2014-12-07

අහනවනම් අහපන්...නැත්තන්.


 
POLITICS කතා ලියන අතර NON POLITIC එකකුත් ඔහේ අතැරලා දාන්න හිතුව.

එකට එක ලොකු හේතුවක් තියෙනවා.

බූට් සින්දු අතර, මල් සින්දු අතර සින්දු මොනවාද කියල හිතාගන්න් බැරිව හොල්මන් වෙලා ඉන්න වෙලාවක තමයි මේ අමුතු ට්‍රැක් එක මීටර් වුනේ.


වචන ටික නම් පට්ට...වීඩියෝ එකත් ඒ වගේම පට්ට...

මේක මල්  සින්දුවක් නෙවේ..බූට් සින්දුවක් නෙවේ.. ලවු සින්දුවක් වත් නෙවයි...

අඩුම ගානේ සිංදුවකුත් නෙවයි..

තනි සිංහල rap එකක් ..

එහෙනම් ඉතින් ..

අහනවනම් අහපන්..නැත්තං දුවපන්....
මේ
දෙවියන්ගේ බාරේ...


-------------------------------------------------------------------------------------------------------------------------

මතකයි අද වැනි දවසක
සැමරුවා උපන්දින සාදය අප
මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
බිඳා පොරොන්දු මම අඩිකෝදුව
මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
ණයටත් ණයයි අවුරුදු හයයි
කූරු ගණිනවා හිර ගේ හිත බයයි
මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
අත හැරියා රස්සාව
සූදු කෙළින්නට මගේ ආසාව
සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
ලියමි මගේ වරද බිත්ති අතර පතර
කඳුළු බිඳු මකා දමන්න හමන්න
සුවඳ සුළඟ ජීවිතේ
පැමිණ මා වැළඳගන්න

(ChrishVix)
මිනිසෙකු පිට නැගි අසරුවෙකුට හැකිවිය දවනට ළය ගිනි දස මසකට
ණය හතරවට එක්තැන් පත්තර පිට නොදැනිම පිවිසුණේ කාබාසිනි සයනට
අස්ථිර දිවි කාලකණ්ණි විකාරය
උළු ගේ හතරකොණ උරා බොන්නේ සාරය
වාරය පව් පිටවාන දුමාරය
ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය
කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව
පනිනු පෙර දැල්වෙන සිව්පා ගිණිකොළ අස්සර මත වස්තර වෙත විසිරෙන
තරමට ලැදි කාරණ වරමට ණය වී කලාබර
සරුවට ගෙව් පිරුවට ඇන්දු කළකිරි දිවි කලාවට
නිරුවත කළ මුසාවට තරවටු වී දිවි මුලාවට
කරුමෙට හුරු පුරුදු වූ සූදු රටාවට
සින්න වුණේ ඔප්පුව නව වෙනි ලංසුව
හැංගුවා පොලී ණය වැටුණේ විලංගුව
පෙරළි නිරන්තර ලිව් අනු දෛවය
සෘණ දෙවි සරණ කොටුවූ අඳුරු කුටියට

(D - Minor)
අනූ වසරකට වුණි චූදිත
අමූලික බොරු කරන් මූලික
ජරාගික සමාජ භේද වාර්ගික
ඒ අහි\සක යයි හිංසක මාර්ගෙක
ජීවිත කනමදු මනසට හැඟීම මගෙ පොරබැදු
මායාව මා වැදූ හැදූ රුධිර ලේ මස් ඒ දුක දනි
ඇති බොරු කළා දැන් පිළිගමු

සත්‍යයේ අරුත - ගෙනදෙයි හිරිගඩු
වර්ණයේ ගරුක - පුපුරයි ගිනිකඳු
කාලයේ අරුම - මිනිසද ගුණමකු
කල්පනා කරමි - සෑය ළඟ ගිරිහඩු

මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
සමාජය නගනයක් ඇහැක් ඇරියම
පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
දේ බාර කරපන් දෙවියන්ගේ බාරෙට

(Sanuka)
දුහුවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්?
ළතැවුල් මාරුතෙන් සැඟවිය්වත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්
විය යුතු මොහොතකින් ගැලවීදෝ දෙවියන්ගේ බාරයෙන්?

(Born Manasick)
මායාව රජවෙලා ඇත්ත නැත්ත බලු වෙලා නැති වෙලා
ලස්සන ජීවිත හැඩිවෙලා බලන් ඉන්න බෑ තව මටනම් ඇති වෙලා
කනමදු ජීවිත කළුවර වී ඇත කෝ ඔය දෙවියන්
වැටුපට උපවාස කරයි හෙදියන්
ගුණ මෙහෙ ගරුක එතැන මැවියන්
කතාකරමු නැත්තන් සාරියේ එතියන්

හිත සී සී කඩ අද වීදී වල
සතුට රැඳෙන්නේ අද ප්‍රීතී වල
භීති කළ ඒ කී දේ කළ
දුන්න දෙවියන් තීරණ ඊතල

අද දියවැඩියාවට වඩා රටේ කටෙ හැදියාව
ඇති නැති කම වෙනස් කළ රැකියාව
හිත ගත කතා කළේම නැතියාව
වට කරන් කෙළ කළේ වැඩිහිටියාව

හිත හීලයි කරගත්තේ මම බීලයි
දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණබස් කීමයි ලිවීමයි
පොඩිකාලේ තිබ්බ බය පංතියේ අන්තිම වීමයි හීනයි
සුරයක් දැම්මා බැරි තැන
යකා ඉන්නේ ඇතුළේ කියා දැන දැන
බැණ බැණ කිව්වා අති දැන් ඇණ ඇණ
මේ දෙවෙනි ලියුම දෙවියන් බාරෙට

(Minol)
නක්ෂත්‍ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
වැඳගෙන කරගෙන පාවා දී මායම් දී නෑ මගේ ගූ හිතේ
මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගේ ෆැන්ටසි ලෝකෙට
මතකෙට එල්ලන් නෑ එක කෙල්ලක් ගැලවුණේ රෙදිපිළි මෝලෙට
එද්දී ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
තොටිලි වල නිදාගෙන නෑ මැද පංතියේ පදික
වඩිග පටුන නටන ජීවිත පදයට යටව
මන්දිර සඳලු තල මවමින් සිහින වන්නම
කාට කියන්නද ඒ මියෙන සිහින මැද
පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
පිරවුණු රූල් පිටු පොත ජීවිතේ වී ඇත
මනස දෙකනෙ වදින වචන මතකයිද
මගේ බොළඳ හීන අතර මගේ කඳුළු බින්දු ඇයි
වාෂ්ප වෙන්නේ දකින සිහින වටින කියන පයිය
උඹේ ඇටේ ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
මතක නැද්ද මට කියපුවා ගනින් මතකෙට වරෙන් අද හෙට
දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
මං ආස කරපු පාට හීන වලට හදපු මාව
කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
ඇයි මාව අම්මේ මැරුවේ නැත්තේ මම ඉපදුණු දාම
මට දුක හිතෙනවා උඹ මහනවා හැමදාම
කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
හදවතක හීන මගේ ලේ වලින් ලිව්වා
කවුරු කිව්වත් හිතේ දුවන ගැම්ම අත පය වල තිව්වා
මම කන අතටම රිව්වා මගේ මනස කොඳුරා කිව්වා මට

(KaluMalli)
අදටත් නින්දක් නැති ෆිල්ටර් නැති මතකයන්
මතටත් තිතක් නැති හිතුවෙවත් නැති වියමන්
රිවර්ස් වදින්නැති ගියර් වැටෙන්නැති පල්ලම් නැති
සිතියම් නැති සිතුවිලි අන්තිම හුස්මට ණයගැති
කාලය මැන්නේ සිවිලිමක් නැති වහල දෙස බලා
සැපයි කියලා හිතලා මෙමට නිදාගන්න එපා වෙලා
යන්නට මට තැනක් නෑ කරන්නට දෙයක් නෑ
දිව්‍ය ලෝක ඕන නෑ අපායට බයත් නෑ
දැවිලා දැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන
දුමක සුවඳ දුකක නිවෙන කැපි කැපි කැපි යාවෙන
යන්න නො එන ගමන තෙක් පරම සත්‍ය සැඟවෙන
පටබැඳි නම කඩවරගම වටේම බොරු මවාපාන
දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳි කල් හි
ලෝකය තනි යායකි සවණක් ගණ රැස් නැති
පවට පිනදි මම ද මැදිවී ස්වාර්ථයට කිමිදී
උඹට මතක ද එදා මම විතරද වැරදී
යක්ෂ වේශ සංක්‍රාන්ති පාවා දී පියවි දෑස
මිට මොළවා සිටගෙන දිවුරනවා ගනු හුස්ම පිණිස
පාපයක් වෙන්නෙම නැත අනිවා ශාපයක් වුණත්
උඹේ සෛල මරනවා මම නැවත මොනවා මට වුණත්
ඇත්ත තිත්තක් වුණත් කාට කෙසේ තෙරුණත්
ප්‍රශ්න එක පිට එක එකින් එකට විසඳුවත්
මුල මැද අග පැටළුණ විට ඇතුළත ගිනි පැසවන විට
කෝ දෙවියන් කෝ මගේ හෘද සාක්ෂි පුපුරන විට පිට පිට





40 comments:

  1. මේක මම බැලුවා පට්ට රැප් එක. පෝස්ට් එකක් දාන්න උන්නේ. කොහෙද මේ අපායේ ක්‍රිස්මස් නිසා වෙනින් දෙයක් ලියන්න වෙලාවක් නෑ. මෙහෙම ඒවා ලියන්න වෙලාව ඕන. දැන් වෙලාවත් නෑ. ඒත් දැන් උඹත් මේ වගේ ඒවා ලියන නිසා අවුලකුත් නෑ... වෙලාවක් තිබුනොත් මමත් ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. ඕ යේස්...

      එකනම් ඇත්ත බොස්...මේ වගේ පොස්ට් , අර පොලිටික් ලියනවා වගේ ඔහේ අතැරලා දාන්න බැහැ..

      ----------
      මට වඩා හොඳට රහට , බොස් ට නම් ලියන්න පුළුවන්..එක ෂුවර්..

      Delete
  2. මාරු පදපේලි ටිකක් තියනවනේ :D විභිෂණත් හොයාගන්න දේවල් :D

    ReplyDelete
    Replies
    1. ඔය මේ බුකියේ ඇවිදින ගමන් දැක්ක එකක් බන්..

      නිකමට වගේ ලින්කුව ක්ලික් කලේ..

      එතකොට තමයි දැක්කේ වැඩේ පට්ට භාවය..

      Delete
  3. :O මෙන්න විභීෂණ ගෙ පින්තුරෙ වෙනස් වෙලා ..හෆ්ෆේ දැන් කඩුවකුත් අරන් සටනට බැහැල වගේ ;) :P

    ReplyDelete
    Replies
    1. කඩුවකුත් නැතුව බැහැ බන් මේ කාලේ..

      Delete
  4. අඩේ මේක මරු බං.. රැප් එකයි වීඩියෝ එකයි දෙකම පට්ට.. !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල...මෙච්චර කාලෙකට දැක්ක අහපු සුපිරිම rap එක...

      Delete
  5. ස්තුති ඔත්තුවට....

    කොත්තුවගේ අහස,කරුමය සින්දු 2කත් අහපන් මේක වගේම බොක්කට වදිනවා

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක එවපන්...

      ඒවත් බලන්න ඕන බන්..

      Delete
    2. ආයේ කියල වැඩක් නැහැ.

      සුපිරි එකෙත් උඩම තියන්න පුළුවන් සින්දු දෙකක්.

      තැනක් යූ වීරේ...

      Delete
    3. අනිවා කරුමය එකෙන්ම එල එකක්

      Delete
    4. @ හිපොප් කොල්ල
      ------------------------------

      ආයෙත් අහල...සුපිරි rap එකක්.

      Delete
  6. මාර වචන ටික! ඔයි වගේ එකක් තිබුණා මතක නෑනෙ අප්පා.

    ReplyDelete
    Replies
    1. සමහරවිට උඹම ඔයිට සමාන එකක් ලිව්වද දන්නේ නැහැ...පොඩ්ඩක් මතක් කරලා බලපන්...

      උඹේ කවිත් මෙව්වා එක්ක වැඩි වෙනසක් නැහැ..

      Delete
    2. නෑ බං සින්දුවක්. අපේ සින්දූර්ට කියලා බලමු.

      Delete
  7. හුටැස් පට්ට විභියො
    මේ වගේ සකල ලෝකවාසී සත්තයන්ටම තේරෙන ඒව දානව නං මල් හතයි නෙව
    පට්ට රැප...
    තැංකිවි ඈ අදමයි ඇහුවෙ????? බැලුවෙ
    හිහි

    ReplyDelete
    Replies
    1. තැනක් යූ ..

      ----
      ඇයි බන්..මං මෙච්චර කල් ලියපුවා මොකද අවුල්ද..?

      ලෝකවාසී සත්වයෝ අයින් කරහන්කෝ..උන්ට බොග් බලන්න බැහැනේ..

      අනිත් දෙපා සත්වයෝන්ට මොකද, ? අකුරු අප්සට් ද?

      Delete
  8. මගේ ස්පිකර් එක වැඩ කරන්නේ නෑ බං..

    ReplyDelete
    Replies
    1. අය්යෝ සල්ලි...

      දුක තමයි...

      Delete
  9. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා. ගෙදර ගිහින්ම අහන්නම්කො..

    ReplyDelete
    Replies
    1. ok. මචන්..

      උඹෙන් විචාරයක් නම් ඕනෑමයි...

      Delete
  10. චන්ද විමසිම මරැ..මමත් චන්දෙ දුන්නා

    ReplyDelete
    Replies
    1. තැනක් යූ..

      ආයේ නිදිමරන්න , කොපි බොන්න දෙයක් නැහැ..

      ඔන් ද සපෝට් රිසල්ට්..

      Delete
  11. අද තමයි ඇහුවේ මචෝ ...මට ඔය රැප් අහනකොට ඔලුවට පොල්ලකින් ගහනවා වගේ . වචන සෙට් එක නම් නියමයි .අජිත් කුමාරසිරිගේ සින්දු වාගේ ..

    ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
    ලෝකෙම කීයද මං දන්නෙ නෑ
    මං කවුරුත් අඳුණන්නෙ නෑ
    කවුරුත් මා අඳුණන්නෙත් නෑ
    මට හරි පාළුයි
    මට හරි පාළුයි
    මට හරි පාළුයි

    මොනවට මේ ලෝකෙට මං ආවද
    මොකට ගෙනාවද මං දන්නෙ නෑ
    ගෙනාපු අය මා අඳුණන්නෙත් නෑ
    විස්වාසයෙ මල් පීදෙන්නෙ නෑ

    ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
    ලෝකෙම කීයද මං දන්නෙ නෑ
    මං කවුරුත් අඳුණන්නෙ නෑ
    කවුරුත් මා අඳුණන්නෙත් නෑ

    ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
    හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
    ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
    හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
    මං ආයෙත් මෙහේ එන්නෙ නෑ
    විස්වාසය මං මෙහෙ පිළිගන්නෙ නෑ
    මං ආයෙත් මෙහෙ එන්නෙ නෑ


    ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි

    ReplyDelete
    Replies
    1. //රැප් අහනකොට ඔලුවට පොල්ලකින් ගහනවා වගේ //

      -

      ඔවු ඔවු..පොඩ්ඩක් එහෙම ගතියක් තියෙනවා...

      එත් ඉතින් සුපිරි නිර්මාණයක් නේ...

      Delete
    2. උඹේ ඔය සින්දුවේ ලින්ක් එකක් එවහන්කෝ...මම ඔය මනුස්සයාගේ සින්දු වැඩිය අහල නැහැ..

      Delete
    3. මෙන්න තියනවා මචෝ ...

      http://www.youtube.com/watch?v=AlQOwRpYnKU

      Delete
    4. එලස්..

      පට්ට ට්‍රැක් එකක්...

      ---

      මට දැනුයි මතක් වුනේ...

      මේ මනුස්සයම නේද අර "තොල් පෙති ගාවල බලමුද" සින්දුව කියන්නේ...

      Delete
    5. අන්න හරි මචෝ ...මෙන්න

      තොල් පෙති ගාවල බලමුද
      හිත් හඳුණනවද කියලා
      මුහුණ බලාගෙන ඉඳිමුද
      අපි අඳුණනවද කියලා
      අතැඟිලි අල්ලා ගනිමුද
      අපි හමුවෙනවද කියලා //

      රෑ මුළු අහසම ඔබම වෙන්න
      මුළු මහ පොළොවම ඔබම වෙන්න
      ගස් වැල් තරු මල් ඔබම වෙන්න
      ඔය පෙම්බර හිත මගෙම වෙන්න

      තොල් පෙති ගාවල බලමුද...

      දුක් සංකා ටික දුරුව යන්න
      පෙම් බස්වල ටික දුරක් යන්න
      තනිකම වෙනුවට හවුල් වෙන්න
      ඔය පෙම්බර හිත මගෙම වෙන්න

      තොල් පෙති ගාවල බලමුද...

      ගායනය, සංගීතය - අජිත් කුමාරසිරි

      https://www.youtube.com/watch?v=VqhvzrpXIx0

      Delete
  12. මචෝ යූ ටියුබ් නැති නිසා බලන්න බෑ. ඒකෙ ලින්කුව දිංය බාගෙන අහන්න.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=-Yj1At289rw

      ඔන්න ගනින්..

      කොමෙන්ටුවක් දාපන්...

      Delete
  13. වල් පට්. මං කිව්වෙ වල්ලා පට්ට.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ...
      ------

      අපේ මේ කොහෙවත් යන ඉංගිරිස් rap බදාගෙන හිටියට අපේම කොල්ලෝ ඉන්නවනේ සුපිරියට සිංහලෙන් rap කරන්න පුළුවන්...

      Delete
  14. පද රචනයනම් ඉස්තරම් මචෝ.. ගීයෙන් දෙන පණිවුඩය බොහෝම වටිනවා. ඒත් ගායනය නම් අසූචි හැලියක් වගේ. අර වටිනාකම් සේරම දියවෙලා.

    ReplyDelete
    Replies
    1. ම්හ්..

      මට තේරෙන විදියට නම් එහෙමම නෙවයි මචන්...

      rap ස්ටයිල් එකට පද ලියවෙනකොට ඔහොම තමයි...ඒ වගේම ඔය වගේ ලියවුනු වචන සැට් එකකට rap ඇරෙන්න වෙන ස්ටයිල් එකක් මැච් වෙන්නේ නැහැ.

      එත් එක උඹ අපි වගේ මේ ලංකාවේ අතිශය බහුතරය කැමති ජනප්‍රිය සංගීතය නෙවයි හින්ද මේ වගේ එකක් ඇහෙනකොට පොඩි මොකක්දෝ මෙව්වා එකක් දැනෙනවා..
      ---

      තැනක් යූ උඹේ කමෙන්ටුවට...

      Delete
    2. අනිවාරෙන්ම මචෝ... අපි පුරුදු වෙච්ච අපිට වදින මියුසික් ස්ටයිල් එකට තමයි ඉතින් හිත ඇදෙන්නේ. නමුත් බටහිර සංගීත ලෝකයටනම් මේක විශිෂ්ඨ නිර්මාණයක් වෙයි. ඒ මිනිස්සු ආසාවෙන් විඳී.

      Delete
  15. කියන්න දෙයක් නැ ඩ්‍රිල් ටීම්ලගේ පට්ට රැප කොච්චර ඇහුවත් එපා වෙන්නැ :)

    ReplyDelete

කමෙන්ට් කලාපය....