2019-07-13

මරණ දඬුවම ට ඉක්මනින් ම අවශ්‍යයි


සිරිසේන ලොක්කා මරණ දඬුවම ආපහු ගේනවා කියපුවාම හැම තැනම බෝවෙලා ඉන්න මානව හිමිකම් පෙට්ටි කඩ කාරයින්ගෙයි, එන්ජීඕ කූඩැල්ලන් ගෙයි අධෝමුක ඇතුලේ හදිසියේම ගෝන්ඉ ප්‍රී ත්තෑ ධාවන තරඟ පටන් අරන් ය.
දිනපතා මාධ්‍ය සාකච්චා සංදර්ශන පවත්වලා ශිෂ්ට සම්පන්න රටවල් වල මරණ දඬුවම නැතිය, එක වනචාරි යුගයට අයිති දඬුවම් ක්‍රමයක් ය. බෞද්ධ රටකට මරණ දඬුවම ගැලපෙන්නේ නැතිය,අරකය මේකය කිය කියා බෙරිහන් දෙන්න පටන් අරන් ය.





අයන්නේ , නේයන්නේ , හුයන්නේ කේයන්නේ කියලා කියවන්නේ මේ වගේ ගොන්ත බඳින කණු, කිසිම ප්‍රයෝගික වැඩපිළිවෙලක්ක නැතිව ඩොලර් වලට ණයට කහින අවලම් හිඟන්නො කියන  පයනුකේයන්නේ කතා අහන කොටය.

පිට රටවල් ගැන අපිට බණ කියලා ශිෂ්ට සම්පන්න රටවල් වල මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැතිය වගේ දේශනා කරන උන්ගෙන් අපිට අහන්න තියෙන එකම එක වන් ඇන්ඩ් ඔන්ලි ප්‍රශ්නේ "එතකොට මේක ශිෂ්ට සම්පන්න රටක් ද?" කියන එකය.

අවුරුදු තුනේ හතරේ පොඩි කෙල්ලන්ව උස්සන් ගිහින් දූෂණය කරන, මිනිහට කුඩු බොන්න ගෑනි ව බඩු පොට්  වලට විකුණන, අම්මගේ හොර මිනිහා අතින් දුව දූෂණය වෙන, ප්‍රාදේශීය සභාපති වරු අතින් සංචාරක ගෑනු දූෂණය වෙන, පෙට්ටි සෙන්චරි කඩපු සන්තෝසෙට "මහජන නියෝජිතයෝ " එක්කහු කරන පාටි දාන , මේ වගේ රටක ශිෂ්ට සම්පන්න ගතිය තියෙන්නේ කොයි හරියේද අපිට නම් හොයාගන්න බැරිය.

දවසේ ඕනෑම පත්තරයක් අරන් බැලුවොත් රේප් කේස් අවම දෙකක් වත්  , මිනීමැරුම් අවම තුනක් වත් , හොරා කෑම් අවම පහක් වත් , කුඩු සීන් අවම පහක්වත් හොයාගන්න පුළුවන් ය.

ශිෂ්ට සම්පන්න කම් ගැන පොර ටෝක් දෙන්න කලින් ඒ අවලමේ යන නෝනා මහත්තුරු අඩු ගානේ දවසේ පත්තර ටික බලලා වත් ආවනම් කොයිතරම් සෝක් ද කියලා අහන්නම හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට ය.


මොකා මොක කිව්වත් මේ රට මේ මොහොතේ ජාත්‍යන්තර කුඩු හබ් එකක් බවට පත්වෙලා ය.
ඒ බව කියන්නේ මේ බ්ලොග් ලියන කාලකන්නි අපි විතරක් නොවේය. අපේ සිරිසේන මාමාද ඒ වගේ හොඳටම ලුණු ඇඹුල් ඇතිවම තැන් තැන් වල කියනවා ය.

මීට අවුරුදු දහ පහළොවකට කලින්  කුඩු "ග්‍රෑම් " වලින් අහු වෙච්ච සීන් ගැන තොරතුරු නිවුස් වල අහපු අපි
මේ වෙනකොට අහන්නේ ලක්සිරි කාර් වලින් කුඩු "කිලෝ " දෙසිය ගානක් ගෙනියනකොට අහුවෙච්චි කතා ය. එහෙම නැත්තම් පලාබබා  ගේ වත්තේ කුඩු කිලෝ ගණන් අහුවෙලා නාකොටික් එකෙන් ගේ වටකරලා අදාළ පලාබබා ට ඇඩ්රස් නැතිවෙලා ඉන්නැද්දි මහරජාණන් වහන්සේ ඉර්දියෙන් වැඩලා හිටං අර අසරනයාව බේරා ගත්තු හැටි ගැන කතා ය,
එහෙමත් නැත්තන් ට්‍රැක්ටර් එන්ජින් ඇතුලේ කුඩු ගෙනාපු කතා ය,
එහෙම නැත්තන් සතොසේ සීනි පැකට් අස්සේ "වැරදිලා" කුඩු පැකට් ආපු කතා ය.

මේකෙන් තේරෙන්නේ දැන් මේ තියෙන කුඩු නෙට්වර්ක් එක, චේන් එක අතිශය දරුණු භයානක තත්වයකට පත්වෙලා තියෙන බවය.

කොයිතරම් කුඩ්ඩන් ට , කුඩු කප්පිත්තන් ට, කුඩු මුදලාලි ලාට උසාවි වලින් දඬුවම් දුන්නාත් , මරණ දඬුවම් තීන්දු කරලා තිබුනත් මේ කුඩු උවදුර එන්න එන්නම බරපතලව වෙනවා මිස අඩු වීමක් නම් පෙන තෙක් මාන්යාක් දකින්නවත් නැත.

ඉතින් මේ කුඩු පිළිකාව කොහෙන් හරි මොනවා හරි කරලා නවත්තන, එහෙම බැරි නම් පාලනය කරගන්න හරි ඕනා නැද්ද?

අපි අහන්නේ අන්න ඒ ප්‍රශ්නය විතරය.

අපි මේ තරම් කුඩු උවදුරට විරුද්ද වෙන්නේ වෙන මොන අහවල් රෙද්දක් වත් නිසා නොව කුඩු නිසාම විනාශ වෙච්ච් අහිංසක තරුණ ජීවිත, විහිරුනු පවුල් අපි මේ ජීවිත කාලේ ඇතුලත ඔනාතම් දැකල තියෙන නිසාය. ඒ සමහර ජීවිත අයිති වෙලා තිබුනේ අපේම ලෙන්ගතු හිතවතුන ට වීම නිසාය.

දවස තිස්සේ බීගෙන ඉන්න කාලකන්නි මැරිලා ගියාට, නසරානි වෙන්න ගහලා වාහන එලෝලා ඇක්සිඩන්ට් වෙලා මැරිලා ගියාට,  පාටියකට ගිහින් ෂොට් එකක් දැම්මා කියලා, ඩේලි වුනත් කමක් නැහැ ආතල් එකේ හීනියට ෂොට් එකක් දැම්මා කියලා , කොටින්ම කියනවා නම් අරක්කු බිව්වා කියලා, විස්කි බ්‍රැන්ඩි ගැහුවා කියලා, බියර් ගැහුවා කියලා මැරිච්ච මිනිස්සු මේ ලෝකේ හෝ මේ රටේ නැත.

එත් කුඩු උවදුර ඔය අරක්කු, විස්කි බ්‍රැන්ඩි බියර් වලට වඩා භයානකය.
කුඩු සීන් එකට එන්ටර් වුනොත් වුනාමය.
ආපහු ගොඩ එන්නේ එහෙමත් එකෙක් ය.
අනිත් උන් සේරම  පවුල් විනාස කරගෙන මිනීමරාගෙන සන්තකේටම කියෙන සබ්බ සකලමනාවම නැති නාස්ති කරගෙන අන්තිමේදී ඇඟවල් දර කෝටු කරගෙන මාස ගණන් දහදුක් විඳලා මැරිලා යනවා ය.


අනිත් කාරණේ කුඩු මුදලාලිලා ටර්ග්ට් කරන්නේ අවුරුදු 20 30 එවුන්ව නොව අවුරුදු 10 12 එහෙමත් නැත්තන් ඊටත් අඩු වයසේ අහිංසක මල් කැකුළු ය.
පොඩි එවුන්ව වැඩේට සෙට් කරගන්න තරමට මුදලාලිගේ පොටෙන්ෂල් කස්ටමර් බේස් එකට හොඳය..
මොකද කියනවා නම් පොඩි  එකා ඇබ්බැහි වුනාට පස්සේ නැතිම වෙලා මැරිලා ම  යනකම් අම්මා තාත්තා විකුනලා හරි සල්ලි හොයාගෙන කුඩු හොයාගෙන මුදලාලි ගාවට එන බව මුදලාලි හොඳහැටි දන්නා නිසයා.

මේවගේ දේවල් මහා සමාජ අපරාධ ය. සමාජ දේහයටම අරක්ගත්තු පිළිකා ය.
මේ වගේ පිළිකා සමාජයෙන් අයින් නොකර සමාජය බේරාගන්න බැරිය.
අර එන්ජීඕ කපුටු රැල කියන ජාතියේ ශිෂ්ට සම්පන්න රටක් බවට වත්  පත්වෙන්න ලැබෙන්නෙත් නැතිය.


පැනඩෝල් බීවා කියලා, විසිහතර පැයම බණ දේශනා ඇහුවා කියලා පිළිකා හොඳ වෙන්නේ නැත.
පිළිකාවක් හොඳ කරන්න නම් දරුණු ප්‍රතිකාර කරන්නම උවමනා ය.

කුඩු කියන පිලිකාවටත් ඒ තියරිය එහෙම්මම ය.
කිමොතෙරපි දෙන්න වෙනවා ම්ය . එහෙමත් නැත්තනම් පිළිකා කාරකය තියෙන අවයවය ඉවත් කරන්න වෙනවා ය.
අතක් පයක් , එහෙමත් නැත්තනම් වෙන අවයව යක් නැතුව හරි වටින්නේ ජීවත් වෙන එක ය.
සමාජයටත් එහෙම ම ය.
බේරගන්න නම් කුඩු නෙට්වර්ක් එක කපලාම දාන්න වෙනවා ය.

අර විලාප දෙන එන්ජීඕ කපුටන් ටත් මම කියන්නේ පිළිකා වලට කරන ප්‍රතිකාර මොනවද , ඒවා කරන්නේ කොහොමද කියන එක දැනගන්නත් එම්ක්ක එක දවසක් අපේක්ෂා රෝහලේ ගත කරන්න කියලය.


සිරිසේන උන්නැහේ කුඩු කාරයෝ එල්ලන්නේ දේශපාලන කාරණාව කුත්හි තේ තියාගෙන බව අපි හැමෝම දන්නා කාරනයක් ය.
එහෙම නෙමෙයි නම් , එයාට සීයට සීයක්ම අවංක චේතනාවක් තියෙනවා නම් මේ තීන්දුව ගන්නේ අද නොව 2015 ජනවාරි මාසයෙද්දීමය.

ඒවායින් අපිට වැඩක් නැත.
මොනතරම් කුජීත දේශපාලන කාරණයක් වුනත් සිරිසේන උන්නැහේ අඩු ගානේ කුඩු කාරයින්ට හරි මරණ දඬුවම දෙන එකට මම නම් සීයට සීයක් මනාපය.

ඒ මොකද කියනවා නම් එකෙක්ව හරි එල්ලුවා නම් අඩු ගානේ මරණ බයට වත් කුඩු නෙට්වර්ක් එක ලංකාව ඇතුලේ සරෙන්ඩර් වෙන නිසාය.
කුඩු මුදලාලි ලා, කුඩු ඒජන්ත වරු වැඩේට බහින්න කින් ආපහු එක පාරක් හරි කල්පනා කරලා බලන්න පෙළඹෙන නිසාය.


මරණ දඬුවම ක්‍රියාත්මක කරන එකේ කිසිම ප්‍රශ්නයක් නැත . 
නීත්‍යානුකූල බව ගැන අබමල් රේණුවක ගැටළුවක්  නැත.

මොකද කියනවා නම් ඔය එල්ලන්න ඉන්න 44 දෙනාටම මරණ තීන්දුව දීල තියෙන්නේ සිරිසේන උන්නැහේ නොව අපේ ගරු අධිකරනෙයන් ම වීම නිසාය.
අපේ ලොකු උන්නැහේ කරන්නේ අධිකරණයෙන් දීපු තීන්දුව ක්‍රියාත්මක කරන්න නැකත් පත හදලා දෙන එක ය. එහෙමත් නැත්තනම් දවස වෙලාව නියම කරන එකය.


ඒ නිසා මරණ දඬුවමට බය නම් කැමති නැත්නම් විරුද්ද නම් අර ප්‍රෙස් කොන්ෆරන්ස් මානව හිමිකම් කාරයින්ට අපි කියන්නේ සිරිසේන ගෙන් නොව උසාවියෙන් ගේම ඉල්ලලා ප්‍රශ්නේ විසඳා ගන්න කියලා ය.

අද ඔය ප්‍රෙස් ටෝක් දෙන , ශිෂ්ට සම්පන්න සමාජයේ මරණ දඬුවම නැති හැටි ගැන කිලෝ ගානට යාර ගානට පත්තර වලට ඉන්ටවිව් දෙන , ආටිකල් ලියන කිසිම එකෙක් කුඩු නිසා අහිංසක ජීවිත  විඳවන හැටි දැකලා නැතිය.
තමුන්ගේ පවුලේ එකෙක් කුඩු නිසා විනාශ වෙලා නැති වෙනකොට ඒ දුක දරාගන්න බැරුව , මැරෙන්නත් බැරුව කඳුළු බොන අහිංසක අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා අයියලා අක්කලා එක්ක එක වචනයක් කතා කළා නම් ඒ මිනිස්සු කුඩු මුදලාලිලාට උන්ගේ පවුල් වලට හෙන ඉල්ලන හැටි, උන්ව මැරිලා යන්න කියලා සාප කරන හැටි අපිට විතරක් නොව ඒ මානව හිමිකම් වෙළෙන්දන්ට ත් දැන කියා ගන්නනට පුළුවන.

ඔය මොකුත් ඕනා නැත.
ඔය එක මානව හිමිකම් පෙට්ටි කඩ කාරයෙක්  හරි පවුලේ එකෙක් කුඩු වලට ඇබ්බැහි වුනා නම් උන්ගේ ඔය මානව හිමිකම් කානු කටවල් ටික නිකම්ම වැහෙනවා ය.

"ප්‍රශ්නය තමුන්ගේ වනතෙක් පිළිතුරු දාර්ශනික යි " කියලා පැරැන්නෝ කියලා තියෙන්නේ ඇටේ කහනවාට නොවේය.

කුඩු ගහල ජීවිත විනාශ වුනාට, ලෝකේ නැති දහ දුක් විඳලා දිරලා මැරිලා ගියාට කුඩු කෙරුමෝ යහතින් තමන්ගේ බිස්නස් දිගටම ගෙනියන්නේ උන්ට මරණ බය නැති නිසාත් මොකෑ කොහොම මලත් උන්ට සල්ලි ටික ලැබෙනවානම් No Nothing else matter නිසාත් ය.

ඒ නිසා මේ වසංගතය පිළිකාව වනසන්න නම් අනිවාර්යයෙන්ම මේ ජීවිත බිලිගන්නා පෙරේත කුඩු බිස්නස් කාරයෝ සේරම සමාජයෙන් ඉවත් කරලා දාන්නම උවමනාය.



මගේ නම් අදහස දැනට ලිස්ට් එකේ ඉන්න 44 දෙනාවම එක දිගට දවස 44 කදී එලල්ලා මරලා දාන්නය කියලාය.
එත් මොකක් හරි හේතුවක් උද 4 දෙනෙක්ව විතරක් මරන්න සිරිසේන උන්නැහේ තීන්දු කරලා තියෙනවා කියලා කියනවාය.
කමක් නැත 4 ක් වුනත් දැනට කමක් නැත.
සිරිසේන ගේ දේශපාලන නූල් සූත්තර, උප්පරවැට්ටි වගේ දේවල් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපිට අදාලම නැත.
කොහම හරි කමක් නෑ අපට ඕනා මේ වැඩේ කරන්නය.

ඒ මොකද කියනවා නම් මැස්සෝ මදුරුවෝ මැරෙනවා වගේ තරුණ ජීවිත අකාලයේ බිලිගන්නා කුඩු මාෆියාවේ ඉන්න එකෙක්ට හරි එකවතාවක් හරි මරණ භය දැනෙන්න සලස්වන්න උවමනා නිසාය.

මේ 4 දෙනාගෙන් හරි එක පටන් ගන්න උවමනා ය.
ඊට පස්සේ ඉතුරු 40 දෙනාටත් ඒ අත්දැකීම ලබා ගන්න සුදුසු වටපිටාව ඉබේම නිර්මාණය වෙනු ඇත.

මේ වෙනකොට මානව හිමිකම් කාක්කෝ රැලක් ගේ  පෙස්සං ටිකක් හින්දා මේ මරණ දඬුවම දීම 17 වෙනදා වෙනකම් අත්හිටෝලාය.

එහෙනම් ඉතින් 17 වෙනිදායින් පස්සේ බලමු.
දේශපාලන කාරනා කිසිසේත් අදාළ නැත. මොන කෙරුමා කොහොම බලපෑම් කලත් මේ 4 දෙනාව හරි එල්ලලා දාන්න සිරිසේන ලොක්කාට පුළුවන් වුනොත් අනන එදාට මිනිහා තමයි දවසකට හරි හැබෑම ජනාදිපති.

එහෙනම් ගොහින් එන්නම්.

අපහු හම්බෙමු...

13 comments:

  1. ඉතින් එල්ලන්න කුඩු මුදලාලිලා අල්ලයිද? සතොසෙ සීනි අස්සෙ කුඩු ගෙන්නපු එකා ඇල්ලුවද?

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කරලා මේ හතර දෙනා එල්ල ගත්තොත්, ඉතුරු සෙට් එකට ඔටෝ ම බඩු සෙට් කරත හැකි.
      අනිවා එහෙම කරන්නම වෙනවා
      එක හින්දම තමයි දන්නා සෙල්ලම් ඔක්කොම් දාලා හැමෝම මේක බ්ලොක් කරන් ඉන්නේ...

      Delete
  2. උඹ කියනවනං එල්ලන්නෙ නැතුව බෑ නොවැ. එල්ලලා දාමු.

    ReplyDelete
    Replies
    1. එක නේන්නම් කියන්නේ හැලප+අයියේ .

      Delete
  3. මම මරණ දඬුවමට විරුද්ධයි , හේතුව අලංකව වගේ රටක අහිංසක මින්සුන්ව එල්ලලා මරන්න් තියෙන ඉඩකඩ වැඩියි, දුෂිත නීතිඥයෝ සහ පොලිසිය , දේශපාලන මාෆියාව මේ ඔක්කොම අහිංසක මිනිස්සුන්ව හිටු කියල නිත්‍යානුකුලව මරයි

    ReplyDelete
    Replies
    1. ඔව්, එහෙම ඉඩකඩක් තියෙනවා.
      එත් මොනවත්ම නොකර මේ විදියටම ගියත් අහිංසක මිනිස්සු තමයි මැරෙන්නේ...

      ඒ නිසා එකෙක්අ දෙන්නෙක්ඩු හරි එල්ලල්ලා මැරුවොත්ගා අඩු ගා නේ,ඊළඟ වතාවේ කුඩු පැකට් ගෙනියනකොටවත් කල්පනා කරන්න මිනිස්සුන්ට මොලේ පදෙවිනේ...

      Delete
  4. 4 දෙනෙක්ව ඔය විදිහට තෝරන්න බෑ. කුඩු විතරක් නෙමෙයිනෙ අපරාධ.
    උසාවියෙන් මරණ දඬුවම නියමවුන (අභියාචනයේදීත් තහවුරු වුන ) ඔක්කොමට දෙන්න ඕනෙ.
    ඕනෙම නම් විශ්‍රාමික විනිසුරුවන් සහිත review මණ්ඩලයකින් සලකා බලන්න පුලුවන්. හැබැයි ඒකත් නිකම්ම කොමිසමක් නොව ඊට වඩා ක්‍රමවත් නීත්‍යානුකූලව හැදෙන්න ඕනෙ.

    කොහොමවෙතත් අඩු ගණනේ අවු 5ක් විතරවත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනෙ මේ රටේ. ඊට පස්සෙ ආයිත් සලකා බලන්න බැරියැ ඕනෙ නම්.

    ReplyDelete
    Replies
    1. අදහස එක්ක එකඟයි.
      අනිවා වැඩේ තව සාදාරන වෙන්න නම් එහෙම දෙයක් වෙන්න ඕන..

      කොහොමත් මේ වෙලේ රන් වෙන්නේ දේශපාලන ගේමක් හින්ද තමයි තියෙන එකම ප්‍රශ්නේ,.

      Delete
  5. Agree 100%, In Singapore, case close and job done within one year. I think we should speed up the process and start with new cases (hang newly convicted soon) Sounds cruel, but the things going bad to worse. At least rendition to show weapons is better than doing nothing.

    ReplyDelete
    Replies
    1. yu gud englis man. y yu singappuru about tok? v singappuru no. if v spid up trapik polis giv tikat.

      Delete
  6. අනේ එයා කොරයි මේං කියලා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. මගේ පෞද්ගලික අදහස නම් , මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර රටේ නීති පද්ධතියේ ඇති ව්ශවාසනීයභාවය සහ “නීතිගරුකභාවය“ වැිඩ කරන්න ඕන .අද දවසේ එක එක්කෙනාට ඕන විදියට , “නීතිය නැමෙන හැටි දකිත්දි“ කුඩු ගෙනා මුදලාලි ගැලරියේ බලාගෙන ඉඳිත්දි  , කුඩු “කන් හැන්දක්“ විකිනූ “කුඩු කාරය“ එල්ලුම්ගහට යන්න පුළුවන්.

    ReplyDelete
  8. ලොකු මුදලාලි අල්ලන්නේ නැති එකනේ බන් වැ‍රැද්ද? උන් එල්ලනවනනම් එකෙන්ම කැමැති

    ReplyDelete

කමෙන්ට් කලාපය....