2015-12-30

ගුඩ් බායි-යකෝ උඹට වැරදිලා

විභීෂණ බ්ලොග් එක  පටන් ගත්තු කාලේ ඉඳන්  පොස්ටුවෙන් පොස්ටුවට මුණ ගැහිච්ච අපේ "මධ්‍යස්ත මතධාරියා" බ්ලොග් ලෝකෙට ටටා බායි කියපු උගේ පොස්ටුව දැක්කේ අදය.
බ්ලොග් වලින් අයින් වෙන්න ඌ හේතු දෙකක් දක්වා ඇත.

එකක් වෙලාව නැති වීමය. එක නම් සහතික ඇත්ත විය යුතුය.
මම දන්නා විදියට බ්ලොග් ලියන්න සාතිශය බහුතරය ඔය වැඩේ කරන්නේ එක්කෝ හොබී එකට ය. නැත්තන් ෆන් එකටය.
එහෙම නොකර බොක්කෙන්ම ( ජොබ් එක විදියට හෝ ජොබ් එකක් වගේ )බ්ලොග් ලියන  එකෙක් ට කියල මම දන්නේ නම් අපේ "පැරා" විතරය. තව උන් ඉන්නත් පුළුවන. මම එහෙම කියන්නේ පැරා හැමදාම මොකක් හෝ මගුලක් ලියන නිසාය.
ඌ මොනා ලිව්වත් ඒ ලියන හැම මගුලම කියෙව්වත් උගේ පොස්ටු වලට කමෙන්ට් කරන්න යන්නේ නැත්තේ රාජකීය  නමක් තියෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන ඉන්නැද්දීත් උගේ බ්ලොගට කමෙන්ට් කරන්නම නිසකාරණේ ඇනෝ වෙක් වෙන්න බැරි නිසාය.

කොහොමෙන් කොහොම හරි ඉතින් මගේ වගේම බ්ලොග් ලෝකේ බහුතරයකගේ පොස්ටු වලට අපේ මධ්‍යස්ථ මතධාරියා හෝ ගාලා මාගල් වගේ කමෙන්ට් කරනකොට " යකෝ මූට මෙච්චර දිගට කමෙන්ට් කරන්න වෙලාව කොහෙන්ද " කියලා සාධාරණ ප්‍රශ්නයක් උගේ ගෙදර එවුන්ට ඇති වීම බොහොම සාධාරණය. ඒ මොකද කියනවානම් ඒ ප්‍රශ්නේ ගොඩක් කල් ඉඳන් අපිට ද ඇතිවෙලා තිබ්බ්බ නිසාය.
එහෙම කියන්නේ අපේ රස්සායි, ගෙවල් වල රාජ්කාරියි අතර ඉඩකඩ තියෙන විදියට බ්ලොග් ඇතුලේ කරනම් ගහන්න කන්න ඕන කට්ට හොඳටම දන්නා නිසාය. කෙටියෙන් කිව්වොත් " අපි ඇත්තටම පට්ට බිසී පොරවල් " වීම නිසා ය.

දෙවනියට ලියල තියෙන දේවල් ටික "බ්ලොග් වලින් අයින් වෙන්න හේතු වෙන දේවල් " කියලා මොහොතකට වත් හිතන්න බැරිය. ඒවා හරි "මාර" පොයින්ට්ස් ය.

  • එකක් සීමාවක් නැති ඇනෝ කේස් ය.
  • තව එකක් නම් බ්ලොග් අවකාශය"හිතන තරම්සංවාදශීලීනොවීමය"
  • බ්ලොග් වල "සෞරග්‍රහ මණ්ඩල ආකෘතියක් " ගැනද ඒ එක්කම "කාන්තා බ්ලොග් ඒකාධිකාරයක්" ගැන ද ඌ කතා කරන බව පෙනෙන්නට ඇත.
  • බ්ලොග් කරුවන් සයිබරෙන් බිමට බැසීම සහ බ්ලොග් සම්මාන දීම ඌ අයින් වෙන්නා හේතුවක් වී ඇත.
  • තවත් බ්ලොගකින් ගත්තු පොස්ටුවක් ගැන "ටික්කා" එක්ක ගිය වලියක් ගැනද කතා කර ඇත.
  • බ්ලොග් වල තියෙනවා කියලා ඌ කියන  "බටහිර -ක්‍රිස්තියානි අධිපතිවාදය"ක්  ද තව හේතුවක් ය.
  • බුද්ධාගමටයි, මුස්ලිම් ආගමටයි මිස කතෝලික/ක්‍රිස්තියානි ආගමට විවේචන එල්ල "නොවීමය" ත් ඌට ප්‍රශ්නයක් වී ඇත.

ඒ දේවල් හින්දා ඌ බ්ලොග් වලින් අයින් වෙනවා නම් උගේ ඒ තීරණය ගැන අනුකම්පා කරනවා හැරෙන්න වෙන දෙයක් කරන්නට මට නම් බැරිය.

ඇනෝ
පොස්ටුව පුරාම වගේ "ඇනෝ" ප්‍රහාර ගැන ලියලා තිබීමෙන් මූ "ඇනෝ" ගැන මාර විදියට වොරි වෙන බව දුකෙන් වුනත් කියන්න උවමනා ය.
ඌ ම කියන විදියට ඌ බ්ලොග් පටන් අරන් තියෙන්නේ ගොඩක් දේවල් දැනගෙන නොවේය. ඒ වගේම ඌ ම කියන විදියට ඌ අවුරුදු දෙකක් බ්ලොග් වල කරක් ගසා ඇත.

එහෙනම් "ඇනෝ" කියන්නේ ගණන් ගන්න ඕන දෙයක් නොවන බව ඌ තේරුම් ගෙන තිබිය යුතුය.
විභීෂණ ගේ my opinion එක අනුව නම් "ඇනෝ" යනු බ්ලොග් වලට පිලිකාවකි.
ඒ අදහස සහමුලින්ම බ්ලොග් අවකාශය ගැන මගේ අත්දැකීම් මත පදනම් වූවක් මිසා කාගේවත් කීමකට හදාගත්තු දෙයක් නොවේය.
මම බ්ලොග් එක්ස්පෙරිමන්ට් කරන කාල්දීත් දැක්ක විදියට අති බහුතරයක්  "ඇනෝ" කමෙන්ට් කිසිම වැදගත්කමක් නැති රෙද්දවල් ය. එව්වා තනිකරම කොමෙන්ට් එක දාන එකාගේ මානසික හෝ ලිංගික අසහනය පිටකරන  අකුරු වචන වාක්‍ය පෙළවල් ය.
ඒ නිසා විභීෂණ අඩවිය පටන් ගත්තු දා ඉඳන් අද වෙනකන් ම බ්ලොග් එක ඇතුලේ "ඇනෝ" බ්ලොක් කර ඇත. ඒ ඔය පිස්සු හුත්තන්ට උත්තර දෙන්න උන්ගේ අසහනේ හින්දන්න මට වෙලාව නාස්ති කරන්න බැරි නිසාය .
ඉතින් මම කියන්නේ මධ්‍යස්ත ම්තධාරියාටත් තිබ්බේ " ඇනෝ " කියන්නේ ලෙඩක් කියලා දැන දාගත්තු දා ම ඔය මගුල බ්ලොක් කරන්න ය. දන්නේ නැතිනම් දන්නා එකෙක් ගෙන් අහන්න තිබුනේය. එහෙම නැතුව "ඇනෝ" ලියන හැම වේසිගෙ පුතාටම තමුන්ගේ දර්ශනේ පැහැදිලි කරන්න ගියාම කලකිරෙන අහන්නත් දෙයක් නොවය.
.
සංවාදශීලී නෑ

ඌට තිබ්බ අනිත් ප්‍රශ්නේ " සංවාදශීලී" බවය.ඒ කාරණේ නම් එක අතකින් ඇත්ත ය.
ලංකාව කියන්නේ තාමත් "ගෝත්‍රික" බහුතරයක් ඉන්න රටක් ය.
අපි "හිතන තරම්" සිංහල බ්ලොග් සංවාදශීලී නැත. ඒ එක්කම අපි "හිතනවාට ත් වඩා ගොඩාක් වඩා" සිංහල බ්ලොග් ඕපාදූප ශීලී ය. ඒ ඉතින් රටේ හැටි මිසක් වරදක් නොවේය.
ලංකාවේ සාකාච්ඡා කිරීම් සහ තමුන්ට ඕන කරන තීරණ ගැනීම් ගැන මිස සාකච්ඡා කර තීරණ ගැනීමක් ගැන ඉතිහාසයක් නැත. ඒ ලංකාවේ සමාජය සංවාදශීලී නොවෙම නිසාය.
බ්ලොග් ලියන්නෙත් ඔය සමාජයෙන්ම ටිකක් විතර කල්පනා ශක්තිය වෙනස්  මිනිසුන් කොට්ටාශයක් මිස සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටකින් ආපු සැට් එකක් නොවන නිසා " සුපිරි සංවාදශීලී " බවක් සිංහල බ්ලොග් ඇතුලේ නැත. එත් එක්කම ඕපාදූප ගැන කතාකරනවා මිසක්කා ලොකු ලොකු හර  බර සංවාද කරන්න මුන්ට වෙලාවක් ද නැත.
ඒ හින්දා මේක තනිකරම බ්ලොග් ඇතුලේ තියෙන නොර්මල් සිටුවේෂන් එක ය.
සමහර විට ඌ බලාපොරොත්තු වෙන්න ඇත්තේ ඕනෑම ප්‍රශ්නයක් ගැන සාකච්ඡා වෙන් සම්මුතියෙන් බහුතර කැමැත්ත අනුව අදහස් වල ට එකඟ වෙන්න පුළුවන් ඇති කියාය.

රනිල් වික්‍රමසිංහ ට වැරදුනෙත් ඔතනය. මධ්‍යස්ත මතධාරියාට වැරදිලා තියෙන්නෙත් එතැනමය.

ඒ මොනා වුනත් මේ නොර්මල් සිටුවේෂන් එක ඇතුලදී මධ්‍යස්ත මතධාරියා උගේ උපරිමයෙන් ඇබ්නොර්මල් සංවාදයක් ගොඩනගපු බව කිව යුතුමය. ඒ උත්සාහය සහෝදර බ්ලොග් කරුවෙක් විදයට අගය කල යුතුමය.

බ්ලොග් සමාජගතවීම සහ බ්ලොග් සම්මාන
සයිබර් බ්ලොග් කෙරුවාව සමාජ ගත වීම සහ බ්ලොග් වලට සම්මාන දීම තව වෙනස්ම සංසිද්ධියක් ය. එය සිංහල බ්ලොග් අවකාශයේ ඒ අදහස දරපු අයගේ එකතුවීමෙන් පල දරපු වෙනස්ම ආකාරයක සංකල්පයක් ය. එකට පක්ෂ මෙන්ම විපක්ෂත් සැලකිය යුතු පිරිසක් සිටින බව කිව යුතුය.
බ්ලොග් ගෙට්ටු, සමාජ සේවා වැඩ වගේ දේවල් මට නම් ok ය. එත් කට්ටිය ගෙන්නලා සම්මාන දෙන එක නම් පුද්ගලිකව මට එච්චර අල්ලන්නේ නැත. මධ්‍යස්ත කියනවා ත් වගේ එහෙම වුනාම සම්මාන මේනියාවක් හැදෙන්නටත් පුළුවන.
එත් ඉතින් ඒඅපේ මතය ය.
ඔව්වට එන්නය සැට් වෙන්නය  හෝ නොයන්න ය කියලා මෙතුවක් කාලෙකට කාගෙන්වත් බල කිරීමක් අවේ නැත.එයි කියල හිතෙන්නෙත් නැත. ඒ නිසා යාම හෝ නොයාම අපේ නිදහස් තීරණය මත ය. මද්‍යස්ථ මතධාරියා ඇත්තටම "මධ්‍යස්ත" නම් හිතන්න ඕනා එහෙමය.


සෞරග්‍රහ මණ්ඩල ආකෘතිය, ඒකාධිකාරය සහ කඳුළු බලය .
ඔය කියන සෞරග්‍රහ මණ්ඩල ආකෘතිය කියන්නේ  කීපදෙනෙක් "බ්ලොග් පොරවල්" වගේ හයිලයිට් වීම විය යුතුය.
"පොරවල්' වීම කොහොම වෙතත් සිය දාස් ගානක් වෙච්ච සිංහල බ්ලොග් අවකාශය ඇතුලේ කීපදෙනෙක් විතරක් හයිලයිට් වී තිබීම අපි පිළිගත යුතුය. ඒ වෙන මොකක් හින්දාවත් නොව ඒ කීප දෙනාට , අනිත් බ්ලොගර්ස් ලාට වඩා වැඩියෙන් බ්ලොගින් ටැලන්ට් එක සහ රයිටින් ටැලන්ට් එක පිහිටා තිබීමය.
සමහර බ්ලොග් කවුරුත් ම දන්නේ නැතුව පොස්ට් දෙක තුනෙන් අතුරුදහන් වෙන අතර තව සමහර බ්ලොග් වසා දැමීම ත් බ්ලොග් ලෝකය පිස්සු වට්ටන සිද්ධියක් , පොස්ට් ලියවෙන ටොපික් එකක් වෙන්නේ ඒ බ්ලොග් ලියාපු උන්දා ලාගේ බ්ලොග් හැකියාව නිසා ය.
මීට මාස ගානක ට උඩදී බ්ලොග් වල හිටපු සීනියර්ම පොරක් තමුන්ගේ අන්තිම පොස්ටුව ලියාපුවාම එදා ඉඳන් මාස ගානක් යනකන් එක එක බ්ලොග් වල ඒ ගැන විතරක්ම කතා කරන තත්වයක් ඇතිවුනෙත් ඒ බ්ලොග් කරුවාම ටික කාලක් නිහඬව ඉඳලා අලුත් බ්ලොගක් පටන් ගත්තාම ඒ ගැන ආපහු කතා බහක් ඇතිවුනෙත් ඔය කියන ටැලන්ට් එක නිසාය.
හැමෝම එකම වැඩේ කලත් ටැලන්ට් පොර හයිලයිට් වීම වලක්වන්න බැරිය.එක බ්ලොග් ඒකාධිකාරයක් කියලා අමුතු විදියට තේරුම් ගන්නවත් අපි කලබල වෙන්නත් ඕන නැතිය. කලිනුත් කිව්වා වගේ අපේ යුතුකම උන් එක්කත් සුහද වෙලා අපේ පාඩුවේ ගමන යන එකය.
ගැහැණුන්ගේ කඳුළු ගැන කියලා තියෙන කතාව නම් මට තෙර්න්නේ නැති නිසා මොකුත් ලියන්න බැරිය.
ටික්කෙක් එක්ක ගියාය කියන වලියද එකේම කොටසක් වගේ තේරන නිසාත් , මොක හෝ හේතුවකට ඒ වලිය ළඟින්වත් යාගන්න මට බැරි වුනු නිසාත් ඒ ගැනත් මොකුත් ලියන්න බැරිය.

බටහිර ක්‍රිස්තියානි බම්බුව 

සමස්තයක් ලෙස ගත්කල බ්ලොග් අවකාශය ඇතුලේ බුද්ධාගම සහ ඉසලාමය විවේචන වන තරමට ක්‍රිස්තියානි/කතෝලික ආගම විවේචනය නොවීම "මධ්‍යස්ථ" මතධාරියාට ප්‍රශ්නයක් වීමම ඇත්තම කිව්වොත් අපිට ලොකු ප්‍රශ්නයක් ය.
මධ්‍යස්ත මතධාරියාත් ගොඩාක් සම්බන්ධ වෙලා හිටපු බොහොමයක් "දේශපාලනික"බ්ලොග් ඇතුලේ කතා බහ කලේ, දැනටත් කෙරෙන්නේ එදිනෙදා සමාජ දේශපාලනික කාරණා මිසක් ඉතිහාසගත කරුණු හෝ මිත්‍යා විස්වාස ගැන නොවන බව අපි වගේම ඌත් දන්නා කාරණාවක් ය.
විල්පත්තුද, හලාල් ද, බොදුබලේ ද, රාවනා ද , නොලිමිට් ද, අයිසිස් ද අරක මේකද මේ හැම එකේම පසුබිමේ තියෙන්නේ සිංහල බෞද්ධ අන්තවාදය  සහ මුස්ලිම් අන්තවාදය ය.
එතකොට වර්තමාන සමාජ දේශපාලනික වටපිටාව ඇතුලේ වැඩිපුරම කතා බහ කෙරෙන ආගම් දෙක සිංහල බුද්ධාගම ස මුස්ලිම් ආගම ය.එහෙනම් ඉතින්  අදාළ බ්ලොග් වල එව්වා ගැන වැඩිපුර කතා බහ කෙරෙන එක කාටවත් නවත්තන්න බැරි කාරණයක් ය.
තියෙන ප්‍රශ්න ගැන මිසක්කා හද්දා පරණ ඉතිහාසගත කේස් ගැනවත් මෙතුවක් කාලෙකට පහල වෙලාවත්නැති කේස් ගැනවත් ඔය බ්ලොග් වල කතා කරන්නේ නැත.
එහෙම නැතුව ක්‍රිස්තියානි/කතෝලික ආගම විවේචනය නොවී පොස්ටු ලියවෙන්නේ කොහෙවත් නැති "බටහිර-ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදී බලපෑමක් " ඔය පොස්ටු ලියනා එවුන් එව්වා ලියන වෙලාවල් වලට එවුන්ගේ ඔලු වලටවත් ටයිප් කරන කීබෝඩ් වලටවත්, මවුස් වලටවත් අත් වලටවත් වැදී, දැනී නොවේය.
නිකමට හිතුවොත් 1505 කාලෙදී බ්ලොග් තිබ්බානම් අන්න ඒකාලේ ලියවෙන පොස්ටුවල මාතෘකාව වෙන්නේ ලොරෙන්සෝද අල්මේදා කතෝලික ආගම රටේ බලහත්කාරයෙන් ව්‍යාප්ත කිරීම ගැනය.
එක්දාස් බර ගණන් වල කුරුස යුද්ධේ කාලේ බ්ලොග් තිබ්බානම් පොස්ටු ලිය්වන්නේ පාප් ගේ පටන් පහලට කාදිනල් ලා , බිෂොප් ලාගේ උසි ගන්නීම් නිසා ඇතිවෙච්ච කුරුස යුද්ධේ ගැනය.
ඕනනම් තව උදාහරණ ඔය ව්දියට දෙන්න පුළුවන.
ක්‍රිස්තියානි /කතෝලික ආගම් වලට විවේචන එල්ල නොවෙන එක "මධ්‍යස්ථ " ම්තධාරියෙක්ට ඔච්චරටම ශෝක ජනක කාරණාවක් වීම අපිට නම් ඇත්තම ජුගුපසාජනක ය.
විභීෂණ ගේ බ්ලොග් ඉතිහාසය ඇතුලේ කතෝලිකයින්ට වගේම දෙමළුන්ට  බැන ගන්න බැරුව  බ්ලොග් ලෝකේ ලතවෙන එකම එකෙක් ඇත. එත් ඌත්  පුළු පුළුවන් හැටියට උගේ මතය උගේම බ්ලොග් එකක් හරහා එලියට දාන්නේය. ඌ තාම බ්ලෝග  අත්හැර ගොහින් නැත.
එහෙව් එකේ මධ්‍යස්ත මතධාරියාට වෙච්ච දේ තාමත් මට නම් හිතා ගන්න බැරිය.
අන්තිම කාලෙදී මොකක්දෝ ආගමික අසහනයක් උගේ ඔලුවට ඇතුල් වෙලා වගෙය.
මේ සියලු කාරනා ගත කල මධ්‍යස්ත මත ධාරියාගේ සහෝදර-සමකාලින බ්ලොග් කරුවෙක් විදියට  මට කියන්න තියෙන්නේ බ්ලොග් ලෝකෙන් යන්න තීරණය ගන්න හේතු වුනාය කියන උඩ කියපු කාරනා " එහෙම තීරණයක් ගන්න කිසි සේත්ම බලපාන්නේ නැති බවය".ඒ සේරම ඔගේ මනසින් හදාගත් "මනස්ගාත " බවය.
මෑතකදී ඇතිවෙච්ච බ්ලොග් වලිය නිසා ඇතිවෙච්ච කල කිරීම සහ බ්ලොගක් ගෙනියන්න , කමෙන්ට් කරන්න තරම් කාලයක් නැති වීම නම් පිළිගන්න පුළුවන. එත්අනිත් හේතු නම් කොහොමත්ම පිළිගන්න බැරිය.

ලියන්න අමතක  වුනු තවත් ප්‍රශ්නයක් ඇත.ඒ "නම රැක ගැනීම" ය.

බ්ලොග් ලියන අපේ වෙන කාටවත් වඩා "මධ්‍යස්ථ මතධාරියාට " තමුන්ගේ නමට අනුව වැඩ කරන්නත්, නම "රැක  ගන්නත්" සිද්ධ විය.
ස්වභාවධර්මය ඇතුළේදී ඕනෑම මනුෂ්‍යයෙක් මොකක් හෝ මතවාදයක පැත්ත ගැනීම සාමන්‍යය. තව පිරිසක් තමුන්ගේ ඒ මතය ගැන අන්තවාදී ය.අපි හැමෝම තව මතයක් විවේචනය කරන්නේ අපිත් අපේ මතය හරි කියලා හිතාගෙන ඉන්න නිසාය.හැමෝම මොකක් හෝ පැත්තක් ගැනීම වරදක් නොවේය.
ලෝකයේ ස්වාධීනමයි කියන CNN, BBC , Aljazeera වගේ නිවුස් චැනල් පවා තමුන් පිළිගන්නා එක්තරා මතවාදයක් ගැන පක්ෂපාතී බව ලෝකෙම දන්නා කාරණයක් ය. 
මධ්‍යස්ත මතධාරියා පවා අනිවා ලංකාව ඇතුලේ තියෙන නානා ප්‍රකාර අදහස් වලින් එකකට හෝ කීපයකට පක්ෂපාති වී තිබිය යුතුය.එත් තමුන්ගේ බ්ලොග් අයිඩෙන්ටිටි එක නිසා තමුන්ගේ අදහස් වලින් තමුන්ගේ පක්ෂපාතී භාවය එලිවීම ඒ අයිඩෙන්ටිටි එකට ප්‍රශ්නයක් ය. ඒ නිසා නම රැකගැනීම වෙනුවෙන් ඌට තමුන්ගේම අදහස් එක්ක ලොකු සටනක් දෙන්න සිද්ධ වෙන්න ඇතිය. එය මගේ දැනුම අනුව ඒක ස්වභාව ධර්මයට පට හැනිය.
හැමදාම ඔය හටන කරන්න බැරිය. කවදා හෝ අතහරින්නම වෙනවා ය.ස්වභාවධර්මය කවදත් ජයග්‍රහණය කරන්නේ ය.
සමහරවිට අන්තිම දවස් දෙක තුනේදී කතෝලික/ක්‍රිස්තියානි ආගම් ගැන "මධ්‍යස්ත" මතධාරියා ගෙන් එලියට ආපු මතවාදය තමුන් තුල තිබ්බ ඒ එක්තරා  පක්ෂපාතිත්වයක් එලි වීමක් වෙන්නට ඕනා ය. තව ගොඩක් පක්ෂ්පාතිකාම් හෝ අන්තවාද ඌ ඇතුලේ තියෙන්න පුළුවන. එත් ඉතින් ප්‍රශ්නයක් නැත. අපි හැමෝම එහෙම නිසා අපි අවුලක් ගන්නේ නැත.
ඉතින් යකෝ( මධ්‍යස්ත මතධාරියෝ), මම කියන්නේ  උඹේ නිදහසට කාරණා මටනම් පිළිගන්න බැරිය කියාය.
උඹ සමුගන්නවා කියලා ලියාපු පොස්ටුවට වඩා දිගට ඊට  විරුද්ධව මගේ මේ පොස්ටුව ලියවුනේ උඹේ සමුගැනීම මට දැනෙන නිසාය.
බ්ලොග්සීනියර්ලාටත්,සමකලීනයන්ටත් වගේම අලුත් බ්ලොග්කාරයන්ටත්  උඹේ සමුගැනීම අනිවාර්යයෙන්ම දැනෙන බව කිව යුතුය.
ඒ උඹ අපිට දැනෙන්න ලියාපු නිසාය.

අවුරුදු දෙකක් හරි අපිත් එක්ක හිටපු එකට උඹට ලබන්නාවූ අලුත් අවුරුද්ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි සුබ පතන අතර ආපහු පාරක් වෙන නමකින් හරි ඇවිත් අර කියාපු අඩුපාඩු ටික ත් හරිගාස්සගෙන අපිත් එක්ක සිරා ගන්නේ නැතුව ආතල් එකේ බ්ලොග් කරපන් කියලා ඉල්ලීමකුත් කරන්න කැමතිය.

52 comments:

  1. යකා යන්නම ගෙහුංලූ නෙව. මොන පිස්සිද, කාටද යක්කු විස්සාස කරන්න පුලුහං. කොච්චර නම් යනව කියල අඬබෙර ගහල ගිය වුන් නොගිය ලෙසටම ඉන්නවද? යකාටත් තියෙන්නේ වෙස්මාරුකරගෙන ආපහු එන්නයි.

    විභීෂණ ලියල තියන එව්වාට සීයට දෙසීයක් එකඟය.

    ඇණයා මධ්‍යස්තගෙන් ඉතිහාසය ගැන නොදත් බොහෝ දේ ඉගෙනගත්තා, තවත් බොහොමයක් දේ ගැන ඉගෙනගන්න පාර දැනගත්තා, ඒ වගේම ඇණයා වෙනුවෙන් වලියට එන්ටර් වූ එකම සහෘදයාද ම.ම. මය. ඒත් මධ්‍යස්ත එයාටම මධ්‍යස්ත මතධාරියා කියා ගන්නේ ඇයිද කියා මට නම් මහ අවුලක්ය. මම හිතන විදිහට මධ්‍යස්ථලා, අපිලා අවුට්ලයර්ස්ලාය, අපේ යුතුකම පුළුපුළුවන් හැටියට සමාජය ගමන්කෙරෙමින් තියෙනා ට්‍රැක් එකෙන් එළියට ඇද ගැනීමය.

    ReplyDelete
    Replies
    1. කතාව නම් ඇත්ත.
      කාටද බන් යක්කු විශ්වාස කරන්න පුළුවන්?
      ----------
      මධ්‍යස්ථ ගේ ලිවීම නම් සුපිරිම තමයි. ඕනෑම දෙයක් ගැන මාගල් සයිස් කමෙන්ට් කරන්න ඉතින් ලොකු උණක් වගේම ලොකු හැකියාවකුත් තියෙන්න ඕන.

      ------------
      උඹට වගේම මම වෙනුවෙනුත් ඌ එක පාරක් දෙආරක් වලියට එන්ටර් වුනා...

      Delete
  2. කාලය මදි කම හන්දා ලියන එක නවත්වනවනම් ඒක සාධාරණයි. මොකද කවුරු උනත් නිදහස නැති කරන් ලියන්න ඕන නැති නිසා. හැබැයි අනිත් කාරණා ගැන මමත් එකග නැහැ. ඇනෝ ප්‍රශ්ණයනම් කාටත් පොදු දෙයක්. ඒත් ඒක බ්ලොග් දාලා යන්න තරම් හේතුවක් නෙමෙයි. බ්ලොග් සංවාදශීලී නැත්නම් අපේ අය ඇනෝ ඇවිත් හරි නැතුව හරි මෙච්චර ගහ ගන්නේ නෑ. අනිත් දේවල් නම් යකා විහින් ගොඩනගා ගත්ත හේතු.

    යකා කියන්නේ සංවාදශීලි හොද ලිපි ලියන්නෙක්. ඒවයේ කරුණු වලට 100% එකග වෙන නොවෙන එක අපේ කැමත්ත.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ යකා ඔච්චර මධ්‍යස්ත වෙලා මේක තේරුනේ නැති ඒකනේ...

      Delete
  3. මේ ලිපියේ කරුණු වලට එකඟයි.

    ReplyDelete
  4. පොඩි එකාගේ ආසාව වෙන්ඩැති....ඩේටා ගාස්තු වැඩිවෙන කතාවක් තියෙනවා...ඒ හින්දා කලින් ම නැවැත්තුවද දන්නෑ!

    ReplyDelete
  5. ඉස්සරෝම තිබ්බෙ යකාගෙ අඩවිය කියල පස්සෙනෙ මධ්‍යස්ත මතධාරියෙක් වුනේ
    අනේ මංද නම ම.ම කියල වෙනස් කරගත්ත නං ඒ විදියට දේවල් ඉට්ට සිද්ද කොරන්නත් වෙනව කියල යකාට නොතේරුණ එකම අවුලක්...
    අනේ මංද..

    ReplyDelete
    Replies
    1. ඔය නම් මාරුවට හේතුව මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. එත් හොයාගන්න බැරි වුනා...

      එත් ඉතින් ඉඳලා ඉඳලා දා ගත්තු නම තමයි යකෝ නම.

      Delete
  6. මේ සටහන අහම්බෙන් කියවන්න ලැබෙන්නේ.
    මුලින්ම කියන්න ඕනේ මම බ්ලොග් කියවන්නේ වසර දහයකට කිට්ටු කාලයක් තුල හා ඊට කලින් ෆෝරම්ස් වල අඬපු හොටු පෙරපු යනවා කියලා ගිය නංගිලා මල්ලිලා අයියලා අක්කලා අපි දැකලා තියෙනවා. ඒක හින්දා මම ඒවා ගැන අමුතුවෙන් කියන්නේ නැ.
    ඒත් මේ කියන සටහන මාත් කියෙව්වා. එයිට අමතරව ඔහු විසින් ලියන්නට යෙදුන තවත් සටහන් කියෙව්වා. ඒ කලින් සටහන් වල කියවුන මධ්්යස්ථ නම් මේ අන්තිම පෝස්ට් එකේ නැ. මේකේ ඉන්නේ කිසිම විවේචනයක් දරාගන්න බැරි දෙකේ පන්තියේ පොඩි බබෙක්. ඒක ඔහුට කරන අපහාසයක් නෙමෙයි අවංකවම මට දැනෙන හැටි. මෙයිට වඩා එදිනෙදා ජීවිතයේ කොයිතරම් ප්‍රශ්න මනුස්සයෙකුට තියෙනවද? ඒත් මෙහෙම අනේ මට කවුරුවත් සපෝට් නැ මම යන්න යනවා කියන එක කොයිතරම් ප්‍රායොගිකයිද කියලා දෙපාරක් ම.ම ට හිතන්න වෙනවා.
    ඔහු කියන කාලය පිළිභඳ ගැටළුව පිළිගත හ්Aක්කක්. ඒත් බ්ලොග් අවකාශයේ සංවාද වෙන්නේ නැ කියන්න බැ. එහෙම ඒවා වෙනවා. සමහරවිට ඒවා අර ගෝ එකක් තියෙන බ්ලොග් වල නැතිව ඇති.ඒත් කියවන්න පුළුවන් සටහන් තාමත් තියෙනවා.
    ඒවා හොයාගන්න අමාරු ඇති. ඒත් තියෙනවා. අනික ඇනෝ ගැන දරන මතය විභීශණගේ. කියන තරම් යක්කු කළු නැ. ඇනෝලා ඉන්නවා බොහොම වැද්ගත් සංවාද මතුකරන. සිංහල බ්ලොග් අවකාශේ එහෙම අඩු වුනාට තරහා පිරිමහන්න ඇනෝ ආවට ඕනේ තරම් තමන්ගේ අදහස් වැදගත් විදියට කියන ඇනෝ මහත්වරු ඉන්නවා. ඒක අයිතිවාසිකම. අපි හැමොම අපේ නමින්ම එන්න ඕනේ කියලා එකක් නැ. කොටින්ම විභීශණ කියන ඔබ වුනත් ඔබේ හැදුනුම්පත එල්ලන් එන්නේ නැ නේ. කෙනෙකුට ප්‍රොෆයිල් එකක් නැති පලියට හෝ ආරුඩ කරගත්ත නමක් තිබ්බ පලියට ඒ මනුස්සයා වැදගත් කියන්න බැ.

    මට නම් මම බ්ලොග් එකක් දැක්කොත් වෙලාව තිබ්බොත් කියවනවා. ගොඩාක් වෙලාවට මොබයිල් ඩිවයිස් වලින් හින්දාත් මම සිංන්හල අකුරු කිවෙස් ෆොක්ස් අමතරව ලියන්න නොදන්න හින්දාත් කොමන්ට් කරන්නේ නෑ. කට්ටක් කාගෙන පී සී එකෙන් ලොග් වෙලා එහෙම කරන වෙලාවලුත් තියෙනවා. මේ දැන් වගේ. ඒත් මට අත්්යාවශ්ය දෙයක් නෙමෙයි. මට නම් කෙනෙක් ලියන්න ඕනේ තමන්ට හිතෙන හින්දා මිසක් ඕඩියන්ස් එකකට නෙමෙයි. එහෙම ලියන අයගේ ලොකු පැවැත්මක් නෑ. මම කාලයක් තිස්සෙම කියවන බොහෝ බ්ලොග් එක කොමන්ට් එකක් හෝ දෙකක් තියෙන ඒවා. මට නම් අර දාහක් කොමන්ට් තියෙන ඒවට වඩා වටින්නේ ඒ එක කොමන්ට් එකක් නැති බ්ලොග් එකේ වුනත් තියෙන ලිවීම හා එයින් කියවෙන දේවල්.

    ආයෙත් කියන්නේ සිංහල බ්ලොග් කියන්නේ අර කවුදෝ කියපු විදියට ලංකාවේ සමාජයේ තවත් එක පැතිකඩක් විතරයි... බ්ලොග් අවකාශේ මල් හිටවන්න ගිය ගොඩාක් අය අන්තිමට කළකිරීමෙන් ඉවත් වුනා. එහෙම කවුරුත් වෙන්න ඕනේ නැ කියන එකයි. මේකත් තවත් එකම එක දෙයක් විතරයි කියලා හිතුවා නම් හරි....

    ReplyDelete
    Replies
    1. පරිනත වීමෙන්ම ලැබු දැනුම.. විශිස්ඨයි..

      Delete
    2. කෙටියි,රසයි,එකඟයි.

      Delete
    3. බුරු බබෝ,
      මම තාම දාවුරුද්දක් විතරයි වයස මේ බ්ලොග් ලෝකෙට. විභීෂණ බ්ලොගට වයස අවුරුද්දයි.

      ඇනෝ ගැන මගේ අර අදහස මේ අවුරුදු දෙකේදී කියෝපු ගොඩක් බ්ලොග් කමෙන්ට් නිසා ඇතිවෙච්ච එකක්. ඔබ අවුරුදු දහයකට කිට්ටු කාලයක් බ්ලොග් ඇසුරු කරන නිසා සමහර විට මට වැඩ වෙනස් අත්දැකීමක් පරිණත වීමත් එක්ක ලැබිලා තියෙනවා වෙන්න ඇති.

      දැනුවත් කිරීම ගැන ස්තුතියි.

      අනෙක් සියලු කාරණා සමග එකඟයි...

      Delete
  7. ඔහුගේ ලිපියේ සඳහන් සමහර කරුණු ඇත්තද බොරුද කියා, තම තමන්ගේ හදවතට තට්ටුකර, බොහෝ දෙනෙකුට දැනගත හැකිය. මම ද ඊට අයත්මි. ඔහුගේ ප්‍රකාශවලින් අදහස්කළ බොහෝ දේ, අනාගතයේදී නැවත නැවතත් තහවුරු වනු ඇත.

    ReplyDelete
    Replies
    1. බලමු...
      එච්චරයි නේ අපිට කරන්න පුළුවන්...

      Delete
  8. He is a mad man I guess.. we haven't offered right to reply to his post

    ReplyDelete
  9. උඹේ ලිපියත් එක්ක එකඟයි...
    ම.ම. ට තමන්ගේ නම එක්ක ෆයිට් කරන්න උනා කියන එක මමනම් කීප වතාවක් බ්ලොග් අතුලේදීම දැක්කා...
    වෙලාව මදි කම උනත් තරමක් දුරට හෝ මැනේජ් කරගන්න ඇහැකි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බන්...

      ඌට එපාවෙන්නත් අත්හ්ටේ ඔය නමේ කේස් එක හින්දාත් වෙන්න ඇති...

      Delete
  10. මේ සටහන යකා දාපු ගමන් ම දැක්කා....... ඒක ගැන අපේ අදහස පස්සේ විස්තරාත්මක ව කියන්නම්..... ඒතකල් කිව යුතු දෙයක් තියෙනවා....

    1. උෟට අදාළ පුද්ගලික තැවීම්, දුක, සන්තාපය වගේ දේවල් අපි මුළුමනින් ම බැහැර කරනවා.
    2. සංවාදශීලී නොවීම, කල්ලි ගැසීම, වෙනස්කොට සැලකීම වගේ දේවල් සාකච්ඡාවට භාජනය වීම ඉතා වැදගත්.
    3. සමස්ථයක් වශයෙන් වෙන වෙනස්වීම් වලට හැඩගැසීමේ ගැටලුව හෝ හැඩගැසීමේ සහ මුහුණදීමේ නොහැකියාව ගැන දැක්වූ අදහස් ද බ්ලොග් ලියන්නන් සහ කියවන්නන් පුද්ගලිකව සලකා බැලිය යුතු සහ තම තමන්ගේ තීන්දු තීරණ ගත යුතු කරුණු යැයි අපි විශ්වාස කරනවා. (සම්මන දීම, වැඩ සංවිධානය කිරීම වගේ දේවල් තනි තනිව ගැනීම ගැන නම් අපි ඒකග නැහැ. ඒත් ඒවා සමස්ථයක් විදිහට ගත්තා ම අවුරුදු කිහිපයක් ගත කළ බ්ලොග් ලෝකයේ සිදුවන යුගමය වෙනස්වීම්. ඒවා මෙහි පැවැත්මට සහ සංවර්ධනයට ඉතා වැදගත්. ඒක අපි පුද්ගලික ව විරුද්ධ වුනත් සිද්ධ වෙනවා. ඉතින් අපි ඒවාට පුද්ගලික හැසිරීමක් පෙන්වීම සාධාරණයි. ඒත් සමස්ථයක් විදිහට වෙන වෙනස්වීම් විවේචනය කරමින් ඒක හැරයෑම යුතුයි කියලා අපි හිතන්නැහැ...)

    මොනවා වුණත් තමන්ගේ හරි අනුන්ගේ හරි වැරදි පෙන්නලා පැන යෑම නං නොකළ යුත්තක්. ඒක සියදිවි නසා ගැනීමක් වගේ දෙයක්. ඒක පෞරුෂයේ ගැටලුවක්. යකා තරහා වෙන ඒකක් නැහැ උෟ ගිය ඒක ගැන මේ විදිහට හොද සංවාදයක් අැති වෙනවාට.....

    ReplyDelete
    Replies
    1. / සියදිවි නසා ගැනීමක් වගේ දෙයක්. ඒක පෞරුෂයේ ගැටලුවක්/
      ඕක වෙන්නේ පෞරුෂය හතරුස් එකක් වුනාම

      Delete
    2. උඹ දන්න දේවල්.................... දැන් ඔ්ක හතරැස් කියලා හරියට ම දැනගන්නේ කොහොමෙයි බං....

      Delete
    3. @කුරුටු ගෑ ගී පවුර
      ඔබේ අදහස් සමග සම්පූර්ණයෙන්ම එකඟයි...

      Delete
    4. @ඇණයා

      ඈ බොල...මොකක්ද යකෝ ඒ හරුපේ...

      Delete
  11. බ්ලොග් ලියන්නේ තමන්ගේ තෘප්තියට විනෝදාංශයක් ලෙස නේද? පාඨකයන් සිටීමෙන් ඒ තෘප්තිය වැඩිවෙනවා.

    ඒ හැරෙන්නට බ්ලොග්වල clique,කවුරු කාත් එක්ක යාලුද තරහද, සම්මාන දෙනවද, සමාජයීය වැඩ ආදිය කැමතිනම් හා කුතුහලයක් ඇත්නම් සලකන්න පුලුවන් එහෙත් ඒවා තමන්ට කලකිරීමක් දැනන තරමට සීරියස් වෙන්නේ මොකටද? සයිබර් අවකාශය නිදහස් තැනක් නේද? තමන් තමන්ට ඕනෑ විදිහට ඉඳලා අනුන් ඉන්න විදිහත් බලලා ඕනෙම නම් විවේචනත් කරලා ඉන්න පුලුවන් නේ. මොකටද සීරියස් අප්සෙට් යන්නේ ඕවට?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. වට් සිරියස්නස් ඔන් මයිනර් තින්ග්ස් නෝ ප්‍රා.. හැක්

      Delete
    2. එක තමයි ප්‍රා අපෙත් ප්‍රශ්නේ...

      Delete
  12. ඌ ලියලා තියෙන්නේ ඌ හිතනා විදියටය. එහෙම හිතලා ලියන්න ඌට නිදහසක් තිබිය යුතුය. එමෙන්ම අපට හිතෙනා දේ ඒ විදියටම ලියන්න ඉඩ තීයෙන්න ඕනාය. මත ගැටුම් වලට ඔරොත්තු දිය නොහැකි නම් මාධ්‍යකරණයට හෝ දේශපාලනයට හෝ කිසිම දෙයකට පැමිණිය යුතු නැත. නැවත්වීමේ අයිතිය ඇත්තේද ඌටය. නැවත් එන්න කියා කීමට අපට අයිතියක් ඇත. මන්ද ඌ මේ අවකාශයේ සිටිය යුතු එකෙකැයි කියා සිතනා බැවිනි. සියල්ල රඳා පවතින්නේ ඌ මතය. අපට ඇත්තේ අපේ අදහස් ප්‍රකාෂ කිරීම පමණි..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මම කැමතියි

      Delete
    2. මාතො,
      සහතික ඇත්ත...
      අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ අයිතිය පාවිච්චි කිරීම විතරයි...

      Delete
  13. //මෑතකදී ඇතිවෙච්ච බ්ලොග් වලිය නිසා ඇතිවෙච්ච කල කිරීම සහ බ්ලොගක් ගෙනියන්න , කමෙන්ට් කරන්න තරම් කාලයක් නැති වීම නම් පිළිගන්න පුළුවන. එත්අනිත් හේතු නම් කොහොමත්ම පිළිගන්න බැරිය.// ++++++++++++
    මධ්‍යස්තයා පක්ෂග්‍රාහී වෙලා යන්න ගිහින්. ගිය එක උගේ කැමැත්ත. එත් පාඩුව සිංහල බ්ලොග් අවකාශෙට. මෙච්චර විස්තරාත්මකව මේක ලියුව එකට උඹට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා..
      නම එක්ක සටනින් ඌ පරදින්න ඇති....

      Delete
  14. How ever We lost a good friend.

    ReplyDelete
  15. තවකෙකු ගැන සංවේදී වීම වටිනවා.. ගස්ලබ්බාගේ අදහස් ඉහතින් සාකච්ඡා වෙලා තියෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  16. කතා 32 බ්ලොගයේ කණිශ්ක හා ජෝසප් දෙදෙනාගේ මිත්‍රත්වය නිසා කථා 32 බ්ලොගය හා සම්බන්ධතා පැවැත්වූ මා බ්ලොග් ලෝකය, බ්ලොග් කරුවන්ගේ එකිනෙකා අතර වූ සම්බන්ධතා ඉතිහාස භූගෝලය ආදී කිසිවක් දැන නොසිටියෙමි.
    කථා 32 ට කොමෙන්ට් කරමින් එකතු වූ මද්‍යස්ථ මත ධාරියා ගේ අදහස් දැක්වීම් වලට මා දැක්වූ කැමැත්ත නිසාම ඔහුගේ බ්ලොගය සොයා ගොස් කියැවීමි. එමගින් තවත් බ්ලොග් රැසක් හඳුනාගත් අතර ඉඩ පහසු ඇති හැටියට ඒවාත් කියවන්නට පුරුදු වුනෙමි. පුවත් පත් කියැවීමට වඩා බ්ලොග් කියැවීම සුදුසු බවක් මට සිතුනි.
    එසේ මා හට සිංහල බ්ලොග් හඳුන්වා දුන් මධ්‍යස්තගේ මේ හැර යාම ගැන මා කණගාටු වෙමි. එසෙම ඔහු ඉවත්ව යාමට දක්වන හේතු ඇතැම්විට අති අසාමාන්‍ය බවක් මමද දකිමි. කරන්න්ට දෙයක් නැත. ඔහුගේ තෘප්තිය උදෙසා ඔහු බ්ලොග් ලියුවේය. අපි ඒවා කැමති අකැමැති පරිදි කියවා විචාරද ලියුවෙමු. ඔහු තුල ඇති කලකිරීම නිසාම දෝ ඔහු ප්‍රතිචාර වසා දමා ඇත. ඒ ඔහුගේ කැමැත්තය.
    එහෙත් සිය කැමැත්තෙන් වෙන්ව ගිය සහෘදයා වෙනුවෙන් සටහනක් තැබීමට අපට අවකාශ සලසා දුන් විභීශණට මම කෘතඥ වෙමි. ඔහු මේ ලිපියෙන් කියන බොහෝමයක් කාරනා හා මමද එකඟ වෙමි.
    කෙසේ වෙතත් මධ්‍යස්ථ ඔහුගේ තීරණය ගැන නැවත සිතා බැලීම සුදුසුයැයි මාද යෝජනා කරමි.
    මධ්‍යස්ථ ඇතුළු සියළු බ්ලොග් මිතුරන්ට සුභ නව වසරක් පතමි.

    ReplyDelete
    Replies
    1. බලමු..ඌ ට මොලේ පෑදෙයි ද කියලා...

      Delete
  17. අපරාදේ බොල මෙච්චර නැහුනේ මේ පෝස්ට් එකට...
    එක්කෝ ඔන්න ඔහේ කමක් නෑ වටිනා අදහස් ටිකක්නේ...

    ReplyDelete
  18. බ්ලොග් දැන් සෞරග්‍රහ මණ්ඩලේ වගේ කියන එක සෑහෙන දුරට ඇත්ත. ඒ හැර අනෙක් කතස් බයිල. බ්ලොග් වල පක්ෂ කල්ලි ගැන නොතැවි, අනික් උන්ගෙ ඒවට හිතුනොත් කමෙන්ට් කරල, නැත්තන් නිහන්ම්ඩව කියවල, ඒ අතරෙ තමන්ගෙ බ්ලොග් එකත් යාවත්කාලීන කරගෙන එකෙක්වත් ගනන් නොගෙන ඉස්සරහට යන පැරා, චින්තන වගේ අය ආදර්ෂෙට ගන්න තිබ්බ.

    යකා වැහිල ගිහින් කාලෙකට පස්සෙ ම.ම කියල ආව වගේ මූ ආයි එන්නත් බැරි නෑ.


    මමත් හිට්වෙන ලව් කතා දෙක තුනක් ලියල සමුගැනීමක් ප්‍රකාෂ කරනව. පස්සෙ උඹල නහයෙන් ඇඬුවම අර ජෙයරාජ් වගේ ආයි එනව.

    ReplyDelete
    Replies
    1. හැබැයි උඹ ෆෙයාවෙල් පොස්ට් එක පපු කැවුතු උනුවෙලා කෑලි වෙලා යන්න දාහන්...
      අග හරියෙන් දාහන් "බ්ලොග් දිහා බලං බත් කන්නත් බෑ " කියලා.
      එතකොට අපි ආහාර ප්‍රශ්නය ගැනවත් හිතලා මෙහෙ නාහෙන් අඬන්නන් ...

      ඊට පස්සේ බැරිය "බහුතර ප්‍රේක්ෂක ඉල්ලීම මත" ආපහු සම්ප්‍රාප්ත වෙන්න හිටං...

      Delete
    2. මට හිතෙන්නෙ ඌ ලොකු වෙලා ආයෙත් එයි. උගේ ඇති රෙද්දේ මධ්‍යස්ථ මතයක් නම් නෑ. තමන්වම මුරුංගා අතුවල තියාගෙන ඉන්න එවුන්ට තමයි මේ ලෙඩ. ඕක හොඳවෙච්ච දවසක එයි....

      Delete
    3. එහෙම හිතමු ඉතින්...වෙන මොනා කියලා කරන්නද?

      Delete
  19. මධ්‍යස්ත මතධාරියා තරමත වඩා සංවේදීයි කියලයි මට නම් හිතෙන්නේ......ඕනෑම දෙයක් ගැන ඕනවට වඩා තැකීම් කලා නම් ඕකයි වෙන්නේ....දවස ගානේ පෝස්ට් දානකොට මට නිකමට හිතුනා, මොහු මේක කරන්නේ කොහොමද කියලා.....බ්ලොග් අවකාශයේ මිතුරෙක් අහිමිවීම හරිම වේදනා සහගතයි...............Goodluck

    ReplyDelete
    Replies
    1. අනිවා මටත් හිතෙනවා ඌ ඕනවට වඩා සංවේදියි කියලා...

      Delete
  20. මම බ්ලොග් කලාවට අලුත් එකෙක්...
    මටත් ගොඩක් කනගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඔහොම් තමයි බන්....

      උඹ අලුත් හින්දා මෙහෙම එව්වා එකක් වෙන්න ඇති දැකල ඇත්තේ...
      ඒ වුනාට සමු ගැනීම් නම් නහුතෙට තියෙනවා...

      Delete
  21. //ආපහු පාරක් වෙන නමකින් හරි ඇවිත් අර කියාපු අඩුපාඩු ටික ත් හරිගාස්සගෙන අපිත් එක්ක සිරා ගන්නේ නැතුව ආතල් එකේ බ්ලොග් කරපන් කියලා ඉල්ලීමකුත් කරන්න කැමතිය.//
    මටත් කියන්න තියෙන්නේ එච්චරයි

    ReplyDelete
    Replies
    1. අපි බලාපොරොත්තු තියාගම්මු...

      Delete
  22. ඇනොවෙක්ට බය වෙන්නේ ඇයි.. එක එක නම් වලින් ඉන්න අපිත් ඇනොලා නෙහ් මෙතනින් එහාට කිසිකෙනෙක් අපිව දානවද නෑ නෙහ්..අනික අපි ගොඩ දෙනෙක් බ්ලොග් ලියන්නේ අතල් එකට මිසක් හම්බ කරන්න නෙමෙයි..අපි හිතන පතන ඩේ හරි වැරැද්ද හොයාගැනීම දන්න කියන දේ බෙදාගැනීම පාවී පාවී ඉන්න වෙලාවට හිතට එන මගුල් තනියෙන් හිත හිත ඉන්නවට වඩා ලියල දැන්මම මට නම් සනීපයි.. යකා එහෙම නැත්තනම් ම.මා ට මේ විවේෂණ දරාගන්න බැරි නම් සැබෑ ජිවිතේ විවේචනය කරන්නන්ව කොහොම දරගනිද කියල දන්නේ නෑ..ඉදල හිටලා ලියුවට ඉඩ හිට කමෙන්ට් කරට මම අහුවෙන හැම ලිපියම කියෝනව..අවුරුදු 2කට වැඩි මාත් මේ ලෝකෙට ඇවිල්ල..
    බ්ලොග් ලෝකේ පොරවල් ඉන්නවා..සැහෙන්න පොරවල් පොරියවල් ගානක් ඉන්නවා උන් එකෙක්වත් වියදම් කරගෙන වත් එහෙම නැත්නම් කාටවත් ගොට්ට අල්ලලාවත් නැත්තනම් බජාර් එකේ චන්ඩි වගේ අතින් පයින් කාට හරි ඇනල පොරවල් උන උන් නෙමෙයි උන් බ්ලොග් ලෝකේ චන්ඩි උනේ තියෙන ලොකුම අවිය අකුරු හර්බ කරලා..උන්ගේ ලිවිල්ලේ රසට කියෝන අපියි උන්ව චන්ඩි එහෙම නැත්නම් පොරවල් කලේ..එක තේරුම් ගන්න බැරි වීම ගැන මගේ කණගාටුව යකාට පලකරන ගමන් වෙන නමකින් හරි ලියන්න වරෙන් කියනවා..මොකද මට උගේ ලිවිල්ල රසයි ඌට මිනිස්සු තේරුම් ගන්න බර එක මට අඩාල නෑ උගේ ලිවිල්ලෙන් මට ඌ පොරක්..

    ReplyDelete

කමෙන්ට් කලාපය....