2014-10-26

හදිසි නැවතුම.....



පට්ට ආසාවකින් එක දිගට පොස්ටු කොටාගෙන කොටාගෙන කොටාගෙන ගිය මේ විභීෂණ ට පහුගිය දොහේ ඔලුව උස්සන්න බැරිම වෙන විදියට ජොබ් එකේ සහ ගෙදර වැඩ කෙල කෝටියක්  සෙට් විය. 


ඒ හින්ද අකමැත්තෙන් වුනත් බ්ලොගට සුළු විරාමයක් දෙන්න විභීෂණ ට තීරණය කරන්න සිද්ද විය. 

පොස්ටු කොටාගන්න බැරි වුනත් අනිත් බුවා ලගේ පොස්ටුවකට කොමෙන්ටුවකින්හරි සම්මාදමක් වෙනවා කියල තව තීරණයක් ගත්තේ කලින් තීරණේ අරගෙන හිත හදාගෙන ඉන්න බැරිම වූ නිසාය.

කොහොම හරි සැප්තැම්බරේ දී මට කොටා ගන්න පුළුවන් වුනේ පොස්ටු දෙකක් පමණය.

මේ ඔක්තොබරෙදී යන්තම් තුනක් ගොඩ දා  ගත්තේ ය.

අනිච්චා වත සංකාර කිව්වා වගේ පහුගිය සුමානේ වෙනකොට කොමෙන්ටු තියා බ්ලෝග දිහා අහක් ඇරලා බලන්න වත් වෙලාව නැති විය. 

අනිත් එවුන්ගේ බ්ලොග් වලට අඩිය තියන්නවත් බැරි විය.

මොන මලදානේ කරන්නත් කලින් රස්සාව හරියට කර ගන්න ඕනය . කන්නේ බොන්නේ බ්ලොග කොටන්නේ ජංජාලේ කරක්ගහන්නේ මේ සේරම රෙද්දවල් කරන්නේ රස්සාව කරලා හම්බවෙන පඩිය ට පින්සිද්ද වෙන්නටය.

ඒ ටික මම කියන්නට ඕන නැත. ඔහෙලා ඒ බව සහසුද්දෙන්ම දන්නේය.

කොහොමෙන් කොහොම හරි ඔන්න දැන් ඉතින් ටිකක් විතර ඔලුව නිදහස්ය. 

කප්පරකට් තිබ්බ වැඩ වලින් සැලකිය යුතු කොටහක් අහවරය.

ආපහු බ්ලෝග බලන්න සින්ඩි වලට ගොඩවෙන්න තරම් විභීෂනගේ ඔලුව නිදහස්ය.

එහෙනම් ඔන්න ආපහු විභීෂණ අඩවිය ඕපන් කරා  උඹල හැමෝටම...

වරෙන් යන්න මාත් එක්ක...දෙවෙනි විභීෂණ ගේ බ්ලොග් අධිරාජ්‍යයට...







28 comments:

  1. රයිට් පටන් ගනිමු...

    ජ ය වේ වා ! ! ! ! ! !

    ReplyDelete
    Replies
    1. අනිවා මචන්...

      අනිවා ...

      තැනක් යූ සුබ පැතුමට....

      Delete
  2. එල එල එලම පොස්ටුවක් බලාපොරොත්තු වෙමි...

    ReplyDelete
    Replies
    1. අනිවා,...

      ඉක්මනටම පොස්ටුවක් කොටනවා..

      Delete
  3. ඔහොම කාල එනව මචෝ.. මටත් සැප්තැම්බර් පුලුවන් උනේ යන්තම් පෝස්ට් කටු දෙකක් විතරයි. ඒකත් පරිසමාප්ත අර්ථයෙන්ම යන්තම්!!

    වැදගත් වෙන්නෙ, සදහටම නතර නොකර අමාරුවෙන් හරි මෙහෙම ඇදන් යන එකයි.

    අමාරුම වැඩේ නොලිය ඉඳල ගල්වෙච්ච අතපය ආයෙ දිග ඇරගෙන ලියන්න පටන් ගන්න එකයි. ඒනිසා අපි අලුත් ලිපියකින් ඉක්මනින් හම්බෙමු එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ෂුවර් ඇන්ඩ් ෂොට්..

      අනිවා සැට් වෙමු...

      Delete
  4. පොස්ටු එක දිගට කොටලා ආයේ කොටගන්නා බැරිඋනාම දැනෙන සාංකාව ආයේ කියන්න ඕන නෑ.වෙලාවකට බ්ලොග් කියවන්න ලියන්න ඇබ්බැහිවෙලා ද කියලත් හිතෙනව ...ආයෙමත් හොඳ පොස්ටුවක් කොටන්න ..ජයවේවා ! :)

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහි වෙලාම තමයි හංසි යො..
      -----------------------------------------------
      හෙට අනිද්දට ආපහු පොස්ටුවක් කොටන්නම්..

      Delete
  5. මටත් ගොඩ කාලෙකින් යමක් කොටන්න බැරිවුනා බං ...

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම උඹේ පොස්ටුවක් කියවන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා.

      Delete
  6. මමත් ඉදිරියට බිසි වෙයි.. සීසන් එක නේ.. පෞද්ගලික ප්‍රශ්ණ කීපයකුත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අහෝ බේදයකි...

      මොනව කරන්නද...

      හැබැයි ඉතින් විගහට සැට් වෙමු බොස්....

      Delete
  7. හරි එහෙනං විසිල් දෙකයි බල්ටි තුනයි...
    විබීසනට ජයවේවා...
    ඕ යේ

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා..මහේෂය

      Delete
  8. අනිවා! අංක එක ෆැමිලි ලයිෆ්. අංක දෙක ජොබ. අංක තුන හතර තම තමන්ගේ අනිත් ප්‍රයෝරිටීස්. බ්ලොග කියන්නේ තවත් එක විනෝදාංශයක් පමණයි.
    නිදහසේ ලියන්න.
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. තැනක් යූඕ බස්සියෝ...

      උඹේ අවවාදේ නම් මසුරන්...

      Delete
  9. ලියකො ඉතිං තවත් ටැග් ගැහෙන්නැතුව. (පොඩි මාතලං).

    ReplyDelete
    Replies
    1. හරි මචන්..ටිකක් ඉවසහන්...

      Delete
  10. ඇර සෝලෝ...
    කඩමු බෝතලයක්..
    බ්‍රෑන්ඩ් එක ගල්
    -ස්තුතියි-
    පසුව ලියමි..බොරැ කියලා රැවට්ටුවෙත් අපායේ යයි..

    ReplyDelete
    Replies
    1. කඩමු මචන්...අලුත්ම බෝතලයක්...

      ගල් වුනත් ok...

      ඔන්න මාත් සැට් වුනා...

      Delete
  11. පිස්සු හැදුනද?

    ReplyDelete
    Replies
    1. පිස්සු කොර වෙලා බන්...

      Delete
  12. ලියපන් ලියපන් නැත්තම් උඹ ලියනකොට කියවන්න් එන්න බැරිවෙයි අපි බුසී වෙලා

    ReplyDelete
    Replies
    1. අන්න එකත් ගොඩක් සැලකිය යුතු කාරණයක්...

      Delete
  13. අපිත් ලියනකන් තමයි බලාන ඉන්නේ.....................

    ReplyDelete
    Replies
    1. හරි හරි...

      ලැස්ති වෙලා ඉන්නවා ලා...

      Delete

කමෙන්ට් කලාපය....