2014-11-19

පොඩි මගුලක් ...

අද විභීෂණ අඩවියට පුංචි පහේ මංගල්‍යයක් තියෙන දවසක් ය.

ඒ වෙන මොකවත් හින්ද නොව හිට් කවුන්ටරේ 5000 පැනීම නිසාය.






5000 ත්  ගානක්ද යකෝ කියල ඔහෙලට හිතෙනවා වෙන්නට පුළුවන..

ඇත්තම කිව්වොත් විභීෂණ ට ද එහෙම්මම හිතෙන්නේය.

ඒ මොකද කියනව නම් මගේ බ්ලෝග කියෝන ඔහෙලා හැමෝම වගේ යන ගොඩක් බ්ලොග් වල හිට් කවුන්ටර් වල තියෙන්නේ ලස්ස ගණන් ය.

මේ වෙනකොට පැරා ගේ බ්ලොගේ හිට් විසිපන් ලස්සයක් ය.

කකා ගේ (වසා දමන ලද) බ්ලොගේ හිට් විසි එක ලස්සයක් ය..

මගේ ගුරු තුමාණන් වන අති උත්තම මාතලන් ශූරින් හිට් එකොලොස් ලස්සයක් ය..

කවදත් මම ගොඩවන අපේ බස්සි ගේ බ්ලෝග ගෙඩි පිටින් හිට් ලස්සයක් ය..

ඉතින් එහෙව් එකේ මේ දෙවෙනි විභීෂණගේ හිට් පන්දාහ තව  එකෙක්ට පෙනෙයිද කියලත් මටම සැකය.

මේ අඩවිය පටන් ගන්න කලින් මම කරපු බ්ලෝග හිට් හාර දාහක් පැන්නේ ද  මාස එකොලොහක් ගියායින් පස්සෙය. 
 පොස්ටු 50ක් ද කෙටු පසුය.

එත් එකෙන් පස්සේ ලියන ඉසටයිල් එක වෙනස් කරලා පටන් ගත්තු මේ විභීෂණ අඩවිය 
පොස්ටු 19ක් යනකොට සහ මාස  තුනහමාරක්  යනකොටම 
5000 කවුන්ටරේ පැන්නේය.

ඒ හින්ද පොඩි කාලයක් ඇතුලත පන්දහස් වාරයක් මේ බ්ලොග බලලා තියෙනවා කියනකොට විභීෂනගේ හිතට පුංචි පහේ සතුටක් එන්නේය.

එව්වා පැත්තක තියල ඔහෙලා එක්ක කතා බහ  කරගන්න කාරණයක් මට ඇත.

මෙච්චර කල් කරගෙන ආපු මේ බ්ලොගේ මොනවහරි හොඳ නරක ,
ගුණ අගුණ ,
තව කරන්න ඕන  ,
ආයේ මලාට නොකළ යුතු

වගේ දේවල් 
තියේනම් මේ වෙලාවේ විභීෂණ දැන ගන්න කැමතිය.

එතකොට තියෙන වැරදි හදා ගෙන අලුත් දේවල් එකතු කරගෙන මේ වැඩේ කරන් යන්න මට පුළුවන් වන්නේය. 

බ්ලොග් කෙටීම විභීෂණ ළඟදී ඇති කරගත්තු අලුත් විනෝදාංශයක් ය.
එකෙත් අමුතු මෙව්වා එකක් තියෙන බව තේරෙන්නේ කරගෙන යනකොටය.

--------------------------

එක පොස්ටුවක් විතරක් තියෙද්දිත් තමුන්ගේ සින්ඩියේ දාල බ්ලෝග ගැන පොස්ටුවකුත් කොටලා පබ්ලිසිටියක් දීල පලවෙනි සප් එක දුන්නු ගුරු මාතලන් ට මේ මොහොතේ දෙවැනි විභීෂණ ගේ ගෞරවනීය ස්තුතිය හිමිවන්නේය.

ඒ වගේම මේ වෙනකන් විභීෂණ ලියපු දේවල් කියෝලා කමෙන්ට් කරලා වැරදි පෙන්නලා සපෝර්ට් කරපු ඔහෙලා හැමෝටම ද විභීෂණ ස්තුතිය හිමිවන්නේය.

එහෙනම්...

ඉස්සරහටත් හම්බු වෙමු...

හැමෝටම බෝම ස්තුති වේවා....








45 comments:

  1. ජය වේවා විභීෂණ..
    ඔහොම්ම දිගටම යමු...

    (මාත් මේ 5000 වෙනකං ඉන්නේ පෝස්ට් එකක් දාන්න)

    බයිට් එකට පප්පඩං....

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා...

      අනිවා..දිගටම ඔහොම යන්..

      Delete
    2. ඉක්මනටම milestone එක පහු කරන්න ලැබේවා කියල පතනවා....

      Delete
  2. මචන් 5000 නෙවෙයි 2000 තමා ගේම.
    කොයි තරම් පොස්ට් දැම්මත් පනින්නේ නෑ
    අයි බන් 30 40 කට වඩා පොස්ට් එකක් බලන්නේ නා නේ.
    ජය වේවා කිව්වලු.
    මේකත් අහලම බුදිය ගනින්
    https://www.youtube.com/watch?v=9Q7Vr3yQYWQ

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මචෝ...

      මම hit කවුන්ටරේ බලන් බ්ලොග් ලියන්නේ නැහැ බන්..

      ඔහේ හිතට එන දේ ලියල දානව...

      එත් 5000 කියන්නේ ත් සැලකිය යුතු ගානක් නේ...

      --------------

      උඹේ සින්දුව නම් එල...

      තැනක් යූ වේවා...

      ජය වේවා...

      Delete
  3. පන්දාක නෙවෙයි කෝටි පහක් වුණත් වැඩක් නැහැ හරවත් දේ ලියන්නේ නැත්නම්. ඔබ ලියන විලාශයත්, එහි ඇති එඩිතර හා අවංක ඉදිරිපත් කිරීමත් නිසා, මේ 5000 ඉක්මනින්ම ලැබුනා. ඒ විතරක් නෙවයි. ඒ ලිපිවල හරයක් තිබුනා.

    පන්දාහට සුබපැතුම්. හරවත් දේ ලියනතාක්කල් අපි මෙහෙ එනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක බොස් ගේ විචාරයට බොහොම ස්තුතියි...

      දිගටම මේ අඩවියේ දියි ඔබ තුමාගේ බ්ලොගෙයි සැට් වෙමු...

      Delete
  4. මටත් .... ඔහොම තමයි දෙයියෝ..... අටම් නොහිටින්න..... මගේ පරණ blog එකට අවුරුදු හතරක් ගිල්ලත් post දෙසීයක් විතර දාලත්...... බලලා තිබුනේ තුන්දහස් ගානයි....... හේතුව...... මං ලිව්වට අනිත් අයට පේන්න ඔප්ෂන් ඔන් කරලා නැ....... hits ගාන බලන්නේ නැතුව, මං ලිව්වා.....වැඩිපුර බලලා තියෙන්නෙත් මමම තමයි......

    ඒ වුනත්..... ඔයාගේ ලියවිල්ල හොදයි..... ඒ හන්ද...... තව hits වැඩිවෙයි......

    ජය.......

    ReplyDelete
    Replies
    1. තැනක් යූ නිහිංසා....

      උඹට ඒ වෙච්ච දේ දැකල මට පුදුම හිතුන...

      මොනවා වුනත් ...

      සැට් වෙමු විභීෂණ අඩවියේ දී...

      Delete
  5. පන්දාහට මාස තුනයි ගතවන්නේ
    දහදාහක් එක මාසෙන් ලැබගන්නේ
    දිගුගමනක් යන්නට සුබ පතමින්නේ
    මධුමාධවී අද මෙතනින් නවතින්නේ

    ReplyDelete
    Replies
    1. නවතින්න එපා බන්...

      ---------------

      තැනක් යූ..තැනක් යූ...

      එහෙනම් ඉක්මනටම ආපහු meet වෙමු..

      Delete
  6. ආරම්භයේදි සතුටක් ලැබුව නං ඒක උත්තේජනයක් විදියට අරාගෙන දිගටම ලියහං.. ඔය මාතාට එකොලොස් ලස්සයක් දුන්නේ අපිම බලල බං.. හැක්..

    ReplyDelete
    Replies
    1. තැනක් යූ දෙශෝ...

      දිරි ගැන්නුම බොහොම වටිනවා...

      Delete
  7. සුභ පැතුම් ය. 5000 අගට ඉක්මණින්ම තවත් බිංදු කීපයක් එක් වේවා යැයි පතනවාය.

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අගට...අගට...

      Delete
    2. අනිවා....

      එකත් ඔහොම්මම වෙයි...

      තැනක් යූ අශාන්..

      Delete
    3. @ Madhumadavi
      --------------
      ඇත්ත..ඇත්ත..

      අගට තමයි බින්දු ටික ඕන....

      Delete
    4. අගට කියල නේන්නම් මාත් ලිව්වේ! :O

      Delete
  8. එලද බ්‍රා...
    ගිය මාසේ මමත් ලක්ෂයකට වඩා බ්‍රා රට යැව්වා..
    හිස් අහසේ සදරෑත් ඔය ලිස්ට් එකේ ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඕ යස්...ඔය ඉන්නේ යස අගේට..

      ----------------------------
      ලස්සෙකට වඩා බ්‍රා රට යැව්වා කියන්නෙත් එක්තරා කඩ ඉමක් වෙන්න ඇති...

      තැනක් යූ වේවා...

      Delete
  9. එහෙම හිතන්න එපා බං. හිට්ස් ලස්ස ගනන් තියෙන අපේ සහෘදයන් උනත් පන්දහස ලබපු දවසෙ ඔය සතුටම බුක්ති විඳින්න ඇති. අපි කවුරුත් එහෙමයි.

    උඹට ජයෙන් ජය මචෝ.. පන්ලක්සෙ වෙන්න ඉක්මනට කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තුති යි...

      ඉක්මනටම ආපහු සැට් වෙමු...

      Delete
  10. ජය වේවා විභියෝ ......

    අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු..
    මුව විත පුරවා මී විත ගෙන සුරතින්..
    අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු.

    දෙතොලේ තෙරපී...
    පුපුරන සුදු පෙණ බුබුළක් සේ....
    තැවුල් නිවී සිත සුවපත් වේ..

    බැඳි වෙස් ගැලවී හදවත දසැඟිළි අතර රැඳේ....
    කිරි බැබළෙන සොමි සඳ පානේ...
    අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු..

    නෑදෑයින් වී එක නිදි පැදුරේ එකම පැලේ..
    නැති වෙමු දෙපැයක් ඝන අඳුරේ..
    අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු..

    මුව විත පුරවා මී විත ගෙන සුරතින්..
    අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු.

    ගායනය/තනුව :වික්ටර් රත්නායක
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න

    ReplyDelete
    Replies
    1. නියම සින්දුව මචන්...

      උඹ මෙව්වා කොහොම හොයා ගන්නවද මන්ද...

      සුබ පැතුමට බොහොම ස්තුතියි...

      හම්බු වෙමු ආපහු..

      Delete
  11. සුභපැතුම්!
    5000 කියන්නෙ ආතල් ගනනක්. 10000 කියන්නෙ ඊටත් ආතල් ගානක්. 20000ත් ආතල් නමුත් 10000ආතල් එක ඒ වෙද්දි නෑ. 50000, 100000 වගේ වෙද්දි එච්චර ආතල් එකක් ඉතිරි වෙන්නෙ නෑ. මොකද හිට්ස් වලට තියන ආසාව ටිකක් අඩුවෙලා. ඊට පස්සෙ ඉතිං මිලියනය දෙක වගේ වෙද්දි තමයි ආයෙත් ආතල්. කෝටියක් විතර වෙද්දි නං ආතල් කෝටියයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. හිට් නැතිවත් බෑ..

      Delete
    2. @ Raj

      මම ලියන්නේ hit කවුන්ටරේ දිහා බලාගෙන නෙමෙයි.එක අපේ ගුරු ගෙන් පටන් ගන්න කොටම සහ උන්නැහ ගේ බ්ලොග් පන්තියේදී කියල දීපු පාඩමක්..

      එත් මේ වගේ සන්ධිස්ඨාන හම්බු වෙනකොට පොඩියට හරි සමරුවේ නැත්නම් එකේ ආයේ ගතියක් නැහැ...

      --------------------
      @ දේශ්..

      ඇත්ත ඇත්ත..

      hit පස්සේ පන්නලත් බැහැ..එත් හ්හිට් නැතුවත් බැහැ..

      Delete
  12. එක එකාට ඉස්තූති කරන්නයි, අරකගෙ මේකගේ එවා සසඳන්නයි යන්නේ නැතිව ලියන මලදානේ මල්ටි බැරල් රොකට් ලෝන්චරේ වගේ ලියහන්. මම සප් එක දුන්නා කියලා හිටිස් වැඩි වෙන්නේ නෑ. එහෙම නම් කී දෙනෙකුට දුන්නද...? සමහර උන් මැරිලා.. සම හරක් අතුරුදහන්.. සම හරක් හූල්ලනවා..

    කොහොම හරි මම නොලිව්වත් මට දැන් දුකක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් විභියා සතුටු වෙයන්. මගෙ බ්ලොග සින්ඩියකට කියලා මුලින්ම දාන්නෙ මාතලන්. ඒකත් පෝස්ට් පනහට කිට්ටු කලාම. ඒ දාලත් මුන්දැ බැන්නා මට ලියන එව්වා හද්දා කුජීත හින්ද. ඒ දවස් වල හෙනම වලි. හිහිහී.....

      ඔය ස්ටාර්ට් එක අපිට සාපේක්ෂව සුපිරියි. ජයවේවා!!

      Delete
    2. ගහලා බැනලා හදාගත්ත දරුවා, අද නම්බර් වන් හින්ගල බ්ලොගර්.. අම්මා තාත්තට ඇරුනම කාටද ආඩම්බර..

      Delete
    3. @මාතලන්..

      බොස්...ඔහෙගෙන් ඔය බැණුම අහගන්නම තමයි මාත් ලෑස්ති වෙලා හිටියේ...එත් මං බැලුවො මොකෝ පරක්කු කියල...

      අනිවා..ඉස්සරහටත් පුළුවන් උපරිමෙන් බ්ලෝග ඇතුලේ මල්ටි බැරල් රොකට් ලෝන්චර් අරිනවා....

      වහෙන් ඔරෝ දීපු wish එකට බොහොම ස්තුතියි...



      @ බස්සි..

      සතුටුයි බන් සතුටුයි..
      මාතලන් බනිනවා නම් ඒ කියන්නේ ඌ මොකක් හරි අපි හදාගන්න ඕන හදාගන්න පුළුවන් වැරද්දක් දැකල.

      ගහල බැනල හදාගන්න දරුවෝ වාසනාවන්ත වෙනවා නේ...

      Delete
  13. අප්පටසිරි සතුටුයි ඈ මමත් මේ බල බල ඉන්නේ මොකෝ වෙන්නේ කියල.. :D

    ReplyDelete
    Replies
    1. තැනක් යූ තැනක් යූ..
      මොනවාද බල බල ඉන්නේ...

      Delete
  14. හිට්ස් ගාන නොබලා දිගටම හරවත් දේ ලියන්න. එයයි වැදගත්!

    ReplyDelete
    Replies
    1. මෙච්චර කළුත් ලිව්වේ හිට්ස් බලල නෙවයි බන්...

      එත් ඉතින් මේ වගේ වේලාවකදී පොඩියෙන් හරි සමරන්න ඕන..

      Delete
  15. උඹ මගේ නිවුන් සහෝදරය වගේනෙ බොල. මං පටං ගත්තෙත් අගෝස්තු 01 වෙනිද.
    උඹ දේසපාලනේ කරපු හංද 5000 යි. මං බැංකුගැන ලියංට ගිහිං තාම 4000 ක්වත් නෑ. ඉලිසියාවෙ බෑ.
    මචෝ, මම මේක නොකලත් උඹට කියන්නෙ, නිතර ලියපං. එතකොට බ්ලොග් රෝල්වල උඩම ඉඳලා චන්දෙ ගත්තෑකි. හැක්.
    ඇත්තටම උඹ අපිට වඩා සාර්ථකයි. ඒ ගැන හදවතිංම සුබ පතනවා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අප්පට බොල..උඹත් එදාමද...

      එල එල...

      උඹේ බැංකු බ්ලොග් එකත් ඉක්මනට ම milestone එකට එයි..

      සුබපැතුමට ස්තුතිය...

      Delete
  16. නැහැ ඒහෙම හිතන්න ඒපා විභී....................

    ඒක මංගල්ලයක් ම තමයි... හිතට දැනෙන සතුට කියලා වැඩක් නැහැ.. අපිත් ඒක අත්වින්දා..... ඉතින් ඒ දේවල් වලින් ශක්තිමත් වෙන්න... හැමදාම ඔබ සමග අපි ඉන්නවා.. දිගට ම ලියමු............................

    ReplyDelete
    Replies
    1. අනිවා..

      දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව...

      දිරියට බොහොම ස්තුතියි..

      Delete
  17. මංගල්ලෙට ආසිරි :) එකෙන්ම දිගටම ලියමු සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම බොහ්හොම සන්තෝසෙන් බාර ගන්නවා...

      දිගටම සැට් වෙමු...

      Delete
  18. මුලින්ම මගේ සුබපැතුම් ... මේ බ්ලොගේ ගැන මගේ අදහසත් කියලම යන්නම්කො ... මුලින්ම මේ දෙවන විභීෂණ කියන නමයි ප්‍රොෆයිල් පික්චර් එකයි දැක්කම මම හිතුවේ ..හෑ ..කවුද මේ ....හෙන භයංකාර කෙනෙක් වගේ ..මොකද විභීෂණ කියන නමත් හෙන ගාම්භීර නමක් නෙ :D ..ඔන්න ඊට පස්සේ බ්ලොගේට ගොඩවැදුන කියවලම මේ විභීෂණ කොයි වගේ කෙනෙක්ද කියල හිතාගන්නව කියල . ලියවිල්ල හරියට අකුරු වලින් කඩු හරඹ කරනවා වගේ.. සමහර වචන හරිම ආවේගශීලි ,තියුණුයි ..ඒ වගේම සැර වැඩියි ඒත් විභීෂණ ලියන මාතෘකා වලට නියමෙට ගැලපෙනව.කියන්න ඕන හැමදෙයක්ම සීමා මායිම් ගැන හිතන්නැතිව ලියන කෙනෙක්.ඒ හින්දම වෙන්නැති ඔය ලියන වචනවල ආවේගශීලි එඩිතර ගතියක් මිශ්‍ර වෙලා තියෙන්නෙ ..ජය වේවා සහෝ ... ඔය ලියන විදිහ දිගටම ලියන්න ... ඇස් කන් ඇහැරවල හදවතටම දැනෙන්න දිගටම ලියන්න සුබ පතනව ..ජය :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසි යො උඹේ අදහස් වලට...

      අනිවා දිගටම පුළුවන් තාක් කල් ( මරා බ්ලොග් තහනම් කරනකම් ) සයිබරේ ඇතුලේ හම්බු වෙමු...

      Delete
  19. සුබ පැතුම්!! ලියන්න බය වෙන්නත් එපා....කියන්න බය වෙන්නත් එපා....විවේචන ගණන් ගන්නත් එපා. අපි මොනවා කිව්වත් පර්සනලි ගන්න එපා. මේවා මතවාද විතරයි.ගෙට ගොඩවදින අයට නිහතමානී වෙන්න ...නමුත් විවේචනයට බය වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් ප්ර්සනලි ගන්නේ නම් නැහැ...

      මොකෝ අපි මේ බ්ලොග් ඇතුලේ දේශපාලනේ කරලා පාර්ලිමේන්තු යන්නද, වලි දාගෙන හිරේ යන්නද....

      උඹේ දිරිගැන්නුම ට බොහොම ස්තුතියි..

      දිගටම සැට් වෙමු...

      Delete

කමෙන්ට් කලාපය....