2014-10-05

බට්ටි ට ගල් ගහන්න කලින්....

මීට අවුරුදු දෙදාහකට විතර කලින් වෙච්ච් දෙයක්..
............
.....
..
.
අලුයම උන්වහන්සේ දේව මාලිගයට වැඩිය සේක. මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණියාහ. 

උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක. 

එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාර යේ හැසිරෙද්දීම හසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද  සිටුවා , 
  

"ගුරුදේවයෙනි , මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාර යේ යෙදී සිටියදීම අල්ලා ගන්නා ලද්දීය. මෙබඳු යට ගල් ගසා මරන්නට මෝසෙස් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත. එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක්දැ"  


යි උන්වහන්සේගෙන් ඇසූහ. 

ඔවුන් මෙසේ ඇසුවේ , උන්වහස්නේ පරික්ෂා කර උන්වහන්සේට වරද තබන්නට කරුණක් සොයා ගන්නා අටියෙනි. 

එහෙත් , උන්වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. 

ඔවුන් උන්වහන්සේ ගෙන් දිගින් දිගට් ප්‍රශ්න කරද්දී , උන්වහන්සේ කෙලින් සිට , ඔවුන් අමතා

 " ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමු කොට ඈට ගලක් ගසන්නැ " 

යි වදාරා නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. 

ඔවුහු ඒ වචන ඇසූ විට , වැඩිහිටියන්ගෙන් පටන් ගෙන එකෙකා බැගින් යන්නට ගියහ. 

ඉතිරි වූයේ ජේසුන් වහන්සේද එම ස්ත්‍රිය ද පමණකි. 

ජේසුන් වහන්සේ කෙලින් සිට , ඈට කතා කොට ,  

" ස්ත්‍රිය ඔවුහු කොහෙද ? කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්ද " 

 යි ඇසූ සේක. 

" ස්වාමිනි නැත " 

 යි ඈ  කිවා ය.   

 "මමත් ඔබට වරද නොතබමි ; යන්න , මින් පසු තවත් පවු නොකරන් න"

 යි උන්වහන්සේ  ඇය ට වදාළ සේක.

(උපුටා ගත්තේ ශු.බයිබලයේ  ජොහාන් තුමාගේ සුවිශේෂයේ 8 වෙනි පරිච්ඡේදයෙනි )


------------------------------------------------------------------------------------------------------------------------

බට්ටි ගැන විභීෂණ මොකුත් ලියන්නේ නැත.

බට්ටිගේ සීන් එක දැකපු  වෙලේ ඉඳන් විභීෂණ ගේ ඔලුවේ කැරකුණේ මේ උඩින් දාල තියෙන බයිබල් කතාවයි.

එය පමණක් මෙසේ පල කරමි.


කැමති දෙයක් කමෙන්ට් කරලා යන්න.





35 comments:

  1. ආගමක් මුල් කරගෙන කතාකරන්න මම කැමති නැති උනත්... මේක කියන්න ඕනේ..

    අද කාලේ උනානම්... පවක් නොකළ කෙනෙක් ඉන්නවා නම් පළවෙනියට ගල ගහන්න කිව්වම, ඔක්කොම අවුලක් නැතුව ගල ගහයි. ඔතන තියෙන්නේ පවක් කිරිල්ල විතරක් නෙවෙයි, අවංක බවින් එය 'පවක්' බව අක්සේප්ට් කිරිල්ල. ඒ කියන්නේ හිතට එකඟව ! කුමන ජාතියේ පාපයක් උනත් දැන් කාලේ වැඩිපුරම විවේචනය කරන්නේ (ගල් ගසන්නේ) එවැනිම පව් අහුවෙන්න නොකරන අනිත් බහුතරය. මම ඒක දැකල තියෙන දෙයක්..

    ReplyDelete
    Replies
    1. //දැන් කාලේ වැඩිපුරම විවේචනය කරන්නේ (ගල් ගසන්නේ) එවැනිම පව් අහුවෙන්න නොකරන අනිත් බහුතරය//

      මෙන්න මේක නම් සහතික ඇත්ත.

      මම මේ විදියේ පොස්ට් එකෙක් දැම්මේ ආගමක් මුල් කරන කතා කරන්න නම් නෙමෙයි. එහෙම වැටහීමක් ඇතිවෙන විදියට මම ලියල තියෙනවනම් සමා වෙන්න කියල ඉල්ලනවා.

      මං දන්න ආගම ඇතුලේ තියෙන කතාවක්. සමහරවිට බුද්ධාගමේත් මේ හා සමාන කතා උගන්නනවා ඇති.

      Delete
    2. අපෝ කවුද කිව්වේ ආගමක් ගැන වැරදියට කිව්වා කියල... මම අදහස් කලේ මම කියන දෙයින් ආගමක් මුල්කරගෙන කරන විවේචනයක් ආරම්භ නොවේවා කියල... කොහොමත් තමුන්ගේ ආගම හරි බයිබලයේ යමක් හරි ගැන වෙන ආගමක කෙනෙක් යමක් කිව්වා කියල බුරන් පනින ගතියක් ඔය බයිබලය ආශ්‍රය කරන ආගම් වැඩිය ගණන් ගන්නේ නැහැ නේ... ඒ හින්ද මගේ උපලක්පනය වැරදියි. මම එහෙම කිව්වේ සුදානම් සරීරයට! හික්... බුද්ධාගමේ ගොඩක් තැන්වලදී මේ හා සම්බන්ධ ධර්ම කාරණා රාශියක් තියෙනවා. මෙතන කියන්න අවශ්‍ය නැහැ කියලයි මගේ හැඟීම.

      Delete
    3. අවුලක් නැහැ අවුලක් නැහැ...

      ගණන් ගන්න එපා...

      බුද්ධාගමේ තියෙන ධර්ම කාරණාත් හැකි විදියට අපිත් එක්කත් බෙදා ගන්න..

      අපිත් කැමතියි ඒ දේවල් දැන ගන්න...

      Delete
  2. මේ සිද්ධියට මේ කතාව ඈදලා කොතන හරි කතා කලා මතකයි,අද තමා මතක විදියට ගොඩ වුණේ පහුගිය ටිකක් කියවන්න ඕන ..
    ජය .....

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්...

      මට නම් කියවන්න ලැබුනේ නැහැ.

      තැනක් යූ වේවා...

      Delete
  3. සිරාම සීන් එක..

    අවු 2000කට විතර කලින්..
    පවු නොකල තැනැත්තා පලමු ගල ගසන්න..

    හැබැයි දැං එහෙම කිව්වනං බට්ටිගේ කෑලිත් නෑ...

    ReplyDelete
    Replies
    1. අන්න එකනම් සහතික ඇත්ත මචෝ...

      බට්ටිගේ කෑලිත් නැහැ..ජෙසුව හොයාගන්න හම්බවෙන්නෙත් නැහැ...

      Delete
  4. සිරාවටම.. අද එවුන්ට ඕක කිව්වොත් ගල් නාන්න තමා වෙන්නේ.. ඒ හින්ද ඕක අදට ගැලපෙන්නේ නෑ.. අද ඉන්න බහුතරයකට ආගමක් තියනවද.. නමට තමන්ගේ වාසියට වෙනස් කරගත්ත දේවල් කරනවා අගමානුකුලයි කියල.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න එවුන් ඔක්කොම ආගමයි ධර්මයයි පටලාගෙන ඉන්නේ..
      ...

      මම මේ පොස්ට් එක දැම්මේ මේ බට්ටිට විරුද්ධව කතා කරන කවුරුහරි කෙනෙක් ඉන්නවනම් ඊට කලින් ටිකක් හිතන්න ...

      Delete
  5. අපේ රටේ මිනිස්සුන්ගෙ ආදරය, කරුණාව, දයාව, පරහිතකාමී බව වගේ මේ හැම උතුම් ගුණාංගයක්ම තියෙන්නෙ ප්‍රදර්ශන භාණ්ඩ විදියට. මිනිස්සුන්ගෙ හිත්වල මේ කිසිම දෙයක් නෑ. මේ කිසි දෙයක් තමන්ගෙ ආධ්‍යාතමයට එකතුකරගෙන නෑ.

    ReplyDelete
    Replies
    1. උඩ ඉඳන් පහලට සාතන් අදහන එවුන් සමාජෙට පේන්න බුදුන් ව, ජෙසුව අදහනවා.

      ඔන්න ඕක තමයි ඇත්ත..

      Delete
  6. හරි දේ සහ ලේසි දේ කියන දෙකෙන් එකක් තෝරගන්න කිව්වම ගොඩක් දෙනා පැනපු ගමන් තෝර ගන්නෙ ලේසි දේ. ඒක හරි උනත් වැරදි උනත් ඒ ගොල්ලන්ට වැඩක් නෑ. මොකද හරි උනත් වැරදි උනත් බහුතරය ඉන්න මතයේ ඉන්නකං තමන්ට විරුද්ධව කවුරුවත් කතා කරන්න යන්නෙ නෑ කියල මිනිස්සු දන්නව. ගොඩක් වෙලාවට මිනිස්සුන්ට සමානාත්මතාවය මතක් වෙන්නෙ තමන්ට මොනා හරි උනාම. එතකං ඒගොල්ලො ආත්මාර්ථකාමීයි.

    ReplyDelete
    Replies
    1. බහුතරය ඉන්න මතයේ ඉන්නකං තමන්ට විරුද්ධව කවුරුවත් කතා කරන්න යන්නෙ නෑ කියල මිනිස්සු දන්නව

      ඔන්න ඕක තමයි වෙලා තියෙන වින්නැහිය...

      ඒ වගේම උඩුගං බලා පීනන අයට වැඩි කල එහෙම නටන්න දෙන්නෙත් නැහැ...

      Delete
  7. දැන් කවුද බන් පව් කරන්නේ , ඔය ඔක්කොම කුමන්ත්‍රණ

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි අහන්න ඕන..

      දැන් කවුද පවු නොකරන්නේ කියල...

      Delete
  8. ගැහැණිය !
    සඳින් සොමි ගෙන මැවූ ගැහැණිය
    ළා හෝ පලු - මෙලෙක ගෙන
    ළා හෙල්මැලි - සිහිල ගෙන
    මැවූ ගැහැණිය !
    ඔබ බිලි පුජාවද - පුරුෂ සංහතියේ
    අසන් උස් හඬින් කෑ ගසා ..

    ලෝකය බිහි කළ මාතාවයි ඔබ
    ස්නේහය කැටි කළ සොයුරියයි ඔබ
    ප්‍රේමය පිඬු කළ පෙම්වතියයි ඔබ
    මන්ද - පුරුෂ සංහතියේ නිය පඳුරු නැගී
    ලේ සොලවන්නේ
    ඔබගේ ළය මඬලේ
    අසන් උස් හඬින් කෑ ගසා ..

    බාඳුරා මලක් නොවේ ඔබ
    බඹරුන් ගොදුරට ගන්නා
    ලිය තඹර නොවේ ඔබ
    තවුසන් දැහැනින් මුදනා
    පව්කාරියකැයි ඔබට නිගා දෙන
    පුණ්‍යවන්තයෝ කවුරුද - පුරුෂ සංහතියේ
    අසන් උස් හඬින් කෑ ගසා .....

    ගායනය - නන්දා මාලනී
    ගී පද - සුනිල් ආරියරත්න
    සංගීතය - සරත් වික්‍රම

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ...තැනට වෙලාවට කලාවට ගැලපෙන සින්දුවක්...

      තැනක් යූ මචං සින්දු ඇනෝ...

      Delete
  9. මටත් මුකුත් කමෙන්ට් කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. මාත් කිසිම රිප්ලයි එකක් දෙන්නේ නැහැ...

      Delete
  10. ගල් ගහන ගල් පෙරළන් උන් නම් ඕනා තරම් ඉන්නවා මචන්, එවුන් ජීවිත කාලෙම ගල් ගහන ගල පෙරලා එවුන්, උන්ම උන් දිහා බැලුවොත් උන් කරලා තියෙන්නේ මෙතුවක් කල්ම ගල් ගහන ගල් පෙරලා එක, ඉදිරියටත් එකම තමා බන්

    පව් බන් උන්, හොඳට බලපන් තාමත් උන්ගේ අතේ ගලක් තියෙනවා ආපහු බිමින් තියා ගන්න බැරිව.

    ReplyDelete
    Replies
    1. කරුමක්කාර ජීවිත...

      මොනවා කරන්න ඉතින් සොමියෝ...උන් ලබා උපන් හැටි නෙව..

      Delete
  11. හොඳ වෙලාවට ජේසුතුමා අවුරුදු දෙදාහකට කලින් ඕක කිවුවෙ!

    ReplyDelete
    Replies
    1. දැන් කිව්වනම් ජෙසුව හොයන්න වෙන්නෙත් අංජනම් දේවිට තමයි...

      Delete
  12. ගලක් ගහන්න නෙමේ බං ගල් ටිපර් එකක් ඔළුවට හැලුවෑකි බණ ටෝක් දෙන සමහර අයියලාට.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ බන් ඒවා නම්,,

      සංසාරේ එපා වෙනවා උන්ගේ පොර ටෝක් වලට...

      Delete
  13. වෙනදට මැරෙන්න හදන වනිතා හඬ කෝ බං? ඔන්න ඕකනෙ කියන්නෙ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා.

    ReplyDelete
    Replies
    1. වනිතා මැරිලා ඇති බන්,,,

      මොනවා කරන්නද..කාන්තා අයිතිවාසිකම් උගුරේ හිරවෙන්න ඇති...

      Delete
  14. බට්ටිට බනිනකොට මටත් ඔය කතාවමයි මතක් වුනේ.ඉන්නම බැරි අමාරුවට ඉයෙ මමත් ලිවුව.බලද්දි උබ කලින් ලියල

    ReplyDelete
    Replies
    1. මම දැනුයි කියෙව්වේ උඹේ පොස්ට් එක..

      ෂාහ්..මට වඩා බොහොම සාරෙට ලියල තියෙනවා...

      මට ඉතින් ඔය නිසදැස් වැඩිය බැහැ මචන්...

      මොනවා උනත් උඹේ පොස්ට් එක මට වඩා සුපර්...

      Delete
  15. විභීෂණ............

    මුලින් ම කතාවට අපේ ආචාරය... ඇත්ත කතාව ඕක තමයි.. තමන්ගේ අතේ වැරදි දාහක් තියාගෙන අනික් දේවල් විචාරය කරන අය තමයි ලෝකයේ වැඩි පුරම ඉන්නේ..... මොනවා වුණත් කතාව නම් නියමයි... බට්ටි ගැන නොකියා බට්ටි ගැන කතා කිරීම................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යි කුරුටු ගෑ ගී පවුර (KG2P)..

      Delete
  16. හ්ම්ම්ම්ම්ම්......මොනා කියන්නද බං .....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බන්...

      කියාගන්න දෙයක් හිතා ගන්න බැහැ...

      Delete
  17. ඔය කතාව අද කාලේ ජේසු තුමා කිව්වනම එතුමාටත් අබ සරණයි... එහෙම නෙතිනම් ශිරානිට හරි ෆොන්සේකාට හරි උන වැඩේ තමයි මචෝ වෙන්නේ. එහෙමත් නෙතිනම් ආයුද පෙන්නන්ට එක්කරගෙන යාවි. කොහොමත් බල්ලට ගිය රටේ බලු මැක්කෝ ගැන මොනවා කතාකරන්ටද මචන්.. එකාට ඇති තරම්. නැති එකාට නැතිම තරම්. මරා තුන් වෙනි සැරෙත් හතර වෙනි සැරෙත් ඇවිත් ආයේ විපක්ෂේ ඉන්න තව සෙට් එකක් ජනාධිපති තුමාගේ දැත් ශක්තිමත් එයි. උබල අපි බ්ලොග් ලියයි. කොමෙන්ට් කරයි. උන් එතන. අපි මෙතන. මේ සිස්ටම් එක කවද වෙනස්වෙයිද මචන්???????????????????

    ReplyDelete

කමෙන්ට් කලාපය....