2015-03-02

සතියක ට වැනිෂ්

මාතෘකා නම් එමටය.
ලියන්න කොටන්න බොහෝ දේවල් ඇත.
එත්
exam විභාගයකට සූදානම් වීමට ඇත.
ඒ නිසා මේ වෙනකොට වෙලාව යනු රත්තරන් ය.

ඉල්ලන්නේ පුංචි සමාවක් ය.
විභීෂණ නිවාඩු යන්නේ සතියකට විතරය .

ආපහු ලබන ඉරිදා හම්බුවෙමු.

හැමෝටම සුබ සතියක්.

15 comments:

  1. සතියයි හරිය............................ ඉරිදට චෙක් කොරනවා....

    ReplyDelete
  2. හොඳට විභාගෙ වැඩ ටික කරගන්ට ..

    ReplyDelete
  3. උඹ තව සතියකට වැනිෂ් වෙනවා කියන්න ආවෙ සති දෙකක්ම ඕල්රෙඩි වැනිෂ් වෙලා ඉඳලනෙ.
    මොනා උනත් ලියාපං හොඳට... ජයවේවා!

    ReplyDelete
  4. මේක ලියනවා වගේම එළට විභාගෙත් ලියපන්...


    ජය වේවා...!!!

    ReplyDelete
  5. හොඳට exam කරන්න සුබ පැතුම් !

    ReplyDelete

  6. විභියෝ විභාගේ හොදින් ගොඩදා ගනින් ....
    ජයවේවා ... !!!
    (උඹ සතියක් ගන්නේ විභාගේ ලියන්නනේ ...එත් බන් අර හරක් මඩුවේ ඇයො මාස දෙක තුන ගන්නේ ආතල් ගන්න .උඹ ගනින් මචන් ....)


    විභාගෙ විභාගේ
    එහෙ බැලුවත් විභාගේ
    මෙහෙ බැලුවත් විභාගේ
    විභාගේ තමයි අපේ අභාගේ

    විභාගෙ විභාගේ ..

    විහිලුවකට හිනාවකට
    විනෝදෙකට වෙන වැඩකට
    නෑ වෙලාව විභාගේ
    එකේ ඉඳන් දොලහ දක්ව
    ලොකු පොඩි හැම පන්තියකම
    ඇතෙක් බරට විභාගේ
    ඉරක් හඳක් ගහක් කොළක්
    මනිස්සයෙක් පේන්නෙ නෑ
    ඔහු සැපදුක අහන්නෙ නෑ
    කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ
    විභාගේ...

    අම්ම තාත්ත අයිය අක්ක
    නංඟි මල්ලි විතරක්යැ
    නැන්ද මාමා බාප්ප මහප්ප
    යහළු යෙහෙළියො අහල පහල අය
    'කොහොමද ලමයො විභාගේ
    'තව සුමානෙකින් ප්‍රතිපල එයි'
    කොහොමද විභාගෙ ප්‍රතිපල
    ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
    බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ
    යන එන හැම තැන කොහොමද ප්‍රතිපල
    විභාග ප්‍රතිපල වසංගතේ

    ඒ විතරක්යැ
    විද්‍යා‍ විෂයද කලාවද
    කලාව කිව්වොත් මලා වගේ
    චී චී චී ලැජ්ජ නැද්ද
    අපේ එකෙක් කලාව කරන්න
    කව්ද උඹ දිහා බලන්නෙ
    වි‍ද්‍යා‍ව‍යි‍ ගනන් ගන්නෙ
    අඩු ගනනේ වාණිජවත්
    ඉතින් පුතේ නම්බුවක්නෙ
    පේල් උනත් වි‍ද්‍යා‍වෙ‍න්‍ විභාගෙ කොරල'

    විභාගෙ විභාගේ ..//

    නා‍ට්‍ය‍ය‍ - විකු‍ර්ති

    ReplyDelete
  7. වෙහෙර ගිල්ල යකාට අග්ගලාව කජ්ජක්ද කිව්වලු. බ්ලොග් ලියපු එකාට විහාගෙත් ගේමක්ද කිව්වලු .ඕව කට කහනවට කියපුව නෙමේ බන්
    ඒක නෙමේ. විභාගෙ හොදට කරපන් . ජයවේවා

    ReplyDelete
    Replies
    1. මටත් විබාගයක් තියනව. ඒකට මමනම් ගිය අවුරුද්දෙ කළා වගෙ මාසයක් දෙකක්ම හෝ ඊට වැඩියෙ නිවාඩු ගන්නව. බ්ලොග් ලියනව කියන්නෙ මුළු ලෝකෙම ඔළුවට දාගන්නව කියන එකනෙ. දෙකක් බෑ. අනික මම නම් දවසෙ වැඩිකාලයක් ඉන්නෙ සයිබරයෙ. මම සයිබර් ජීවියෙක්.මම වගෙ කෙනෙක් විහාග කරද්දි උඹ වගෙ සතියක් නිවාඩු අරන් මදි.
      ඒ නිසා ස්ටඩීස් පටන් ගත්තට පස්සේ සයිබරය අමතකම කරල දානවා.

      Delete
  8. දැනුත් ඉතිං උඹ වැනිෂ් වගේ තමා.හා කමක් නෑ හොඳට කරලා වරෙන්කො.

    ReplyDelete
  9. එල ජය වේවා අයියේ. සදුදට අපි මෙහෙ,

    ReplyDelete
  10. මීට වැඩිය විභාග වැදගත්.. ඒ හන්දා ඒක හොදට ගොඩ දාගනින් මචෝ..

    ReplyDelete
  11. විභාගෙ හොඳට කරන් හොඳ ලකුණුත් අරන් ආයේ එන්නෝ .

    ReplyDelete
  12. විභාගය සාර්ථක කරගැනීමට සුබ පතු ඔබ සියලු දෙනාටම දෙවැනි විභීෂණ ගේ හද පිරි ස්තුතිය.

    -----------------------
    ඔන්න අද සිට ආපහු අඩවිය active ...

    ReplyDelete
  13. විභාගේ හොඳින් ගොඩ යෑමට සුභපැතුම් විභීෂණ ට

    ReplyDelete

කමෙන්ට් කලාපය....