2016-03-02

කුලියාපිටියේ සක්කිලි හැත්ත...

සිරි ඉල්ලන්කාවේ කුලියාපිටිය කියන ගමේ ඉන්නේ අමන තක්කඩි මිනිස්සු කොට්ටාශයක් බව අද ලෝකෙටම ඔප්පු වී හමාරය. ඉස්කෝලෙට ඇතුල් කර ගත්තු අහිංසක ළමයෙක්ට HIV තියෙනවාය කියලා පැතිරිලා ගිය රාවයක් හින්දා කලබල වෙච්ච මේ තක්කඩි රැල නටපු තොවිලේ අන්තිමේදී අද අවසන් වුනේ ඉගෙනීමට ආසාවෙන් හිටපු ඒ පුංචි මල් කැකුලට තමුන් ඇතුලත් වෙච්ච ඒ පාසලත් අහිමි වී යාමෙනි.



මේ තියෙන්නේ අද(2016 මාර්තු 01 ) BBC සිංහල සේවයේ ඒ ගැන පලවෙච්ච සටහනයි....

"
එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසලට පැමිණීමට නොහැකිව සිටි කුලියාපිටියේ දරුවා ඉන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ පවසයි.
ඉහත කී දරුවාට එච්අයිවී ආසාදනය වී නොමැති බවට කරුණු පහදා දීම සඳහා සෙසු පාසල් දරුවන්ගේ දෙමව්පියන් සහ සෞඛ්‍යය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විණ.
එහිදී සෞඛ්‍යය බලධාරීන් දෙමව්පියන් වෙත කරුණු පහදා දීමට දැඩි වෙහෙසක් ගෙන ඇති නමුත් දරුවා තවදුරටත් පාසලේ රැඳී සිටීමට එරෙහිව සෙසු දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවයි බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න පවසන්නේ.
සෙසු දෙමව්පියන් වෙතින් දිගින් දිගටම එල්ල වූ දැඩි විරෝධය හමුවේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉන් අනතුරුවයි."


මේ සිද්ධිය පටන් ගත්තු දවසේ ඉඳන්ම මේ ගැන වාර්තා කරපු BBC සිංහල සේවයේ පලවෙච්ච වාර්තා සේරම පිළිවෙලට මෙසේය....

විභීෂණ ගේ ඉල්ලීම නම් මගේ බ්ලොග් පොස්ටුව නොබැලුවත් එකට කමෙන්ට් නොදැම්මත් කමක් නැහැ මේ ලින්ක් ටික එක පෙලට කියෝගෙන යන්න සහ එහෙම කියෝලා කුලියාපිටිය කියන ගමේ ඉන්න මේ කුපාඩි තක්කඩි බල්ලෝ නිසා අධ්‍යාපන අයිතිය අහිමි වෙච්ච ඒ අහිංසක දරුවා ගැන පොඩ්ඩක් හරි අනුකම්පාවක් ඇති කරගන්න කියා ය...

2016 පෙබරවාරි 16 - HIV රාවයක් නිසා මගේ දරුවාට පාසලක් නැහැ

2016 පෙබරවාරි 22 -කුලියාපිටිය දරුවා 'පාසලට ඇතුලත් කරන්න'

2016 පෙබරවාරි 27 - HIV භීතිය නිසා කුලියාපිටිය දරුවා පාසලේ තනි වෙයි

2016 මාර්තු 02 -කුලියාපිටියේ දරුවාට ස්ථීර වශයෙන්ම HIV නැහැ - ඒඩ්ස් මර්දන වැඩසටහන

2016 මාර්තු 02-HIV භීතිය: කුලියාපිටියේ දරුවා පාසලෙන් ඉවතට 

තමුන්ගේ දරුවාට වගේම ඉගෙන ගැනීමේ අයිතියක් සහ ආසාවක් තවත් දරුවෙකුටත් තියෙන බව තේරුම් ගන්න අද මේ කුලියාපිටියේ තක්කඩි බල්ලන්ට බැරි වී ඇත. බැරි වුනාට වඩා ඕනා කමින්ම අමතක කර දමා ඇත.

කාලෙකට කලින් මිය පරලොව ගියා ය කියන මේ පුංචි කොලු පැටියාගේ තාත්තා ට HIV තියෙනවාය කියලා මොකෙක්දෝ ගස් බල්ලෙක් පතුරෝපු කට  කතාවට රැවටිච්ච මෝඩ සක්කිලි අන්තිමේදී පලි ගත්තේ කිසි දෙයක් නොදන්නා අහිංසක මල් කැකුලකින් ය.
අන්තිමේදී මේ හැතිකරේ ඒ කටකතාව පතුරෝලා ඇරියේ මේ ලමයාටත් HIV තියෙනවාය කියලා ය.
එහෙම කියලා ඉස්කෝලේ ඩෙගා නටා ඇත.
අර අහිංසක ළමයා ඉස්කෝලෙට ආපුවාම තම තමුන්ගේ ළමයි සේරම ඉස්කෝලෙන් අයින් කරගෙන ඇත.
යාළුවො එක්ක සෙල්ලම් කරන්න , ඉගෙන ගන්න ආසාවෙන් හිටපු කොලු පැටියා අන්තිමේදී ඉස්කෝලේ තනි වී ඇත.

ළමයාට ඒඩ්ස් නැහැ, ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරිනුයි, ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අයයි කොච්චර මහන්සි වෙලා තේරුම් කරලා දුන්නත් මේ පාහර හැත්ත ඒ කිසි දෙයක් පඩේකට ගණන් අරගෙන නැත.  උන්ගේ තොවිලේ එහෙම්ම නටාගෙන ඇත.

වයඹ අධ්‍යාපන ඇමති මැදිහත් වුනත් හරි නොගිය තැන අන්තිමේදී උන්නැහැට සිද්ධ වුනේ පාහර හැත්ත ට ඉඩ දීලා අර අහිංසක කොල්ලා ව ඉස්කෝලෙන් අයින් කර ගැනීමට ය.

මේ පෙන්නේ ලෝකෙන්ම උතුම් ය කියලා උදේ හවා පම්පෝරි ගහන රටේ මිනිස්සු කොහෙවත් යන කටකතාවක් හින්දා පුංචි ළමයෙකුට සලකන උතුම් විදිය ය.
මේ පෙන්නේ අවුරුදු දෙදාස් පන්සීයක ලබ්බේ ඉතිහාසයක් තියෙන මහා ලොකු ජාතියක් , ඉගෙන ගන්න ආසාවෙන් ඉස්කෝලෙකට ඇතුල් වෙච්ච දරුවකුට සලකන ආකාරය ය.

සෞඛ්‍ය අංශෙ ලොක්කොත් ඇවිල්ලා, ඒඩ්ස් මර්ධන එකේ එවුනුත් ඇවිල්ලා පැහැදිලිව කියද්දීත් තමුන් ගේ අනවබෝධය තේරුම් නොගන්න තරම් කුහක වෙච්ච මේ මිනිස් තිරිසන්නු රැල ට තමුන්ගේ දරුවන්ගෙන් අනාගතේදී බලාපොරොත්තු වෙන්නේ මොනාවාද කියන එක අපිට නම් බොහොම සැක  සහිතය.

කොහෙවත් යන ගස් බල්ලෙක් පතුරෝපු කටකතාවක් විශ්වාස කරගෙන අහිංසක ළමයෙක්ගෙන් පලි ගන්න තරම් මුන්ගේ මෝඩ කම සහ තක්කඩි කම .....?


අන්තිමේදී මුන්ගේ මූනට අපිට  කියන්න තියෙන්නේ මෙච්චර ය.

අහිංසක දරුවෙක් ගෙන් පාලි ගත්තු කුලියාපිටියේ නරුමයිනි..
තොපි ඔලුවේ තිය පුකේවත් මොලේ කලඳක් නැති තක්කඩි රැලකි.
ඉගෙන ගන්න ආසාවෙන් හිටපු දරුවෙක්ට  තොපි සලකපු විදියට අන්තිම කැතය.
තොපේ ඔය මහලොකු විරෝධතා ටික ලොකු කඩදාසි වල එහෙම ලියලා රෝල් කරලා හිටං පුකේ ගහගත්තා ට කමක් නැත.
තොපි ගැන කතා කර වැඩක් ම නැත.
එත් තොපේ දරුවන් ගැන මේ මොහොතේ අපි කරන්න කැමතිය.
තොපි දරුවෙක්ගෙන් පලිගත්තාට තොපේ දරුවන්ගෙන් පලි ගන්න අපි කැමති නැත.

අපේ එකම ප්‍රාර්ථනාව තොපේ දරුවෝ හරි ලොකු මත්වෙලා හොඳට ඉගෙන ගෙන දැනුම් තේරුම් ලබාගෙන තොපේ ත් තොපි වගේ ම රට වටේම ඉන්න හරක් පට්ටියේත් මොළ නැති ඔලු කටු ඇතුලේ තියෙන මැටි පදාස ඉවත් කරත්වා කියා ය.

ඒ වෙන මොකක්වත් නිසා නොව හරි හමන් අනාගතයක් තියෙන රටක් දකින්න අපිට තොපිට බැරි වුනත් අපේ දරුවන්ටවත් හැකි වනු පිණිසය.


එතෙක් තොපිට සුබ අනාගතයක් වේවා කියා පතන්න හීනෙන්වත් අපි කැමති නැත....




44 comments:

  1. කුලියාපිටිය විතරක් නෙමෙයි බං.ඔය ළමයා රෝයල් එකට ගියත් තත්වේ ඕකමයි. මේ අමන හැත්තගේ ඔලුගෙඩි පිරවිලා තියෙන්නේ සදාචාර සම්පන්න රහසින්වත් පවු නොකරන සුපිරිසිදු ධර්මෙකින්.

    ReplyDelete
    Replies
    1. රෝයල් එකේ උං නං ළමයි අස්කරගන්න එකක් නෑ. මොකද ඒකට ළමයෙක් දාගන්ඩ හරි අමාරුයිනෙ...

      Delete
    2. @ කටුස්සා
      ඔවු බන්..
      එක මහා අමුතු ආගමක්..රහසින් වත් පවු කරන්නේ නැහැ...
      ඒ කියන්නේ බුද්ධාගමටත් වඩා උසස් ආගමක්...

      @ඩ්‍රැකී
      අන්න එ කතාව නම් ඇත්ත...

      Delete
    3. මේ කුරුට්ටෝ ඕන් ඉතින්. ඒ වගේ ප්‍රශ්න එලියට එන්නේ දෙන්නේ නැතිව විසඳ ගන්න රෝයල් එකේ එවුන් ක්‍රියා කරනවාය.

      Delete
  2. වයඹ පළාතේ අජ්ජපාන ඇමෑතත්යා හෙවත් සන්ධ්‍යා (මේ කුක්කා සන්ධ්‍යා එක්නැලිගොඩට තරම්වත් හිතේ හයියක් නැති බයියෙක් බව පේනවා) අද කුලියාපිටියේ ඒ ඉස්කෝලෙට ගිහින් අන්ධභූත ජාතකය නටලා යන්න ගිහින්.

    කුලියාපිටියේ ඉන්න උසස්පෙළ හදාරන ළමයි තමන්ගේ දෙමව්පියන් තුළ ඒඩ්ස් ගැන තියන මේ පුහු බය ගැන මොකද කියන්නේ.

    මේ බයියන්ගේ බිය නැති කරන්න, අර ළමයා ගෙනත් ඔඩොක්කුවේ වාඩිකරවාගෙන සහ, තමන්ගේ ළමයි දෙන්නෙක් දෙපසින් හිඳුවාගෙන, අර බයියන්ට කරුණු පැහැදිලි කරන්න තරම් මොලයක්, සෞඛ්‍ය සේවයේ බයියන්ට නැද්ද?

    මේ ළමයා අපේ ඉස්කෝලෙට එවන්න කියලා කියන්න තරම් කොන්දක් තියන විදුහල්පති කෙනෙක්, කුලියාපිටියේ හෝ වයඹ පළාතේ හෝ මේ අම්මටසිරි ලංකාවේ නැද්ද?

    මේ බයියන්ට තියෙන්නේ මොළේ එඩ්ස් :D

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=zzu0IGI4ZpM&feature=youtu.be

      විනාඩි 7.50 සිට නරඹන්න.

      Delete
    2. //තොපේ ඔය මහලොකු විරෝධතා ටික ලොකු කඩදාසි වල එහෙම ලියලා රෝල් කරලා හිටං පුකේ ගහගත්තා ට කමක් නැත//

      නිකං නෙවේ. හොඳ හීනියට රෝල් කරලා ග්‍රීස් නොගා.

      Delete
    3. අපිටත් ලාවට වගේ තේරුනා මුන්ගේ මොලේ අවුලක් තමා කියලා.

      දැන් නේ බන් තේරෙන්නේ...මුන්ගේ මොලේ ඒඩ්ස්...

      ඇත්ත තමයි ...

      සමහර විට හුලගෙන් බෝවෙන ඒඩ්ස් ද දන්නේ නැහැ...

      Delete
    4. විචාරක මහතා හරියට හරි. ඒක තමා කරනන් තිබුනේ.

      Delete
  3. අධ්‍යාපන ඇමැත්තා මමනම කියනවා මේ ළමය අස්කරන එක නීති විරෝධී නිසා එයා ඉන්නවට කැමති නැති දරුවන් අස්කරගෙන ගිහින් අනික් කුඩා ඉස්කෝලවලට යවන්න කියල. එකෙක් යන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙම පාසැලේ පළමු වසර තාවකාලිකව මෙම පාසැලෙන් ඉවත්කර එම පාසැලේ සියලුම ළමුන්ව ඒ ආසන්නයේ වෙනත් පාසැල්වලට යොමුකල යුතුයැයි මම සිතමි

      Delete
    2. මටත් මේ ලිපිය කියෝගෙන එද්දි හිතුනෙ ඉයන්ට හිතුන දේම තමයි. අනික් ළමයින්ට වගේම මේ ළමයටත් ඉගෙනගැනීමේ අයිතිය තියනවනෙ. ඒ ළමය ඒ ඉස්කෝලෙ ඉන්නවට අකමැති එකෙක් ඉන්නවනං කරන්න තියෙන්නෙ තමුංගෙ ළමය ඉස්කෝලෙන් අස් කරගන්න එක.

      Delete
    3. හරිනම් කරන්න තිබුනේ ඒක තමයි . කොහෙද මේ ධර්මද්වීපයේ හරියට යමක් වෙන්නේ..........

      Delete
    4. ඈ බන්,,,

      උඹලට තේරෙන්නේ නැද්ද?

      මේ ගොන් හැත්ත ගේ ඡන්දෙන් පත් වෙච්ච එවුන්නේ පළාතේ ඇමති කම් කරන්නේ..
      එහෙම ගොන්නුන්ට කොහෙද බන් මොළ?

      උඹලා ට මෝල් ද?

      Delete
  4. නමෝ නාරයන් කාරයා උපදේශකයෙක් කර ගන්න මහ ඇමතිවරු ඉන්න රටේ, පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට ඉන්දියාවේ කෝවිල් වඳින්න යන නායකයෝ ඉන්න රටක මේවා මහා දේවල් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්න නම් කිසිම හේතුවක් නෙමෙයි මාතා...

      දුකයි කේන්තියයි තමයි ඉවසගන්න අමාරු...

      Delete
  5. මේ දරුවාගේ සුබ සාධනයට කවුරුන් හෝ ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත් වෙනවා නම් මාත් කැමතියි මුදලින් උදව් කරන්න.

    ReplyDelete
  6. ඉහත ඉයන් දක්වා ඇති ආකාරයට පළමු අවස්ථාවේ සිටම කටයුතු කලානම් සිදුකරන්නට තිබුන බව මමද සිතමි. දැන් වුවුද එය සිදුකිරීමට හැකිවුවත් එයින් මෙම ළමයාගේ මානසිකත්වයට ලොකු බලපෑමක් ඇතිවිය හැකි බව මට සිතේ. එබැවින් මෙම පාසැලේ පළමු වසර තාවකාලිකව මෙම පාසැලෙන් ඉවත්කර එම පාසැලේ සියලුම ළමුන්ව ඒ ආසන්නයේ වෙනත් පාසැල්වලට යොමුකල යුතුයැයි මම සිතමි.

    දැන ඊලගට මතුවිය හැකි ගැටලුවනම් වෙනත් පාසලකට ඇතුලත් කිරිමට යාමේදි එම ස්ථානයෙන්ද විරෝධයක් පැමිණිමට ඉඩක් තිබිමයි. එක් පියවරක් පිටුපසට ගෙන ඇති බැවින් එවැනි තැනකදි විරෝධයකට කිසිදු පිලිතුරක් දීමට නොහැකිවනු ඇත.

    එබැවින් වඩාත් සුදුසු වනු ඇත්තේ ළමයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකිවන අයුරකින් වෙනත් පාසැලකට ළමයා ඇතුලත් කිරිමය.

    ReplyDelete
    Replies
    1. තව ඉස්කෝල වලට දාගන්න යනකොට රටට ම බලා ගන්න පුළුවන් රියල්ම රියල් බයි ජාතිකයෝ....

      ---------
      අනන්‍යතාව හංගලා ළමයාව මොකක්හරි ඉස්කෝලෙකට දාන අදහසට නම් මමත් එකඟයි...

      Delete
  7. //ඒ වෙන මොකක්වත් නිසා නොව හරි හමන් අනාගතයක් තියෙන රටක් දකින්න අපිට තොපිට බැරි වුනත් අපේ දරුවන්ටවත් හැකි වනු පිණිසය.//

    ඔය තමා කියන්න තියෙන කතාව. ආය අපිට කියන්න දෙයක් නැහැ උඹ ඔක්කොම කියලානේ...

    මේ දරුවාට කොයිතරම් බලපෑමක් වෙනවා ඇත්ද මේ නාඩගම නිසා.... හරිනං මේවටයි නඩු කියන්න ඕනේ... ජනතා නියෝජිතයෝ උඩ පනින්න ඕනේ.......

    ReplyDelete
    Replies
    1. ඔව්වා ජාතික ප්‍රශ්න නෙමෙයි නේ බන්...කුට්ටි නැහැනේ..

      ඒ හින්දා "ජනතා" නියෝජිතයෝ ඕවාට උඩ පනින්නේ නැහැ.

      Delete
  8. ලංකාව සාක්ශරතාවය ඉහල බුද්ධිමත් උසස් සබ්යත්වයක් ඇති ජනතාවක් සිටින අවු 2500ක සංස්කෘතියක් ඇති උතුම් රටකි
    (තණකොල වුවත් ජීර්ණය කරගැනීමේ හැකියාවක් ඇත)

    ReplyDelete
    Replies
    1. අං තට්ටු දෙකක් වුනත් පැළඳ පාරේ ගමන්කළ හැකිය. පුන්නක්කු වුවත් දිනපතා ආහාරයට ගතහැකිය. වලිගය පාගාගෙන තප්පු ලෑ හැකිය.

      මෙවැනි බහුතරයක් තමයි, ගුරුවරු දණ ගස්සන, කුඩු එතනෝල් ගෙන්වන, කප්පම් ගන්න, තව එකී මෙකී නොකී ජඩයන්ට ඡන්දය දෙන්නේ. මෙහෙව් රටක් කවදා දියුණු වෙයිද?

      Delete
    2. @ප්‍රා
      කතාව ඇත්ත. එත් වරහන් ඇතුලේ තියෙන කතාව බොරු...මුන්ට තණකොළ ජීර්ණය කරන්න බැරිය. අමුවෙන් වලදනවා පමණය.

      @විචා
      විචෝ ඔහෙට මතකද අර සිරි ලංකාව දියුණු වෙන දවස අහලා සක්කරයාට අඬන්න සිද්ද වෙච්ච කතාව...

      Delete
  9. මුන් නම් මහා ජරාම ජාතියක්.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ බන්....

      කුජීතයි..අධමයි...

      Delete
  10. සිංහලේ අපි උතුම් ජාතිය. ආගන්තුක සත්කාර වලට පරසිද්ධ වුණාට මනුස්ස කමට ප්‍රසිද්ධ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. මනුස්සකමට ප්‍රසිද්ධ වෙන්න ඉතින් මෙහෙ මිනිස්සු ඉන්න එපැය.

      මෙහෙ ඉන්නේ වනචාරි ගෝත්‍රිකයෝ සැට් එකක්/.

      Delete
    2. අඬන්නට කඳුළක්
      සුසුමකට මොහොතක්
      කියන්නට අකුරක්
      හිමි නැත්තෙ ඇයි මට විතරක්?

      සුදෝ සුදු ඇඳුමක්
      ඇඳන් ඉන්නා එකත් සතුටක්
      අලුත් පොත් ගොඩකුත්
      කියවන්න බැරි ඇයි මට විතරක්?

      පිට්ටනියේ පුරාවට
      මටත් ආසයි දුවන් යන්නට
      අතින් අත අල්ලගෙන
      යන්න කෝ අනෙ යාලුවෙක් මට?

      රෑ තිස්සෙ ඉකි ගසන
      අම්මගෙ කෙඳිරිය
      දෙය්යොවත් නැහැ අහන් ඉන්නේ
      අපිම විතරද පව්ම කෙරුවේ?

      තිබහකට වතුර ඩිංගක්
      බත් කන්න හාල් චුට්ටක්
      ලියන්නට මටත් පෑනක්
      නැතිද "දානය" මටත් උරුමේ?

      ඇහෙන නෑහෙන හඬින් දෙස් දෙන
      නැන්දලා අනෙ කියනවද මට
      අප්පච්චි මගෙ ලොකුම වීරයා
      මාත් මැරුණේ නැත්තේ කොහොමද?

      " මගේ එකෙක් නම් දන්නවා මං
      කරන දේ මම හෙමින් ඕකට"
      අනේ නැන්දේ කීයන්නේ ඇයි
      මැරෙන්නද අපිටත් කියන්නේ?

      බුදුන් වැඩි මේ සිහල දේශයේ
      පෑ දයාවට ඉඩක් නැතිමය
      කර වටක් පන පිටින් වළලා
      ගල් ගසා මැරුවත් සැපක්නෙ?

      Delete
  11. මේ සිද්ධිය හරි පිලිකුල් සහගතයි..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ බන්...

      Delete
  12. මේ ලිපිය ගැන කාරනා 3ක් ඔස්සේ කතාකරන්න පුළුවන්.
    1. සිංහල බෞද්ධයෙක් හැටියට මට BBC සිංහල සේවය ගැන කිසිම පැහැදීමක් නෑ. එය සිංහල බෞද්ධ අභිලාශයන්ට විරුද්ධ දෙමළ ජාතිවාදයට පක්ෂ ජනමාධ්‍යයක්. ඕකෙ වැඩිපුරම යන්නේ දෙමළු ගැන සිංහලයෙක් ගැන මොනවා හරි දැම්මොත් දාන්නේ අපේ ජාතියට අපහාස වන දෙයක්මයි.
    2. //මේ පෙන්නේ ලෝකෙන්ම උතුම් ය කියලා උදේ හවා පම්පෝරි ගහන රටේ මිනිස්සු
    හැබෑටම කවුද ඔහොම පම්පොරි ගහන්නෙ. ඒ වෙනුවට මම අහලා තියෙන්නේ සිංහල ජාතියට අපහාස කරන්න ඕන වුනාම "මේ ධර්මද්වීපයේ", "මේ 2500ක ඉතිහාසයක් ඇති රටේ" කියලා පටකන් අරන් පසුව සිංහල ජාතියට අපහාස කරන ආකාරයයි. එය හරියට ඔළුව අතගාලා ටොකු ඇනීමට සමානයි. එම නිසාම කවුරු හරි "මේධර්මද්වීපයේ.." කියලා පටන් ගන්නකොටම මම දන්නවා මෙයා අපිට බනින්න හදන්නෙ කියලා.
    මම හිතන විදියට මේ ලෝකෙ උතුම් රටවල්වත් උතුම් හෝ පහත් ජනවර්ගවත් නෑ. හැම ඒකීය පුද්ගලයෙක්ම සමානයි කියා හිතාගත්තාම හරි.
    3. ඔබට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව :D
    මෙතනදී ඔබ කලයුත්තේ එම දරුවා වෙනුවෙන් අරමුදලක් තැනීමයි. ඉන්පසු ලොවපුරා සිටින ඒකීය පුද්ගලයන් කැමැත්තෙන් කරන පරිත්‍යාග එකතුකරගෙන එම දරුවා පෞද්ගලික (ජාත්‍යන්තර) පාසලකට දැමීමමයි.
    (මාතලන් බ්ලොග් අඩවියේ දෙමළ අවුරුද්ද කියා ලිපියක් ගියා ඒකට කොමෙන්ට් දානකොට දන්නෙම නැතුව ඒකීය කතාව කියවුනා එදා ඉඳන් අබිං කෑවා වගේ බං, මේකට වගකියන්න ඕනෙ මාතලන්.)

    ReplyDelete
    Replies
    1. අන්තිම කාරනේ අන්තිම වාක්‍යයේදී හරි කුලියාපිටියේ ළමයා ගැන ලියාගන්න මතක් වෙච්ච එක ත් ලොකු දෙයක්..

      Delete
    2. වාසනාවකට හෝ අවාසනාවකට ජගත් පතිරණගේ ඉහත කි බිබිසිය ගැන කතාවේ සත්‍යතාවයක් තිබේ. ඒඩ්ස් කටහ්වේදී මම මේ ළමයාගේ පැත්ත සම්පුර්ණයෙන්ම ගනිමි. ජගත් කුලියාපිටියේ රැල තමන්ගේ ඔළුවට තමන්ම අත සෝදා ගෙන ඇත. නමුත් ඔබගේ බිබිසි කතාව නිවැරදිය.

      Delete
  13. කුලියාපිටියේ විතරක් නෙවෙයි විභී.. මුලු රටම වගේ පිරිල ඉන්නෙ මේවගෙ මීහරක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ රටක ජීවත් වෙන්න්න වරම් ලැබීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ නැද්ද බන්....

      Delete
  14. ...//එහිදී සෞඛ්‍යය බලධාරීන් දෙමව්පියන් වෙත කරුණු පහදා දීමට දැඩි වෙහෙසක් ගෙන ඇති නමුත් දරුවා තවදුරටත් පාසලේ රැඳී සිටීමට එරෙහිව සෙසු දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවයි//...

    නිවුස් වල පෙන්නුවේ බං දෙමාපියෝ පිස්සු නටනවා. තමන් ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ ඒ දෙමාපියෝ හිටියේ. මේ තක්කඩ්කම් නිසා මේ දරුවා කවදා හරි මේ සමාජයට වෛර කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ දේ වලක්වන්න අපිට පුළුවන් දෙයක් කරන්න ඕන...

      ට්‍රිනිටි කොලේජ් එකෙනුයි සහිරා කොලේජ් එකෙනුයි ළමයා ව බාර ගන්න ලෑස්තියි කියලා ආරංචියක් ආව.
      මොකෙන් හරි හොඳක් වෙනවනම් ඒක තමයි ලොකුම දේ...

      Delete
  15. Replies
    1. සහයෝගයට මෙන්න මගේ උපහාරය...

      Delete
  16. ලංකාවේ සිංහල බෞද්ද ඇවුන්ගේ "මනුස්සකම" කියන ලෙඩේට බෙහෙත් හොයන එක aids වලට බෙහෙත් හොයනවටත් වඩා අමාරුයි .

    ReplyDelete
  17. අඬන්නට කඳුළක්
    සුසුමකට මොහොතක්
    කියන්නට අකුරක්
    හිමි නැත්තෙ ඇයි මට විතරක්?

    සුදෝ සුදු ඇඳුමක්
    ඇඳන් ඉන්නා එකත් සතුටක්
    අලුත් පොත් ගොඩකුත්
    කියවන්න බැරි ඇයි මට විතරක්?

    පිට්ටනියේ පුරාවට
    මටත් ආසයි දුවන් යන්නට
    අතින් අත අල්ලගෙන
    යන්න කෝ අනෙ යාලුවෙක් මට?

    රෑ තිස්සෙ ඉකි ගසන
    අම්මගෙ කෙඳිරිය
    දෙය්යොවත් නැහැ අහන් ඉන්නේ
    අපිම විතරද පව්ම කෙරුවේ?

    තිබහකට වතුර ඩිංගක්
    බත් කන්න හාල් චුට්ටක්
    ලියන්නට මටත් පෑනක්
    නැතිද "දානය" මටත් උරුමේ?

    ඇහෙන නෑහෙන හඬින් දෙස් දෙන
    නැන්දලා අනෙ කියනවද මට
    අප්පච්චි මගෙ ලොකුම වීරයා
    මාත් මැරුණේ නැත්තේ කොහොමද?

    " මගේ එකෙක් නම් දන්නවා මං
    කරන දේ මම හෙමින් ඕකට"
    අනේ නැන්දේ කීයන්නේ ඇයි
    මැරෙන්නද අපිටත් කියන්නේ?

    බුදුන් වැඩි මේ සිහල දේශයේ
    පෑ දයාවට ඉඩක් නැතිමය
    කර වටක් පන පිටින් වළලා
    ගල් ගසා මැරුවත් සැපක්නෙ?

    ReplyDelete

කමෙන්ට් කලාපය....