2016-03-23

නෙලුම්යාය බයිලා 2

නෙලුම් යාය බ්ලොග් මංගල්ලේ වෙනුවෙන් මෙන්න විභීෂණ ගෙනුත් බයිලා පාරක්..

හා කමෝන් මල්ලි..දීපල්ලා... සද්දෙට අප්පුඩි යක්...කියමු මාත් එක්ක...





බ්ලොග් තරු පායා කොළඹම දිලෙන්නා
එක කෙලියයි එදා මයේ පුතේ
බ්ලොග් කාරයෝ සම්මානත් දින්නනා
වැඩකාරයෝ බව පෙන්න්නා


බොලාලා බලලා නැද්ද බ්ලොග් කාරයෝ ලියනා එව්වා
පිස්සු හැදෙනවා ඉඳ හිට බඩ කොරවෙන්වා
ලෝස් නැතුව නීති නීති නැතුව වාරණයක් ලොවෙත් නැතුව
වදින එකා දුරිම්භූ වෙන්න ලියනවා...


බ්ලොගර් ගොයියෝ වදන් තදයෝ
බ්ලොග් සගිස්කෘතියේ මහා මොළ කරුවෝ
තොපි නැති දාට අනේ මොන බ්ලොග් අපිට පනේ
එල්ලිලා මැරෙනවා අපි බුකි බිත්තියේ


බුකිය වගේ නෙවෙයි යකෝ බ්ලෝග හරි එළියයි
වාද තර්ක  විචාර වලිනුත් සරුසාරයි
කවි නිසඳැස් හයිකු එක්ක කතන්දරත් කියවන්නට
වරක් ආවොතින් ඇබ්බැහි වෙනවා නියතයි


බ්ලොගින් කොල්ලෝ බ්ලොගින් කෙල්ලෝ
වරෙවු විසි හයවෙනි හෙනහුරු දවසේ
කතා කරලා අනේ සිනා සීලා පනේ
පීනල නටමු යකෝ ආතල් සයුරේ


විසිහය වෙනි හෙනහුරාද තව දින හතරයි
රට වටේම බ්ලොග් කාරයෝ එකමුතු වෙනවයි
මූන බලලා අඳුනගන්න කතා කරලා හිනා වෙන්න
චාන්ස් එකක් ලොවෙත් ඇත්තේ මෙදාට විතරයි


බ්ලොගින් කොල්ලෝ බ්ලොගින් කෙල්ලෝ
වරෙවු විසි හයවෙනි හෙනහුරු දවසේ
කතා කරලා අනේ සිනා සීලා පනේ
පීනල නටමු යකෝ ආතල් සයුරේ


කරූ මහත්තයා අපගේ කතානායක
තමයි එදා හොබවන්නේ මූලාසනය
දෙවෙනි අසුන තවත් කරූ කෙනෙකුටය බොල
පරණවිතානට කියලා ඇහෙනවා ඔන්න


බ්ලොගින් කොල්ලෝ බ්ලොගින් කෙල්ලෝ
වරෙවු විසි හයවෙනි හෙනහුරු දවසේ
කතා කරලා අනේ සිනා සීලා පනේ
පීනල නටමු යකෝ ආතල් සයුරේ


කස්ටිය සැට් වෙලා මැක්සා ෆන් එක ගන්න
ලියලා දාපු එව්වට සම්මාන ලබන්න
සයිබරෙයෙන් මහා පොළොවට බැහැල කරලා දඟලන්නට
විසිහය වෙනි හෙනහුරාදා නොවැරදී එන්න


බ්ලොගින් කොල්ලෝ බ්ලොගින් කෙල්ලෝ
වරෙවු විසි හයවෙනි හෙනහුරු දවසේ
කතා කරලා අනේ සිනා සීලා පනේ
පීනල නටමු යකෝ ආතල් සයුරේ


බාලගිරියා පාලතෙවත් වැද්ද ගනු එපා
අදනම්  බැහැ ලබන සැරේ කියන්නට එපා
ලොවෙත් නොමැති මෙවැනි සුපිරි ඉවෙන්ට් එකක් මිස් කරගෙන


(මියුසික් නවතී )
**ආයේ     ඉතින්  මොක්කුද වගේ     සද්ද         නැතුව    ඉඳලා      ඔක්කොම    වුනාට    පස්සේ**
අනේඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ  …………..

"අපිත් හිටියා නම් " කියලා කියන්නට එපා

ආ ...


බ්ලොග් තරු පායා කොළඹම දිලෙන්නා
එක කෙලියයි එදා මයේ පුතේ
බ්ලොග් කාරයෝ සම්මානත් දින්නනා
වැඩකාරයෝ බව පෙන්න්නා

-----------------------
ප.ලි:- කුරුට්ටන්ගේ තාප්පේ තිබ්බ නෙලුම් යාය බයිලාවට හෙන කට්ටක් කාගෙන බයිලා කොමෙන්ට් එකක් දමමින් පස්සේ උන්ගේ ම දැඩි ඉල්ලීම පිට ඒ කොමෙන්ටුව තව පොඩ්ඩක් මොඩිෆයි කර පොස්ටුවක් විදියට දමන ලදී...

18 comments:

  1. මුලාසන නැත... කරූ එන්නේ තෑගී දෙන්න ඉතරයි...

    ReplyDelete
    Replies
    1. අයියෝ මාතො..

      කවුද බන් දන්නේ ඉතින්...කරු ලා දෙන්නගෙම නම තැන තැන වල කිය්වෙච්ච හින්දයි, උඹ කරු ගෙන් සම්මාන ගන්න ෆොටෝවක් දැක්ක හින්දයි මම හිතුවේ මේ සැරෙත් කරු චීෆ් ගෙස්ට් කියලා....

      Delete
  2. අඩෝ................... විභී පට්ට හරිය............

    මේ බයිලා ව කියමු එදා තේ එහෙම බීලා ඉවර වුණාම. මේකේ තාලෙත් හදාගෙන කටපාඩම් කරගෙන ඒ 5 සයිස් එකට කොල කීපයකට ප්‍රින්ට් කරමු. ඒකල්ලා අකුරු ඇදවෙලා පේන වෙලාවට පටාං ගමු....... තව පැය ගාණකින් වැඩේ වෙනවා වගේ ම අපි ටිකත් සෙට් වෙනවා එහෙමනං... හරිය...................

    ReplyDelete
    Replies
    1. අකුරු ඇද වෙනකන් නම් ඉන්න බැරිවෙයි බන්...
      එත් ට්‍රයි එකක් දෙමු...

      Delete
  3. දැන් කියහන් බලන්න උඹත් එනවද නැද්ද කියලා...
    මුල හරිය ඔරිජිනල් සින්දුවේ තාලෙට කියාගෙන ගියත් පස්සේ සෘතියෙන් පිට පැන්නා, එතනින් පස්සේ පෝස්ට් එක කියෙව්වේ කතාවක් විදිහට. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ තමයි වැදගත් ම ප්‍රශ්නේ ඇහුවේ.

      මම එනවා බන්...

      Delete
  4. වැල් බයිලා..
    හික් හික්හ හ්කකක්

    ජ යෙ ටෙව් වා !!!

    ReplyDelete
  5. ආයේ ඉතින් මොක්කුද වගේ සද්ද නැතුව ඉඳලා ඔක්කොම වුනාට පස්සේ**
    අනේඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ …………..

    "අපිත් හිටියා නම් " කියලා කියන්නට එපා +++++++++++++++++++++++++

    ReplyDelete
  6. අඩේ බයිලාවට ජය වේවා.

    ReplyDelete
  7. අපිත් එනවා ඊලඟ පාර හොඳේ

    ReplyDelete
  8. හෙට මාව දැක්කොත් ලගට ඇවිල්ල කතාකරපන් සහෝ

    ReplyDelete
    Replies
    1. ෂුවර් ඇන්ඩ් ෂොට්
      අනිවා හම්බුවෙමු...

      Delete
  9. හී අද මම විභීෂණ දෙය්යෝ දැක්කනෙ :P අපරාදේ මේ බයිලා ටික කලින් දැක්කනම් විභීෂණ දෙය්ය එක්ක බයිලා පාරක් කියන්න තිබ්බ .. සෙල්ලන්ද දෙය්යන් එක්ක බයිලා කියන එකත් නේ :P :D

    ReplyDelete
    Replies
    1. දෙයියෝ වුනත් බයිලා වලට මනාපයි හාන්සි යෝ...

      Delete

කමෙන්ට් කලාපය....