2016-12-13

කාදිනල් සහ නත්තල් ගහ-පසු වදන


අතර මග නැවතුනු "ලෝකේ උසම නත්තල් ගහ" ආපහු පටන් අරගෙනය.
සතියකට කලින් සල්ලි නාස්තියක් විදියට කාදිනල් තුමාට පෙනිච්චි නත්තල් ගහ , අගමැතිතුමා එක්ක කළා ය  කියන සාකච්ඡා වකින් පස්සේ  හොඳ වෙලා ය.

කතෝලික කම ක්‍රියාවෙන් නොව නත්තල් ගහකින් පෙන්නන්න , නත්තල් ගහක උසින් මනින්න හදාපු අය අන්තිමේ තමුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගත්තේ ය.

ගහ නොහදා සල්ලි ඉතුරු වුනත් නැතත් ගිනස් රෙකෝඩ් තියනවාට වඩා වටිනා දේවල් ජේසු තුමාගේ උපත සමරන වෙලේ  කතෝලික අපිට කරන්න පුළුවන.
නත්තලේ දී සමරන්නේ ජේසු තුමාව මිසක් , අර තඩි මූසල නත්තල් පප්පාව  වත් උසම උස නත්තල් ගස් වත් නොවේය.

ඉතින් ඔය නත්තල් ගහ හදන්න මුල් වෙච්චි මිනිස්සුන්ටත් එක අතරමග නැවතිච්චි වෙලේ කාදිනල් ගේ බෙල්ලන් අල්ලගන්න බලාගෙන බෙරිහන් දීපු තුට්ටු දෙකේ බුකී ඇඩ්මින් ලටත් ඒ දේ මතක් නොවෙච්චි එක බොහොම කනගාටු ය.

UPFA-Brighter Future පිටුවේ තිබුනේ දුප්පත් මිනිස්සුන්ට නොමිලේ බලන්න මේ නත්තල් ගහ හදනවා ය කියලා ය.
අපි අහන්නේ නොමිලේ බැරි නම් මිළේ හරි බලන නත්තල් ගහකින් දුප්පත් මිනිහට ලැබෙන සෙතේ මොකක්ද කියන එකය.

ලස්සන දිලිසෙන සුකුරුත්තම් එල්ලපු දොන්ත සයිස්  නත්තල් ගහකින් සෙල්ෆියක් ගහගන්නවා ඇරෙන්න ලැබෙන්නේ මොකක්ද කියල අහන්න කැමතිය.
සෙල්ෆි වලින් මොනා හරි ලැබෙනවනම් එකත් එකක් ය. මේකේ එහෙමවත් නැත.

කලින් පොස්ට් එකෙත් මේ බ්ලොග් පුරාම ලියාපු පොස්ට් වලදී ත් මම ලංකාවේ අටෝගෙන තියෙන ලෝකේ ලෝකුම  ආගමික ලට්ට ලොට්ට වලට දිගින් දිගටම විරුද්ධ වුනේ දෑහට පෙනෙන  කිසිම ඵල ප්‍රයෝජනයක් එව්වයේ නැති නිසාය.
ඉතින් ලෝකේ ලොකුම නත්තල් ගහ හදන කොට ත් ආගම කතෝලික වුනත් මගේ මතය එහෙම්ම මය.

නෑ බෑ  නොකියා විරුද්ධ වන්නේ ඒ නිසාය.

අත්තිවාරම කපාපු දා ඉඳන් ම මම ඔය ගහ ට විරුද්ධ වුනේ හැබෑ කතෝලික කම නත්තල් ගහක උසින් මනින්න වත් පෙන්නන්න්න වත් බැරි නිසාය.

ආණ්ඩුවේ සල්ලි වියදම් නොකලත් වෙන කාගේ සල්ලි වියදම් කලත් ඔය ගහ සල්ලි නාස්තියක් කියන මතයේ මම අදත් ඉන්නවා ය.

ගහ හදන එකෙන් වෙන අනවශ්‍ය නාස්තිය ගැන කාදිනල් තුමා විරෝධය පානකොට සතුටු වුනේ ඒකය.
ඒ එක්කම අර තුට්ටු දෙකේ බුකී ඇඩ්මින් කාදිනල් තුමාගේ ඉහේ ඉඳන් හම ගහන්න පටන් ගත්තු වෙලේ බුකියෙන්ද, මගේ සුපුරුදු මාධ්‍ය වන බ්ලොගෙන් ද එකට විරුද්ධ වුනේ ද ඒ නිසා මය.

කාදිනල් තුමාට මේ  ගහ නාස්තියක් වගේ පෙනුනේ මහින්ද කියාපු නිසාය කියන කතාව මට නම් වැඩක් නැත .මහින්ද කිව්වත් නැතත් ඔය ගහ අදටත් මට පෙනෙන්නේඅනවශ්‍ය නාස්තියක් විදියට ය.


කොහොමෙන් කොහොම හරි සන්තෝස වෙන්න පුළුවන් එක්තරා කාරනාවක් ද තියෙනවා ය.
පරාජිත මතවාදය පැත්තේ හිටියත් , හරි හෝ වැරදි වුනත් බුකියේ බහුතර මතවාදය ජයග්‍රහණය කිරීම ගැන මට සතුටක් ඇත.
ඒ වෙන එකක් නිසා නොව අද රටේ තීන්දු තීරණ වල සමාජ මාධ්‍ය වලින් තියෙන නොසලකා හරිය නොහැකි බලපෑම ආයෙත් වතාවක්  සීයට සීයක් ම ඔප්පු වෙච්චි නිසාත් මමත් ඒ සමාජ මාධ්‍ය ඇතුලේ ජීවත් වෙන නිසාත් ය.

කාදිනල් තුමාට අහේතුකව අපහාස කරපු විදිය කොයිතරම් අන්තිම අසික්කිත වුනත් , ඒ ගැන අදටත් මේ මොහොතේත් විරෝධයක් තිබ්බත් UPFA-Brighter Future පිටුවේ බලපෑම සහ සෝෂල් මීඩියා ඇතුලේ උන්ගේ ශෙයා එක නොසලකා හැරිය නොහැකි බව කියන්න උවමනා ය,


අන්තිමේදී මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් ය.
ප්ලෑන් කරපු විදියටම , ප්ලෑන් කරපු දවසටම නත්තල් ගහ ලස්සන ට හදලා ඉවර කරන්න සුභ පතනවා ය.
එතරම් කැමැත්තක් නැති වුනත් පුළුවන් වුනොත් අපිත් ඕක බලන්න එනවා ය. සෙල්ෆියකුත් ගහනවා ය.

ගහ හදන වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ඒ අදාළ හැමෝටම කතෝලිකයෙක් විදියට විභීෂණ සුබ පතනවා ය.,

එහෙනම් ගොහින් එන්නම් ය.

16 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. එකගයි! ජය බෝලී කිස්මත් ගහ නාත් !

    ReplyDelete
  3. තවම ටෙන්ට් වල ඉන්න අයටත් සොයා බලා උදවු කරන අයට සහයෝගය දුන්නා, සොයා බලා කීවේ අපේ ළඟ පාතක ඔහොම සිද්ධියක් වුනාම යන්න තැනක් තිබුනත් ටෙන්ට් එකේ පදංචිය තහවුරු නොකෙලොත් ලැබෙන්න නියමිත වාසි ලබාගන්නත් අමාරු නිසා නොගිය අයත් හිටියා.

    ඔක්කොම දේවල් බැලන්ස් එකේ කරමු

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකඟයි.
      මධ්‍යම ප්‍රතිපදාව

      Delete
  4. //මම ලංකාවේ අටෝගෙන තියෙන ලෝකේ ලෝකුම ආගමික ලට්ට ලොට්ට වලට දිගින් දිගටම විරුද්ධ වුනේ දෑහට පෙනෙන කිසිම ඵල ප්‍රයෝජනයක් එව්වයේ නැති නිසාය.//

    ආගම් අදහන උන් සල්ලි නාස්තිකිරීම අපිට වලක්වන්න බැරිය. දේශපාලකයින් ප්‍රසිද්ධියට මහජන මුදල් නාස්තියත් සිරි ලංකාවට අමුතු දෙයක් නොවේ.
    අඩු ගණනේ ආගම් අදහන උන් ලවුඩ්ස්පීකර් නැතුව ශීලාචාර විදිහට අදහනවා නම් ඒ ඇති

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ප්‍රා,
      අපි ලෝකෙන්ම උතුම් රට ලු නේ.

      Delete
  5. කාදිනල්ලා කුලියට කහින්න ගියාම මෙහෙම චා වෙනවා...

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ මාතො

      Delete
  6. ඔය වැනි උසක් ඇති ගහක් ඔයවැනි සුලන් ඇති ගෝල්පීස් එකේ හිටවන්න නම් කොපමන ගැඹුරට අත්තිවාරම් කපා කනු බැස්සුවමනාද‍යි කවුරුහරි සිවිල් ඉන්ජෙක් කියන්නකෝ මෙයා...

    බාගෙට කනු හිටෙවුවොත් ඒක ලොකේ උසම නොව දිගම නත්තල් ගහ විය හැකි බැවිනි හිටන්!

    කෝ මේ අපේ අයිවන් තුමා???

    ReplyDelete
    Replies
    1. සිවිල් ස් ල වැඩක් නැහැ බන් මේවගේ වැඩ වලට.
      පොලිටික්ස් ලා හිටියානම් හොඳටෝම ඇති

      Delete
  7. හැදෙන රට නත්තල් ගහෙන් දැනේ.....

    ජයවේවා!!!

    ReplyDelete
  8. දේශපාලඥයෝ කපටියෝ. ආගමික නායකයෝ මේ ගේම්කාරයින්ගේ ලණුවලට අහුවෙලා නිකන් සවුත්තු වෙනවා.

    ReplyDelete
  9. හදාගත්තාවේ, හදාගත්තාවේ, අපිටත් බැරියැ ලස්සන බලන්න.

    ReplyDelete
  10. මම ඉස්ඉසෙල්ලාම නත්තල් උත්සවයකට ගියේ 2004 දි. මොර‍ටුවෙ නෑ ගෙදරක ගිය වෙලාවෙ.මං ඒකාලෙ පල්ලියකට නම් ගිහින් තිබුණා. ඒ ඉංග්‍රීසි පංතියකට. ඒ කාලෙ ඉදන්ම හරි කුතුහලයක් තිබුණ පන්සලෙයි පල්ලියෙයි වෙනස මොකද්ද කියන එක ගැන. 2004 දි මට ඒකට උත්තර ලැබුණ. මං එදත් පල්ලි ගියා ( රෑ නම් නෙවෙයි.. උදේ). ඒ වෙනකොටත් මං හිතං හිටියෙ රෑ ප්‍රාර්\ථනාවක් කලාම උදේට නත්තල් සීය තෑගි ගෙනත් දෙන එක නත්තල කියල. ඒත් ඒ ගෙදර අය නිදං ඉන්න පොඩි අය ගාවින් ඊට ඉස්සෙල්ල දවසෙ ගත්තු සෙල්ලම් බඩු තියෙනකොට ඒක බොරුවක් කියල මට තේරුනා. කොහොම උනත් දුප්පත් ,පෝසත් භේදයක් නැතුව හැමෝම ගොඩක් සතුටින් හිටියා. ඒක තමයි නත්තල.ඊට පස්සෙ දවසෙ තමයි සුනාමි ආවෙ. ඒක මට ලොකු කම්පනයක් උනා. සුනාමිය බුද්ධාගම් කාරයා, ක්‍රිස්තියානි කාරයා කියා බැලුවෙ නෑ. කූඹි ‍රැලක් වගේ ඔක්කෝම අරන් ගියා. වෙසක් එකට බුදු රුව පෙන්නනව වගේ නත්තලට පෙන්නන ඕනි ජේසු තුමාව උනත් දැං නත්තල පියාඹන්න තියා ඇවිදගන්නවත් බැරි පප්පෙකුටයි පාට පාට සුකුරුත්තං වලටයි වෙන් කරලා.
    කොහොම උනත් මගේ නම් අදහස විභී කාදිනල් තුමාට මේක නවත්තනවනම් ඒක කරන්න තිබුනෙ, අත්තිවාරම දාන්න ඉසෙල්ල. අන්තිමට උනේ ඒකත් තවත් එක නරි නාටකයක් උන එක විතරයි.

    ReplyDelete

කමෙන්ට් කලාපය....