2019-06-07

විභීෂණ වෛද්‍ය සේවය 1- ජලභීතිකාව පරදමු


බල්ලෙක් පැටියා කාලේ ගෙදර ගෙනාපුවාම ගෙදර හැමෝගෙම ආදරය දිනාගන්නේය.
හැමෝම උගේ හුරතල් හිනාව, බිරීම, පිස්සු නැටීම වගේ සේරම හරි ආදරයෙන් විඳින්නෝය.
ඌ හැමෝගෙම සැලකිලි ලබන්නේය.



හැමෝගෙම ආදරයේ බලමහිමයෙන් හොඳ හොඳ කෑම වලින් සංග්‍රහ ලබන මේ බලු වහන්සේ කාලයත් එක්ක පොර ලෙවල් එකට රීච් කරන්නේය.

ජලභීතිකාව ට හේතුව විය හැක්කේ....

පොර වුනාට පස්සේ සහ ඌ පොරක්ඊ කියලා ඌට හිතෙන්න පටන් ගත්තා  ට  පස්සේ හොරෙන් හොරෙන් දඩාවතේ යන්න පටන් ගන්නේය.
දකින දකින බලු නංගිලාට #$#$ නේය.
සේරම කුපාඩි බලු වැඩ කරලා හවසට ගෙදර ඇවිත් සාන්ත දාන්ත තීන්ත කූඩුව ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන්නේය.
පෙර කල පූරුවේ කරුමයකට වගේ ඔය අල්ල පනල්ලේ සමහර විට මේ බලු උත්තමයානන් වහන්සේ ව පිස්සු බල්ලෙක් විසින් සපාකනු ලබන්නේය.
ඉපදිලා අවුරුදු තුනහමාරක් හතරහමාරක් වගේ කාලයක් ගෙවිලා මේ සපාකෑමට ලක්වුනොත් සුව කිරීම හිතන තරම් ලේසි නැතිය.

රෝග ලක්ෂණ...

ටික වෙලාවක් වේදනාවෙන්  නිශ්ශබ්ද ව සිටන බලු වාහේ ටික දොහකට පස්සේ අමුතු හැසිරීම් පෙන්වන්න පටන් ගන්නේය.
වැඩි කල් නොගිහින් ම වටේ පිටේ ඉන්න බලු අසල්වැසියන් නොරුස්සන්න ගන්නේය. ඊට පස්සේ තමුන්ගේ ගෙදර මිනිස්සුන්ව නුරුස්සන්න පටන් ගන්නේය.
ගෙදර මිනිස්සුන්ව පා කන්න පටන් ගන්නේය.

ප්‍රතිකර්ම.

තමුන්ගේ දරුවා වගේ හිටපු බල්ලා ටික කාලෙක ඉඳන් අමුතු හැසිරීම් පෙන්නනවා කියලා ගෙදර උන්ට තේරුම් යනවා නම් උන් මුලින්ම කල යුතු වන්නේ හොඳ පශුවෛද්‍ය තුමා කෙනෙක් ට පෙන්නා හරි හමන් බේතක් හේතක් කරගැනීම ය.
එහෙන කරලා තමුන්ගේ දරුවා වගේ හිටපු බල්ලා ව බේරා ගැනීමය.
වැඩේ අල්ලාගත්තේ මුලින්ම නම් බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් වෙන්න්නත් පුළුවන.

ප්‍රමාදය පසු තැවීමට මුලය.

එත් සීන් එක තේරුම් යනකොට වෙන්න ඕන දේවල් සේරම වෙලා නම් සොරි ඩොට් කොම් ය.
පොර ඇස රතු කරගෙන තමුන්ව කන්නම පනිනවා නම්, වැඩේ සාතිශය දරුණුය, භයානකය, අනතුරු දායකය.

අනේ අපි හැමෝම ආදරෙන් ගෙනාපු අපේ චූටි බලු කුක්කා නේද? අනේ ඒකාලේ එයා හරි ෂෝයි නෙද්ද? වගේ බලු නයිදේ ගේ අතීත සැමරුම් රස මතක වලට වහ වැටිලා අනේ ඒ අහිංසකයාට ඉන්න දෙමු. එයා ඉක්මනට සනීප වෙයි වගේ ගොන් මෝඩ මී හරක් බූරු කතා කියා කියා ඌටම සලකන්න පටන් ගත්තොත් ඉතින් එව්රිතින්ග් සෙත්තපොච්චිය.
බලු පොර බඩු  සෙට් කරන්නේ පවුලම පිටින් වලකජ්ජ ගහන්න ය.


ඒ සේරම සලකා බැලීමෙන් පස්සේ කරන්න තියෙන්නේ මෙච්චරය.

බේත් හේත් කරලා දරුවා වගේ හිටපු බල්ලාව බේරන්න බැරි වුනා නම් දැන් ඉතුරුවෙලා තියෙන්නේ තමුන්ගේ දරු පවුල බල්ලාගෙන් බේරා ගැනීමට කරන්න පුළුවන් සුදුසුම දේ කෙරීමය.

අනතුරු ඇඟවීමයි..

ජලභීතිකාව හැදෙන්නේ බල්ලෝ, පූසෝ ලේන්නු වගේ උන්ට කියලා අපි හිතුවට හිටිහැටියේ පොළොවෙන් මතුවෙන කොඳු නාරටිය රහිත බින්කුන්ඩා වැනි සතුන්ට ද මේ රෝගය සෑදෙන බව පහුගිය අවුරුදු හතරක පමණ කාලයක් තිස්සේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ දූපතේ කරන ලද පරීක්ෂණ වලින් සනාත වී ඇත.
ඒ නිසා ඇවිදගෙන යන විට , විශේෂයෙන් තෙත සහිත පොළොවේ ඇවිදගෙන යන විට අවධානයෙන් පසුවීම මැනවි.

එහෙනම් ගොහින් එන්නම්..
ප .ලි :- 
වරදවා වටහා නොගන්න.
කාලගුණය දේශගුණය වෙනස් වීගෙන එන මේ කාලේ ඒ වෙනස දරාගන්න බැරුව ජලභීතිකාවට ගොදුරුවන සතුන්ගෙන්  අප ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විභීෂණ ගේ ප්‍රජා දැනුවත් කිරීමකි.

13 comments:

  1. සමහරු බල්ලට විදිනවා .පූසට නෑ , ලේනට නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...හ්ම්ම්....
      අපි හිතන්නෙවත් නැති උන්ටත් හැදෙනවා බන්..

      උදාහරණයක් විදියට, පොළොවෙන් මතුවෙච්චි බිං කුන්ඩන් ට හෙම...

      ප්‍රවේසමෙන් ඈ...

      Delete
  2. මේ අපි 2015 ගෙනාපු බලු පැට්ට ගැන නෙවෙයි නේද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මචෝ, උඹට මොනාහරි සමානකමක් දැනෙනවා වගේ නේද ...

      Delete
  3. ජලභීතිකාව හැදෙන්නේ ක්ෂිරපායි සත්තුන්ට විතරද?

    ReplyDelete
    Replies
    1. පොළොවෙන් මතුවෙච්චි කොඳු නාරටිය රහිත පතොලයින්ටත් හැදෙනවා...

      Delete
  4. අපේ තාත්තනම් කිව්වා බල්ලගේ අටදෙක කපලා මිරිස්කුඩු දාල මැහුවාම ඔය ලෙඩේ හැදෙන්නෙ නෑ කියලා

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් ආපහු පාරක් හැදෙන්නේ නැහැ තමයි...

      Delete
  5. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    ඔයා කිව්වා ජාතික ගීය දෙමලෙන් කීවාම ඒක ජාතික සමඟියට හේතු වෙනවා කියලා.
    දැන් එතකොට ඒක අරාබි බාශාවෙනුත් කියන්න ඉල්ලීමක් ආවොත් ඒකටත් ඉඩදිය යුතුද?

    ReplyDelete
    Replies
    1. පොස්ටුවට අදාළ නැත.

      Delete
  6. https://www.elsevier.com/connect/8-things-you-may-not-know-about-rabies-but-should

    https://www.iamat.org/blog/5-misconceptions-about-rabies/

    ReplyDelete
  7. විභීෂණ II මහත්තයා එක්සත් ජතික පක්ෂ මාධ්‍ය ඒකකයෙන් ඉවත් කරා නේද? ඒක තමයි මාත් ඊයේ පෙරේදා නිවුස් එකක් දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නැගණිය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ බලය අතට ගෙන, එහි වැඩ කරපු බොහෝ දෙනෙක් ඉවත් කරා කියලා. මොකද රනිල් මහත්තයට ගොඩක් අය විරුද්ධයි නේ පක්ෂේ ඇතුලේ. මාධ්‍ය ඒකකයේ හිටපු අයත් එහෙමලු.

    විභීෂණ II මහත්තයගේ මේ මාසේ පඩිය හම්බෙන එකක් නෑ නේද? දැන් මොකද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මාධ්‍ය ඒකකයට වත් එකතු වෙන්න බලනවද?

    ReplyDelete

කමෙන්ට් කලාපය....