2014-10-12

ආණ්ඩුවේ මස් කට්ටට පොරකන විපක්ෂ බලු රෑන


අද වෙනකොට ඉල්ලන්කාවේ ප්‍රධානම මාතෘකාව එහෙම නැත්නම් දන්නා හිංගලෙන් කිව්වොත් ටොප් ස්ටෝරි එක වෙලා තියෙන්නේ


අධික ජීවන වියදම,

ඉස්පිරිතාල වල බෙහෙත් හිඟකම,

මීඩියා මර්ධනය,

ළමා අපචාර,

ස්ත්‍රී දූෂණ 


වගේ විසඳුම් අවශ්‍යම අත්‍යවශ්‍යම ප්‍රශ්න නොව මේ රටට මෙලෝ වැඩකට නැති , ඌරෙක්ට යන පඩයක් තරම්වත් රටට ප්‍රයෝජනයක් නැති මල මගුලක්ය.



ඒ වෙන මොන රෙද්දක් වත් නොව පිය පදවිය තුන්වෙනි පාරටත් ලබන්න අපේ ආඩම්බරකාර තාත්තට වාසනාව තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය ය.


පාරට බැස්සොත් තාත්තට තුන්වෙනි පාරට බෑ කියල එක දිගට පෝස්ටර් ලයින් එකක් ය.  ඒ පාරේම අනිත් පැත්තේ තුන්වෙනි පාරටත් පුළුවන් කියල තව ලයින් එකක් ය. 


දවසෙම වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිල්ල ටීවී එකේ හැම චැනල් එකේම යන්නේ තුනක් පුලුවන්ද තුනක් බැරිද කියන ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරන එකය. 


එක වෙලාවකට කළු කෝට් කාරයෝ දෙපිල බෙදිලා දෙන වොයිස් කට් පෝලිමක් ය. ඊට පස්සේ විලමැද බංගලාවේ මඩ කාරියෝ සැට් එක දෙපිල බෙදිලා ( වගේ පෙන්නලා) දෙන පොයිස් කට් පෝලිමය. 


ඒ අස්සේ පැන්ෂන් ගිය උසාවි කාරයෙකුත් දෙන අමුතු ටෝක්ස් වගයක් පෙනී නොපෙනී යන්නේය.


ඔය අතරේ සිරා නිවුස් එකක් තිබුනොත් කරන්නේ “ මේ පිලිබඳ වැඩි විස්තර අපගේ මීලග නාඩගමෙන්” එහෙම නැත්නම “ මේ පිලිබඳ තවත් තොරතුරු අපගේ අහවල් වෙබ් සයිට් එකේ “ වගේ  ගොබ්බ කතාවක් කියල මග අරින එකය.


ත්‍රිකොනේ තව හොඳය . උන් එහෙමවත් කියනවාය. 


එකටත් එක්ක අර මල මූසල නයි ටී ඇන් එක.

ආපෝ ඒකට වඩා පිටකොටුවේ ඉස්ටෑන්ඩ් එකේ කක්කුස්සිත් මනරම් සුවඳය. නයිටීඇම එච්චරටම් කසිකබල්  වෙලා ය.

එකේ යන්නේ එක එක ගොබ්බයන්ගේ වොයිස් කට් මිස නිවුස් නම් නොවේය.



හැබැයි මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ ඕක නම් නොවේය.


විභීෂණ ට ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ ඉල්ලන්කාවේ විපක්ෂේ එක්කය.

එකට තියෙන එකම හේතුව නම් මේ යක්සයෝ ටික දෙනා කරන්නේ ත් අර ලොක්කට තුනක් පුලුවන්ද බැරිද කියා කියා නරි වාදන් දෙසා බාන එකය.



අර කවුදෝ පොලිටිකල් පොරක් කියල තියෙන විදියට රටක විපක්ෂේ කියන්නේ විකල්ප ආණ්ඩුවක් ය. බොහෝ විට ඊළඟට රට පාලනය කරන්න සුදුසුකම් ලබා සිටින පිරිස ය. 


එත් ඉතින් දැනට තියෙන තත්ත්වේ බලපුවාම අපිට පහලවෙලා ඉන්න විපක්ෂේ නම් විකල්ප ආණ්ඩුවකට තියා විකල්ප හරක් පට්ටියක්  විදියට වත් සලකන්නට බැරිය.

මුන් එච්චරටම පීචං ය. මුන් බඩ පුරවා ගන්නෙත් ආණ්ඩුවෙන් වැටෙන මස් කට්ටක් සූප්පු කරලය.


තමන් රටේ ඊළඟට බලය ගන්න ඉන්න කට්ටිය නම්, රට පාලනය කරන්න ඉන්න කට්ටිය නම් රටේ ප්‍රශ්න ගැන , මිනිස්සු මූණ දෙන ප්‍රශ්න ගැන , රටට එල්ලවන අභියෝග ගැන මීට වඩා අවදියෙන් ඉන්න ඕන බව මේ බහුතර මැටි හරක් විපක්ෂේ තේරුම් ගන්නේ නැත. 

විභීෂණ ට නම් හිතෙන්නේ මුන්ට එව්වා වැඩක් නැති බවය.


මුන්ට ඕන කරන්නේ අරුන්  වවාගෙන කාපු එක උන් ගියායින් පස්සේ තමුනුත් වවාගෙන කන්නටය.

උන් උන්ගේ  හෙන්චයියන් ට සලකපු විදියටම උන් ගියායින් පස්සේ තමුන්ගේ හෙන්චයියන් ටත් සලකන්නට ය.

ඒ හින්ද උන්ගේ ටාගට් එක සැමට සරු රටක් නොව තමුන්ට සරු රටක් ය.

මේ හේතුව හින්ද උන් කරන්නේ තමුන්ගේ වාරේ එනකන් ඔහේ මොනවා හරි එකක් අල්ලාගෙන විරුද්ධ පක්ෂයේ කාර්ය භාරය ඉෂ්ට කරන එකය.


වෙන කවරදාටත් වඩා රට අල්ලන් ඉන්න බැටාලියන් එක මේ බව සහසුද්දෙන්ම අවබෝධ කරගෙන ඇත.

ඉතින් උන් කරන්නේ විපක්ෂෙට ගැලපෙන දේකුත් ඉඳල හිටලා කරන එකය. ඒ කියන්නේ විපක්සෙ බලු කනහිලුන්ට කාලයක් සූප්පු කරන්න පුළුවන් රස මස් කටු විසික්ක කරන එකය.


එතකොට විපක්ෂෙට රටේ ඇත්ත ප්‍රශ්න අමතක වන්නේය. උන් කරන්නේ අර ආණ්ඩුවේ වලව්වෙන් එලියට වැටුණු මස් කට්ට සූප්පන්න පොරකන එකය. උන්ට රහ දැනෙන විදිය මීඩියා වලට වොයිස් කට් විදියට ප්‍රකාශ කරන්නේය.


උදාහරණ ඕන පදම් ඇත.


එක කාලෙකදී ලොක්ක ඉන්දියාවටද කොහෙද ගිහින් නිකන් විහිලුවට වගේ 13+ ගැන ටෝක් එකක් දුන්නේය.  එදා හවස් වෙනකොට ම  විපක්ෂේ සහ කළු කෝට් කාරයෝ ටික ප්‍රයිවට් චැනල් ටික බදු අරන් ඉවරය. ත්‍රිකොනේ පලු පැලෙන්න , රෙදි ගැලවෙන්න මුන් ටෝක් දෙන්නේය. 


පහුවෙනිදා හවස් වෙනකොට රටේ ලොකුම් ප්‍රශ්නේ බවට පත්වෙලා තියෙන්නේ 13+ ය.

ටොපික් එක සති දෙක තුන ඇද්දේය.

අපිට බඩ යන්නම 13+ ගැන කතා අහන්නට සිද්ද විය.



ඊට ටික කාලෙකට පස්සේ 18 වෙනි පලස්තරේ එලියට දැම්මේය.

විපක්ෂෙට පට්ට චූන් ය. කට්ටිය උඩ පැන පැන කට්ට ලෙව කෑවේය.

ටීවී එකේ ප්‍රජාතන්ත්‍රවාදේ පතුරු ගැහුවෝය. ටීවී බලනකොට අපිට වමනේ යන තරමට 18 අපිට එපා විය .


හැබැයි මේ එකෙක් රටේ ජනතාව අතර ට තමුන්ගේ මතය ගෙනියන්න හිතුවේ නැත. තිබ්බ රැස්වීම් එකෙක වත් තේරෙන සිංහලෙන් 18 ටේ බරපතලකම ගැන කිව්වේ නැත.


ඡන්ද විමසීම දවසේ යූඇන්පී ය මග ඇරියේ ය. ඡන්ද පට්ට බර ගානකින් ආණ්ඩුව 18 ගොඩදා  ගත්තේය.


එදායින් පස්සේ එකෙක් සද්ද නැත. 18ක් ගැන එකෙක්ටවත් මතක නැත.


රෙජිමේ ලොකු ලොකු කට්ටිය අතේ පයේ  ගා ගන්නේ නැතිව , තමුන්ට කිසි අතුරු අන්තරාවක් නැතිව කට්ට විසික්ක කරාට ආණ්ඩුවේ හැමෝටම එහෙම බැරිය.


ටියුෂන් බන්දුල එහෙම එකෙක්ය. මේකා මස් කටුව විසික්ක කරන්නේ නැත. මස් කට්ට අතට අරන් බල්ලෝ සැට් එක මැදට ඇවිදගෙන යන්නේය.

ඉතින් මස් කට්ටට පොරකන බල්ලෝ සූප්පු කරන්නේ මස් කට්ට විතරක් නොවේය.

බන්දු ව ආපහු වලව්වට ගොඩවෙන්නේ සපා කෑම් රාශියක සලකුණු ද සහිතවය.



මෙන්න උදාහරණ.


එක කාලෙකදී ටියුෂන් බන්දුල  රුපියල් 7500 න්  පවුලට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියල අමුතුම විදියේ මස් කට්ටක් එලියට දැම්මේය.

අම්මට හුඩු..ඒක තමයි කට්ට.

බන්දුලට වගේම බන්දුලගේ දෙමව්පියන්ට ත් නිවන් සැප ලැබෙන විදියේ කතා කෝටියක් විපක්ෂෙන් එලියට බැස්සේය.

7500 න් මාසයක් දිවි ගෙවන එක පවුල් වල පින්තූරු ගෙඩි පිටින් ෆොටෝෂොප් පිහිටෙන් එලි බැස්සේය.

මහජන සංවිධාන, දේශපාලන පක්ෂ, දේශපාලනය කරන ත්‍රීවීල් පක්ෂ වගේ එක එක පොරවල් ඇවිත් අපිට ආර්ථික විද්‍යා දේශනා පැවැත්වීය.

ත්‍රිකෝණ චැනල් එකට විසුමක් නැති විය.


ඒ අනුව ඒ කාලෙදී ජීවන බර, අපචාර, මංකොල්ලකෑමේ අතුරුදහන් වී පවුලක ට අවශ්‍ය අවම මාසික ආදායම රටේ ප්‍රධාන මාතෘකා ව විදියට එලි බැස්සේය.

බන්දුවට පාරේ බැහැල යන්න බැරි විය. යන යන තැන චාටර් විය. මොකක් හරි කුප්ප කතාවක් කියල ජාමේ බේරා ගත්තත් ඒ කාලෙදී බන්දුවා හිටියේ රෙදි නැතිව ය.

එත් ඉතින් වැඩේ දිව්වේ මාසයක් විතරය . එතනින් එහාට එකෙක් හ්ම් නැත.


මෙන්න තව එග්සාම්පල් එකක්.


මේ බන්දුල ම මේ ලඟදි කිව්වේ එයා පහේ සිස්සත්තේ අහෝසි කරන්න යනවා කියලය.

පෙර සේම බලු රෑන එක රොක් විය. මස් කට්ට පොරකකා උදුරන් ලෙව කන්න විය. පහේ සිස්සත්තේ අජීරණ යක් බවට පත් විය.

බන්දුවගේ ජාතකෙම චාටර් විය.

මෙච්චර කල් දකින්නවත් හිටපු නැති අමුතු අමුතු ඩයල් එලිබැස පොර ටෝක්ස් දෙන්නට විය.


අන්තිමේදී ලොක්ක සීන් එකට බැහැල බන්දුලයාගේ කට වැහුවේය . අනිච්චා වත සංකාරා කිව්වා ලු. මෙන්න මේකට විරුද්ධව උඩු බුරපු එවුන්ගෙත් කටවල් ඔටෝ වැහිලා ගියේය.

බලන් ගියාම විපක්ෂේ එවුනුත් කරලා තියෙන්නේ අරූ අරන් ආපු කට්ට සූප්පු කරපු එකය.




ඔය අහු අස්සේ ඉඳල හිටලා හයි වේ, වරාය වරාය වල්  ඕපන් වෙන්නේය. එව්වා බොහොම රස මස් කටුය.

ඒ කාලෙට විතරක් වරායේ තියෙන ගල් ගැනයි, හයි වේ එකේ මීටරෙකට ගිය කෝටි ගානයි, රන් වේ එකට ලෑන්ඩ් කරන මොනරු ගානයි  ගැන කතා කර කර ඉන්න විපක්ෂේ ඒ හැම කතාව සති දෙක තුන කට වඩා කන්ටින්යු නොකරන්න උවමනාවෙන් හරි නුවමනාවෙන් හරි වග බලා ගන්නේය.


ඒ ඉතින් ඒ සති දෙක ඉවර වුණු ගමන් කෙල හලාගෙන බලන් ඉන්නේ වලව්වෙන් වැටෙන අලුත් මස් කට්ටේ රහ බලන්න ය.



මෙහෙම මස් කටු ලොලෝ ඉන්න මුන්ට රටේ ප්‍රශ්න මතක නැත. 


මේ කියන විපක්ෂේ මහා ලොකුවට අපි ජනතාව ගැන හිතනවා, අපි ජනතාවගේ හද ගැස්ම අඳුරනවා වගේ මහා ලොකු ටෝක්ස් දුන්නට ගොඩක් වෙලාවට කලේ ලොකු තාත්තගේ බැටාලියන් එක විසික්ක කරපු කට්ටක් සූප්පු කරන්න පොරකාපු එකය.


එක කාලෙකට හයි වේ කට්ට සූප්පු කරන මෙයාල තව කාලෙකට වරාය කට්ට , මත්තල කට්ට වගේ කටු සූප්පු කරන්නෝය.

එක කාලකට 13+ ලෙවකන අය  තව කාලෙකට 18 ලෙවකන්නේය.

එක කාලෙකට බන්දු සමග දෙදාස් පන්සීය හපන ය තව කාලෙකට බන්දු සමග සිස්සත්තේ හපන්නොය.


එත් රටේ ඇත්ත ප්‍රශ්න ගැන හැගීමක්, දැනීමක්, නිනව්වක් නැත.


රට ගැන , රටේ ජනතාව ගැන සංවේදී වෙනවා කියන්නේ ආණ්ඩුව පෙන්නන හිලෙන් මිනිස්සු දිහා බලල කෑ ගහන එක නොවේය.

හරි හමන් විපක්ෂයක් නම් කරන්න ඕන මිනිස්සු ගාවට ගිහින් මිනිස්සු මූණ දෙන ඇත්ත ප්‍රශ්න තේරුම්  අරගෙන ඒවාට විසඳුම් සොයන්න ආණ්ඩුවට බල කරන එකය.



ආණ්ඩුව හරි මග ගන්න හැටි, ආණ්ඩුව අයින් කරන හැටි විපක්ෂේටම දැන් අමතක වෙලා වගෙය.



වසර දෙදාහේ, දෙදාස් එකේ කාලේ වෙච්ච දේවල් මේක කියෝන මගේ සහෝදර කැල ට මතක ඇති කියල හිතනවා .


සැටලයිට් ගේ රෙජිමේ පන්නන්න යූඇන්පී ය ඉම්ප්ලිමෙන්ට් කරපු ඉතිහාසගත වෙන පැලෑන තාමනම් මට අමතක නැත.


සැටලයිට් රෙජිමේ බලෙන් වගේ රට අල්ලන් ඉන්න කොට යූඇන්පිය රටේ ඇත්ත ප්‍රශ්න කතා කරන්න පටන් ගත්තේය.

“පලයව්” කියල රට පුරා උද්ගෝෂණ මාලාවක් සංවිධානය කළේය. රටේ හැමතැනින්ම මිනිස්සු මේ “පලයව්” උද්ගෝෂණ වලට එක්කාසු විය.

“ ජනබල මෙහෙයුම “ කියල ඇති දැවැන්ත උද්ගෝෂණ මාලාවක් දියත් කලෙත් ඒ කාලේදී මය. යූඇන්පී ය මය.


මේ එකක්වත් ආණ්ඩුවේ මස් කට්ටකට අනුව සංවිධානය කරපු එව්වා නොවේය. රෙජිමේ උන්ගේ ගමන තනියම යන්න හදන කොට උන් අමතක කරන්න යන ප්‍රශ්න යටයන්න නොදී එලියට අරගෙන රෙජිමේ හිතුවක්කාර ගමන නවත්තපු වැඩපිළිවෙල වලය.
 

මේ දේවල් නිසා අන්තිමේදී සැටලයිට් රෙජිමේ කුඩුපට්ටම් විය. විධායක පට්ටමේ අනුහසින් සැටලයිට් තව අවුරුදු කීපෙකට බේරුනත් රෙජිමේ සනුහරෙටම වලව්ව අහිමි විය.


රනිල්ට රට හිමි විය.


විපක්ෂයක් ආණ්ඩු බලය ගන්නේ ඔහොමය. ආණ්ඩුව හදන රැල්ලේ පිනුම් ගහන්නේ නැතිව තමුන් විහින්ම අලුත් රැල්ලක් හැදිය යුතුය.

ඒ රැල්ල හදන්න කොළඹ ඉඳන් බැරිය. 


අනිවා විපක්සෙ හැමෝම මේ ඊයේ පෙරේදා ඌවේ කළා වගේ ප්‍රාඩෝ වලින් ගමන් නොයා  පයින් ගමේ ඇවිදිය යුතුය. කටු මැටි ගෙවල් වලට ගොඩවිය යුතුය.

ඒ මිනිසුන්ගේ ගෙවල් වල පිලේ ඉඳගෙන කතා බස් කල යුතුය. 


හැබැයි ඉතින් කතා බස් කරන්න ඕන 17 වත්, 13+ වත්, 18 වත් ගැන නොව ඒ මිනිස්සුන්ගේ ඔලුවලට වද  දෙන ඇත්ත ප්‍රශ්න ගැනය.


ඌවේදී විපක්ෂේ මහා දෙගොල්ලොම මේ දේ උපරිමයෙන් කරපු එකෙන් බොහොම වටිනා ප්‍රතිපල ලැබුනේය.


කපු සසිය සහ ආණ්ඩුව ඌව දින්නේ රෙදි අහිමිවය. තාමත් උන් ට වුනේ මොකක්ද කියලවත් හිතා ගන්න බැරිව වගෙය.


ඒ හින්ද විපක්ෂේ මේ වෙලාවේ කරන්න ඕන ලොක්කට තුන්වෙනි පාර බැරිද පුලුවන්ද කියන මගොඩිය ගැන කතා කරන්න විතරක් තමුන්ගේ වෙලාව වචන නාස්ති නොකර රට ගැන රටේ මිනිස්සු ගැන රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න පටන් ගන්න එකය.

මේ වැඩේ බොක්කෙන්ම කරපු දාට ආපහු අපිට “පලයව්” උද්ගෝෂණ “ ජනබල මෙහෙයුම්” දකින්නට ලැබෙනු ඇත.

මිනිස්සු එකතු වුණු දාට මොන රෙජිමේත් කානු පල්ලට යන්නේය. හොඳම උදාහරනේ ලෝකෙට ම දීල තියෙන්නේ වෙන කවුරුවත් නොව අපේ ලොකු තාත්තගේ ගජයෙක් වෙච්ච ගඩාපි මාමා ය.



අදට ඇති..

ගිහින් එන්නම්..

ජය වේ..




35 comments:

  1. මොන රෙද්දක් කියන්නද.. කියන්න තියෙන ඔක්කෝම ලියලා නේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් බොස් ගේ කමෙන්ට් එක ස්තුති පූර්වකව බාර ගන්නවා...

      Delete
  2. ඉල්ලන්කාව...
    ඒක මරු නම නෙහ්.. :D
    හැක්

    ReplyDelete
    Replies
    1. මේක මම හදපු නමක් නෙමෙයි බන්.

      මට මතක හැටියට කාලෙකට කලින් පත්තරේක දැකපු නමක්.

      මගේ පොස්ට් වලට ගැලපෙන හින්ද පාවිච්චි කරන්න පටන් ගත්ත.

      Delete
  3. ඒ සිරාවටම ත්‍රිකොනේ එක්ක මොකක්ද ඔච්චරම තියෙන වලිය? :D

    ReplyDelete
    Replies
    1. වලියක් වගේ පේන්න පුළුවන් .එත් මෙතන තියෙන්නේ ත්‍රිකොනේ ගැන කලකිරීමක්.

      හොඳට නම රැකගෙන ආපු ත්‍රිකොනේ දැන් හෙළුවෙන් නටන්න පටන් අරන්. උන් උන්ගේ ජොබ් එකවත් හරියට කරන්නේ නැතිව රටේ පක්ෂ ප්‍රතිසංස්කරණය කරන්න හදනවා.

      ඔතන තමයි විභීෂණ ට ත්‍රිකොනේ එක්ක වලිය තියෙන්නේ.

      Delete
  4. ඔය විපක්ෂෙ ඉන්න ඔක්කොම මැටි මෝලන්ල නොතේරෙන්නෙත් ඔය ටිකමනෙ.

    කියන්න ඕන ඔක්කොම ලියවිලා. එළ.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ ප්‍රියා.

      අපිට කවදා ආපහු හරි හමන් විපක්ෂයක් ලැබේද මන්ද...

      Delete
  5. ස්වාධීන චින්තනයක් ඇතිවන්නේ, යම් පුද්ගලයකු, ලෝකය සමග ගැටීමෙන්, ලෝකය අධ්‍යයනය කිරීමෙන්, මිනිසුන් ඇසුරු කිරීමෙන්, ලබාගන්න පරිචය තුලින්. දේශපාලනය යනු, හුදු ඡන්ද ව්‍යාපාරයකි කියා සිතන තැනැත්තා, අපට දිගු කලක් සේ පෙනෙන කෙටි කාලයකට රජවනු ඇති. නමුත් ඔවුන් කඩා වැටෙන්නේ, වටේ ඇති පොඩි පඳුරු පවා සමූල ඝාතනයකට ලක් කරමින්. දේශපාලන දර්ශනයක් ඇති තැනැත්තා, හෙමින් තම අරමුණ කරා යනු ඇති. ජේ.ආර්. ජයවර්ධන එවැන්නෙක්.

    රනිල් උන්නැහේ, ත්‍රිකෝණ ලොක්කාගේ දේශපාලන රෙද්ද කැඩුවා, කාලෙකට උඩදී. ත්‍රිකෝණ ලොක්කාගේ දේශපාලන හෙළුවේ ගඳ, මුළු රට වසා පැතිර ගියා. ත්‍රිකෝණ ලොක්කා, තම දේශපාලන හෙළුව වහගන්න කරපු උප්පරවැට්ටි ඔක්කොම, වතුරේ ගියා තවමත් යනවා. දැන් ඌ හිතන්නේ, හෙළුව කියන්නේ ඇඳුමක් කියලා.

    ඔන්න ඔච්චරයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. // දැන් ඌ හිතන්නේ, හෙළුව කියන්නේ ඇඳුමක් කියලා. //

      ත්‍රිකොනේ ගැන මෙන්න මේක තමයි ඇත්තම ඇත්ත කතාව..

      Delete
    2. ඔබ තුමා නම් දෙයියෙක් විචාරක බොස්.

      සහසුද්දෙන්ම කියල තියෙනවා වෙන්නේ මොකක්ද කියල..

      Delete
    3. විචාරක.....මල් හතේ කමෙන්ට් එකක්!!!!!

      Delete
  6. මේ වගේ එකක් කියවාගෙන එවිත් අවසානේ කමෙන්ටුව දාන්න කලින් තියෙන එකත් පට්ට බන් ''පිස්සු හැදුනද? කේන්ති ගියාද ? දුම් පිටවුනාද ? හිනා ගියාද ''
    උඹ කතා ගොඩක් කියලා කොම වුණ්ත් අර 7500යේ කතාවට බන්දුල ලොක්කා මොකක් හරි ගැටයක් ගැහුවා ,මං නම් කැමැතිම ච්රිතයක් මොන පක්ෂ හිටියත් මනුස්සයා ආර්ථික විද්‍යාව පැහැදිලි කරනවා බලන්න
    ජය

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මචන්..

      බන්දුලට හොඳට ආර්ථික විද්‍යාව පුළුවන් බව අපිටත් හොඳට පැහැදිලියි..

      එත් මනුස්සයට හත්පොලේ ගා ගන්නේ නැතිව දේශපාලනය කරන හැටි දන්නේ නැහැ..

      ඔන්න ඕකයි මිනිහා ඇදගෙන නාන හේතුව...

      Delete
  7. රනිල්ලාට 2002 දිනන්න හැකිවුණේ සාමාන්‍ය මිනිස්සුන්ට කතාකරලා උන්ව අරං පෙලපාලි ගිය නිසා. ඊට පස්සෙ අවුරුදු දෙකෙන් කෙළවුණේ සාමාන්‍ය මිනිහා අමතක කරලා ජාත්‍යන්තරය එක්ක හනිමූන් ගියනිසා. මේ දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනි. රනිල්ට ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මැනවින් තියෙනවා. අර ගඩොල් බිත්ති ඉස්සරහ 10 දෙනෙකුට පොකට් මීටිං තියලා බෙරිහං දෙන සජිතටනං ඒක කොහෙත්ම නෑ. මහින්දට ජාත්‍යන්තර සහයෝගය තියෙනවා සජිත්ට වඩානං. හැබැයි ඉන්නෙ කසඩ රටවල් ටික විතරයි. මහින්ද සාමාන්‍ය මිනිහාගේ හදවතට කතාකරනවා තමන්ගෙ පපුවට ගහගෙන. බර බර මාතෘකා අත ඇරලා සාමාන්‍ය මිනිහගේ බඩට කතා කලොත් රනිල්ට ගේමක් නෑ අදත්. දූෂණය/භීෂණය ගැන කිව්වට මිනිස්සු අනේ අපෝ කියලා ආයි කතිරෙ ගහනවා ඒකෙන් තමංගෙ බඩට පාඩුවක් නොදැනෙන නිසා. හැබැයි මිනිස්සුංගෙ බඩ කතාකරන්න ගත්තම කොම්පියුටර් ජිල්මාට් තියා මොන ගැහිලි ගහලවත් නාය යාම නවත්තන්නත් බෑ. ඒකට තව ටිකක් කල් තියෙනවා වගේ.
    උඹත් දැන් පොඩි මාතලං වෙලා...හොඳා, හොඳා...

    ReplyDelete
    Replies
    1. සජියට වඩා මිනිස්සු එකතු කරගන්න පුළුවන් එවුන් ප්‍රාදේශීය සැබෑ වලත් ඉන්නවා.

      ඌ ගැන කතා කරනවට වඩා හොඳයි බන් ඒ කට ගලක උලා ගන්න එක..

      බඩ කතා කරන්න ගත්තු දාට ඔය කාගේ කාගේත් රෙදි ගැලවෙනවා...

      උඹේ කමෙන්ට් එකට තැනක් යූ මචන්...

      Delete
  8. අඩෝ 7500 නෙවේ 2500 නේද ?

    රටක විපක්ෂේ කියන්නේ විකල්ප ආණ්ඩුවක් ය. අපේ රටේ විපක්ෂේ කියන්නේ විකල්ප විපක්ෂයකටය ... උන්ට විපක්ශේ වෙන්නත් තව කාලාන්තරයක් ගතවනු ඇත

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බන්...

      මට දැන් එච්චර ඒ ගැන මතක නැහැ..

      ---
      අපේ විපක්ෂේ ගැන කුමන කතා ද බන්,,,?

      Delete
    2. ඔව් ඈ...
      මාත් කම්පනා කොලේ කවද්ද බංදුලව 7500 ගැන කීයෙ කිවල..

      Delete
  9. වෙන්නෙ නම් ඔය කියපු ටික තමයි. ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන එක ගැනනම් ඉතින් අපි දන්නෙත් ඔය වොයිස් කට් වලින් කියන දේමනේ. ඒ කොහොම උනත් ඇත්ත ප්‍රශ්නෙ යට ගැහෙන්න මේ වගේ ගූ කන්දක් අනිවාරෙන්ම කාලෙන් කාලෙට ඇවිස්සෙනවා. කලින් පාර පොදු අපේක්ෂකයා විදිට හමුදාපති තුමා එනකොටත් ආණ්ඩුව ඒක නවත්තන්න නොකරපු දෙයක් නෑ. අද කෝ ඒ කිව්ව චෝදනා. කෝ ඒ නඩු. එදා ආණ්ඩුව කරපු දේ අද විපක්ෂය කරනවා. කොහොම උනත් හැබෑවටම තුන් වතාවක් ඉල්ලන එක නීති විරෝධී නම් ඒ වෙනුවෙන් හඬක් නැගෙන්නම ඕනි. නැත්නම් මේක උන්ටම ගිය රට වෙනවා. නීටිය බල්ලටම යනවා. (යන්න දෙයකුත් නෑ)

    ReplyDelete
    Replies
    1. වෙන ගොඩක් රටවල් වල නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ..
      මෙහෙ ටිකක් වෙනස්...

      මෙහෙ නඩුත් තාත්තගේ.."බඩු " ත් තාත්ත ගේ..අර තරාදියයි කඩුවයි උස්සන් ඉන්න අන්ධ ගෑනි ත් තාත්තා ගේ...

      Delete
  10. අර කියන්නා වගේ මෙනවා කියන්නද..එල ද බ්‍රා වගේ ලියලා.

    ReplyDelete
  11. හුකෑස් කියවෙන්නේ නැත... තියෙන්නේ අමුතුම මයින්ඩ් එකකි...ඒක කියන්නට මේකාට නොතේරේ..
    ඒ වුණත් සහසුද්දෙන්ම කියන්න දෙයක් ඇත..
    දැං නං අහලාම කතා කරලාම දේසපාලනේ තිත්තය... ඒ තරං ජුවල්ය....

    පෝස්ට් එක නං පට්ටය.. කියන්න කිසිත් නැත... ඒ තරං ඒකේ කරුනු ටික උපරිමව කියා ඇත...
    ජයවේවා

    ReplyDelete
  12. විපක්ෂයේ අවසානය බලන්න වෙන්නේ මේ පාරවත් එකතුනොවී හිටියොත් තමයි.

    ReplyDelete
    Replies
    1. ඕ යේස්...

      මේ පාරත් බලු පොරේ හිටියොත් හැමෝටම හුප්පේ තමයි...

      Delete
  13. ලියලා තියෙනවා පොරි හැලෙන්න......................

    ReplyDelete
  14. ඇත්තමයි...... කියන්න ඕන සියලුම දේ මෙහි ලියා ඇත.....

    ReplyDelete
  15. නියමයි ඔන්න මාත් ගොඩ වැදුනා දිගටම ඇවිත් යන්න අවසර

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා...

      දිගටම සැට් වෙමු....

      Delete
  16. පට්ටයි විභියෝ!
    කොහෙන්ද බං පින්තූර හොයාගත්තෙ? මරු පින්තූරු ටික!

    ReplyDelete
    Replies
    1. දෙය්යන්ගෙන් බන් ඉල්ලා ගත්තේ...

      මම කිව්වේ මේ ගූගල් දෙය්යන්ගෙන්,,,

      Delete

කමෙන්ට් කලාපය....