2014-11-01

සාදුගේ රෙද්ද..

මුලින්ම කියන්න ඕන  විභීෂණ ගේ ඔෆිෂල් ආගම බුද්ධාගම නොවන බව.
මම උපතින් කතෝලික අයෙක් ය.
මේ ලියන පොස්ටුව ඇතුලේ බුද්ධාගමට අපාහාස කිරීම කිසිදු උවමනාවක් හෝ සැලැස්මක් නැත. 
==-==-==



බෞද්ධාගමික හරි අන්‍යාගමික හරි ඕනෑම ආගමක හරි හැමෝම ජීවත් වෙන්නේ බුදුන් වහන්සේ තුන්වරක් වැඩිය බුදුන්ගේ දහමෙන් පෝෂණය වෙච්ච පින් බිමකය.


අපි අන්‍යාගමික වුනත් මේ රට බෞද්ධ රටක් කියල කියන්න කිසිම තැනක කිසිම විටක පැකිලෙන එවුන් නොවය. සමහර මුස්ලිම් රටවල අන්යාගමිකයින්ට සලකන සොබාව දැක්කම මේ රටේ තියෙන බුද්ධාගම ගැන තාමත් අපිට ඇතිවන්නේ අතිශය ගෞරවයක් ය.

එහෙවු අපි හාමුදුරු කෙනෙක්ට සලකන්නේ අතිශය ගෞරවයකින්ය. 
විභීෂනගේ ගෙදර වටේටම අසල්වැසියෝ කීපදෙනෙක්ම බෞද්ධ ය. 

ඒ හැමෝගෙම ගෙවල් වල බණක්, පිරිතක් තිබ්බොත් එදාට විභීෂණ ගෙදර එකෙක් නැත. මුළු පවුල් සන්ස්තාවම ඒ බණ හෝ පිරිත් ගෙදර ය.


====================


මීට අවුරුදු හත අටකට කලින් නත්තල් දවසක හාමුදුරු කෙනෙක් අපේගෙදර වැඩියේය. 

නත්තල් දවසක කතෝලික ගෙදරක සොභාවය මේක කියෝන ඔහෙල ඕන කෙනෙක් සහසුද්දෙන් දන්නේය.


කොහම හරි මේ හාමුදුරුවෝ ගෙදරටඇවිත් කතා කරපුවම විභීෂණ පියානෝ ඉක්මනට සුදු රෙද්දක් හොයල ගෙනවිත් පුටුවකට දාල පිළියෙළ කරලා හාමුදුරුවන්ට වාඩි වෙන්න පහසුකම් සැලැස්සුවේය.

ගමන් විඩාවෙන් හිටපු හාමුදුරුවන්ට තාත්ත තැඹිලි වතුර වීදුරුවකින්ද  සංග්‍රහ කළේය.

ඊට පස්සේ  හාමුදුරුවෝ ආපු හේතු කාරණා පැහැදිලි කළේය.

කියපු විදියට උන්වහස්නේ ඔය කැකිරාව වගේ ඈත පලාතක පන්සලක ය.
උන්වහසේ ගේ පන්සලේ අලුත්වැඩියා කටයුත්තකට ආධාර එකතු කරන ගමන් මේ හාමුදුරුවෝ  අපේගෙදරටත් ගොඩ වී ඇත.

තාත්ත සම්පූර්ණ විස්තරය අසා දැන ගත්තේය.  ඊට පස්සේ රුපියල් පන්සීයකට ඒ හාමුදුරුවෝ ගෙනල්ල තිබ්බ ආධාර ටිකට් කීපයක්ම ගත්තේය.

ඊට පස්සේ උන්වහන්සේ අපේ පවුලේ හැමෝම එතෙන්ට ගෙන්නාගෙන අන්‍යාගමික වෙලත් උන්වහන්සේට සලකපු අකාරය ගැන හැමෝටම ස්තුතිකළේය.

ඊට පස්සේ පවුලටම ආශිර්වාද කරලා  දානයේ ආනිශංස හැමෝටම පැහැදිලි කරලා ගාථා කීපයක් කියල ගෙදරින් නික්මුනේය.
ඔය කිව්වේ විභීෂණ සහ සමාගම හාමුදුරුකෙනෙක් ට සලකන විදිය ය.

අපිට නම් හාමුදුරු කෙනෙක් යනු කහ රෙද්දක් ඇඳගත්තු , තට්ටේ ගාපු , පිනට කන බොන මනුස්සයෙක් නොවේ ය. ඊට එහා ගිය ගොඩාක් එහා ගිය මහා සාන්ත දාන්ත මනුස්සයෙක් අපිට හාමුදුරු කෙනෙක් තුලින් දකින්නට උගන්වා ඇත.

ඒ හින්ද හිස බූ ගෑ , කහ සිවුරක් ඇඳි පුද්ගලයෙක් ඇතුලෙන් හැමතිස්සෙම අපි දකින්න බලාපොරොත්තු වෙන්නේ හාමුදුරු කෙනෙක්ය.

එත් මෑතක සිට ඒ හැගීම, මානසිකත්වය ටික ටික අපෙන් ගිලිහී යන්නට පටන් අරගෙනය.

අපි මෑතක සිට දකින්නේ අලුත් ධර්මයක් දේශනා කරන චන්ඩි පාට දාන සද්දෙට  කතා කරන ( කෑ  ගහන  ) කහ සිවුර ඇඳගත් පිරිසක්ය.
 

බුදුන් දේශනා කලේ ප්‍රාණ ඝාතයේ අකුසලය ගැනය. බුදුන්ගේ නම විකුණන මේ ඈයො දෙසන්නේ ගව ඝාතනයේ අකුසල ගැනය.

සමහර විට ගවයා බෞද්ධයෙක් වෙලා වෙන්න ඇතිය.

සුරා වේ අකුසලය ගැන කියන බුදුන් දෙසන ධර්මය විකුණන මෙයාල සිවුරු ඇඳගෙන ඩෝප් වෙලා වාහන එලවල පොලීසියෙන් දඩ ද කන්නේය.

මේ වගේ හේතු හින්දා හාමුදුරු කෙනෙක් ගැන අපි තුල තිබ්බ පැහැදීම එදාට වඩා දැන් අඩු බව කිව යුතුමය.



මෙතනදී තවත් කතාවක් විභීෂනගේ ඔලුවට එන්නේ කියෝන ඔහෙලා වෙනුවෙන් ලියන්නට මය.

ඊයේ පෙරේදා දවසක විභීෂණ ට එක්තරා අවශ්‍යතාවයකට මීගමුව ප්‍රදේශයේ තියෙන ප්‍රධානතම පන්සලකට යන්නට සිදු විය. යන්න සිද්දවුණු කාරණාව මෙතන ගෙනහැර දක්වන්නට අවශ්‍යතාවයක්  නැත. 

කොහොමත් අපේ කාර්යයට වෙලාව එනකන් විභීෂණ සහ පියානෝ ට පන්සල් මිදුලේ  ටික වෙලාවක් ඉන්නට සිදුවිය.

ඔහොම ඉන්නකොට හරි අමුතු හාන්දුරු කෙනෙක්ව දකින්නට අපි දෙපලම භාග්‍යවන්ත විය.

එක වේලාවකදී පන්සල් වත්තට ඇතුලේ වුනේ සුද්දෝ ජෝඩුවක් ය . ජෝඩුව හිටියේ තනියම නොවේය. ගයිඩ් උන්නැහේ කෙනෙක්ද සමගය.  ගයිඩ් උන්නැහ මේ ජෝඩුව ව පන්සල් වත්තේ මැද හරියට වගේ එක්කගෙන ඇවිත් පැත්තක හිටපු තරුණ හාන්දුරු කීප දෙනෙක් දිහා බලල අතින් අමුතු සංඥා වක් කළේය. 

ඔන්න දැන් ප්‍රධාන නළුවා සභාවට අවතීර්ණ වන වෙලාවය. 

අර සංඥා ව දුන්නයින් පස්සේ හරි අමුතු හාන්දුරු කෙනෙක් මේ තුන්පොල ඉන්න තැනට වැඩියේ ය. 

හාන්දුරුවෝ අමුතු වෙන්න්න හේතු කාරණා කීපයක්ම තිබුනේය.

පලවෙනි එක කොන්ඩේ ය.

විභීෂණ ගේ ජීවිත කාලේ පුරාම දැකපු හාමුදුරු වරුන්ගෙන් ඇති බහුතරය හිස බූ ගා තිබු අයවලුන්ය.

අර කැම්පස් වල ශිෂ්‍ය භික්ෂූන් වැනි අය  නම් ඉතා තුනීවට කොණ්ඩය වවා තිබෙනු විභීෂණ ඉඳහිට දැක ඇත්තේය. විභීෂණ කැම්පස් ගොස් නැත. 

ඒ නිසා ඉහතාකාර හාන්දුරු වහන්සේලාව දැක ඇත්තේ කැම්පස් වල උද්ගෝෂණ වලදීය.

එත් මම මේ කියන හාන්දුරුවෝ මෙච්චර කාලෙකට දැකල තිබුණු හැම හාමුදුරු කෙනෙක්ටම වඩා වැඩිපුර කොණ්ඩය වවා තිබුනේය.


ඇවිදීමේ විලාසය ඊළඟ කාරණය ය.

මේ හාමුදුරුවෝ ඇවිද්දේ බුදුන්ව අනුගමනය කරන කෙනෙක් විදියට ශාන්ත දාන්තව නොවේය. 
කෙලින්ම ඇරපු අතක් නෑ හන්දියේ චන්ඩියෙක් වගෙය.
සිවුරේ එක කොනක් අතේය . හරියටම  හන්දියේ චන්ඩියා සරමේ එක කොනක් අතට අරගෙන ඇවිදින විලාසයම ය .

මේ විභීෂණ ශාන්ත දාන්තව පාරේ වඩින භික්ෂූන් වහන්සේලා ඕන තරම් දැක ඇත. ඒ අයගේ ගමන දිහා බලාගෙන ඉන්නත් ආසය.

එත් අපේ කතා නායකයා ඇවිද්ද හැටි මේක කියෝන ඔහෙලා කවුරු හරි දැක්කනම් කම්මුලේ අත  තියාගන්න වා  ෂුවර් ඇන්ඩ් ෂොට් ය.

අනිත් කාරණේ නම් පට්ට ආතල්එකක් ය.

මේ හාන්දුරුවෝ එක අතකින් සිවුරේ කොනක් උස්සගෙන ඇවිද්දේ අනිත් අතේ SONY EXPERIA ෆෝන් එකක් ද තියාගෙනය.
විභීෂණ යනු එකතරා ලෙවෙල් එකක ෆෝන් පිස්සෙක්ය .ගොඩාක් බ්‍රෑන්ඩ්  වල ෆෝන් වල හැඩහුරුකම් බ්‍රෑන්ඩ් එකත් එක්කම ඔලුවේ සටහන් වී ඇත.
 

ඒහින්ද මේ සාදුගේ අතේ තිබ්බ ෆෝන් එකේ බ්‍රෑන්ඩ්  එකත් සුටුස් ගාල  මීටර් විය.

කොහොමද වැඩේ..

සිවුරේ එක කොනක් අතට අරන් අනිත් අතේ ස්මාට් ෆෝන් එකකුත් අරන් කොන්ඩේ වවාපු හාන්දුරු කෙනෙක් දැක්කම කොහොමද හිතට එන පහන් හැගීම.

මේ හාමුදුරුවෝ අර සුද්දෝ ඩබල යි ගයිඩ් කාරයවයි පැන්සල ඇතුලට පිටත් කරලා ආපහු තමුන්ගේ සාදු ගැන්සියට සැට් විය.
එතන සාදුලා හතර දෙනෙක් සිටියේය. තුන් දෙනෙක් අතේ පත සයිස් ස්මාර්ට් ෆෝන් ය.



උන් තුන් දෙනාම ටික වෙලාවකින් පන්සල් වත්ත මිදුලට ඇවිත් පන්සලේ තියෙන බුදු පිළිමේ ෆොටෝ ගැහුවේ ය. ඊට පස්සේ තුන් දෙනාම එක එකාගේ ෆෝන් වලට එබී එබී එව්වා වල ඩිස්ප්ලේ අල්ල අල්ල ( touch කර කර ) මොනවදෝ මොනවදෝ කරනවා විභීෂණ දැක්කේය.


සාදු කෙනෙක් අතේ ෆෝන් එකක් තිබීම වරදක් විදියට විභීෂණ නම් කිසි විටක හිතන්නේ නැත. 
හාමුදුරුවෝ වුනත් සන්නිවේදන පහසුකම් අවශ්‍ය වනවා ඇත. ඒ හින්ද එව්වා සම්පූර්ණ කර ගත යුතුමය.


එත් මෙතන සීන් කොන් එක ඒක නොවය. මේ සාදුල සැට් එක කලේ ෆෝන් වලින් කතා කිරීම නොව වෙන වෙන රෙද්දවල් ය.


නාන හාමුදුරුවෝ සහ ඉත්තෑ හාමුදුරවො ඇරෙන්න ඒ සාන්ත දාන්ත මදාවි ගමන් විලාසය විභීෂණ ආපහු දැක්කේ මේ දවසේදීය. ඒ හින්දා මේ ඔක්කොම දේවල් දිහා බලන් හිටපු විභීෂණ ට නම් හිතුනේ මේ ඉන්නේ නානසාර නිකායේ හාන්දුරු ගොල්ල  ම වෙන්න ඇති කියාය.

මෙතන කියවුණු ෆෝන් සාදු ල  හැමෝම අවුරුදු 15 , 20 වගේ වයස් වල ය. ඒ කියන්නේ ඉස්සරහට සාසනේ බාර ගන්න ඉන්න ඊළඟ පරම්පරාව ය.


මුලදී ම හැසිරෙන්නේ මෙහෙම මදාවි ඉසටයිල් එකෙන් නම් ඉස්සරහට අපිට දකින්න හම්බුවෙන්නේ  මෙතෙ බුදුන්ටත් වෙඩි තියල සාසනේ ( ධර්මය නොවේ) රැකගන්න තරම් එඩිතර නිර්භීත අධිෂ්ටාන ශීලී සංඝ පරම්පරාවක් බව ඒකාන්තයෙන්ම ෂුවර්ය, ඉස්තීරය.

දිගටම යන්න හදන්නේ මෙහෙම නම් ගෞතම බුදුන් වදාළ ධර්මය වලලන්න සම්මාදම් වෙන්නේ ඔහෙලා අපි ට වඩා මේ වගේ සිවුරු ධාරීන් බව නම් කිව යුතුමය.

----

අදට ඇති..

ජය වේ...

40 comments:

  1. හැමදේම කාලෙත් එක්ක වෙනස් වුනාට...වෙනස් නොවිය යුතු දේවල් වෙනස් වෙන කොට ඒක සැහෙන ප්‍ර්‍රශ්න ගොඩකි...
    නියමෙට කියලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් එක නම් ඇත්ත. හාමුදුරු කෙනෙක්ගෙන් උඹල අපි වගේ ගිහියෝ දකින්න අහන්න බලාපොරොත්තු වෙන සම්ප්‍රදායික කාරණා ගොඩක් තියෙනවා. ඒ දේවල් වලට පිටුපාන කොට හාමුදුරු කෙනෙක්ට අපේ ඇතුලේ තියෙන ගෞරවය ටිකෙන් ටික හරි අඩුවෙන්න පටන් ගන්නවා.

      Delete
  2. මම බෞද්ධයෙක් හැටියට අපේ දහමට වෙමින් පවතින පරිහානිය ගැන ඔබ දක්වා ඇති අදහස්වලට ගරු කරනවා. මේවා ඇස ගැසිය යුතු අයට ඇස ගැසේ නම් . . ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.

      කැලෙ කපන්නන පාවිච්චි කරන්නේ කැලේ ගහක්මයි කියන එක මේ වගේ දේවල් වලිනුත් සහසුද්දෙන්ම ඔප්පු වෙනවා.

      හාමුදුරු වරු හිත්හුවට ලංකාව ඇතුලේ බුද්ධාගම විනාශ වෙන්නේ අන්‍යාගමිකයින් අතින් කියල එයාලට පේන්නේ නැහැ ( හැබැයි නොපෙනෙනවා වෙන්නත් බැහැ ) එයාල ඊට වඩා ඒ විනාශයේ හවුල් කාරයෝ බව.

      Delete
  3. අද අපේ පංසලේ කඨින පිංකම තිබුනා.. තාමත් යනවා.. තුඃ නොදෝකින් කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බොස්..මොනවා කරන්නද නේද?

      මේක කලි යුගය කියලත් කියනවනේ. සමහරවිට කලි යුගයේදී මේ වගේ දේවල් වෙනවා ඇති..

      Delete
  4. අද සිටින ගොඩක් චිවරදාරින් සිවුරට ඔබින වැඩ කරනවාදෝ කියල සැකයක් තියනවා. අන්යාගමිකයකු උවත් බුදු දහම ගැන කතාකරන එක ගැන ගරු කරන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. තැනක් යු වේවා මචන්..

      අපි තාමත් බුදු දහමට ආදරෙයි.
      එත් සමහර හාමුදුරුවරු බුදුන් වහන්සේටත් වඩා බෞද්ධ වෙන්න යන එක තමයි මෙතන ප්‍රශ්නේ. ඒ ය හිතන් ඉන්නේ බුද්ධාගම කියන්නේ එයාලගේ පරවේණි උරුමයක් කියල.

      Delete
  5. කතෝලිකයකු හැටියට ඔබට එහෙම හිතෙන එකේ කිසිම වරදක් හෝ මවිතයක් නෑ විභීෂණ. මොකද උපතින්ම බෞද්ධ වෙච්ච අපිටත් වර්තමාන ශාසනය ගැන තිබෙන්නේ ඔයිටත් වඩා නොපැහදීමක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...

      දැන් යන තත්ත්වේ හැටියට මෛත්‍රී බුදුන්ටත් මේ චීවර ධාරින්ගෙන් පරිස්සම් වෙලා ඉන්නට කියන්න ඕන කාලයක්.

      Delete
    2. සිවුර පිට පොට ගසමිනී
      ජාතියද අමතමිනී
      අසැබි රස සමගිනී
      බලන් අතවැසි පිරිස.............බුදුනී

      Delete
    3. මධු වෝ..අන්න නියම වචන ටික..

      Delete
  6. කියන්න දෙයක් නෑ බං මේ ඔය කියන ජාතියෙ චීවරධාරීන් බුද්ධාගම අවසන් ගමන් යවල ඉවරයි.බුද්ධාගම් කාරයෙක් හැටියට මම ඒ ටික කියන්න ඕනෑ.

    ReplyDelete
  7. ආගමික පූජකතුමන්ලා අතරින් වැඩියෙන්ම පිරිහී තියෙන්නේ බෞද්ධ හිමිවරු. ඒකට හේතුව පිරිසෙන් වැඩිකම. උදාහරණයක් විදිහට ඉන්දියාවෙ හින්දු පූජකවරුන් ඉන්නවා ඔවුන්ගේ පූජක වරයට නොගැලපෙන දේ කරන. “දුක්ඛ සමුදය“ තමා අපේ මුතුන් මිත්තන් මහත් සේ ගෞරව කල මහා සංඝරත්නයට, අපිට වෙලා තියෙන්නෙ බනින්න. කතෝලිකය කියල උඹේ විවේචනය ගැන බයවෙන්න දෙයක් නෑ, බුදු හාමුදුරුවොම ප්‍රයර් ඇප්රුවල් දීල තියෙන්නෙ. වැරදිනං අම්මට තාත්තට උනත් කියන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. පිරිසෙන් වැඩිකම පිරීහමට හේතුවක් වෙන බවට දැනුවත් කරපු එකට බොහොම තැනක් යූ..

      ඒ දේ අනිවා හේතුවක් වෙන්නම ඕන..බුද්ධාගමට, හින්දු ආගමට විතරක් නොවේ අනිත් ආගම් වලත් තත්ත්වේ එකම වෙන්න ඇති.

      Delete
  8. මම ඉන්නේ පිටරටක. අපි සුද්දෝ එක්ක අපේ රට ගැන කතාකරන කොට බුද්ධ ධර්මය ගැනත් කතාකරනවා දන්න තරමින්. ඒ ඉස්සර. දැන් බුද්ධාගම ගැන කියන්න බැහැ මේ ජෝගිකාරයින්ගේ වැඩ නිසා. සුද්දෝ නොයෙකුත් දේ අහනවා. මම කිව්වේ ඔය එක් තත්වයක්. අපේ රට කන්න විනාශකරන්න තමයි මේ දේසපාලුවෝ මේ එක එක සංඝ ගැන්සි ෆෝම් කරන්නේ. අවුල් ජාලාවක්.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත මචන්,,,,මේ රටේ හැම දේකම පිරිහීමට මුල ඔය කාලකන්ණි දේශපාලනේ තමයි.

      ආගමත් එකේ ගොදුරක් වෙච්ච එක තමයි අපේ අවාසනාව,

      Delete
  9. සසුන පිරිහීම වලක්වන්න අමාරුයි. බුදුහාමුදුරුවොම ඒ බව කියලා තියනවනේ. විසඳුමත් කියලා තියනවා ඒ තමයි මම නැති කාලෙකදී මගේ ධර්මය ගුරු කරගනිල්ලා කියන එක. දුසිල් මහනුන් අත් හැරියාම ඔවුන් ඉක්මනින් වඳවෙනවා. ඔවුන්ව ගහලා බැනලා හදන්න අවශ්‍ය නැහැ. අත්හැරියාම නිකම්ම වඳවෙනවා. ධර්ම ඥානය තියන භික්ෂූන්ගෙන් සහ ගිහියන්ගෙන්ද, හොඳ ධර්ම පුස්තක පරිහරනයෙන්ද, පිළිවෙත් රැකීමෙන්ද අපිට පුළුවන් බෞද්ධයකුගේ අවශ්‍යතා සපුරාගන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම වැදගත් උපදෙසක් විචා බොස්...

      නමුත් මේ වගේ චන්ඩි සංඝයින් ව මේ සමාජේ තව තව වැළඳ ගන්නවා වගේ තමයි මට නම් තේරෙන්නේ...

      මම වැරදිද?

      Delete
  10. ඔය 15 -20 හාමුදුරුවරුන් බුද්ධාගමට ආද්රෙන්වත්, සසුන රකින්න්වත් මහනවෙච්ච් අය නෙවෙයි, බලෙන් මහන කරපු එහෙමත් නැත්තම් සල්ලි නැතිනිසා මහන කරවපු අය , ඒ නිසා එයාල ඉන්නේ බුද්ධාගම රකින්න්වත්, ධර්මය පතුරවන්නත් නෙවෙයි . ඔය ඉන්නෙත් අපි වගේම මිනිස්සු, ඒ නිසා කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත ඉවා..

      බලෙන් අකමැත්තෙන් මහන කරවපු අයට කවදාවත් ධර්මය පිහිටන්නේ නැහැ.

      Delete
  11. ෆෝන් විතරක්යැ සමහර හාමුදුරුවන් මුහුණු පොතේ පවා ඉන්නවනේ ඒ සමහර අයගේ ප්‍රොෆයිලුයි ඒවායේ තියන පින්තුරයි ,යාළුවොයි දැක්කම සසර කලකිරෙන්නේ අපිට.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ හන්සියෝ...

      පිස්සු හැදෙනවා සමහර සිවුරු ධාරීන් බුකියේ වැඩ සිටින හැටි දැක්කම..

      Delete
  12. මෙන්න අපේ ගී පවුරෙ අසංකට මේ ගැන හිතුන විදිය දවසක්.

    http://kurutugegeepawra.blogspot.com/2014/07/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. ඔය අමුතු මාලිගාවට පන දීගෙන ඉන්න මෝඩ පහේ ඩයල් ගන්සියක්ම මම වැඩකරන තැන ඉන්නවා. උන් ගතින් ඔෆිස් එකේ හිටියට හිතින් ඉන්නේ ඕක අස්සේ.

      මහා පුදුම මොලේ පිළිකාවක් බන්...

      ඔය මාලිගාව දැක්කම එකේ බුද්ධාගම තියෙන්නේ කොහෙද කියල අහන්නමයි හිතෙන්නේ...

      Delete
  13. කතා කරලා වැඩක් නෑ බන්. පට්ටම කලකිරීමෙන් ඉන්නෙ මේ ගොල්ලන්ගෙ වැඩ ගැන.

    ReplyDelete
    Replies
    1. වෙන මොන කතාද බස්සියෝ...

      මටනම් පුදුම දුකක් දැනෙන්නේ...

      Delete
  14. "මෙතන කියවුණු ෆෝන් සාදු ල හැමෝම අවුරුදු 15 , 20 වගේ වයස් වල ය. ඒ කියන්නේ ඉස්සරහට සාසනේ බාර ගන්න ඉන්න ඊළඟ පරම්පරාව ය."
    එපා වෙනවා. ඔය පන්සලට මමත් ගිහින් තියන නිසා, මේ කතාව ගැන කිසිම සැකයක් නෑ. ඒ වගේම මේ ප්‍රදේශයට නුදුරු බොහෝ පන්සල් වල තත්වය මීට සමාන හෝ ටිකක් සමානයි

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් සිදු වෝ..

      මම ඉතින් ගිහින් තියෙන්නේ ඔය පන්සලට විතරයි...

      Delete
  15. සහතික ඇත්ත සහෝ උබේ කතාව..මගෙත් එක්ක පන්ති ගිය සගෙක්(ඌ කරන වැඩ වලට හාමුදුරුවෝ කියන්න බෞද්දයෙක් විදියට මටත් බෑ)ඒකා මුඋනු පොතේ ඉන්නේ ගිහි නමින්..4න් එකේ contact ෆෝල්ඩර් එකේ ඉදන් හැම එකටම pw දාලා..

    ReplyDelete
    Replies
    1. කාට කියනන්ද බන්....මොනවා කරන්නද?

      අර pw දාල රකින්නේ බුදු වීමේ රහස් ද දන්නේ නැහැ...

      Delete
  16. සිද්දවෙන සමහර දේවල් දැක්කම එපාවෙනවා.. එපාඋනා කියල ගහන්ඩයැ.. හැබැයි ගරුකලයුතු තරමේ හිමිවරුන් කිහිපදෙනෙක් තවමත් සිටින නිසා හිත හදා ගන්න පුළුවන්..
    ඇස් ඇර බැලිය යුතු ලිපියක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ විදානේ ...කමෙන්ට් එකට...

      Delete
  17. වැඩක් නෑ කියලා..
    උඔ වෙනත් ආගමකද ආගම මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ වැරදි දේ වැරදිමයි..
    මම මිට ඉස්සර අටමාගේ ලිපියක කමෙන්ටුවක් ලියලා තියනවා පොල්ගහවෙල අසපුවට ගියපු දවසක හාමුදුරැවන්ට කුනුහරැපෙන් බනින්න ලැහැස්ති වෙනකොට ගැනි කිව්වා එලියට ගිහින් සිගරට් එකක් බිලා ඉන්න එයාලා එන්නම් කියලා...
    රෙද්දේ අසපුව..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සංජීව/\

      අපිට ආදර්ශයක් වෙන්න ඕන අය ඔහොම හැසිරෙනවානම් කුණුහරුප කටට එනවා තමයි..

      Delete
  18. මේ සම්බන්ධයෙන් මගේ අදහස ගොඩක් දීර්ඝයි, ඒ වගේම වෙනස්. පොස්ටුවක් දාන්නම් වෙලාවක. ඔබ කියන මේ සිද්ධිය බොහොම සුලබයි. ඉස්සර නම් ඕක මැජික් එකක් වගේ දැනුනට, දැන් එන්න එන්නම සාමාන්‍යකරණය වෙලා.

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩක් වැරදි සාමාන්‍යකරණය වීගෙන එනවා වගේ තමයි...

      Delete
  19. නෑ මචං මෙතන වෙලා තියෙන්නේ පහුගිය කාලේ බල්ලෙක්වත් ගණන් නොගත්ත හාමුදුරු වරුන්ට එකපාරටම විශාල සිවිල් බලයක් ආරෝපණය උනා 2005 දී විතර ඒත් එක්කම සමාජයේ ක්‍රියාකාරී කොටසට ආපු අලුත් පරම්පරාව බූත බලවේග පස්සේ යන මෝඩ රැලක් උනා උන් හිතුවා මේ හාමුදුරුවන්ට ඇත්තටම ලොකු බලයක් තියෙයි කියල එතකොට හරියට ඉගෙන ගත්තේ නැති පොඩි කාලේ ඉදම්ම ලිංගික අපයෝජන වලට ලක්වෙලා සමාජය ගැන වෛරයෙන් ඉන්න හාමුදුරුවරු පිස්සු කෙලින්න පටන්ගන්නවා

    ReplyDelete
  20. ඉස්සර අපේ ගම් පළාතේ පන්සලේ හිටියා ආනන්ද කියලා භික්ෂුවක්. එ් කාලේ ඒ භික්ෂුවට 20 ක් විතර ඇති වයස. ආවාස කුටිය ඇතුලේ තියාන හිටියා ඉනටර්නෙට් පහසුකම් එක්ක පරිඝනයකය්. පස්සේ කාලෙක් පන්සලේ වැඩ කරපු ඇබි්ත්ත ළමයෙක්ට ලිංගික අකටයුත්තක් කරලා ලොකු හාමුදුරුවන්ට පුටුවක් උස්සලා ගහන්නත් ගිහින් සිවුරු ඇරලා ගියා. අද මේ තියෙන විපරිත සමාජයත් එක්ක භික්ෂුභාවයේ හරය තේරුම් අරගෙන එ් විදියට පවත්වාගෙන යන භික්ෂුන් වහන්සේලා හරි අඩුයි. බෞද්ධ භික්ෂුවක් නම් අල්පේච්ඡ වෙන්න ඕන, දුටුවන්ට ප්‍රිය මනාප වෙන්න ඕන. හැබැයි දැන් නැත්තමෙ ඒකයි.

    ඔය බොබසේ වගේ කට්ටිය බුද්ධාගම විනාශ කරනවා කියලා අන්‍යාගමිකයන් මරාගෙන කන්න ගියාට ඇත්තටම වෙන්නේ බුදුදදහම විනාශ වෙන්නේ ඇතුලෙන්මයි. කොහොමටත් දැන රටේ තියෙන්නේ මුල් බුදු දහමට හාත්පසින්ම වෙනස් එකක්. බුදුන් වහන්සේම සද්ධර්ම පතිරූපක සූත්‍රය දේශනා කරලා කියලා තියෙනවා මේ ශෘසනය විනාශ කරන්නන් ශාසනය තුළින්ම බිහිවෙන බව.

    ReplyDelete

කමෙන්ට් කලාපය....