2014-09-21

නැගිටින අලි සහ උගත් පාඩම්

ඌව ඡන්දේ අහවරය. නිල වශයෙන් බුලත් කොලේ හෙවත් සන්ධානේ ජය ගත්තේය. යූඇන්පී ය දෙවන තැනටත් ජේවීපී ය තුන්වන තැනටත් පත් වී ඇත. ෆොන්සේකා පිළිකන්නේ නුත් එලියට වැටිලා වගෙය.

ඔය මොන නිල ප්‍රතිඵලේ තිබ්බත් මෙතනදී ඇත්තටම දිනුවේ යුඇන්පී ය මිසක් වෙන කෙහෙම්මලක් නොවන බව රටටම පැහැදිලිව පෙනෙන සහලෝල ඇත්තක් ය. එක කාටවත් හංගන්න බැරිය.


හතරගාතේ වැටුණු ආණ්ඩුවටත්, මහින්දටත්, ශෂී ටත්  ,දිනපු යූඇන්පී යටත් රනිල් ටත්, තුන රැකගත් ජේවීපිය ටත් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න ගොඩක් පාඩම් මේ දුප්පත්(කරවන ලද) අසරණ(කරවන ලද ) ගම්බද ජනතාව උගන්වා ඇත.

 විභීෂණ මේ වෙලාවේ  උත්සහ කරන්නේ එහෙම කියාදීපු පාඩම් කීපයක් සාරාංශ වශයෙන් හරි මතක් කරන්නය. 


හොඳම පාඩම කියා දුන්නේ කපු ශෂී යට ය . 

මෙයා 2009 දේ රැකෝඩ් එක්ක ඌව අල්ල ගත්තේ ඌව දියුණු කරනවා නම් දියුණු කරන්න වැඩිම හැකියාවක් සහ බලයක් තියෙන පුද්ගලයා හැටියට ය.


එක බාප්පෙක් ජනාධිපති ය. තව බාප්පෙක් ආර්ථික සංවර්ධනේ අයිතිකාරයා ය( නිල හෝ නොනිල වශයෙන්).  තවත් බාප්පෙක් ආරක්ෂක ලේකම් ය. තාත්ත කතානායක ය. තමුන් කතරගම නිලමේ ය.
මේ ඔක්කොම එක්ක උන්නැහ ඡන්දේ ඉල්ලන කොට ලොකු බාප්පා යුද්ධෙත් දිනලා රටත් නිදහස් කරගෙනය.

මෙතුමාට කරනවානම් කරන්නන තිබුනේ ඌවේ ප්‍රශ්න , සංවර්ධන යෝජනා වගේ දේවල් ඔය කවුරු හරි බාප්පා  කෙනෙක් ගේ කනේ තියන එක විතරය.  ලිය කියවිලි වැඩ කවද නම් කරගන්න බැරිද.

එත් උන්නැහ කලේ ඌවේ ඡන්ද ටිකයි මනාප ටිකයි අරගෙන අහක බලා ගැනීමය. මිනිස්සුන්ට වුනේ අහස දෙස බලාගෙන ඉන්නටය.
විභීෂණ ට ඇහුනු විදියට මෙතුමා  මහා ඇමති වුනාට පලාතට ඇවිදින්නවත් ඇවිල්ල තියෙන්නේ බොහොම කලාතුරකින්ය. 

"අපේ මහා ඇමති සුදු ද කළුද " කියල ලියවුනු බෝඩ් ඌවේ උද්ගෝෂණ වල පෙනෙන්නට පටන් ගත්තේ ඒ උද්ගෝෂණ කරපු මිනිස්සු ගේ ඇස පෙනීමේ අවුලක් හින්ද නෙම් යි කියල කියන්න වෙන හේතු අනවශ්‍යයය.

මහා ඇමති කම නෙමෙයි වෙන ඕනෑම දේශපාලන චරිතයක් තනතුරක් හරියට කරන්න නම් මිනිස්සුත් එක්ක ඉන්න ඕන ය. වලියක් වුනත් අවුලක් නැත. ඉන්න ඕන බිමට බැහැල ය. එතකොට ඡන්දේ දවසට අර කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලට යන මිනිහගේ ඔලුවට මුලින්ම මතක් වෙන චරිතේ වෙන්න පුළුවන්ය. 

වෙන්න ඕන එකය. 


ඊළඟ පාඩම කියාදුන්නේ අපේ ලොකු තාත්තට එනම් මහින්ද මහත්තයට ය .

කොළඹ කියන්නේ ලංකාව නොවන බව ,කොන්ක්‍රීට් සහ කාපට් කෑමට ගන්න බැරි බව මිනිස්සු උන්නැහැට උගන්නන්න පටන් අරන් ඇත.
 සංවර්ධනය කියන්නේ හයි වේ නොවන බව,කාපට් කොන්ක්‍රීට් පාරවල් නොවන බව මහින්ද මහත්තය දැන් වත් තේරුම් ගත යුතුය.


මිනිස්සු එතුමාට ඉගැන්නුවේ යුද්ධෙ කියන්නේ රටේ තිබ්බ ලොකුම ප්‍රශ්න අතරින් එකක්  මිසක් එකම ප්‍රශ්නේ නොවන බවය.යුද්ධෙ ඉවර වුනාට  පස්සේ මිනිස්සු බලාපොරොත්තු වුනේ අවුරුදු තිහක් තිස්සේ කිසිම දෙයක් නොවුණු රට ඊට පස්සෙවත් හැදෙයි කියලය. 
එහෙම කියල යුද්ධෙ ඉවරවෙලා ළඟ ළඟ තිබ්බ ඔක්කොම ඡන්ද වලදී මිනිස්සු කලේ එතුමාට කාලගුණ සලකපු එකය.එත් වුනේ තවත් දෙයක්ය. සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි කියල කියවෙන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලටය.

2005 රට බාර අරන් යුද්දේ කරලා දිනපු මෙතුමා 2010 ඉඳන් කලේ තමුන්ගේ සට්ටැඹී සනුහරේට රට සුද්ද කරන්නන ඉඩ දී නොදැක්ක සේ අහක බලා ගෙන ඉන්න එකය. 

මේ ගතවෙන්නේ ඒ කරපු දේවල් වල රිටන් ලැබෙන කාලය ය. කරන්න දෙයක් නැත. වෙච්ච් දේ වෙලා ඉවරය. යුද්ධෙ දිනපු එකෙන් හැම පවම සුද්ද වෙනවා කියල හිතුව නම් එක පට්ටපල් මුසාවක් ය. දැන් ඉතින් ප්‍රතිපල විදින්න සූදානම් විය යුතුය.

 මහින්ද මහත්තය, ගෝඨාභය මහත්තය සහ ආරක්ෂක සේනා ප්‍රධානීන් එකතුවෙලා කැප කිරීම් කරලා යුද්ධෙ දිනපු එකේ ලකුණු වලින් මෙච්චර කල් රෝල ගැටගහ ගත්තු , වැඩ නොකර සැප ගත්තු ආණ්ඩුව සහ සට්ටඹි ඇමති ගොල්ලටත් දැන් බඩු  මුට්ටු ලැස්ති කරගන්න කාලේ හරි බව මේ ඡන්දෙන් උගන්නපු තවත් පාඩමක් ය. 


තුන්වෙනි පාඩම රනිල් සර් ටය.

මේ ගමේ ගොඩේ ජනතාව එතුමාට ඉගැන්නුවේ උන් තාමත් යූඇන්පී බවය.එත් තමුන් ගාව තියෙන ඒ යුඇන්පී ඡන්දේ දිනා ගන්න නම් කොළඹට වෙලා පුටු රත් කරන්නේ නැතිව තමුන් ලඟට පයින් එන ලෙසය, තමුන් එක්ක වචනයක් දෙකක් කතා ක‍රන ලෙසය,තමුන් ගේ සැප දුක සොයා බලන ලෙසය.

මේ ඡන්දේ දී වෙන කවදාවත් නැති විදියට යූඇන්පී ය මහා පොලවේ දේශපාලනයක් කල බව පැහැදිලිව පෙනෙන්න තිබුණු කරුණක් ය. 

ඌව ඡන්දේ දී ජෝශප් ලා වත්, ජෝන් ලවත් කිරි ඇල්ල ලා වත් පෙනෙන්න හිටියේ නැත. 

ඒ සම්ප්‍රදායික ටයි කෝට් සංස්කෘතියෙන් මිදිලා සන්ග්ලාස් නොදා පියවි ඇහින් මිනිස්සු දිහා බලපු, ප්‍රාඩෝ වලින් නොගොස් පයින් ඇවිදපු,  අලුත් යුඇන්පී පරම්පරාවක් මේ සැරේ කල එලි බැස්සේ ය.

දැන් යුඇන්පී ය ඇතුලේ මිනිස්සුන්ව අඳුනන දෙවෙනි පෙළක් බිහි වී ඇති බව ගමේ ගොඩේ මිනිහට පවා තේරී ඇත. 

නමුත් මේ දෙවෙනි පෙළ හදන්න රනිල් මහත්තයට එච්චර ඕන කමක් තිබුනේ නැත. ඒ හින්ද මිනිස්සුන්ටත් උන්නැහැට සහ අලියට ඡන්දේ දෙන්න එච්චර උවමනාවක් ඇති වුනේද නැත. 

අවුරුදු විස්සක් තිස්සේ පල දුන්නේ ඒ මහා ආනිසංසය මිසක් වෙන මොකක්වත් නොවේ.

තමුන්ගේ වටේ ඉන්න හිතවතුන් ට විතරක් සලකපු කාලේ අහවර කරන්න ඕන බව රනිල් තුමා දැන්වත් තේරුම් ගන්නවනාම් එක රටේම වාසනා වය.

 ජෝන් ලා, ජෝශප් මයිකල් ලා වගේ අය හැත්තෑ ගණන් වල පක්ෂයට දරදිය ඇදපු අය බව සැබෑය.
එත් එදා චරිත අදට ගැලපෙන්නේ නැත. ඒ අය වුනත් මහන්සි වෙලා පොලවට බැහැල වැඩ කරන්න දැන් කැමති නැත. ඒ අය දැන් කැමති තම තමුන්ගේ පදනමක් හදා ගෙන , ලිස්ට් එකෙන් විල මැද බංගලාවට රිංගගෙන සැනසිල්ලේ ලෙඩ දාගන්නේ නැතිව ඉන්න ය.

 එහෙම අයගෙන් පක්ෂෙ ජයග්‍රහණයක් බලාපොරොත්තු විය නොහැක. එත් රනිල් මහත්තය කලෙත් ඒ නොකළ යුතු වැඩේ මය. 

අලියා ගේ හුලං බැස්සේ ඒ හින්දය.

ඒ හින්ද දැන් රනිල් මහත්තයත් එතුමාගේ සනුහරෙත් පක්ෂෙට ආදරෙ නම් කරන්න ඕන මේ හරීන්, අජිත්, රන්ජන් වගේ අලුතෙන් හැදුනු දෙවන පෙළ ඉදිරියට ගෙන එන එකය. වැඩ කරන්න පුළුවන් කට අරින්න පුළුවන් මිනිස්සුන් කල එලි බහින කොට වෙන්නේ එහෙව් මිනිස්සු ඉන්න යුඇන්පී යත්  වැඩ කරන්න පුළුවන් පක්ෂයක් විදියට  රටේ නමක් හදා ගන්න එකය.

එහෙම වුනොත් රටේ ඊලඟ ජනාධිපති කම රනිල් ට බාර දෙන්න මිනිස්සු දෙපාරක් හිතන්නේ නැත.

ඒ නිසා රනිල් සහ පක්ෂය දැන් කරන්නඕන ඌවෙන් ලැබුණු ගැම්ම ආරක්ෂා කරගෙන වැඩි දියුණු කර ගන්න එකය. අර පොඩි ප්‍රේමදාස , මන්න පොංගල වගේ පිළිකා කාරයෝ, හාල්පාරුවෝ දැන් දැන්ම එක්කෝ හරි විදියට හදා ගන්න නැත්නම් අයින් කරලා දාන්න වැඩ පිළිවෙලක් හදා ගත යුතුය.

ඊලඟ පාඩම කියා දුන්නේ ජේවීපියට ය . 

ඇත්තම කියනවනම් ගමේ මිනිහා තාමත් ජේවීපියට බය ය.

ඒ තාමත් ඒ මිනිස්සුන්ගේ ඔළුවල 71 සහ 88 , 89 මතක හොල්මන් කරන නිසා ය. තම තමුන්ගේ දුව දරුවන්, දෙමවුපියන්, ගුරුවරුන්, මන්ත්‍රී වරුන් ඉබාගාතේ ඝාතනය කරපු හැටි මහපාරේ පුච්චලා දැල් තිබුණු හැටි උන්ට තාමත් මතකය.

එ හින්ද අනුර මහත්තය ප්‍රමුක සියලු නායක කාරකාදීන්ගේ මුලික ඉලක්කය වෙන්න ඕන මේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න එක මිස අරයට මෙයාට බැන බැන ඉන්න එක විතරක් නෙවයි ය.




ඒ කාලේ මිනී මරපු ජේවීපියට බය මිනිස්සු බය හැක නැතිව යුඇන්පී යට සහ බුලත් කොලේට ඡන්දේ දෙන එක ගැන ත් මෙතන පොඩි පරහක් තියෙනවා ය. මොකද අලි පුටු අත් බුලත් කොළ කියන්නෙත් මිනි නොමරපු නොමරන අය නොවන නිසා ය. ඒ ගැන විභීෂණ වෙනම පොස්ටුවක් ලියන්න හිතා ගෙන ඇත.

අපහු ජේවීපී පාඩමට හැරෙමු..

2001 එක වෙනකම් ජේවීපී යට රටේ තිබුනේ බොහොම ලොකු පිළිගැනීමක් ය. මන්ත්‍රී කම් එකොළහක් දෙන්න තරම් ,රටේ පාලනේ රිමෝට් එක දෙන්න තරම් විශ්වාසයක් ඒ වෙනකොට ජේවීපී ය දිනා ගෙන සිටියේ ය. එත් එක තැනකදී උන්ටත් වැරදුනි. සැටලයිට් නෝනා බේරා ගන්න එදා තමන් ගාව තිබ්බ විශ්වාසෙ උන් පාවල දුන්නේ කිසි හිරි කිතයක් නැතිවය.

ඊට පස්සේ රනිල් ගේ ආණ්ඩුව අවුරුදු දෙකකින් වට්ටන්න, සන්ධාන මලදානේ බලයට ගෙන්න , මහින්ද මහත්තයව බලයට ගෙන්න ලජ්ජා නැතිව තමන්ගේ හොඳ නම දියකර යැව්වේය.


දැන් කෑ ගහන්නේ හරියට අපි හදපු සන්ධානයක් වාගෙය . ඇත්තටම සන්ධානේ හැදුවේ ජේවීපිය නොව පංචායුධ විමලේ බව දැන් අපිට පැහැදිලිය. එත් අච්චර නිවැරදි තීරණ ගන්නවයි කියන දේශපාලන මණ්ඩලේ දී එදා එ සන්ධාන වලට සෙට්වෙන්න යන එකේ ආදීනව නොපෙනිච්ච එක නම් පුදුමයට කාරණයක් ය.


ලංකාවේ උද්ගෝෂණ වලින් වැඩිහරියක අයිතිය ජවිපෙ ට බව සැබෑ ය. එත් මිනිස්සුන්ට ලං වෙනවා කියන්නේ උද්ගෝෂණ සංවිධානය කරන එක පමණක් නොවන බව මේ ය දැන් වත් තේරුම් ගත යුතුය.

මල්වතු අස්ගිරි ගානේ බඩ ගැව කියල ඡන්ද හම්බ වෙන්නේ  නැතිය. බඩගාන්න ඕන මිනිස්සු වෙතය.


විභීෂණ ජවිපෙ ට මනාප වෙන්නේ ඒ අයගේ ප්‍රතිපත්ති ලේසියෙන් වෙනස් නොවන නිසා ඒවා බොහෝ විට නිවැරදි නිසාය. සැලුන් දොරවල් ද නැති නිසාය.

එත් 2000 දීත් 2004 දීත්  2005 දීත් මේ අය  කලේ තමුන්ගේ ප්‍රතිපත්ති ලජ්ජා නැතිව පාවා දීපු එකය. දුක සහ කෝපය ඇතිවන්නේ එතකොටය.

එදා රනිල් ව වට්ටන්න ජවිපෙ සපෝට් නොකලානම් අද මේ රට මීට වඩා දියුණු තැනක තියෙනවා කියල විභීෂණ තාමත් විශ්වාස කරන දෙයක්ය.

රනිල් යටතේ යුද්ධෙ ඉවර වෙන්න තිබුනේ මෙහෙම නොවේ ය. කොටි ඉවර වෙන්නෙත් මෙහෙම නොවේ ය.

ප්‍රභාකරන් මහින්ද ට මනාප වී රනිල් ට විරුද්ධ වී රනිල්ව උතුරෙන් පැරැද්දුවේ ඌ රනිල්ට බය වුණු නිසාය.
.

මාතලන් කියල තියෙන විදියට ජෙප්පොන්ට තාමත් හරිහැටි හතුරව අඳුනගන්න බැරි වී ඇත.


කොහොමත් වෙන්න ඕන දේවල් වෙලා ඉවරය. ඌවෙන් දෙතුන් ගොල්ලොටම වටිනා පාඩම්  රැසක් කියාදී හමාරය.

දැන් තියෙන්නේ පාඩම් වලින් කියා දීපු දේවල් ක්‍රියාත්මක කරන එකය.

යූඇන්පී ආණ්ඩුවක් එන එක විභීෂණ ගේ සිහිනයක්ය. එත් රට දියණු වෙනවනම්, මිනිස්සුන්ට දුක් නොවිඳ ආරක්ෂා සහිත ව රට ඇතුලේ ජීවත් වෙන්න පුලුවන්නම් ස්වාධීන කණ්ඩායමක ආණ්ඩුවක් ආවත් විභීෂණ නම් අමනාප නැත.

ඌවෙ ඡන්දේ දී මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවය බොහොම පැහැදිලිව පෙන්වා ඇත. අර කිව්වත් වගේ බඩ ගෙඩිය කතා කරන්න පටන් අරන් ඇත.

මෙච්චර කල් නිදන් හිටපු අලි නැගිටින්න පටන් අරගෙන ඇත. මිනිස්සු බුලත් කෙල ගසන්නට පටන් අරන් ඇත. පොඩ්ඩ පොඩ්ඩ හරි ජවිපෙත් ගමන් කරන්න පටන් අරන් ඇත.

ඒ එක්කම එක්තරා ගමනක අවසානය ආරම්භ වී ඇත. 
------------------------------------------------------------------------------------------------------------------------
අදට ඇති වගේ....









55 comments:

  1. අපූරුයි විභීෂණ... හොඳ විශ්ලේශණයක්... වැඩිම පාඩම ඉගෙන ගන්න ඕන රනිල්.. මෑතකදි බලය නොලැබුනත්.. මෙරට බලවත්ම තනි පක්ෂය එජාපය බව මිනිස්සු ඔප්පු කරලා තියනවා.. මේ ප්‍රතිශතය ඉදිරියට ගෙනියන එක රනිල්ගේ වගකීමක්.. හේතුව.. රනිල් කියන්නේ එජාපයේ විධායක බලය නිසා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති වේවා බොස්.
      ---

      ඇත්ත.
      රනිල් මේ සැරේවත් හරියට පාඩම ඉගෙන ගත්තනම් රටම ගොඩ.

      රට හදන්න පුළුවන් එකම මිනිහ රනිල් විතරයි. එත් ඉතින් ඒක නොතේරෙන එකම මිනිහත් රනිල් විතරද කොහෙද...

      Delete
    2. එසේය එසේය..ආයේ සැක කරන්න දෙයක් නැහැ...

      එත් ඔය යූඇන්පී කියාගන්න සමහරක් වගේ මගේ ලේ නම් කොළ පාට නැහැ. තාමත් හොඳ රතු පාටින් තියෙනවා..

      Delete
  2. මාතලන්ගේම ෂැඩෝ එකක්..

    ReplyDelete
    Replies
    1. මාතලන් jr වගේ... :D

      Delete
    2. අනේ යකෝ....

      කමක් නැහැ කමක් නැහැ..ඔන්න කොලර් එකත් සුට්ටක් විතර උස්ස ගත්ත...

      දේශෝ..
      මම ගොඩක් වෙලාවට මාතා ගේ ලිපි කියෝනව.
      මම ඉතින් මහා ලොකු ලියන්නෙක් නෙවයි. ඒ හින්ද ඒ භාෂා විලාසය මටත් පොඩ්ඩක් හරි ඇවිල්ල ඇති. එක වෙන්න ඇති මාව ෂැඩෝ එකක් වගේ පේන්නේ...

      Delete
  3. හොද ලිපියක්.....
    මාතලන්ගෙ ලිපියත් එක්ක ගැලපෙනව ......
    >>එදා රනිල් ව වට්ටන්න ජවිපෙ සපෝට් නොකලානම් අද මේ රට මීට වඩා දියුණු තැනක තියෙනවා කියල විභීෂණ තාමත් විශ්වාස කරන දෙයක්ය. <<...... නියම කියමන මචෝ...... හෙක්....හෙක්.....

    ReplyDelete
  4. මම නම් තවත් චන්ද තියල ජනතාවගෙ මුදල් නාස්ති කරනවට විරුද්ධය.......
    මහින්ද මාමිට රජකමයි ....නම්බුවයි රැකගන්න ඕනි නම් මේ ටික කල යුතුය........
    # ඉන්න මැති/ඇමති සියල්ල අහෝසි කොට තමන්ගෙ ආසන වලට ගොස් ඒවා දියුණු කිරීමට පැවරිය යුතුයි.
    # රනිල් සර් ට.... අගමැති & විදේශ ඇමතිකම දිය යුතුය.
    # අත්‍යවශ්‍ය අමාත්‍යංශ 15 ක් 20 ක් පිහිටුවා UNP ....,.JVP ......SLFP ......රටට ආදරේ...වැඩ කල හැකි.....දැනුමක් ඇති......තරුණ කොටස් තෝරා ....ඇමති & නියෝජ්‍ය..... තනතුරු දිය යුතුය.
    # ඔය පළාත් / ප්‍රා සභා එකවර්ගයක් තියල අනිත් රෙද්දවල් නැති කරල දාන්න ඕනිය.
    # අවුරුදු දෙහෙකට පස්සෙ මාමි පැන්ෂන් ගිහිල්ල ...රජකම රනිල් සර්ට දෙන්න ඕනිය.
    # කොමිෂන් සභා සියල්ල ස්ථාපිත කල යුතුය.
    #
    #
    #
    #
    #
    #
    තව ගොඩක් තියනවාය........දෙකක් එක ලග නවාගත්ත විට මතක් වෙයි ය.එවිට ඇවිත් කියන්නම් ය.දැන් යමි ය......

    ReplyDelete
    Replies
    1. ප්‍රා නෙවී පළාත් සභා නං නැත්තටම නැති කරල ඒවයි ඉන්න කම්බ හොරු පසුසට පයිං දෙකක් ගහල මූදට දාන්න ඕන ඕ යේස්

      Delete
    2. මහියො, මතක් කරලා ඕකුන්ව මූදට දාන්න කලින් බඩේ ලොකු කළු ගලක් බදින්න ඕන. ආයෙ ගොඩ එන්න බැරි වෙන්න!!

      Delete
    3. කෙන්ඡි, ප්‍රියා,මහේෂ්..එල ද බ්‍රා.

      Delete
    4. @ Kenji
      සේරම ඇත්ත මචන්..එත් ඕවා කවද වෙයිද කියල කාටද විශ්වාස කරන්න පුළුවන්..?

      @ Mahesh & චතුරංග

      ඇත්ත..ආත්ම ගානක් මහානුභාවසම්පන්න ආනිසංස ලැබෙන පුණ්‍ය කර්මයක්..
      හෙක්..හෙක්..හෙක්..

      @ Sanjeewa
      එලද බ්‍රා මචන්...


      Delete
  5. ඔය පාඩම් ටික හරි කවුරු කවුරුත් ඉගෙන ගත්තොත් හොදයි බං!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත බන්,

      ඉගෙන ගන්න ඕනෑම එවුන් ටික දෙනාවත් ඉගෙන ගත්තනම්..

      අනේ වාසනාවන්...

      Delete
  6. කෝ මගේ කමෙන්ට්,, කී දවසක් දැම්මද ඒත් ඒවා පබ්ලිෂ් වෙන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. ආච්චි ගිලිනවද කියල බලන්න ...දත් සෙට් එක ගලවන වෙලාවට .... අක්කියො .... හැක් ....හැක් ....

      Delete
    2. අනේ දන්නේ නැහැ බන්..

      ඔන්න ස්පෑම් වලත් චෙක් කළා. ම්හ්..ලොවෙත් නැ..

      අවුලක් ගන්න එපා බන්,,

      දැන් මේ කමෙන්ට් එක වැටිලා තියෙන්නේ එල කිරි වගේ...

      Delete
  7. උදේ නැගිටපු ගමන් කියවුවේ මේක,,, හොද පසු විපරුමක්, සහ පැහැදිළි කිරීමක්, මට හිතෙන්නේ ඌව චන්දෙ මිනිස්සුන්ට යමක් පෙන්නුවා,, ජය වේවා

    ReplyDelete
    Replies
    1. තැනක් යූ ඔමා..\\

      ජය වේවා...

      Delete
  8. අදහස් සියල්ල සමග එකඟයි. තවත් කට්ටියකට ඌවේ ජනතාව පාඩමක් කියාදුන්නා... ඒ මේ රටේ පොදු ජහමනයාට...නැතිනම් ඡන්දදාසලට...බොහෝවිට බහුතරය දුප්පත්, නූගත් සහ සමාජගත නොවුනු, රූපවාහිනී, අයි ටී අැන් විතරක් පේන මේ මිනිස්සු තමන් ගැන මෙතෙක් ඇහැ ඇර නොබලපු, හිටිගමන් මහා කරුණාව පහල වුණු පාලකයන්ට දුන් සංඥාව මේ රටේ අනික් මිනිස්සු හැමෝටමත් පාඩමක්... මෙයයි වියයුත්තේ, මෙයයි වැඩි දියුණු කල යුත්තේ... කළගුණ සලකනවා කියා එකම පිරිසකට වැඩි කාලයක් දුන්නොත් ඒක සදහටම බදාගෙන කකා මළකුණේ ඉන්න පණුවන්ට වෙන වැඩේ තමා අන්තිමට වෙන්නෙ. ඒ වගේම බලය අහිමිවීම ගැන උපදින භ්‍රාන්තිය නිසා ඕනිම කාලකන්නිකමක් කරන්න පසු බට වෙන්නෙත් නෑ... ඒ නිසා කිසිම ආණ්ඩුවක් දිගටම පවතින්න දීම අති භයානකයි...
    රතු එළිය දැල්වී ඇත!

    ReplyDelete
    Replies
    1. දාහත් අවුරුද්දක යුඇන්පී ආණ්ඩුවත් අන්තිම හරියේදී ජනතාව අමතක කළා. එදා ජනතාව වෙනුවෙන් පෙනී හිටපු අය්යල දැන් පප්පල වෙලා ආපහු ජනතාව අමතක කරලා..
      ඒ වෙනුවට ආපහු යුඇන්පී යට මිනිස්සුන්ව මතක් වෙලා...

      චක්කරේ වගේ මචන්...

      කිසිම ආණ්ඩුවක් දිගටම පවතින්න දීම අති භයානකයි. කියන එක සහතික ඇත්ත...

      Delete
  9. \\තමුන් කතරගම නිලමේ ය.// බාප්පාගේ විධායකයේ පිහිටෙන්.

    \\එදා රනිල් ව වට්ටන්න ජවිපෙ සපෝට් නොකලානම් අද මේ රට මීට වඩා දියුණු තැනක තියෙනවා කියල විභීෂණ තාමත් විශ්වාස කරන දෙයක්ය.//

    ඒ කෙසේ වෙතත් එසේ නොකලානම් අම්පාරටත් වීසා හදාගෙන යන්න තිබ්බා අපට අද.

    සැටලයිට්ට දූන්න සපෝට් එකත් යූ එන් පී එකෙන් රට බේරගන්න මිසක් වෙන එහෙකට නෙවෙයි.

    ඉහත කාරණා කිහිපය හැර මෙම උගත් පාඩම් නම් සුපිරිය. හැම එකාටම ගන්න දේවල් එමට ඇත.




    ReplyDelete
    Replies

    1. තැනක් යූ මනොෂ්..

      උඹේ කමෙන්ට් මට හැමදාමත් වටිනවා.
      ---------------------------------------------
      //ඒ කෙසේ වෙතත් එසේ නොකලානම් අම්පාරටත් වීසා හදාගෙන යන්න තිබ්බා අපට අද.//
      මනොෂ්..මෙහෙම දෙයක් තියෙනවා..

      ඔය වීසා කතාව එදා ශ්‍රීලංකා ජේවීපී සන්ධානෙන් ගොතපු කතාවක්. කොටින්ම මන්න පොංගල සහ ලෙමන් පෆ් වංශ ගේ ගල් කෙප්පයක්.
      මතකද ඒ කාලේ එක්සත් ද ඒකීය ද කියල වචන හරඹයක් තිබුනා.

      ඒකීය ක්‍රමයක් ඇතුලේ බලය බෙදීමක් නැතිව මධ්‍යම ආණ්ඩුව යටතේ රටම පාලනය වෙනවා. එක්සත් ක්‍රමය ඇතුලේ බලය බෙදල මධ්‍යම ආණ්ඩුව යටතේ රට පාලනය වෙනවා.

      අර කස්ටිය අල්ල ගත්තේ ඔය බලය බෙදනවා කියන වචනේ. එහෙම අල්ලාගෙන අපිට රටට කිව්වේ කොටියට බලය දෙන්න යනවා. ඌට ඊට පස්සේ ඊලම දෙනවා කියල. එහෙම කියල උඹල අපි වගේ අයව බය ගැන්නුවා උතුරට නැගෙන හිරට යන්න වීසා ගන්න වෙනවා කියල.

      එහෙම රටක් බෙදන්න කාටවත් අවශ්‍ය නැහැ. රනිල්ට වුනත් එහෙම කළා කියල ඇතිවන සෙතක් නැහැනේ.

      එත් බලය බෙදීම දැනුත් අත්‍යවශ්‍ය කාරණයක්. එකට තියෙන එකම හේතුව සිංහලයාගේ වගේම දෙමලගේත් මවුබිම වෙච්ච මේ පුංචි රටේ දෙමළ ට වෙච්ච අසාධාරනකම් බොහොමයකට බහුතර සිංහල අපි වගකියන්න ඕන වීම.

      අර කරුමක්කාර බණ්ඩා ගෙනාපු සිංහල භාෂා පනත හින්ද දෙමල කතා කරන මිනිහ තමන්ගේම රටේ අනාතයෙක් බවට පත්වුණා.

      ඒ වගේ පීඩනයකට එක එක විදයට ප්‍රතිචාර හම්බ වුනා. ප්‍රභාකරන් කියන්නේ ඒ අරගලය ඇතුලේ එක චරිතයක්.

      බලය බෙදා ගැනීමේ වටිනාකම එදා කොල්වින්, එන් එම් වගේම මෙදා රනිලුත් තේරුම් ගත්ත. එත් හරි හෝ වැරදි මොනවා වුනත් ඒකීය සංකල්පය, ජය ගත්ත.



      Delete
    2. මම රනිල් වාදියෙක් වගේ පේනවද දන්නේ නැහැ.

      ඒ හින්ද මෙතනදී මම කියන්න ම ඕන " මම රනිල් වාදියෙක් නම් නෙමේ" .

      එත් ඔය උඩින් කියල තියෙන වගේ ගොඩක් කරුණු හින්ද මම ගරු කරන චරිත අතරේ රනිලුත් උඩින්ම ඉන්නවා.

      Delete
    3. අනේ නෑ මචෝ, එහෙම එකක් නෑ. මටනම් උඹ ගැන එහෙම හිතෙන්නෙ නෑ. අර මාතලන් කියන්න වගේ මේ වගේ බුද්ධිමත් සංවාද කොච්චර වටිනවද, ද්වේශයෙන් නන් දොඩවනවට වඩා.

      මංද මචං, මටනම් රනිල් ගැන කිසිම පැහැදීමක් නෑ. මොනා කිව්වත් ඌ කොටියට ඇද්දා. ඔය සටන් විරාමෙන් උන්ට කොච්චර ආයුධ ගේන්න අනුග්‍රහය දුන්නද. ඊළඟට මිලේනියම් සිටි මහා පාවාදීම. තව කොච්චරනම් තියෙනවද බං. කොට කලිසම ඇඳගෙන බටලන්ද වදකාගාරෙට රනිල් ගිහින් කොල්ලන්ගෙ දත්, නියපොතු ගැලෙව්ව හැටි. ගුද මාර්ගයෙන් කටු කම්බි එලියට ගත්ත හැටි.

      Delete
    4. මනොෂ්..

      ඔය ගොඩක් කතා එක්තරා කණ්ඩායමක් විසින් රටේ ඔලුවලට කාවද්දපු දේවල්...
      මම අහල දැකල තියෙන විදියට එහෙම තමයි මට දැනෙන්නේ.

      ඔය කොටියට ඇද්ද කියන කතාවම ගම්මු කෝ..

      බලහන් ..රනිල් කොටියට ඇද්ද කියල අපිට උගන්නපු අයම 2005 දී කොටි එක්ක ඩීල් දාල උතුරේ ඡන්ද සේරම නැවැත්තුව.

      මුළු උතුරෙන්ම එකම එක මිනිහයි ඡන්දේ දැම්මේ . ඡන්දෙට පහුවෙනිදම කෝටි ඇවිත් උගේ ඇත දෙක කපල දැම්ම.

      උතුරේ දාපු ඒ එකම ඡන්දේ වැටිලා තිබුනේ රනිල්ට.

      එදා උතුරේ ඡන්ද ටික වැටුන නම් අවම ලක්ෂ 6ක ඡන්ද ගොඩක් රනිල්ට වැටෙන්න තිබුන.
      මම විකාර කියවන කියල හිතන්න එපා මචන්. මේ ලක්ෂ 6 කියන ඉලක්කම නිකන් කටට ආවට කියපු දෙයක් නෙමේ. එදා හිටපු මැතිවරණ විශ්ලේෂකයෝ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරපු අදහසක්.

      රනිල් කොටින්ට ඇද්දට ප්‍රභාකරන් උගේ මහවිරු දිනේ ඩි ලෝකෙටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ රනිල් කියන්නේ කපටි නරියෙක් කියලයි. ඒ එක්කම උ කිව්වා මහින්ද ප්‍රායෝගික නායකයෙක් කියල උට තේරෙනවා කියලත්.

      දැන් ඔය සන්ධානෙට වෙලා උපසභාපතිකමකුත් අරන් සැප විඳින කරුණා ව ප්‍රභා ගෙන් කැඩුවේ රනිල් කියල මහින්දත් මුළු ලෝකෙත් දන්නවා.

      ඌව කාලෙන් එලියට අරන් ඇවිත් රට රට වල ගෙනිහින් ඔක්කොම සැපසම්පත් ( අහවල් එව්වත් ඇතුළුව) දකින්න විඳින්න දීල ඌ ගේ මොලේ හේදුවේ රනිල් ගේ කාලේ තිබ්බ සෑම සාකච්ඡා කාලේදී.

      එත් රනිල් ට 2004 ඩි ගෙදර යන්න වුණු නිසා කරුණා ප්‍රභා ගැටුම් ගැන අපිට දන ගන්න ලැබෙන්නේ මහින්ද පාලන කාලේ තුල දී.
      එකෙන්ම තේරෙනවා නේ රනිල් කාටද ඇද්දේ..කොටි කාටද ඇද්දේ කියල...

      ---------------

      අර ආයුධ ගෙනාපු කතාවත් සම්පූර්ණයෙන්ම ඇත්ත නෙමෙයි.

      2002 සටන් විරාම ගිවිසුම තියෙන කාලෙදිම කොටින්ට ආයුධ ගෙනාපු නැවු 6ක් මුහුදේදීම වෙඩි තියල විනාශ කලේ එදා රනිල් ගේ නියෝජිතයෙක් වෙච්ච ආරක්ෂක ලේකම් ගේ අණ ඇතිව.
      එදා ඒ ඩේට විරුද්ධව කෝටි ලෝකේ පුරාම එක එක ගේම් ගෙනිච්ච. එත් රනිල් සහ එදා කැබිනට් එකේ ප්‍රධාන තර්කය වුනේ සටන් විරාමය බල පැවැත්වෙන්නේ ගොඩබිමට මිස මුහුදට නොවයි කියන එක. ඒ නිසා මුහුදු මගින් රටට ආපු තර්ජන ගොඩක් රනිල් ගේ සටන් විරාම කාලේදී වැළකිලා ගියා.

      උඹට බලා ගන්න ලින්ක් එක දාන විදිහක් නැහැ මචන්. උඹට පුළුවන් නම් හොයපන් 2002-2003 කාලෙදී Sunday Times එකේ ඉක්බාල් අතාස් ගේ ආරක්ෂක ලිපි ටික.

      උඹට තව ගොඩක් විස්තර හොයා ගන්න පුළුවන් වෙයි.
      -------------------------------

      මිලේනියම් සිටි සිද්ධිය වුනේ "රනිල්ගේ උපදෙස් "අනුව නෙමයි. ඒක එදා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු වරත්තු නිලධාරින් පිරිසකගේ රටේ සිද්ධවෙන හැම දෙයකම අවසාන වගකීම(Overall Responsibility) අද වගේම එදත් පවතින ආණ්ඩුව මත තමයි පැටවෙන්නේ . ඒ තියරිය අනුව රනිල්ටත් ආණ්ඩුවටත් ඒ වගකීම බාර වෙනවා. ඒ වගේම එදා ජනාධිපති වෙලා හිටපු සැටලයිට් ටත් ඒ වගකීම යනවා. එත් අන්තිමේදී වුනේ සැටලයිට් හොඳ ගැනී වෙලා රනිල් කර පිටින් ඔක්කොම වැරදි ටික ගිය එක විතරයි.

      ---------------

      බටලන්ද කියන්නේ එදත් අදත් මැතිවරණ වලට පාවිච්චි කරන prop එකක් මිසක් කිසි වටිනාකමක් තියෙන දෙයක් නෙමෙයි.

      එහෙම දෙයක් ඇත්තටම තිබුන නම් 94 ඉඳන් අද වෙනකන් ඉන්න මේ ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන නේ ඒ වධකාගාරේ වෙච්ච දේවල් ඔප්පු කරන්න. කෝ එහෙම මොකුත් වුනේ නැහැනේ.

      මනොෂ් ට මතකද දන්නේ නැහැ 94 -95 කාලේදී ඒ කියන්නේ සැටලයිට් සහ සනුහරේ රට අල්ල ගත්තු දවස් වල බටලන්ද කොමිසම කියල එකකුත් පත් කරලා රනිල් ව විත්ති කූඩුවකටත් නැග්ගුව. ඒ දවස් වල අපිත් ආසාවෙන් බලන් හිටියේ රනිය ව අද හිරේ දැයි හෙට හිරේ දායි කියල.

      එත් මොකද වුනේ. රනිල් නිදොස්.

      එත් ඊට පස්සේ තිබ්බ හැම ඡන්දෙක දීම ඔය බටලන්ද කියන වධකාගාරේ ඇරුන. ඡන්දේ කාලෙට විතරක් කට්ටිය ඇවිල්ල රූපවාහිනියේ වැලපිලා ගියා. ඡන්දෙන් පස්සේ බටලන්ද වහල.

      දැනුත් බොහොම කලාතුරකින් වගේ බටලන්ද ගැන ඇහෙනවා. ඕක කවදාවත් මේ තිබිච්ච වධකාගාරයක් නෙමෙයි මනොෂ්.


      අපි කොච්චරවත් රනිල් ට බෑ..රනිල්ට බෑ කියල කා ගැහුවත් අද තියෙන ගාමන්ට් ටික දැම්මේ රනිල් කර්මාන්ත අමතිද කොහෙද වෙලා ඉන්න කොට.

      එව්වා නොතිබෙන්න මේ අපි උඹ වගේ කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් රස්සා නැතිව ඉන්න තිබුන.
      රනිල් ගේ වැරදි අපේ උඹේ ඔලුවලට පුරවන එවුන් එකෙක් වත් තාම රටට වැඩක් ඇති දෙයක් කරලා නැහැ. තාමත් උන් මාකට් කරන්නේ උන්ගේ කට වල් විතරයි.


      Delete
    5. \\ඡන්දෙට පහුවෙනිදම කෝටි ඇවිත් උගේ ඇත දෙක කපල දැම්ම.\\

      මේක "ඡන්දෙට පහුවෙනිදම කො ටි ඇවිත් උගේ අත් දෙක කපල දැම්ම" කියල නිවැරදි වෙන්න ඕන..නැත්නම් වෙන වෙන අදහස් ඔලුවලට යනවා..

      Delete
    6. මංද මචෝ, කියන්න දෙයක් හිතාගන්න බෑ. රනිල් ගැන ප්‍රසිද්ධ විවේචන ගොඩක් අඩුයි තමා. තියෙන්න ඔය උඩ මාත් කීව ටික තමයි. කොහොමත් මං අහල තියෙනවා රනිල් හොරා කෑවෙ නැති නායකයෙක් කියලා. ඒත් ඒ මනුස්සයාගෙ පෞර්ෂ්‍ය දිහා බලනකොට හිතෙනවා ඔය කියන තරම් දේවල් (එල්.ටී.ටී.ඊ) එකට දුන්න කියල ඔබ කියන යටින් ගේම් දෙන්න පුලුවන් උනාද කියලා. මං වැරදි ඇති ඒ ගැන.

      කොහොමත් ඔය කියන කවුරුත් ඔය කියන තරම් කෙරුමො නම් පහුගිය අවුරුදු 66 හොඳටම ඇති මේ රට අගාදෙන් ගොඩගන්න. මං කියන්නෙ මුන්ට කවදාවත් බෑ. උවමනාවක් නෑ.

      Delete
    7. //කොහොමත් ඔය කියන කවුරුත් ඔය කියන තරම් කෙරුමො නම් පහුගිය අවුරුදු 66 හොඳටම ඇති මේ රට අගාදෙන් ගොඩගන්න. මං කියන්නෙ මුන්ට කවදාවත් බෑ. උවමනාවක් නෑ.//

      සහතික ඇත්ත මචන්..අලියා පුටුව වුනත් බුලත් කොලේ වුනත් දෙතුන් පැත්තේම ඉන්නේ එකම සෙට් එක.

      ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.

      අපිට පුලුවන්නම් ජේවීපී එක ට්‍රයි කරලා බලන්න....මොනවහරි වෙනසක් වෙන්න ඉඩ තියෙනවා.

      එත් ඉතින් තාමත් මිනිස්සු ජෙප්පන්ට බයයි...

      Delete
    8. \\අලියා පුටුව වුනත් බුලත් කොලේ වුනත් දෙතුන් පැත්තේම ඉන්නේ එකම සෙට් එක.//

      අන්න ඒක තමයි මචං. ලකුණ වෙනස් උනාට ඇතුලෙ ඉන්නෙ එකම සෙට් එක. හෙට යූඑන්පී ආණ්ඩුවක් ආවොත් අනිද්දට මේ ඉන්න සන්ධාන ඇමති සෙට් එක තමයි ඒකෙත් ඇමති සෙට් එක වෙන්නෙ.

      මං කියන්නෙ නහයෙන් උඩට ගිලිල ඉන්න අපිට ආයෙ අමුතුවෙන් වෙන්න දෙයක් නැති නිසා ජනතාවට සදාචාරාත්මක යුතුකමක් තියෙනවා ජවිපෙටත් අවස්ථාවක් දීල බලන්න.

      Delete
    9. මමත් එකෙන්ම කැමතියි ඒ යෝජනාවට නම්...

      එත් අපි බලන්න ඕන මිනිස්සුන්ගේ හිත ඇතුලේ ජවිපෙ ගැන තියෙන බය තුරන් කරන්නනේ කොහොමද කියල...

      Delete
    10. හැම චන්දෙ කාලෙකදිම බටලන්ද, සූරියකන්ද එළයට එනවා. ආයි යට යනවා. හිටි ගමන් පිටසක්වලයො එනවා. දේවතා එළි, බුදුරැස් විහිදෙනවා. ගස් ගල් වලින් බුදු පිළිම මතුවෙනවා. මොකද, පාලකයො දන්නවා අපේ හැත්තට හප හප ඉන්න එකක් දුන්නම උන් තලු මර මර දවස් ගානක් ඒක කන බව. අනික් පැත්තෙ එවුන්ගෙ රෙද්ද අවුස්සන්න කලින් බලන්න එපායැ යකෝ මේක පිරෙන්න ඉන්නෙත් ඒ පැත්තෙ හිටපු හැත්ත බුරුත්තම තමා කියලා.

      Delete
  10. විභීෂණ කොලුවෝ, මම චන්ද ගැන වැඩිමනක් දන්නේ නැත, දැනගන්න වුවමනාද නැත, මටනම් ලේ පුච්චා ගැනීමට ඕනා නැති නිසා ඒ ගැන කතා කිරීමට අකමැතිය, එබැවින් මම රටට ජනතාවට ආදරේ නැති අපතයෙක්ද නොවන්නේය, මගේ චන්දයෙන් රටක් හැදෙන්නේ හෝ ආණ්ඩුවක් වෙනස් වන්නේ නැත, එහෙනම් මම යන සංකල්පයෙන් බැහැරට ගොස් අපි යන සංකල්පයට පැමිණිය යුතුය, නමුත් ඒ අපි කියන කන්සෙප්ට් එක කවදා කොහොම කවර කාලෙක ඒවිදැයි දෙවියෙක් වෙච්ච උඹටවත් කිව නොහැකියි නේද මචන්, හරි ඒ ගැන කතාව ඇති.

    චන්දෙ පැත්තට ගියාම මේක මෙහෙමය, මෙය මහමැතිවරණයක සතර පෙරනිමිති බැලීමක් නෙවේය, එය නම් පට්ටම පල් බොරුවකි, මෙය තවත් එක පලා බබා ප්‍රතිපලයකි, වෙනසක් වුවද ඒ වෙනස ඔහොමම ගලයිද අපි බලමු, මොකද ජනතාවගේ මතය මහමැතිවරණයකදී හෝ ජනාදිපතිවරනයකදී මීට හාත්පසින්ම වෙනස් වුවත් බලයේ සිටින එකාට කාසියේ වාසිය හිමිය, මොකා දින්නත් දිගටම බැට් කරන්නේ උන් මිස ජනතාව නොවේය. ජනතාව හැමදාමත් බෝල දමනවා මිස බට කරන්නේ නැත. ඒ ගේම ගහන්න මාමිට පට්ටම හැකියාවක් ඇත්තේය.

    මහින්ද යනු මහින්ද මිස වෙන එකෙක් නොවේය, ඡන්දයට පෙර හරීන් වටා ගොඩනැගෙන රැල්ල නොදකින්න තරම් ඔහු ළදරුවෙක් නොවේය. කාටත් කලින් ප්‍රතිපලය මහින්ද දන්නෙහිය. මහින්ද හිටියේ පැත්තකය. මෙය කපුවා සහ හරීන් අතර සටනක් උනේ ඒ නිසාය. කපුවා බයවෙලා ඩිපෙන්ඩර් බස්සලා වෙනස වඩා දු වෙනසක් කරන්න හැදුවද ගියත් අවසානයේ කොහොම හරි මහා ඇමති ඌමය. බහුතරද ඇත. මෙතන වුනේ දේශපාලන සංදර්ශනයකි.චන්දයට පෙර සිට ෂෝ එක පට්ටේටම ආවය. ඒ හරහා ෂෝ එක බලපු ජනතාව ආතල් එකක් ගත්තා පමණි.

    මාමි ලස්සනට ගේම ගැහුවාය, රැල්ල නියුට්‍රලයිස් කරන හැටි මාමි හොඳටම දන්නවය, මිනිස්සුන්ගෙන් වැඩ අරන් උන්ව පැත්තකට කරන්න හැටි හම්බන්තොට ජනයා හොදින් දන්නවය, එක කරන හැටි මාමි දන්නවය. රත්නවීරලා, චන්ඩි මල්ලිලා, ආමිජිනේලා, වම්බෝට්ටලා, පල්ලත්තර ජගත්ලා, ඊට උදාහරණය. ඊළඟට සැටලයිට් නෝනට ඇරපු ඇරිල්ල පට්ටය, අමතකම නොවන්නේ ජනරාල්ට වෙච්ච දදේ නොවේද? ඊළඟට ශිරානි ඇන්ටිට මොකද උනේ.

    මාමා කන්න ඕනා වෙනකොට මොකාද එකා මොකෙක්ද එකෙක් කර ගන්න හැටිත් හොඳටම දන්නවාය, කේ පී, කරුණා අම්මාන්, වයඹ මහා ඇමති අර පපු කන සිරි කොලුවා, ඊට හොඳම උදා හරණය. යූ එන් පී ඉන්න කාලේ බඩේ ගලක් තිබිච්ච උගේ ගල පැන්න හැටියේ පුකෙන් කකුස්සි වලට වැටුණි. දැන් ඌ වයඹ බලු වෙලා නැතිද, බලය නමට පමණි. වයඹ පාලනය කරන්නේ මාමිගේ සනුහරෙනි.

    බය කරන්න ඕනා කල බය කරන හැටිද දන්නවය. ආතති හදන්නට ඕනා වෙලාවට එකත් කරන හැටි දන්නවය, කලින් හිටපු මැකෝ ඊට ද හොඳම උදා හරනයය.

    මචන් අපි මේ මැතිවරණ අල්ලන් මොන බයිලේ ගැහුවත් ජනමත කොතරම් වෙනස් වුවත් ඒවා මාමිට හීනෙන් ගිය අධෝ වාතයක්ම මිස වෙන මොකක්වත් නොවේය, මාමි ගහන ගේම් බොලා අපිට හිතන්න තියා දකින්නවත් බැරිය. ගැහුවට පස්සේ ආනේ ඇත්තද මාරයිනේද පමණි.

    මට මිනිස්සු ගැන කිව යුත්තේ මෙයය, මිනිස්සු පට්ටමට බයය, එය රක ගැනීමට නොයෙකුත් දේ කරති, ඉතින් මාමි ඒ දේ නොකරයිද මචන්,

    චන්ද ප්‍රතිපල ආවේ මිනිස්සුන්ට ඕනා විදියට නොව මාමිට ඕනා විදියටය, හරීන්ට බදුල්ල උඩින්ම දිනන්නට දී දින්නට දී මාමි රැල්ල එතැනින්ම නුට්‍රලයිස් කර හමාරය, හරීන් දින්නට වැඩක් නැත.විල මද විපක්ෂනායක වගේ ඔහුටද ඉන්න හැකිය. මාමි මොනරාගලින් ගේම ගැහුවාය, මොනරාගල ලංගම බස් වැඩ කරපු විදිය අපි නම් දෑසින්ම දුටුවෙමි.

    උඹ කියන යු එන් පී නැගීම මම චන්ද වේදිකාවේ නුදුටුවෙමි, මන්ද එහි කිසිම ටීම් වරක් එකක් තිබුනේ නැත, හරීන් මනාප ගත්තට වැඩක් නැත, ආණ්ඩු පිහිටවිය නොහැක, චාහ්න්ද වේදිකාවේ හරීන් හයිලයිට් උනා මිස අනිත් අපේක්ෂකයන් ගැන වගේ වගක් නැත. ඉතින් ඒ දිනුම හරීන් තනියෙන් ගත ආතල් එකක් මිසක් වෙන මොකවත් නොවේය. ආණ්ඩු හදන්න නම් ජේ ආර් කළා වගේ ටීම් වරක් එකක් ගැසිය යුතුය. නමුත් සැබවින්ම ඌව චන්ද වේදිකාව හරීන් කැපී පෙනුනා පමණි. ඒ හරහා සාම්ප්‍රදායික යු එන් පී මිනිස්සුන්ට මොරාල් එකක් ආවට පලක් නැත. ඉතින් තනියෙන් දිනලා පළාත් සබා දිනන්නට බැරිය.

    සන්දාන වේදිකාව තුල එක එකා උන් උන්ට කඩේ ගියාය, උන්ගේ අපි වෙනුවෙන් අපි නොකර බැරිකමට කළාය. කපුවාට කඩේ යන ගමන් හැම එකාම තමන්වද කෙසේ හෝ ප්‍රමෝට් කර ගත්තාය. ඉතින් බහුතරය උන්ට හිමි විය.

    ඉතින් චන්ද වේදිකාවේ නැති සමගිය ඇතුලේ තියෙයි කියලා උඹ හිතනවද බන්?අනති පක්ස ගැන කතා කරන එක කාලය කෑමකි.

    මදක් හිතන්න මාමි ගොනා වගේ ගේමක් ගහලා හරීන්ව හා බලු විදියට පරද්දෙව්වානම් ජනයා කුමක් කරාවිද කියා? පොඩ්ඩක් පටිසෝතගාමී වෙලා බලන්න අනිත් පැත්තට හිතලා. හැබැයි මේ ලංකාව මිසක් ඊජිප්තුව හෝ ලිබියාව නොවන නිසා එතරම්ම අවුලක්ද නැත.

    බොලා අපි කොයි තරම් බෙරිහන් දුන්නත් උන් උන් අන්තිමේ එකට හිඳන් කළු කොපි බොනනේ උන්ය, උන් කවදත් දිනුම්ය, මට කිව යුත්තේ එපමණකි. බොලට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මම කෙහොමත් උඔගේ විචාර වලට කැමති..

      Delete
    2. උඹේ කමෙන්ට් එක නම් ඇත්තම ඇත්ත සොමියෝ.

      අන්තිමේදී බලපුවා ම උන් හැමදාම දිනුම් තමා.

      යූඇන්පී එකේ ටීම් වර්ක් නම් අන්තිම කසිකබල් තමයි. එත් කලින් ඡන්ද වලට වඩා ඕනෑකමකින් මේ ඡන්දෙට වැඩ කළා කියල නම් අපිට පේන්න තිබුන..

      Something is better than nothing කියනවනේ.

      ----

      සොමියෝ උඹේ විචාරේ නම් මට ඉහටත් උඩින් වටිනවා.

      Delete
    3. ඇත්ත විභීෂණ........ සොමි යා ගෙ කමෙන්ට් එක පට්ට....100% true ........

      Delete
  11. එල ද බ්‍රා ලිපිය..
    ලිිපිය අග සිට මුලටත් මුල සිට අගටත් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මචන්..

      එලද බ්‍රා( කියල ප්‍රවේසමෙන් බලහන්)...

      Delete
  12. හැබැයි මෙහෙම දෙයක් තිබෙනව ....... ඔයාල මොකුත් කියන්න එපා ....මත.......
    මයින්ද මාමි අමලිකා ගීල්ල ඇවිල්ල.......හි...හි.....
    අලීන් අයියව මා ඇමටි කොලලා....... සතී අයියට ...ආලපාලුවෙක් අයින් කොලලා...... දියවන්නාවේ මන්තී කමක් දෙයිද දන්නි නෑ ....
    ඒමට යත්තය....අපිලව උඹින ........
    එතෝට නැති වෙත්ති ලකුණු ගොදාත් අම්බ වෙනව ....මාමිත......

    ReplyDelete
    Replies
    1. අනේ මයේ අම්ම...සූටි මැණික් කැටේ..

      විතාලේ නම් පත්ත ඇත්ත බෝල..

      අපිත කෙළ වුනත් උන්ත මගුල්..

      අලි සෝයි බන්...

      පත්ත ආතල්...

      Delete
  13. ඌව පරදින පක්ෂයේ දේසපාලන අනාගතය එතනින් ඉවරය කියපු විචාරකයෝ දැන් මොකද කියන්නේ , කොහම වුනත් අන්තිමට පරාජය නේ ලැබුනේ . මේක ජයක් වෙන්න නම් අඩු ගානේ විපක්ෂ පක්ෂ දෙක එලතු වෙලා හරි රජයට බහුතරය නැතිවෙන්න ඕන, එතනින් පල්ලෙහා දේවල් ජයග්‍රහණ හැටියට අර්ථ දැක්වීම අසාධාරණ බවයි මගේ නම් හැගීම

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.....බදුල්ලෙ.......#@!%$ උන්ට කෝමත් ...පුකේ අමාරුයි මල්ලි හරීන් ට වැඩි මනාප ලැබුනට.....

      Delete
    2. //මේක ජයක් වෙන්න නම් අඩු ගානේ විපක්ෂ පක්ෂ දෙක එලතු වෙලා හරි රජයට බහුතරය නැතිවෙන්න ඕන, එතනින් පල්ලෙහා දේවල් ජයග්‍රහණ හැටියට අර්ථ දැක්වීම අසාධාරණ බවයි මගේ නම් හැගීම //

      ඇත්ත මචන්..මේ විපක්සෙ එකතු වෙච්ච දවසට තමයි අපිට ඇත්තටම ජයග්‍රහණයක් සමරන්න පුළුවන්...

      එත් ඉතින් මොකුත්ම ජයක් නොතිබ්බ එකේ මෙච්චර වත් ලැබිච්ච එක කොච්චර දෙයක් ද?

      Delete
    3. @ Kenji

      ඇත්ත මචන්...මුන්ට කට ඇරලා සන්තෝසෙන් අපි දිනන කියල කියාගන්නත් බැහැ. උන්ට රෙවිල තියෙන්නේ...

      Delete
    4. ඕ යේස් බොසා !!!
      කියෙව්වා..

      Delete
    5. මෙකනම් මෙ ඉවානය තනිකරම පුද්ගලික තරහක් පිරිමහන්න ලියපු එකක්.ඔව ඇතැරහන් බන් ඉවාන්, මුදෙ එක මාලුවද ඉන්නේ.:D

      Delete
    6. //""ම්ම්ම්.....බදුල්ලෙ.......#@!%$ උන්ට කෝමත් ...පුකේ අමාරුයි මල්ලි හරීන් ට වැඩි මනාප ලැබුනට""//

      කෙන්ජයියා , හරින්ට මනාප ලැබුනා කියලා ආණ්ඩුව පැරදිලා නැහැ, ආණ්ඩුවට පැහැදිලි බහුතරය ලැබිලා තියෙනවා, අනන් ඒ පැහැදිලි බහුතරය ලැබීම නවත්තගන්න් බැරිව ,ආසන්න තත්ත්වයන් ජයග්‍රහණයන් හැටියට අර්ථ දක්වනන් බෑ. අනික මතක තියාගන්න ඕන කාරණේ තමයි ,මේ චන්ද ලැබුනේ හරින්ට මිසක් යූ.එන්.පියාට නෙවෙයි කියන එක. හදිසියෙවත් උපාලි සමරවීරව දැම්මනම් මහා ඇමති අපේක්ෂකයා හැටියට මේකෙන් බාගයක්වත් ලැබෙන්නේ නෑ.
      මේක යූ.එන්.පිය ලබපු ජයක් නෙවෙයි ,පැහැදිලිවම හරින් ප්‍රනාන්න්දු ලබපු ජයක්. එක යූ.එන්.පියෙ ජයක් බවට පත් කරගන්න එක පක්ශේ වැඩක්. එත් ඉතින් එක එකා කකුලෙන් අදින්න ගියාම මේකත් නැති වෙනවා මිසක් අලුතෙන් දෙයක් ලැබෙන්නේ නෑ. දැන් තිස්ස අත්තනායක නායකත්ව මණ්ඩලෙන් අයිනේ වෙලා . එකේ එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න ගියොත් හැමදාම රතු එලි පත්තු කරන්න විතරයි වෙන්නේ , කවදාවත් ජයක් ලබන්න නම් වෙන්නේ නෑ..

      Delete
    7. පුද්ගලයෝ මුල් කර ගත්තොත් කවදාවත් වැඩක් වෙන්නේ නැහැ.

      අර මම කියල තියෙනවා වගේ රනිල් ට පුළුවන් නම් හාල්පාරුවෝ, පිලිකාකාරයෝ පක්සෙන් එලවල දාන්න එදා ට පුළුවන් පක්සේට අලුත් ගමනක් යන්න.

      එහෙම නොවුනොත් හැමදාම දකින කුකුලගේ කරමල ගානට රතු එළියත් සුදට පෙනේවි...

      Delete
  14. ලිපියට එකගයි.එත් අවුලකට තියෙන්නෙ රනිල් දැනන් හිටිය කවදහරි මිනිස්සුන්ට මෙ ආන්ඩුව එපාවෙලා මිනිහ පැත්තට හැරෙනව.එතකන් නායකතුමා හැටියට ඉන්න විතරයි ඔන කියල.එකතමයි මිනිහ මෙච්චරකල් කලේ.ඉතින් අන්තිමට අපිට ඔලුවෙනසක් විතරක් වැඩක් නැ නේ.එකනිසා යුඇම්පිය දැනගන්න්න ඔන වෙනස පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. ඔලු වෙනසක් නම් මේ රටට වැඩක් නැහැ.

      දැන් රටට ඕන අලුත් මොලයක්...

      යූඇන්පී යට පුලුවන් නම් හොඳ මොලයක් තියෙන ඔලුවක් හොයාගන්න අන්න එදාට රට යන මග වෙනස් වෙන්න පුළුවන්...

      Delete
  15. ලෙඩා මැරී අවසන්. බඩ බොකු සුද්දවීදැයි බැලීමෙන් කුමන පල? ඒ නිසා අදහස් නොදක්වමි. ආවෙමි, බැලුවෙමි, ආපසු යමි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ..

      කතාව හරිත් නැහැ වැරදිත් නැහැ...

      මොනවා වුනත් අවුලක් නැහැ...

      තැනක් යූ ඉන්දික,.,..

      Delete

කමෙන්ට් කලාපය....