2015-01-29

ලෝකේ හිනැස්සවීම සහ අන්ධ ගෑනි බලු වීම


මිනිස්සු හිනැස්සවීම කියන වචනේ අහන්න ලේසි වුනාට කරන්න බොහොම අමාරු දෙයක් බව විභීෂණ ත් කියෝන ඔහෙලත් හොඳින්ම දන්නා කාරනාවක් ය. විහිලු සපයන්න හැකියාව නැති එවුන් නොදන්නා රෙදි කඩමාලු කරන්න ගිහින් ඇදගෙන නාන අවස්ථා ඕන තරම් අප දැක ඇත.

ඒ කියන්නේ මිනිහෙක්ව හිනස්සවන්න පුළුවන් කියල කියන්නෙත් එක්තරා ආකාරයක පට්ට ටැලන්ට් එකක් බවය . එව්වා ඔය හැමෝටම කරන්න බැරි ය.

මිනිස්සු හිනස්සවන එක එච්චර අමාරු නම් ලෝකේ හිනස්සන එක කොච්චර අමාරුද කියල තේරුම් කරන්න මෙතන අමුතුවෙන් උදාහරණ දෙන්න අවශ්‍ය නැත.

එත් ඉතින් ඔච්චර අමාරු වැඩේ කජු කනවටත් වඩා ලේසියෙන් කරන්න පුළුවන් හැබෑම දස්ස යස්සයෝ ටිකක් ඉල්ලන්කාවේ ඉන්න බව නම් හැමදාම වගේ අපේ ඇස් පනා පිට ඔප්පුවෙන කාරණයක්ය.


ඔය උඩින් කිව්වේ ඉල්ල්න්කවේ එවුන්ගේ ඒ පට්ට ටැලන්ට් එක ගැනය.

ලෝකේ හිනස්සන්න පුළුවන් මාරයෝ සැට් එකක් ඉල්ලන්න්කාවේ ඉන්න බව ආපහු පාරක් ඔප්පු වුනේ මේ දවස් දෙක තුනේ ඉල්ල්න්කාවේ තියෙන සී ජේ පැස්ටිවල් එක ඇතුලේ ය.
අලුතෙන් දැම්ම කියන කඩේ ඇතුලේ සිද්ද වෙච්ච දේවල් වලින් එලියට අපු දේවල් අහල අපිටත් මුළු ලෝකෙටත් කරන්න තියෙන එකම දේ නම් බඩ අල්ලන් හිනාවෙන එක විතරය. කැමතිනම් දුක් වෙන්නද පුළුවන.


බයිසන් හෙවත් බයියා මරා ගේ අනුහසින් හතලිස් තුන් වෙනි යා විදියට කඩේ මුදලාලි කම ලැබිච්ච ළමාතැනී ඕනෑම කරන වෙලාවේදී කලගුණ සලකන්න දන්නේ නැති අවගුණය පෙන්නපු හින්ද බයියා මරා උන්දෑව කනෙන් ඇදලා දාන්න වැඩ කලේ මීට අවුරුදු දෙහෙකට කලින් ය.

තාමත් ලිහාගන්න බැරි ගැටේ ගහපු ජේආර් පප්පා ගේ කොන්සිටියුෂන් කඩදාසි වලට අනුව තමුන්ට ඕන කරන ඕන එකෙක්ව කඩේ ට දාන්න පුළුවන් වුනාට එහෙම දාපු එකාව ඕන කරන වෙලාවට එලොගන්න පුළුවන් විදියට එක හදලා නැති වීමේ ඒ ජාතික අපරාධයට  පින් සිද්ධ වෙන්න එදා ළමාතැනී ව දොට්ට දාන්න ගහපු ගේම හත්පොලේ ගූ ගා ගත්තු පට්ටම පට්ට සිර ගේමක් ය. අද පච පීරිස් ඔන්න ගියා මෙන්න ගියා කියල කියන්න ගිහින් කිච වෙච්ච ඩෙන්ටල් දොස්තරත් එදා ළමාතැනී ව එලොන මොකක්දෝ අටමගුලක කාරක සභිකයෙක් වෙලා හිටියේ ය.

ඔව්ව පරණ කතා ය./

ලෝකේ හිනස්සන මොහොත එළඹුණේ ඊයේ කඩේ ඉස්සරහ උද්ගොශනේ කරපු කළු කෝට් කාරයෝ රෑන ට මෙත්සෙවනින් ආපු නිවෙදනේ කියෝන කොටය. බලන් ගියාම බයියා මරා ළමාතැනී ව එලොගන්න කොච්චර තදියමෙන් ඉඳල තියෙනවද කියල කියනවා නම් "එයාව  එලවන්න"  කියල කඩදහියේ  උඩින්ම ලියන එන්න කියල තමුන්ගේ ගොට්ටෝ රෑනට කියන්න අමතක වෙලාය. ගොට්ටෝ ටිකත් කියාපු දේ ලියන් ආව මිසක්ක, කියාපු කියාපු තැන් වල අස්සන් කළා මිසක්ක ඒ කොළ කෑල්ලේ ලියල තිබ්බේ මොනාද ලියන්න තිබුනේ මොනාද කියල කියවන්න බැරි වෙලාය. ඕක ඔකුන්ගේ හැටි මිස වැරද්දක් නොවේය.

කොහොම හරි කොළ කෑලි ගෙනල්ල දෝෂ තියෙන අභියෝග ගෙනල්ලා ළමාතැනී ගේ ගේත් වටකරන් කිරිබත එහෙමත් උයන් කාල මහා ලොකු තොවිලයක් කරලා ළමාතැනී ගේ  චැප්ටර් ක්ලෝස් කරලා දැම්මේය. එත් ඉතින් ඊයේ වෙනකොට ඒ මහන්සිය සේරම අනිච්චේ දුක්කේ වුනේය.

බලන් ගියාම මහ රෑ වෙනකම් මඩ බංගලාව ඇරගෙන ඉඳලා විවාද තියලා ඡන්ද තියලා කරලා ඇති ලබ්බක් නැත. එත් මහා ලොකුවට ළමාතැනී ව ගෙදර යැව්වා කියල නම් පාරම් බැවේය . තිබ්බ කක්කා බරට ළමාතැනී ගිය ගමන්ම , කොහේදෝ හිටි පච පිරිසා ව කඩේ මුදලාලි කෙරෙව්වේ ය. උන්නැහ අවුරුදු දෙකක් විතර හතලිස් හතර වැනි මුදලාලි විදියට කඩේ කෙරුවේය. ඉඳල හිටලා මහා රෑ ටැම්පල් ට්‍රීස් අස්සේ ඡන්ද ප්‍රතිපල ද බලන්න ගොස් ඇත.

එත් ඊයේ මෙත්සෙවනේ අය  කියන විදියට එලවන්න කියල ඉල්ලලා නැති හින්දා එලොපු ක්‍රියාවලිය බල ශුන්‍ය ලු. ඒ කියන්නේ එයාව එලෝලා නැතිලු. වේකන්සියක් නැතිව අලුත් මුදලාලි කෙනෙක් ගෙනාපු එකත් බල ශුන්‍ය ලු .
ඒ කියන්නේ අරයව එලොලත් නැහැ. මෙයාව පත් කොරලත් නැහැ වගේ කතාවක් ය. ඒවුනාට ඒ අවුරුදු දෙකේ නඩු නම් ඕන තරම් බලවා ඇත.

එතකොට කඩේ මුදලාලි වෙලා හිටියේ විභීෂණ ද කියල දන්නා කවුරුත් තාම හම්බු වුනේ නැත. මේ වගේ හතරබීරි කතාවලට හැරෙන්න ලෝකෙට හිනාවෙන්න වෙන මොකුත් අවස්ථා නැති බව විභීෂණ ගේ පිළිගැනීමය.
 අණ්ඩර දෙමළද මීට වඩා ගොඩක් පැහැදිලි කියල තේරෙන්නේ මේ වගේ වෙලාවල් වලටය .

ඔය අස්සේ තවත් දෙයක් විභීෂණ ගේ ඔලුවට ආවේය.

මෛත්‍රී මේ ඊයේ පෙරේදා කිව්වේ එයා ල මේ අත්හදා බලන්නේ ලෝකයේ මෙතෙක් අත්හදා බලපු නැති දේශපාලන සංකල්පයක් කියලා ය. එහෙමනම් අවුලක් නැත. සමහර විට බයියා මරා වගේ වර්චස් කරගන්නේ නැතිව හත්පොලේ ගා ගන්නේ නැතිව මේ වගේ අන්ඩර් හෑන්ඩ් ගේම් වලින් කඩේ මුදලාලි අයින් කිරීමත් අත්හදා බැලීමක් වෙන්න ඇතිය.

යහමට පාලනේ කියල කියන්නේ ඔව්වටද කියලා ත් දැන් අපිට හොයන්න සිද්ධ වෙනවා වගෙය. මොන මල කරදරයක් ද මන්ද. පුළු පුළුවන් විදියට මහන්සි වෙලා "යහමට පාලනයක් " ගෙනල්ල එක සුමානයක් සැනසිල්ලේ ඉන්න දෙන්නේ නැති හැටි.

කොහොමෙන් කොහොම හරි ඔහොම ලෝකේ ට ෆන් දිදී ඉන්නකොට අද පත්තරේකට වොයිස් කට් එකක් දීලා අර කලින් හිටපු සිල්වා සීජේ  කියලා තිබුනේ ළමාතැනී ව එලොපු විදියත් ,පච  පීරිසාව ගෙනාපු විදියත් කියන දෙකමත් ආපහු ළමාතැනී ව දවසකට රජ කරපු එකත් ඔක්කොම නීති විරෝධී බවය. කඩේ හැල්ලු වුණු බවය. ඒ කතාව ඇත්ත වෙන්න පුළුවන් බව විභීෂණ ට කම්පනාවට ආවේ ටිකක් පහු වෙලාය. ඒ කියන්නේ මඩ බංගලාව වටේ පොකුණේ ඉවුරේ වාහනයක් ඇතුලේ උපන් වස්තරෙන් බවලතෙක් එක්ක ඉඳලා අහු වෙන එක ට වඩා කලින් කියාපු කාරනා හින්දා කඩේ හැල්ලු වෙනවා වෙන්න පුළුවන.

ඔන්න ඒ වගේ උපමා උපමේය වලට අපිනම් හිනා වෙන්නේ නැත. එදා වාහනේ ඇතුලේ සෞඛ්‍ය පාඩම කලේ කවුද කියල විභීෂණ ට නම් "මතක ම නැත".

කොහොමෙන් කොහොම හරි සැටලයිට් මැඩම් සිල්වා කාරයා ලව්වා අන්ධ ගෑනිව දූෂණය කල අතර බයියා මරා ඒකිව ප්‍රසිද්ධියේ දූෂණය කළේය. ඔව්වට උදාහරණ අමුතුවෙන් මෙතන ලිවීමමෙලෝ යකෙක්ට තියා උන්ගේ ඇඟේ ඉන්න මැක්කෙක් ටවත් වැඩක් නැත.

මෙදා සැරේ මෙත්සෙවනින් එයාව (තාම ) දූෂණය කලේ නම් නැත. නිකම් උස්සන් ගියා පමණි. වෙන්නේ මොකක්ද කියල බලන් ඉන්නවා ඇරෙන්න අපිට කරන්න දෙයක් නැත.
මෙච්චර කාලෙකට සිද්ද වෙච්ච දේවල් වල ප්‍රතිපලයක් විදියට පාරට බහින බඩුවකට තියෙන ආත්ම ගෞර්වෙවත් දැන් මෙයාට නැත. ඔහේ උපන්නාට කඩුව උස්සගෙන තරාදිය වන වනා ඉන්නවා පමණි.
එන එන හැම එකාම මේකිට කෙලින්න හදනවා මිසක් කොන්ද කෙලින් තියන් ඉන්න දෙන්න කල්පනාවක් නැත.
සම්ප්‍රදාය මේක නම් දිගටම  හැමෝම කරන්න හදන්නේ මේ වගේ දේවල් නම් අර සාරුවා ගොයියා වගේ මේ අසරණී ගේ සෙන්චරි රේප් පාටියකට අපි ටත් සහබාගි වෙන්නට බැරි වෙන එකක් නැත.

වැඩ සිද්ද වෙන්න යන විදිය මෙහෙම් නම් එදාට පාටියට ගොහින් අන්ධ ගෑනිව රේප් කරපු සීන් ඔක්කොම ඇල්බම්වලින් බල බල පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා ඇරෙන්න වෙන කරන්න තියෙන්නේ අහවල් කෙහෙල් ඇවරිය ද කියලා විභීෂණ අහන්න මනාපය.


එහෙනම් දැන් ඇති වගේ..
අර අහවල් පාටියේදී හම්බු වෙමු නෙහ්...

ගිහින් එන්නම්...

26 comments:

  1. ම්ම්.....බලමු.......තව 80 Day's නොවැ .....

    ReplyDelete
    Replies
    1. තව දවස් තියෙන බව නම් හැබෑව.
      ඒ ගැන නම් ඉන්නේ බොහොම බලාපොරොත්තු ඇතිව.

      එත් මේ වගේ අන්ඩර් හෑන්ඩ් ගේම් දීපුවාම වෙන්නේ නන්නත්තාර වෙලා ඉන්න පචවන්සයා යි උගේ ගොබ්බ රෑනටයි හපන්න මස් කට්ටක් ලැබෙන එක යි. දැක්ක නේ අද අර දිනේෂ් කාරයා උගේ හැකර කට පාවිච්චි කරලා කියපු කතාව.
      ඔන්න ඔය වගේ දේවල් වලදී තාමයි අපිට කේන්ති එන්නේ.

      Delete
    2. කෙන්ජි, අපි බයවුණා බං අයිසිස් කාරයො අල්ලන් ඉන්නෙත් කෙන්ජි කෙනෙක්!

      Delete
    3. පත්තරේ දැක්ක ගමන් මාත් බය වුනා මධුවෝ...

      මේ ඉන්නේ යස අගේට...

      හැබැයි මූව යැව්වා නම් isis ලට කෙලවලාම එන්න පුළුවන් වෙයි..

      Delete
  2. අන්ධ ගෑනියෙකුට ඕක කලාම සිද්ධවෙන්නෙ ශාක්ෂි එකක්වත් නැතිවීම. මෙතන ප්‍රශ්නෙ සමස්ථ ජනතාව ඉදිරියේ කරලත් සාක්ෂි දෙන්න අය සිටියත් එහෙම දෙන්න තැනක් නැතිවීම.
    මම හිතන්නෙ නෝනාට සීජේ පැන්ෂන් එක ලැබෙන්න ඕනි විදිහට වෙන්න ඇති දවසක් හරි හිටියෙ. එහෙම නැත්නම්, නෝනාට දේශපාලනය දැන් අරහං ඇති. තව හිටියොත් මුන්ටත් කලින් උන්ට වගේ කළගුණ සලකන්න වෙයි කියලා අතහරින්න ඇති. අනේ මන්දා මට හිතෙන හැටි මං කීවෙ.

    ReplyDelete
    Replies
    1. ළමාතැනී ත් පච පීරිස් ට දෙවැනි නැහැ . බයියා පත්කරපු කෙනෙක් නේ.

      කොහොමත් වැඩියේ කලබල නොකර එක දවසින් පැන්ෂන් ගිය එක කාගේත් ඇඟට හොඳයි.

      Delete
  3. "නොතැවෙන්න නොහඞන්න සත්‍යයේ මළගමට
    ගහලයා ඔබයි මේ මරණයේ
    හිස ගැසූයේ ඔබයි විෂ පෙවූයේ ඔබයි
    හඞා වැළපෙන්නේද අද ඔබයි"

    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
  4. ඔටුව කියනව වගේ සෙස්ස පස්සට විභියො...
    වෙන දෙයක් කරන දෙයක් දිහ කටයි අර අහවල් අයිටම් එකයි ඇරං බලං ඉන්ට තමා වෙන්නෙ...
    ඉවසා වදාරමු මක්ක වෙයිද කෝම කොරයිද කියල....

    ReplyDelete
    Replies
    1. ටිකක් බලමු. මට නම් දුක තියෙන්නේ අර පච වංශ යා ට බෙරිහන් දෙන්න අපේ එවුන් මාතෘකා සපයන එක.

      Delete
  5. හරියටම දින සීයෙන් ඔය ඔක්කොම කරන්ඩ පුළුවන් කියලා දැන් කවුරුවත් විස්වාස කරන්නේ නැහැ. නමුත් සැලකියයුතු යමක් කල හැකිබව නම් පෙනෙනවා. බලමුකො අමතර දින 25 ක් 30 ක් දීලා.

    ReplyDelete
    Replies
    1. දින සීයෙන් කරන්න බැරි බව නම් ස්ථීර යි. එත් කරනවා කියල කියපු දේවල් අනිවාර්යෙයන් ම හැකි ඉක්මනින් කල යුතුයි. නැත්තම් මේ මහන්සියේ පලක් නැහැ.

      Delete
  6. හරි සෙට් වෙමු
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. විප්ලවයට ජයවේවා !!!!!

      Delete
    2. අන්න කමියා ගල් විරෝධී බලකායක් හදනවා ...

      Delete
    3. සැට් වෙමු/...

      විප්ලවයට ජය වේවා...

      Delete
  7. මොකක්ද වුනේ කියලා තාම තේරෙන්නේ නෑ. පොඩ්ඩක් හිටින්

    ReplyDelete
  8. අපි තාම කට ඇරන් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  9. එකම අච්චාරු කැඳ හැලියක් බං ... මේ සේරම.

    ReplyDelete
    Replies
    1. ඔව්,. තව ටික කලක් බලන් ඉම්මු

      Delete
  10. එතකොට මොහාන් පීරිස් හිටපු කාලෙ දුන්න තීන්දු සේරම අහෝසිවෙනව නේද බං??

    උන්දැ කිව්ව කියන්නෙ අනේ මාව එල්වන්නෙපා, ඔබ තුමාට ඕනි විදියකට ඕනි තීන්දුවක් දෙන්නම් කියලා.

    ReplyDelete
    Replies
    1. /එතකොට මොහාන් පීරිස් හිටපු කාලෙ දුන්න තීන්දු සේරම අහෝසිවෙනව නේද බං//

      එහෙම වෙන්නේ නැහැ කියල ව්‍යවස්ථාවේ ම තියෙනව කියන්නේ...

      Delete
    2. ඇයි මචං දැන් එහෙම එකෙක් ඉඳල නෑනේ. දැන්නේ 44 ඇවිත් තියෙන්නේ..

      අර ෆොන්සේක මහත්තයාවත් පහුගිය දවස්වල ආමි එකෙන් අතුගාලම දාල තිබුනෙ, එහෙම යුධ හමුදාපති කෙනෙක් හිටියෙවත් නැති ගානකට.

      Delete
    3. ඔවු.

      ෆොන්සේකා ව නම් නිල වශයෙන් පත්කරලා පස්සේ නේ අයින් කලේ . පීරිසා ව නිල වශයෙන් පත් කරලා ත් නැහැ කියලනේ දැන් කියන්නේ..

      මොනා වුනත් මහා උසාවියේදී තුන්දෙනෙක් ඉන්න්වාලුනේ නඩු බලවන්න . අර ව්‍යවස්ථාවේ තියෙන විදියට එක්කෙනෙක් ගේ පත්වීමේ දෝෂයක් තිබුනත් තීන්දු වට බලපෑමක් වෙන්නේ නැහැල්ලු.

      Delete

කමෙන්ට් කලාපය....