2014-10-03

නිවුස් නැති නිවුස් ෆස්ට්.

අදත් රෑ හතට ඔන්න විභීෂණ සහ පියානෝ (සංගීත භාණ්ඩේ නෙමයි ok) නිවුස් බලන්න වාඩි වුනා.

ටී.වී එකත් දැම්ම කියමුකෝ.

සිරස ටත් චැනල් එක මාරු කළා කියමුකෝ.

රෑ හතත් වුනා කියමුකෝ.


ඔන්න ඉතින් අර මදුරුවෝ කෑගහනවා වගේ සද්දෙකුත් එක්ක පටන් ගන්න සිරසේ නිවුස් ෆස්ට්...

විනාඩිය ගතවුනා දෙකක් ගතවුනා..තුන හතර පහ දහය වුනා..

එත් ඉතින් කෝ නිවුස්..?

මොකක්ද යකෝ මේ ළඟකදී ඉඳල මේ අකුරු තුනේ චැනල් එකට වෙලා තියෙන්නේ..?

එහෙම සමාදානෙන් හිතෙන කොට විභීෂණට චිත්තරපටියක් වගේ ඉතිහාස කතාවක් මතක් වෙන්න පටන් ගත්ත..

ඔන්න දිග ඇරිය ඒ චිත්තරපටිය...

කාලාන්තරයක ඉඳන් විභීෂණ සහ පවුලේ උදවිය උදේ හයාමාරට, දවල් දොළහ මාරට ,හවස හයාමාරට සිරස එෆ් එම  ගාවත් රෑ හතට සිරස ටී.වී එක ගාවත් පදිංචි වෙන්න සර්ව සාධාරණ එකම එක හේතුවක් තිබුනේය. ඒ වෙන මොන මල දානයක්වත් නොව රට ඇතුලේ වෙච්ච දේවල් හරියටම දැනගන්නය.

අර කියනවත් වගේ වචනයේ පරි සමාප්තාර්තයෙන්ම කිව්වොත් ප්‍රවෘත්තී විදියට ප්‍රවෘත්තී දැනගන්නටය.

විභීෂණ ගේ පවුලේ උදවියගේ විතරක් නොව රට ඇතුලේ ජීවත් වුණු හැමෝටම තිබුණු ඒ අවශ්‍යතාව ට සැලකිය යුතු තරමටත් වඩා වැඩි සාධාරණයක් කිරීමට සිරස ට හැකිවුණු බව මේ මොහොතේ මෙතන ලියවිය යුතුමය.

විභීෂණ ගේ මතකය හරි නම් සිරස කස්ටිය නිවුස් කියන්න පටන්ගත්තු  94, 95 කාලේදී වගේ කියපු එක නිවුස් එකක මොකක්දෝ කෙස් එකක් හින්ද ඒ කාලේ තිබ්බ සැටලයිට් ආණ්ඩුව විසින් මේ අයගේ නිවුස් තහනම් කළේය. කොහොම හරි ටික කාලෙකින් ඒ තහනම ඉවත් වුනේය.

විභීෂණ නම් හිතන්නේ සිරස හරියටම ප්‍රවෘත්තී කියන්න පටන් ගත්තේ මේ සීන් එකෙන් පස්සෙ කියලය.

ඒ කියන්නේ එයින් පස්සේ සිරසේ නිවුස්වල නිවුස් කොලිටිය එහෙම නැත්නම් ප්‍රවෘත්තීමය වටිනාකම ඉස්තරම්ම විය. මුළු රටටම සිරස නිවුස් නැතිවම බැරි විය .

හුළං විදුලියෙයි, වාතවාහිනියෙයි, සුවා දීනෙයි පන්දම් නිවුස් අහල බලල හෙම්බත් වෙලා හිටපු රටට ආපහු නිවුස් අහන්න බලන්න උනන්දුව ඇතිකළේ සිරස කියල සිරසත් ඊට පස්සේ ආපු එක එක වාහිනී සහ ඇෆ් ඇම් කෑලිත් හොඳින්ම දන්නා කැරුණු කාරණා ය.

ඒ තරමට එදා සිරස නිවුස් රට හෙල්ලුවේය. සැටලයිට් ටත් එක පාලනය කරගන්න බැරි විය.

වහගෙන කරපු සමහර දේවල් ඇත්තටම වැහිලා තිබිල නැහැ කියල ඒ නෝනා ටත් තේරුනේ එව්වා සිරසේ පතුරු ගැහෙන කොටය.


මේ වගේ වැඩක් නිකම්ම කරන්න බැරිය. එකට හිතාගන්නවත් බැරි කැපවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යය.
එහෙම කැපවීමක් කරන්න පුළුවන් මාර පට්ට බුවාලා සැට් එකක් ම එදා සිරසේ සිටියේය.

මේ ළඟදී දවසක පත්තරේක ඉන්ටවිව් එහෙකදී සිරසේ චේතනා ලියනගේ කිව්වේ නිවුස් කියපු ඒ කාලෙදීඑක දිගට පැය දහය වැඩකරපු දවස් ඕන තරම් තිබුණු බවය.ඒ කියන්නේ ඒ අයගේ කැපවීමේ තරමය. එදා සිරස නිවුස් ගැන රටම පැහැදුනේ චේතනා වගේම  සිරසේ නිවුස් වල මැරීගෙන වැඩ කරපු එවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදියටය.


"සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට" කියන සිරසේ නිවුස් තීම් එක රටේ මිනිස්සුන්ගේ බොක්කෙම තැන්පත් වුණු වචන හතරක්ය. ඒ එක්කම මෑතක් වනකම්ම සිරසේ සැට් එකත් මේ වචන හතරට බොහොම හොඳ වටිනාකමක් දෙන්න දිවා රෑ නොබලා වැඩ කළහ.

එත් ඉතින් අනිච්චේ දුක්කේ කියන්න වගේ 2003 2004 විතර කාලේ ඉඳන් සිරසට අමුතු උණක් හැදෙන්න්නේය. රටේම නමක් තියාගෙන වැදගත් කමක් ඇතිව ප්‍රවෘත්තී කියපු සිරස  ප්‍රවෘත්තී වෙලාවට ප්‍රවෘත්තී නොකියා වෙන වෙන රෙද්දවල් කිරීම ට මහා කරුමක්කාර උණක් උන්ට වැලදුනේය.

ප්‍රවෘත්තී ඇතුලේ පොලිටික්ස් ගේම් ගහන්න සිරස පටන් ගන්නේ මේ කාලෙදිය.

එව්වා කලේ මේ නිකම් ආවට ගියාට නොව S.M.S වලින්ය. 

අරගොල්ලෝ මේකට ඡන්දේ දෙයිද, අරයා මෙහාට එයිද, මෙයා එහාට යයිද,අහවලාගේ රෙද්ද ඉරෙයිද , අපේ ජංගිය කොටයිද වගේ පට්ට ගූ කෙස් අල්ලාගෙන ඔව්ද නැද්ද කියල S.M.S ගෙන්නාගෙන කරන අමුතු සෙල්ලම පටන්ගත්තේ මේ උන්නාසේලාය.

ඕව ආපු මුල් කාලේදී ඉතින් විභීෂණ සහ සමාගම ත් ගෙදරදී කලේ මේකේ ඡන්ද ප්‍රතිපල බලන් ඉන්න එකය.

අපිට වුනත් ඉතින්න් ඔව්ව පොඩි කාලේදී තේරෙන්නේ නැහැනේ මෙයා.


එත් ඉතින් එකක්ද දෙකක්ද කීයක්ද...මුන් මේ රටේ වෙන හැම මගුලම උන්ගේ S.M.Sවලින් මාකට් කරන්න පටන්ගත්ත ම අපිටත් ඉතින් පුෂ්ප විකසිත වීම පුදුමයක් නොවේය.

මේ ය කියපු කියපු අනාවැකිය ඇත්ත වෙන්න පටන් ගත්තම ඉතින් අපි හැමෝම අර මගුලේ ග්‍රහලෝක ත් අතැරලා මේ S.M.S සේවෙ බලන්න ගත්තේ මෙව්වා එසේ මෙසේ බඩු නොව නවීන තාක්ෂනය මුසු කරලා හදාපු කේස් නිසාය.

එක කාලෙකදී හැමගහට ම කොට කොටා කොට කොටා ගිය කොට්ටෝරුවත් කෙහෙල් ගහට කොටලා හොට හිර කරගත්ත කියන නූතන  සංස්කරණය සිද්ද වුනේ සිරසේ නිවුස් වල පෙන්නපු මේ S.M.S සාස්තර සේවේ නිසාය.

ජල්තරේ වුනේ 2005 දිය.හරියටම කිව්වොත් 2005 ජනාධිපති වරනයේදීය.

එදත් ජනාධිපතිවරණෙ පබ්ලිස් කරලා වැඩි කල් යන්න මත්තෙන් මේ වාහෙලා S.M.S සෙල්ලම පටන් ගත්තේ හැමදාම වගේ මේ සැරෙත් එල කිරි වගේ වැඩේ සිද්ද වෙයි කියල හිතාගෙනය.

S.M.S ප්‍රශ්නේ වුනේ ජනාධිපතිවරෙනේ දිනන්නේ රනිල්ද මහින්ද ද කියන එකය. අපේ මනාපය 7788 ට S.M.S කරන්න කියල මෙයාල ඉල්ලුවේය.

කොහොම හරි වැඩේ නැගලම ගියේය. S.M.Sසාස්තරේට අනුව ඡන්දේ දිනන්නේ රනිල් සර් ය.

එත් කොට්ටෝරුව වෙනුවෙන් කෙහෙල් ගහ සෙට් වුනේ මෙතනදී ය. ඒ කියන්නේ ඇත්ත ඡන්දේ දින්නේ මහින්දය. 

තාමත් ලොක්ක මහින්ද මය. අර S.M.S ඡන්දෙට, තරගෙට වෙච්ච දෙයක් නැත . වගේ වගක් නැත. ප්‍රතිපල වලට පහු වෙනිදා ඉඳන් සිරසේ කට්ටිය හිට්යේ හරියට ගල උඩ රිව්ව බළල් තඩිය වගෙය. බෙට්ටට වෙච්ච දෙයක් නැත.

ඔය මං කිව්වේ දන්නා ප්‍රවෘත්තී ය කියල ඉන්න නැතිව නොදන්න රෙද්දවල් කරන්න ගිහින් සිරස නාගත්තු එක අවස්තාවක්  ගැන පමණය.


මෙන්න තව එකක්.

රනිල් ව එලවන්න කියල සිරස ඉක පුරාගෙන දඟලන්නේ දැන් අවුරුදු දෙක තුනක සිටය.

උන්නහගේ පෙළපත, සරුබව අරක මේක හැම මලදානෙම අරගෙන නිවුස් ඇතුලේ අමුතු අමුතු නම් දාගෙන නිවුස් පටන්ගත්තු වෙලේ ඉඳන් ඉවර වෙනකන්ම පතුරු ගැහුවේ රනිල් ව එලවල අර නිදන් හොරා ව පුටු වාඩි කරවන්න ය.


මෙලෝ යකෙකුට වැඩක් නැති ප්‍රස්තාර දාගෙන අර ප්‍රතිශතේ අඩුවුනා , මේ ඉලක්කම වැඩි වුනේ, අර ලබ්බ ඉස්සුනා මේ ලබ්බ පාත්වුනා වගේ ගොබ්බ කතා කියෝ කියෝ මෙයාල කලේ දෙය්යනේ කියල ප්‍රවෘත්තී බලන්න එන අපි වගේ අහිංසකයින් ලව්වා තම තමුන්ගේ දෙමවුපියන් සිහිකරවගන්න එක පමණමය.

මොන ප්‍රස්තාරේ කොහෙන් ගියත් මේ රටට වැඩක් නැත.

අතට සල්ලි ටිකක් ලැබෙන රස්සාවක් කරගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න පුළුවන් ආණ්ඩුවක් මිස අපිට මේ කොහෙවත් යන ගම් මට්ටමේ බිම් මට්ටමේ රෙද්දවල් වැඩක් නැත. ඒ වගේ මට්ටම් වල ඉන්න වාහෙලා ගේ කතා ඇහුව කියල අපි එකෙක්ගේ වත් බඩ කට පිරෙන්නේ නැත.

දැන් අවුරුදු තුනක වගේ ඉඳන් මුන්දල දඟලන්නේ රනිල් ව එලවන්න වුනත් තාමත් අලියාගේ අයිතිය තියෙන්නේ රනිල්ට මය. නිදන්හොරා ට වුනේ ළඟ තියෙන බංකුව උඩ වාඩිවෙලා ඉන්න එකය.

තාම ඉතින් බළලා ඉන්නේ ගල උඩ කියල ඔහෙලා අපිට තේරුම් ගන්න ඒ හැටි දැනුමක් අවශ්‍ය නැත.



වේ දේවල් වෙනකොට අපිට කේන්ති ගිය එකම කාරනේ වුනේ ප්‍රවෘත්තී වෙලාවේදී ප්‍රවෘත්තී නොකියා වෙන වෙන මගුල් කර කර ඉන්න එකය. අපි එන්නේ  ප්‍රවෘත්තීබලන්නය.එයාල කරන්නේ ගේම්ෂෝ පෙන්නනඑකය.

ඔය ඔක්කොටම වැඩියෙන් තියෙනේ දරුණුම ප්‍රශ්නේ තියන්නේ ප්‍රවෘත්තී කියන වෙලාවටය.

අර කූං කූං සද්දේ  පටන් ගන්න කොට අපිත් හරි බැරි ගැහිලා පුටු වල ඉඳගන්නෙ ප්‍රවෘත්තී බලන්නය. 

නිවේදක ඩබල ආයුබෝවන් එහෙම කියල හෙඩ්ලයින්ස් ටික කියල කට ගන්න නැහැ ඔන්න ප්‍රථම පුවත ට ස්පොන්සර් කරන බුවා ගැන add එක යනවා.

ඒක ඉවර වෙලා මහලොකු ප්‍රථම පුවත ඉවර වෙච්ච ගමන් ම අන්න අර add එක ආයේ යනවා.

ඊට පස්සේ ඔන්න එනවා මුල් පුරවැසි පුවත් සිරැසි කියල එකක්. එකේ යන්නේ ලොක්කගේ ගමන් බිමන්, සාකච්ඡා වගේ දේවල්.

ඔන්න ඊට පස්සේ යනවා "Developing Story " කියල මලදානය ක්. මුලින්ම යන්නේ එකට ස්පොන්සර් කරන කොම්පැනියේ  add එක. ඔන්න ඉතින් Developing Story ය ඉවර වෙච්ච් ගමන් අර add එක ආපහු.

ඊට පස්සේ එන්නේ විමර්ශන. ඊට පස්සේ එකේ ස්පොන්සර් add එක.

ඔය අතරේ මොකෙක් හරි ඇමතියෙක් කතා කරලා තිබ්බොත් එකත් යනවා.

සිරසෙන් කොටහළු වෙලා පොලිටික්ස් වලට බැහැපු නිවේදක සැට් එකේ ඒ කියන්නේ රංගා, සුසාර, සුසිල්, මරික්කාර්, බුද්ධික වගේ අයගේ කතා ටික ඊට පස්සේ.

ඔන්න එතකොට හතහ මාරයි.

ඔය අතරේ ඇත්තටම news value එකක් තියෙන එව්වා අහුවුනොත් කරන්නේ "මේ පිලිබඳ වැඩි විස්තර රාත්‍රී දහයට" එහෙම නැත්නම් " මේ පිලිබඳ වැඩි දුර තොරතුරු දැන් අපේ වෙබ් අඩවියේ " වගේ පොඩි ළමයි ඉස්සරහ වුනත් අපේ කටවල් වලට සිංහල මතක්වෙනා විදියේ ප්‍රකාශ කරන එකය.

ඇයි හත්වලාමේ හතට අපි ප්‍රවෘත්තී බලන්නේ ප්‍රවෘත්තී සංපූර්නයෙන්ම  බලන්න මිසක්ක එකේ තව කෑල්ලක් රෑ දහයට බලන්න නෙවෙයි නේ. අපිට කොහේ තියෙන අමාරුවටද.

අර අනිත් චැනල් වල කියනවා වගේ ප්‍රවෘත්තී අන්තිමේදී තම තමුන්ගේ වෙබ් අඩවිය ගැන  කිව්වනම් අවුලක් නැත. පුළුවන් එකා වෙබ් ගිහිල්ල තව තොරතුරු හොයාගන්නවය. 

ඒ වුනාට ඉන්ටනෙට් නැති එවුන්ට එහෙම බැරිය. එහෙවු එකා ඉතින් ටීවී එකෙන් සැනසීම ලබනවා අර වෙන කල හැකි දෙයක් නැත.

ඉතුරු කෑල්ල වෙබ් එකේ බලන්න පුලුවන්නම් අපි මොන රෙද්දකට ටීවී එක ළඟ ටැග් ගැහි ගැහි ඉන්නේ..

මේ ගොල්ලෝ හිතන් ඉන්නේ එයාල ව පේන්නේ කොළඹට විතරක් කියල වෙන්න ඇති ය.

ඔය ප්‍රවෘත්තී කියන අතරේ මහා විහිලු වඩාත් ඉඳ හිට සිද්ද වෙනවාය. 

එක වෙලාවකට මේ සැපට සනීපෙට මැදිරිය ඇතුලට වෙලා ප්‍රවෘත්තී කියන්න පුළුවන්කම තියෙද්දිත් පට්ට උස බිල්ඩින් වල  උඩම තට්ටුවට නැගල පට්ට හුලං අස්සේ කට්ට කාගෙන ප්‍රවෘත්තී කියනවාය.

ඒගොල්ලෝ හිතන්නේ එව්වා මහා පොර වැඩ කියල වෙන්න ඇතිය. එත් විභීෂණ ට හිතෙන්නේ ඒ තරම් ගොන් පාට් වෙලේ ඉන්න ගොනේක්වත් කරන්නේ නැත කියාය.

තව වෙලාවකට "Live Digi Transmission " කියල එකකින් ඈත ඉන්න එවුන්ගෙන් ප්‍රවෘත්තී ලබා ගන්න්නවය. 

එව්වල එක වෙලාවකට සද්ද නැත. තව වෙලාවකට රූප නැත. 

එව්වා බලන අපිට සැනසීමක් නැත.

ඒ හින්ද මේ වගේ වැඩ කරනකොට මීට වඩා ඔය මහා ලොකු මොළ පාවිච්චි කරලා හිතන්න උවමනාවම්ය.
===
==
=
ලංකාව ඇතුලේ නිවුස් වලට අලුත් ස්ටෑන්ඩර්ඩ් එකක් හදන්න සිරසට පුළුවන් විය. එත් ඒ ස්ටෑන්ඩර්ඩ් අතහැරලා ඉබාගාතේ ඇවිදින්නෙත් සිරසම ය.

මෙච්චර කාලෙකට සිරසට චැලේන්ජ් කරන්න එකක් තිබ්බේ නැත. එත් දදැන්  එහෙම එකක් ටිකටික  තමන්ගේම ස්ටෑන්ඩර්ඩ් එකක් හදා ගෙන එන බව බොහොම පැහැදිලිව පෙනෙන්ට ඇත.

ඒ වෙන මොකක්වත් නොව " දෙරණ " චැනල් එකය. වල්පල් නොකියා අඩු වැඩි නොකර ප්‍රවෘත්තී විදියට ප්‍රවෘත්තී කියන හැටි ඉගෙනගන්න ඕන නම් සිරසට කරන්න තියෙන්නෙත් දවස් දෙක තුනක් හරි දෙරණ බලන එකය.

ටිකක් විතර ලජ්ජා තමයි. එත් ඉතින් හරියට ප්‍රවෘත්තී කියන්න ඉගෙන ගන්න ඕන නම් ඒ දේ කරන්නම ඕන ය.

එදා සිරසේ තිබ්බ මොරාල් එක දැන් තියෙන්නේ දෙරණ ළඟ බව විභීෂණ ට ද ටික ටික දැනෙන්නේය.

අපි මෙහෙම කියන්නේ සිරස වට්ටන්න වත් මඩ ගහන්න වත් නොව සිරසේ සිරස හදා ගන්න ටය. 

එහෙම වේවා කියන එක විභීෂණ ගේ පැතුමක් ය.

අදට ඇති වගේ..

සුබ දවසක්...
===================================================================

මගේ බ්ලොගේ සොයුරු සොයුරියන් වෙත 


ඔහෙලටත් මේවගේ අනන්ත වත් හිතිලා ඇති .

කතා කරන්න ඕන ප්‍රශ්න කප්පරක් තියෙද්දී මේ වගේ දෙයක් ගැන ලියපු එක ගැන ඔබ තමුන්නාන්සේලාට කේන්ති ගියානම් ගැත්තා ට සමාවෙන සේක්වා..

ඊයේ පෙරේදා සිරස නිවුස් බලන්න ගිහින් ලබපු අත්දැකීම් නිසා ඇතිවෙච්ච පහන් සංවේගය පිට කරගන්න තමයි මෙහෙම පොස්ටුවක් කොටන්න සිද්ධ වුනේ.

30 comments:

  1. දෙරණ ගැන දන්නෑ... නමුත් සිරස ගැන කතාව ඇත්ත... ඒ හොඳම කාලේ මට හිතුණා සිරසෙන් සී එන් එන්, අල් ජසීරා වගේ පැය 24ම ප්‍රවෘත්ති කියන චැනල් එකක් පටන් ගත්තොත් ගේමක් නැතුව ඒක රටේ ප්‍රවෘත්තී නාලිකාව වෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ කාලේ එහෙම හිතාගෙන හිටියා. ලොකු බලාපොරොත්තුවක් තිබුනා සිරසත් 24 X 7 නිවුස් චැනල් එකක් දායි කියල.\

      කොහෙද..මුන්ට ඊට වඩා වෙන වෙන රෙද්දවල් ලොකු වුනානේ.

      අන්තිමේදී අපි බලාපොරොත්තු වෙච්ච දේ කලේ දෙරණ. අන්න ඩයලොග් ටීවී එකේ "අද දෙරණ 24 X 7 " කියල 100% නිවුස් චැනල් එකක් දාල.

      Delete
  2. හැම චැනල් එකකටම පොලිටිකල් අජෙන්ඩා එකක් තියෙනවා , සමහරු එක එළිපිට පෙන්නනවා, දැන් සිරස හෙලුවෙන්ම නටන්න පටන් අරන් එකයි සිද්ධිය, කොහොම වුනත් නිව්ස් බැලිල්ල නවත්තලා ගොඩක් කල්. තොරතුරු එන ක්‍රම ඕන තරම් තියෙන එකේ මොකටද නිකන් වාත වෙන්නේ . ඊට වඩා හොඳයි අර ලයිව් @ එයිට් කියන ළමා කතාව බලන එක .

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා ඉවානය අපිත් ටීවී නිවුස් අතැරලා දාන්න කාලේ හරි කියල.

      සිරස නටන මේ නාඩගම යි අර නයි ටී ඇන් එකේ නිවුස් කියල කරන විගඩම යි දෙකම එකයි දැන්.

      Delete
  3. අනික් උන් කැලේ යද්දි අපි පාරේ යනවා කියලයි ඉස්සර සිරස කිව්වෙ. අපිට කියන්න තියෙන්නෙ අනික් උන් කැලේ යද්දි සිරස කානුවේ යනවා කියලා තමා. ඕනිම ආයතනයක පැවැත්ම හෝ විනාශය සඳහා බලපාන ප්‍රධාන ලක්ෂණය ඒකේ ලොක්කා කියනඑක තමා ඔප්පු වෙන්නෙ. බලපං අපේ සමාගම් කීයක් ඔය ලොක්කො මාරුවීම එක්ක මේ වෙනස වුණාද? Tri-star Apparel, DCSl, Ceylon Breweries. මතකද ජාතික රූපවාහිනියෙ කොටට අන්දපු කෙල්ලො නිවුස් කියන්න දැම්මා (අපිනං බොහොම මනාපයි). කඩේයාම නැත්තං හොඳම වැඩසටහන්, ප්‍රවෘත්ති, විශේෂාංග කරන්න පුලුවන් තරමට සම්පත් තියෙන්නෙත් ලංකාවටම පේන්නෙත් ජාතිකෙයි, සුවාදීනෙයි. ඒත් උන් ඒ තියෙන පහසුකම්වලිංවත් වැඩක් ගන්නෑ.

    ReplyDelete
    Replies
    1. Tri-star Apparel, DCSL, Ceylon Breweries. එල් සිම්පල් වෙලා මචං.

      Delete
    2. අන්න එක ඇත්ත. ලොක්ක පිස්සු බුවෙක් නම් එතනින් පල්ලහට වෙන දේවල් හිතා ගන්න මහන්සි වෙන්න ඕන නැහැ.

      කඩේ යන එක ඉවසන්න පුළුවන් බන්. මේ රෙදි ගලෝගෙන දුවන එකනේ ප්‍රශ්නේ.

      Delete
  4. මම හිතන්නෙ හිරු නිවුස් එකත් ඉක්මන්ටම ජනතාව අතරට ගියා. ස්වර්ණවාහිනී ප්‍රවෘත්තිවලිනුත් නාටක රගදක්වන්න යන එක නිසා එයාලගේ නිවුස් වුනත් පහලට බැහැලා ගිහින්..සුදුසුකමට ජවයට තැනක් දෙන්නෙ නැතිව අතීතය මත ගොඩනැගෙන්න ගියාම ඔහොම අවුල් වෙනවා..

    ReplyDelete
    Replies
    1. වැඩේ හැටියට වැඩේ නොකරන කොට වෙන්නේ මේක තමයි අමිල.

      හිරු නිවුස් ජනතාව අතරට ගියාට එකේ නිවුස් ගැන නම් වැඩියේ විශ්වාස කරන්න බැහැ. ඔලුවට වෙඩි වැදිච්ච එකා හාස්කමකින් සුව වුනා කිව්වේ ඕකෙ නේ බන්.

      අර ඉවානය උඩ කියල තියෙනවා වගේ මේ හැම චැනල් එකටම නිවුස් වලට වඩා එහා ගිය පොලිටිකල් ඇජෙන්ඩා එකක් තියෙනවා

      Delete
  5. දෙරණ උනත් ඉගෙන ගන්න ඕනි දිල්කා සමන්මලීගෙන් මිදෙන්න...ඇයගෙන් එහාත් ප්‍රවෘත්ති නිවේදනයක් තියෙනවා කියන එක..විශේෂයෙන්ම ඇයගේ දඩිබිඩි ඇඟට පනින අන්දමේ කථා විලාසය....සමහර වෙලාවට හරිම බොලඳයි දෙරණ උනත් ප්‍රකාශනය අතින්...
    මේ හැමදේටම මුල, මාධ්‍ය අද දවසේ කුමක් සඳහාද කියන එක...සියල්ලම මුදලට තක්සේරු වෙන ආර්ථික සහ සමාජ පදනමක අද මුලු ලෝකයම ගිලිලා නිසා මෙවන් අකරතැබ්බ වලින් මිදෙන්න රෑපවාහිනී නාලිකාවකට වගේම පත්තරයකට ගුවන් විදුලි නාලිකාවකටත් අපහසු ඇති...
    අනිත් කාරනය තමයි හැම මාධ්‍ය ආයතනයකම තිබෙන දේශපාලනමය ආකල්පය හෝ බැඳීම (political ajenda) , කොටින්ම කියනවා නම් කාටද කඩේ යන්නේ කියන එක, හැබැයි මතු බලාපොරොත්තු ඇතිව. අද වෙනකොට CNN, FOX NEWs, BBC වගේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ඉන්නෙත් ඔතනමයි හැබැයි ඒවායේ අමු හෙලුවෙන් ඇඩ් දාන්නේ නම් නැහැ නිව්ස් අස්සේ...

    ReplyDelete
    Replies
    1. දෙරණ උනත් ඉගෙන ගන්න ඕනි දිල්කා සමන්මලීගෙන් මිදෙන්න.

      මෙන්න මේකනම් සහතික ඇත්ත මචන්.

      මාධ්‍ය තමන්ගේ සමාජමය වගකීම තේරුම් ගන්නවානම් මීට වඩා හොඳ දෙයක් අපිට දකින්න පුළුවන් වෙයි.

      Delete
  6. ඔය සිරසට හැදිලා තියෙන ලෙඩේ ලලිත් කොතලාවලටත් තිබුනා.. එයා හිතාගෙන හිටියා එයාට ලංකාවේ ජනාධිපතිලත් නටවන්න පුළුවන් කියලා.. අන්තීමට උනේ එයාලා වැලිකඩ ගිහින් දාස් ගානක් පාරට වැටුනා. දාස් ගානකගේ සල්ලි නැති උනා..

    සිරසටයි මහාරාජලටයි කවදා හරි වෙන්නේ ඒ සීන් එක තමා.. උන් පරිප්පු කාලත් තාම එගෙන ගෙන නෑ..

    ReplyDelete
    Replies
    1. ඔවු. මුන් හිතන් ඉන්නේ "සිරසයි පාර කියන්නේ ' කියල තමුන්ම කියා ගත්තහම හැමෝම උන්ට වඳියි කියල.

      මුන් දවසක රනිය ගෙන් කනවා හොඳ පරිප්පුවක් ආපහු හ්ම් නොකියන්න.

      කොතලාවලට වෙච්ච දේ ගැන නම් ආයේ කතා කරලා වැඩක් නැහැ. එච්චරට චාටර්.
      මිනිහව විශ්වාස කරලා තම තමුන්ගේ සල්ලි ඌ ගාව දාපු එවුන් ගැන තමයි අපිට තියෙන දුක.

      එත් ඉතින් ප්‍රශ්නේ කියන්නේ සක්විති ගෙනුත් ඉගෙනගෙන , කොතලාවල ගෙනුත් ඉගෙනගත්තු එවුන් තාමත් හරියට පාඩම ඉගෙන ගෙන නැති එකනේ.

      මේ ළඟදිත් පොඩි සක්විති කෙනෙක් අහුවුනා කියල පත්තරේක දැක්ක.

      Delete
  7. ඔය රූප පෙට්ටියේ නිව්ස් වල ලංකාවේ සිද්ද වෙන දේවල් වලින් අරික්කාලක් වත් පෙන්නනවද... මෙලෝ රහක් නෑ එකක් වත්..

    ReplyDelete
    Replies
    1. එක්කෝ මුන් දන්නේ නැහැ ප්‍රවෘත්ති කියන්නේ මොකක්ද කියල. එහෙම නැත්නම් එක්කෝ අපි දන්නේ නැහැ ප්‍රවෘත්ති ගැන.

      දැන් ඉතින් කාලේ හරි සයිබරේ නිවුස් පැත්තට හැරෙන්න.

      Delete
  8. මට ටිවි රෝඩියෝ නැත..
    ලිපිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මෙන්ඩි ය.

      උඹ නම් මාර වාසනාවන්ත බුවෙක් බන්...අපිට අපි ගැනම දුක හිතෙනවා..

      Delete
  9. අඩේ .... ටෙලිපති!! මමත් මේ නිවුස් ඔක්කොම හදන්නේ, එව්වගේ වීඩියෝ ඔක්කොම ගන්නේ තනි, එකම කොම්පැනියක්ද කිය කියා පළු ඇර ඇර උන්නේ මාස ගානක් තිස්සේ. ඇයි අනේ මොන චැනල් බැලුවත් එකම අදෝනා සෙට් එක... මළ ගෙවල් අනිවා. ලෝකේ ගැන කිසිම නිවුස් එකක් නැති ළිඳේ ගෙම්බෝ වගේ!
    මමත් සිරසෙන් දෙරණට මාරු උනා. ඒත් දෙරණත් නිකං නාට්ටියක් බලනවා වගේ වේගන එනවා ( රන් වාහිනිය වගේ) සියත යන්තම් හොඳයි (ඇබිකුත්තක් විතර, ඒත් ඉදිරිපත් කිරීම ප්‍රොෆෙෂනල් මදි ) . ඇත්තටම ලෝකේ තියෙන්නේ ඉන්දියාව, ලංකාව, ඇමරිකාව , ඉඳල හිටලා රුසියාව , ඉරානය, පලස්තීනය වගේ රටවල් කීපයයි මම හිතන්නේ. පෙන්නුවොත් මොකක් හරි ගතයුත්තක් නැති මලවිකාරයක් කරපු පිස්සෙක් ( කසාද බඳින සත්තු, තණකොළ කන මිනිස්සු - ඒ ජාතිය නම් ලංකාවේ) ගැන. තාක්ෂණය , ලෝක වෙළඳපොල වගේ දේවල් මේ ලෝකේ ආරංචියක් නෑ

    මේ ගැන දෙස් දෙවොල් තියල පොස්ටුවක් කොටන්න හිතන් උන්නේ... වෙලාවට මේ දෙය්යා මුණ බැලුවේ... හෙක්...

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම ලෝකේ තියෙන්නේ ඉන්දියාව, ලංකාව, ඇමරිකාව , ඉඳල හිටලා රුසියාව , ඉරානය, පලස්තීනය වගේ රටවල් කීපයයි මම හිතන්නේ.//

      ප්‍රයිවට් චැනල් වල නම් ඔය රටවල් ටික හරි තියෙනවා. වලව්වේ චැනල් වල තියෙන්නේ මුතු ඇටේ විතරෙනේ.

      -----------
      දැන් මුන් නිවුස් කියල පෙනන්නේ එක එකා රැස්වීම් වල කරපු කතා කෑලි ටිකක්.

      Delete
  10. බොහෝ දේ හදුන්වා දීමෙහි මූලිකයා වන්නේ සිරස තමයි.. හැබැයි ටික කාලෙකින් ඒකම අනාගන්නවා.. නිවුස් උනත් එහෙම තමයි.. ලංකාව පුරා හදීසි නීතිය පැනෙව්වා කියන එක ලංකාව පුරා ඇඳිරි නීතිය පැනෙව්වා කියා ප්‍රකාෂ කිරීම තමයි සිරසෙහි පුවත් තහනමි කිරීමට හේතු උනේ.. දැං නං මොනම නාලිකාවකවත් ප්‍රවෘති නම් ගන්න දෙයක් නෑ... හැමෝම හැමෝටම ගැලපෙන පාට කණ්නාඩි තමයි පාවිච්චි කරන්නේ..

    හැබැයි -- සිරසයි පාර කියන්නේ---්‍

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. //හැමෝම හැමෝටම ගැලපෙන පාට කණ්නාඩි තමයි පාවිච්චි කරන්නේ..//

      ඇත්ත මචන්. උන් පාට කන්නාඩි දාගෙන ප්‍රවෘති කියනවා..අපි පාට කන්නාඩි දාගෙන එව්වා බලනවා.

      හැබැයි ඉතින් කන්නාඩි දමත් නැතත් ගොඩ දෙනෙක් ගේ ප්‍රවෘති නම් ආයේ ගන්න දෙයක් නැහැ.

      Delete
  11. අර අවජාතක නාලිකාවෙ නිවුස් බලනකොට නිකං මොකද හිතෙන්නෙ.. මං නිකමට ඇහුවේ. හික්! හික්!!

    ReplyDelete
    Replies
    1. අවජාතක එව්වා නම් කීයක් තියෙනවද බන්...

      උඹ කියන්නේ මොන අවජාතක එක ගැන ද?

      Delete
  12. දේශපාලනයයි.....මරණ ටිකයි නැතුව චැනල් වලට කියන්ඩ දේවල් හොයාගන්ඩ දැන් කාලේ හරී......නිවුස් කියන්නේ මරණ දැන්වීම් කියන ඒක නෙවෙයි කියලා තාම තේරිලා නෑ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි හැමෝම දන්නා එත් දන්නේ නැහැ වගේ පෙන්නන ඇත්ත.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මම නම් කරන්නේ සතියේ අන්තිමට ඉරිදා පත්තරයක් ගන්න එක. වර්ණනා අතිශයෝක්ති ,වල්පල්,කැපිලි කෙටිලි .. සතියක් පුරා වෙච්ච මේ හැමදේකම සාරාංශය එක පත්තරේකට වැටෙනවනේ :) ආයේ කට්ට කාගෙන ලේ පුච්චගෙන චැනල් මාරු කර කර දවස පුර නිවුස් බලන්න ඕනෙ නෑනේ .

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ විකල්පයක් තමයි. එත් මට නම් හිතෙන්නේ පත්තෙරෙත් දැන් වල්මත් වෙලා හතරගාතේ දාල වගේ. උන්ටත් නිවුස් වලට වඩා දැන්වීම් ලොකු වෙලා.

      නිකමට බලහන් ඉරිදා ලංකාදීපේ අරන්.

      එක දිගටම කියෝගෙන ගියොත් හිතෙන්නේ මේක ප්‍රවෘත්ති පත්තරයක් නෙමේ දැන්වීම් කලාපයක් කියල.

      එක

      Delete
  15. සමාජ වගකීම් සහ පොලිටිකල් ඇජෙන්ඩා එක සම්පූර්ණයෙන්ම පටලවා ගත්ත නාලිකා අතරින් සිරස තමයි කියලා සිරස ඇතුලේ මොලයක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා. ඒ වගේම ඉතාම පටු , නිර්ලජ්ජිත විදිහට තමයි සුරංග සේනානායක නිව්ස්ලයින් කියන එකත් මෙහෙයවන්නේ. හේමන්ත වර්ණකුලසූරිය සමග කල වැඩ සටහන හොඳම උදාහරනයක්. සිරසට අවශ්‍ය මොලයක්.

    WE REPORT-YOU DECIDE නෙමේ දැන් කියන්න වෙන්නේ. WE DECIDE- YOU LISTEN කියලා.

    ReplyDelete
  16. ඔවු..සිරසට තිබුණු මොලේ දැන් අතුරුදහන් වෙලා..වල්මත් වෙලා ඉන්නේ...

    ReplyDelete

කමෙන්ට් කලාපය....