ට මතක ය, ඒකාබද්ද හොරු සන්ධානේ ටත් මතකය, එත් එක ගෙනාපු දෙමුහුන් ආණ්ඩුවට අමතක වෙලා ය.

ඒ වෙනුවට යහපාලනෙන් ගොඩ ගිය ගොඩක් දෙනෙක් ආපහු අර අම්මණ්ඩි ගේත් ,අප්පච්චි ගේත් කළුවර දශක වල කරගෙන ආපුවා දිගටම කන්ටිනියු කරන්න පට අරන් ය.

හොරු වීරයෝ වෙලා ය.
වීරයෝ ගලක රීලා වගේ ය.

අර සමහර ෆිලුම් වල තියෙන්නා වගේ හොරා වීරයා වෙලා වීරයා බලු වෙලා ය.
" කෝ අපි ව අල්ලුවාද" කියලා දැන් ලජ්ජා නැතුව හොරුම අහන්නේය.

එතකොට යහපාලන ඔස්තාර් ලා ධූරිම්භූත් ය.උන්ගේ ලජ්ජා නහර ගැන ප්‍රශ්න සැක සංකා මතුවන්නේ ඒ නිසා ය,

යහපාලනය කුහරුපයක් වී ඇත්තේ ඔන්න ඔහොමය.

--
එහෙනම් අදට ඔය ඇති වගෙය.

----------------------------------------

යන්න කලින් තවත් දෙයක් කියන්න ට ඇත.

හරියටම මීට අවුරුදු දෙකකට කලින් ඒ කියන්නේ 2014 අගෝස්තු 1 වෙනිදාදෙවැනි විභීෂණ ගේ "විභීෂණ අඩවිය" හා හා පුරා නොකියා "ආයුබෝවේවා" කියාගෙන ආරම්භ විය.

මහලොකුවට විස්තර කියන්න අවශ්‍ය නැත්තේ ඒ සේරම 1 වෙනි උපන්දිනේදී කියාපු නිසා ය,

අවුරුදු දෙකක් තිස්සේ විභීෂණ අඩවියට ඇවිත් කමෙන්ට් කරමින්, දොස් කියමින්, විහිලු කරමින් සිටි සහ අදටත් සිටින  මගේ අඩවියේ මිතුරු ඔබ සැමදෙනා ට "ස්තුතියි" කියා කියන්නට මේක මම අවස්තාවක් කරගන්න කැමතිය.

ඉතින් මේ හිටියා වගේ ඉස්සරහටත් විභීෂණ අඩවියත් එක්ක බොක්කෙන්ම සිටීවි කියා දෙවැනි විභීෂණ බලාපොරොත්තු වන්නේය.

27 comments:

  1. දෙවර්ෂ පූර්ණයට මගේ උණුසුම් සුභපැතුම්, විභී....
    පටන් ගනිද්දිම අලුත් කුණුහබ්බයකුත් අපට දුන්නට ස්තූතී..

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ මුල්ම පෝස්ට් එකට " ආයුබෝ" කිව්වෙත් විභියම තමයි.

      ජයවේවා!!!

      Delete
    2. සුබ පැතුමට බොහොම ස්තුතියි ...

      කුනුහබ්බෙකින් උපන්දිනේ සමරන පලවෙනි වතාවද කොහෙද. ඒ හින්දා ඒ ගැන මටත් පට්ට සන්තෝසයි.

      ඔබේ බ්ලොගටත් ජයෙන් ජය.

      Delete
  2. මේ ලිපියෙන් මාත් උත්සාහ කළේ යම්තම් ඕක තේරුම් බේරුම් කරගන්න තමයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      අපි උඹල මේක තේරුම් ගත්තා ට , තේරුම් අරන් ක්‍රියාත්මක කරන්න පුළුවන් එවුන් තේරුම් ගන්නේ නැති එකනේ බන් මෙතන තියෙන අවුල.

      Delete
  3. යහ පාලනය නොවේ විහිළුව එහි ලංකාවේ භාවිතය යි.

    ReplyDelete
    Replies
    1. අස්සේ සිරිසේන උන්නැහේ ත් මරාගේ /* ඒ රෙද්ද අස්සේ ඉඳන් අහවල් දෙක ලොවපු පිංගුත්තර රැලක් තමුන්ගේ රෙද්ද අස්සට දා ගත්තේ රජකම් කලත් උපන් ගොන්කම මනාව් ප්‍රදර්ශනය කරන්නට ද කොහෙදය. */

      මෙන්න ඒ ගැන මා ලියූ කවියක්.

      සුබ අනාගත්තක් වේවා!

      ගොම රිටි උඩ එති
      මිණි කැට යට යති
      දෙපයට හිරිකිත
      බලු බෙටි පෑගෙති

      උදයෙත් රැවටෙති
      දහවල රැවටෙති
      පුරහඳ නැති රෑ
      ඔළුවෙන් සිටවෙති

      නයු අජ වෙස ගති
      හොරු යළි රජවෙති
      මරුමුස් පරපුර
      තරුපටි පළඳිති

      සොඳුරු මිනිස් ගති
      බේතට හිඟවෙති
      වඳුරු සුනඛ ගති
      සදහට පවතිති

      http://rasikalogy.blogspot.com/2015/03/sad-reality-of-life.html

      Delete
    2. රසික ගේ කමෙන්ට් දෙකම වචනයක් නෑර සහතික ඇත්ත.

      Delete
  4. අඩේ, යහපාලනය කියන්නේ, පට්ට, අමුම අමු කුනු හරුපයක් කියල තේරුනේ දැනුයිනේ මට​, බැරි වෙලාවත් ගරු සමාජයක් ඉදිරියේ මට ඕක කියවුනා නම් වස ලැජ්ජාව තමයි, තේරුම්කරල දුන්නට අනෙක් වාරයක් ස්තූතිය සහෝ, අයේ ගෙදර ළමයින්ටවත් කියන්න දෙන්නේ නෑ ඕක​.

    ReplyDelete
    Replies
    1. උඹට දැන් හරි තේරිච්ච එක ලොකු දෙයක්.
      එත් සමහරු තාම තේරුම් අරන් නැහැ

      Delete
  5. එදා ආන්ඩුව ගැන කී කථා හරිය.
    අද ආන්ඩුවේ ඇත්තේ එදා ආණ්ඩුවේ තිබූ ඒ ටිකම පමණි.
    ඊට පිටින් කිසිවක්ම නැති

    ඉතින් යහපාලනය නම් නරකම කුණුහබ්බයකි

    ReplyDelete
  6. බදු නැතිව ආන්ඩුවේ ආදායම් වැඩි කොරගන්නෙ කොහොමෙයි?

    තව VAT බද්ද වැඩි කොරලා ඒක 25% කොරලා යහපාලනේට චන්ද්දෙ දුන් ගොන් බූරුවන් ට කෙලවිලාම යනවානම් වඩාත් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. බද්ද වැඩි කලොත් සරසෝ යහපාලනේ ට දුන්නු ගොන් බූරුවන් ට වගේම පාදඩ මරා ට දීලා තාමත් ඇරෝ ගන්න මැටි මී හරක් ටත් කෙළවෙන වා නේද?

      Delete
  7. යහපාලනේ ඉස්සරෝම ගෙනාවෙ ෆීල්ඩ් මාෂල් උත්තමය වගෙයි මට මතක ඒ 2010 දි.. හැබැයි පත්තියං වුනේ නෑ මයෙ හිතේ
    හැක්
    කෝමත් විහිළුවක් නෙව

    අවුරුදු දෙකටම සුභ පැතුම් විභියෝ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එයා යහපාලනේ නම ගෙනාවද කියලා නම් හරියට මතක නැහැ. එත් "වෙනසක්" කියලා කියෝ කියෝ නම් හිටියා. යහපාලනේ විතරක් නෙමෙයි බන්, ඔය ගොඩක් ශ්‍රේෂ්ඨ දාර්ශනික වදන් මෙහෙදී එක්කෝ කුණු හබ්බ වෙනවා, නැත්තන් විහිලු වෙනවා.

      -----
      සුබ පැතුමට බෝම ඉස්තුතියි

      Delete
  8. බ්ලොග් ලියන සහ/හෝ කියවන අපිට හා සමහර පණ්ඩිතයො සහ/හෝ බොලඳ අයිඩියලිස්ට්ල සමූහයකට "යහ පාලනය" තේරුනත්, ඕනෙ වුනත් බහුතර ජනතාවට එහෙම නෑ. වෙන එකක් තියා රජයේ මුදල් හා ගෙවන ණය වාරික යනු සෘජු හා වක්‍ර බදු මුදල් වන මහජන මුදල් කියන එකවත් තේරෙන්නෙ නෑ. පාරක් බෝක්කුවක් හදා ගන්න එක, භාණ්ඩවල මිල වගේ දේවල් හැර යහ පාලනය තියා ලැජ්ජාව සහිත ශිෂ්ඨ පාලනයක් කියන එක මොකක්ද කියලවත් තේරෙන්නෙ නෑ.
    එහෙම තියාගෙන වන්දි බට්ටයන් සහිත රජ පාලනයක් නැතුව ඉන්න එකත් සෑහෙන දෙයක්

    සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බහුතර ජනතාව පුරුදු වෙලා (හෝ කරවලා ) තියෙන්නේ නිකන් කන්න බොන්න . එක වැරද්දක් නෙමෙයි. උන් ඒ තත්වෙට පත් වෙලා හෝ පත් කරලා. ඒ නිසා නිකන් හෝ බෝම ලාබෙට කන්න බොන්න දෙන හෝ දෙන්න ලෑස්තියි කියලා පෙන්නන ඕන එකෙක්ට උන් මනාපයි.

      ඔය රජයේ මුදල් හා ගෙවන ණය වාරික යනු සෘජු හා වක්‍ර බදු මුදල් වන මහජන මුදල් කියන දේවල් උන්ට පඩේ ක වටිනාකමක් නැහැ .

      -------
      සුබ පැතුමට තැනක් යූ ප්‍රා

      Delete
  9. මම නම් මේක විකාරයක් කියලා ලිව්වේ යහපාලනේ පළමු පත්වීමෙන්ම... අද උන් කොච්චර පිස්සෝ ගොඩක්ද කියලා පොලිස්පතිගෙන් පේනවා.. භාරත ලක්ෂ්මන්ට එදිරිව ඉන්න එකාට අද ආන්ඩුවේ පෝස්ට් එකක් දීලා.. මත්තල චීනට දෙන හීනෙත් කුඩු.. මෙළෝ දෙයක් නැති පිස්සෝ ටිකක්..

    ReplyDelete
    Replies
    1. ඉල්ලාගෙන කෑමේ නෑමේ සහ රීමේ හොඳම උදාහරණය මේ යහපාලන ආණ්ඩුව තමයි මාතො.
      පොලිස්පති ...හාපෝ ඕකා තමා ඉස්ටෙජ් එකට නැග්ග අලුත්ම ජෝකර්.

      Delete
  10. මේකයි සිද්ධිය.
    විධායක ජනපති යනු ඒකීය පුද්ගලයෙක්.
    ඒ වගේම කැබිනට් මණ්ඩලය යනුත් ඒකීය පුද්ගලයන් පිරිසක්.
    නමුත් යහපාලන ගැන්සියේ තියෙන කොමියුනිස්ට් හැදියාව හින්දා උන් හිතනවා. රංචුවක් එකතුවුනාම ඔවුන්ගේ පුද්ගල මනස් එක්වී සුපිරි මනසක් (හරියට දෙවියන් වහන්සේ වගේ) හැදෙනබව.
    ඒ නිසා උන්ට විධායක ජනපති සම්බන්ධ අසාත්මිකතාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹේ හීනේ ට තව මොකුත් පෙනුනේ නැද්ද බන්. මේ ටික මදි වගේ.

      Delete
  11. මුංගේ අම්මලාට 'යහපාලනේ ගේන්න' ඕනේ හිටං.. අහ්.. උඹේ දෙකට සුභ පැතුම් !! :)

    ReplyDelete
  12. ඔබේ බ්ලොගයට දෙවසරක් පිරීම වෙනුවෙන් සුභ පැතුම්. තවත් කාලයක් විභීෂණ අඩවියේ අපිට කියවන්න ලිපි ලියවෙවා..

    ReplyDelete
  13. All the best Vibishana II ... !!! 1st time reading your blog .. Will continue when ever possible ..Feeling like I am not alone .. Oh god We need more like you all ..!!

    ReplyDelete

කමෙන්ට් කලාපය....