2016-04-14

පොඩි අලුත් වැඩක්


අලුත් අවුරුද්දේ බ්ලොග් පොස්ට් කියෝ කියෝ ඉන්න කොට පොඩි අලුත් වැඩක් කරන්නන ඕන කියලා විභීෂණ ට හිතුනේය.



ඒ මෙච්චර කල් බ්ලොගර්(BLOGGER) එකේ තිබ්බ මගේ “විභීෂණ අඩවිය” ට සමාන්තර සමගාමී අඩවියක්  වර්ඩ්ප්‍රෙස්(WORDPRESS) වලත් ආරම්භ කිරීම ය. 

ලිපිනය මෙසේය 
https://vibheeshana2blog.wordpress.com/

මේ වැඩේට මූලිකම හේතුව විභීෂණ ගේ අතිශය සුළුපටු වූ WORDPRESS දනුවත්කමය.

ඔය දැනුම ඉතින්  පොතක් පතක් කියෝලා බලලා තේරුම් ගන්න බැරි නිසා කරන්න පුළුවන් හොඳම වැඩේ විදියට වැරදි වැරදි ඉගෙන ගන්න කියලා හිතාගෙන විභීෂණ මේ සමාන්තර අඩවිය අටෙව්වේය.

තවත් හේතුවක් වුනේ මගේ බ්ලොග් සටහන්  BLOGGER වලට විතරක් සීමා වෙලා කියලා මට දැනෙන්න පටන් ගැනීමය. 

WORDPRESS අවකාශයේත් වටිනා කියන සිංහල බ්ලොග් තියෙනවා ය කියලා ටිකින් ටික තේරුම් ගත්ත නිසාත් ඒ බ්ලොග් වලට  කමෙන්ට් කරන්න යද්දී ඊමේල් ඇඩ්රස් නම ගම ආදී විස්තර ගොඩක් ඇතුල් කරන්න කාලේ කන්න වෙන නිසාත් WORDPRESS  වලත්  සමාන්තර ශාඛාවක් ඇරියොත් මටත් මෙහෙ ඉන්න බ්ලොගර්ස් ලාටත් සංවාද වලදී පහසුවෙක් වෙන්න ය කියලා හිටං විභීෂණ WORDPRESS  ශාඛාවකුත් අරින්න තීරණය කළේය.

කොහොම හරි ඉතින් අද ඉඳන් ඉතින් මගේ සුපුරුදු හිතමිතුරු BLOGGER අඩවියේ තියෙන ලිපි ඒ අඩවියෙත් ඒ විදියටම පල වෙන්නේය.

BLOGGER අවකාශයේ සැම සියලු දෙනාටත් WORDPRESS අවකාශයේ හැම දෙනාටත් ඒ අලුත්  බ්‍රාන්ච් එක අද සිට OPEN ය.
හැමෝම WARMLY WELCOME ය

====================//===================
ගේ බ්ලොග් එක තව මොඩිෆයි කරගන්න සපෝර්ට් කරන්න WORDPRESS දන්නා කියන උදවිය ට පුලුවන්නම් ඔවුන්ට මගේ හද පිරි ස්තුතිය ය.

20 comments:

  1. මටත් wordpress දැනුම 0% මම කාලයක් Try කරල අතෑරල දැමිම
    තාක්ශනේ සපෝටි එක හා කොලිිටිය පැත්තෙන් බැලුවොත් wordpress තමා Top
    හැබැයි ඉනින් සාමාන්‍ය ලිවිල්ලකට නමි Blogger හෙදටම ප්‍රමාණවත් නේ

    ReplyDelete
    Replies
    1. ඔවු ලේවියෝ.
      අපි ඉතින් එක්ස්පර්ට් ලා නෙමෙයි නේ. ඔහේ හිතේ සන්තෝසෙට ලියන එකනේ කරන්නේ.

      බලමු. මොන මොනවා හරි ඉගෙන ගන්නත් පුළුවන් වෙයිනෙ..

      Delete
  2. අලුත් වැඩේට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වෙරි මච් නිරමාණි ...

      Delete
  3. අලුත් වැඩේට සුභ පැතුම් මගෙනුත්.. බලන්න මේවා වලින් වැඩක් ගැන පුලුවනිද කියලා https://learn.wordpress.com/
    https://www.siteground.com/tutorials/wordpress/
    https://codex.wordpress.org/First_Steps_With_WordPress
    https://www.youtube.com/watch?v=wiaT4bR3xGA

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චතු..
      මම හිතන්නේ චතු මේ පැත්තේ ආවමද කොහෙද...

      සාදරයෙන් පිලිගන්නවා..

      ----------
      අර ලින්ක් ටික අනිවා මම බලන්නම්...
      බොහොම ස්තුතියි ආපහු..

      Delete
    2. ඔව් ඔව් , ඊයේ තමයි ඉස්සෙලම ආවේ.

      Delete
  4. මට උදව් කරන්න පුලුවන් විභී... දිගටම ලියමු ජය!

    ReplyDelete
    Replies
    1. රායිට්..රොහාන්...

      දිගටම කරගෙන යන්න තමයි හිතන් ඉන්නේ...

      Delete
  5. මගෙත් වර්ල්ඩ්ප්‍රෙස් බ්ලොගයක් කාලයක් ඉඳන් තිබුනත්, මගේ ගුරු උතුමන්ලා වන මධ්‍යස්ත මතධාරියා සහ අටම්පහුර සෑහීමට පත් නොවූ නිසාත්, එහි ප්‍රතිචාර දැක්වීමේ අපහසුතාවයක් ඇති බව කියවුනු නිසාත් එහි ප්‍රවර්දනය මා නවතා දමා ඇත්තෙමි. කෙසේ නමුත් ඔබගේ අලුත් බ්ලොගයේ සාර්තකත්වයට මගේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මේක blogger එකට parallel ගෙනියන්නේ.ඒ හින්දා අවුලක් වෙයි කියලා නම් හිතන්නේ නැහැ.

      ඒ කමෙන්ට් කරන්න අමාරු වෙන්නේ අපි ගොඩක් දෙනෙක්ට WP ප්‍රොෆයිල් නැති හින්දා.
      WP ප්‍රොෆයිල් විතරක් තියෙන යට blogger වලට එන්න අමාරුත් ඒ හින්දා..

      තැනක් යූ සුභ පැතුමට

      Delete
  6. මාත් ගොදකලෙක ඉදන් හිතන් ඉන්න වැඩක් ලගදීම එන්නම් කෝ අපිත් ඒ පැත්තට

    ReplyDelete
    Replies
    1. හරි හරි..බොහොම සන්තෝසයි..
      ඒ අව්කාශේදීත් හම්බුවෙමුකෝ එහෙනම්...

      Delete
  7. wordpress ටිකක් නුහුරුයි වගේ මට ඒත් ඉගෙන ගන්න ඕන අප්ප ..කොහෙද මේ කම්මැලිකම :/

    ReplyDelete
    Replies
    1. අඩි ... අර wordpress එකේ තියන පික්චර් එක ලස්සනයි බ්ලොගේ ඉන්න අර මොකක්ද එකක් කටේ ගහගෙන ඉන්න විභී පික්චර් එකට වඩා :P

      Delete
    2. ඔච්චර අකමැති නම් වෙනස් කරන්නන්කෝ හිටන්...

      Delete
  8. මම කලේ ඕකේ අනික් පැත්ත. දීර්ග කාලයක් වර්ඩ්ප්‍රෙස් වලින් ලියලා, ඒක එහෙමම තියාගෙන බ්ලොගර්වලින් ඒ නමින්ම අඩවියක් ආරම්භ කිරීම.

    jangun.wordpress.com

    wicharaka.blogspot.com

    ඔහොම යන්.

    ReplyDelete
    Replies
    1. මෙච්චර යස අගේට එක ප්ලැට්ෆෝම් එහෙක කරන බ්ලොග් එකෙ කොපියක් තව ප්ලැට්ෆෝම් එහෙක කරන එකෙත් පොඩි අමුතු කික් එකක් තියෙනවා නෙද විචා.

      -
      තැනක් යූ...තැනක් යූ..

      Delete
  9. සුබ පතනවා විභීෂණ සුබ අලුත් අවුරුද්දක් වේවා!

    මම ගමේ ගිහිල්ල අද තමා ආවේ

    ReplyDelete

කමෙන්ට් කලාපය....