2016-02-29

රන්ජා වෙත...

දෙවැනි විභීෂණ,
විභීෂණ අඩවිය


අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී  වන් ෂොට් හෙවත් රන්ජා වෙත කරුණාවෙන් ලියන වගයි



පහුගිය ආණ්ඩුවේ හිටපු හොරු , කම්බා හොරු සහ නීලකාස හොරු කරපු හොරකම් ගැන එදා ඒ කියන්නේ ඔබ තුමාලා විපක්ෂයේ ඉන්න කාලෙදී ගිරිය පුප්පාගෙන, උගුරේ ලේ රහ කරගෙන කෑ ගැහුවා අපිට තාමත් හොඳ හැටි මතක ඇති බව සන්තෝසයෙන් හෝ කනගාටුවෙන් ඔබට දන්වන්නට කැමැත්තෙමු.

ඒ කාලයේ අහවල් එක්කෙනා අහවල් දේවල් ගත්තු හැටි, අහවල් අය අහවල් රටවල් වලට ගිය හැටි, අහවල් ඇය අහවල් කුඩු මුදලාලි ලාව ගොහින් බදා ගත්තු හැටි සහ තව ගොඩාක් අහවල් ජාති ඔබ තුමාලගේ කටවල් වලින් පිටවෙනකොට එදා ආණ්ඩු පක්ෂේ එවුන් රෙද්දේ සුළුදිය වගේම මලපහ ත් පහ කරගෙන කරත්තේ ට අහුවෙච්ච ගොරකා වක් වගේ මූණු තියාගෙන අසරණ වෙලා බලං හිටපු හැටිත් තාම අපිට මතකය.

තව දශක ගානකට පරද්දන්න බැහැ  කියලා තියාගෙන හිටපු අමුම අමු මැටි විශ්වාසය හින්දා උන් මහදවල් කරපු හොරකම් ජඩකම් තමුන්නැහැ ලා ඒ කාලේ තිබ්බ හැම ජීවිත අවදානමක් ම අරගෙන ජනතාවට එලි කරනකොට වෙන කාටත් වඩා ඔයාලට ඔයාලා වගේ  වගේ අලුත් අයට අපේ මිනිස්සුන්ගේ හිත ඇදිලා ගියේ ඔයාල  කවදා හරි බලයට ආවොත් ඔය හොරු අල්ලලා රටට නැතිවෙච්චි සම්පත් සේරම ටික ආපහු අරන් දෙවෙඉ කියන බලාපොරොත්තු ඇතුව බව ඔබ නොදන්නවා විය නොහැක.

එත් ඒ බලාපොරොත්තු ගැන , ඔබලා ගේ නායකත්වය ගැන සහ ඔබලා ගේ ක්‍රියාකාරිත්වය ගැන ඒ තරම් විශ්වාස කල නොහැකි බව පහුගිය සුමානේ ඔබතුමා පැටලීච්ච  කේස් කීපෙකින්ම හොඳහැටි අපිට දැකගන්න පුළුවන් විය.

මේ වෙනකොට එදා ඔබලා ගේ  විවේචනයට අහුවෙච්ච ආණ්ඩුව ගෙදරය. දැන් ආණ්ඩුවේ ඉන්නේ ඔබ ලා ය. රට ගෙනියනේ ඔබලා ගේ නායකයා ය. වෙන එකක් තියා රටේ නායකයා ව එතෙන්ට පත් කලෙත් ඔබලා ගේ නායකයා ය.
ඉන් වෙරි ෂෝර්ට් ෆෝම් කිව්වොතින් දැන් බලය තියෙන්නේ කාල්ටන් වලව්වේ වත්, මැදමුලන ගෙදරවත් නොව ඔබලා ගේ ආණ්ඩුවේ ය.

හොරු අල්ලමු හොරු අල්ලමු කියපු ඔබලාට දැන් හොරු අල්ලන්න බලයද ලැබී ඇත.

 ඒ ඔක්කොම අස්සේ කෝප් කමිටුවටත් අලුත්ම සැට් එකක් ඇවිත් ය. ඒ සැට් එකෙනුත් අති බහුතරය එදා ඔබලා වගේම හොරු අල්ලන්න දත කාපු උදවිය ය.
හොඳම වැඩේ කියන්නේ ඔබ තුමත් දැන් ඒ කෝප් කමිටුවේ සාමාජිකයෙක් ය.

ඉතින් මහත්තයෝ ඔය සේරම බලතල නිලතල අතටම හම්බුවෙලා තියෙද්දි පවතින නීති ප්‍රකාරව හොරු අල්ලන එක මිසක්ක තැන් තැන් වල ප්‍රෙස් කොන්ෆරන්ස් තිය තිය මෙලෝ සම්මජාතියේ එකෙක්ට තෙර්න්නේ නැති කඩදහි කොළ පෙන්න පෙන්න , එක එකා ට කෝල් කර කර පඩ ෂෝ දාදා කරන්නේ මොන රෙද්දක් ද  කියලා දැන්වත් අපි අහන්න ඕන ය.

ඔබ තුමාලා ආවේ හොරු අල්ලන්න ය. එෆ්.සී.අයි.ඩී ද ජනාධිපති කොමිසන් ද අරක ද මේකද සේරම දැම්මේ ඔය මගුල කරන්න ය.
කෝප් කමිටු ව හදලා තියෙන්නෙත් ආණ්ඩුවේ ආයතන වල තියෙන ජින්ජිබිරිස් සීන් හොයලා එලියට ඇදලා අදාළ නීතිමය පියවර ගැනීමට ය.

එතින් ඔය සේරම කරද්දී ඔබලා ගැලරියට ආතල් දිදී රඟන්න ඕනෑකමක් නැත.
තියෙන්නේ කාගේවත් බලපෑම් වලට අහු නොවී බාරගත්තු ජොබ් එක කරන එකය.

ඔබතුමා අපිට පෙන්න කේන්දර සුමනයාට කෝල් කළා කියලාවත්, ඒ මල හොන්තුවඋගේ මහා එකා සහ සනුහරේ කරා ය කියලා මොනාදෝ සීන් වගයක්  ෆෝන් එකෙන් කබරයා දැම්මා කියලාවත් අපිට වත් රටට වත් වැඩක් නැත. හරිනම් ඌ කරන්න ඕනා මොකක්හරි ඔය තියෙන කොමිසමකට ගිහින් වමාරන්න ය. වැඩ කටයුතු සිද්ද විය යුත්තේ  අන්න  එහෙමය.

සේරටම කලින් ඔබ තුමා මේ කරණා කීපය මතක තියා ගත යුතුය.

අවුරුදු විස්සක් තිස්සේ තිබ්බ බයි ආණ්ඩුවත් කලේ ඔබතුමා ඔය ඊයේ පෙරේදා කරපු ටිකමය.
යූඇන්පී අරයා මේක කලා මෙයා අරක කළා අරයා මෙහෙ ගියා කොටි එක්ක අරයා ෆොටෝ ගැහුවා, මෙයා ගිවිසුම් ගැහුවා කිය කියා කොහෙවත් නැති පත්තර පඩංගු යි, කොළ කෑලියි රේකොඩි නුයි අරකයි මේකයි උස්සන් ඇවිත් අපිව අන්දපු එකය.
ඔය වැඩේට කප් ගහල හිටියේ අපේ මංගල උන්නැහේ ය. මතක නැත්තන් පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා ය.

වෙන එකක් තියා අපේ සිරිසේන උන්නැහෙත් සැටලයිට් මැඩම්ගේ කාලෙදී අලි කොටි ගිවිසුම් ගැන අග මුල නැති කඩදහි කොළ උස්සන් ඇවිත් රස කර කර කිව්වා අපිට තාමත් මතකය.
හුළං විදුලිය ඇතුලේ මඩ නිෂ්පාදනයට ම වෙන්කරපු වෙන ම කාමරය කුත් ඒකාලේ තිබ්බා අපිට මතකය.

ඒ බයිලා අපි අවුරුදු 20ක් දැක්කා හොඳටම ඇතිය.
ඒ බඩකදෙත්තු ව අයින් කරලා ඔබලාව ගෙනාවෙත් සිස්ටම් එක වෙනස් කිරීමටය .
සිස්ටම් එක වෙනස් කරන්න ඇවිත් පරණ පීල්ලේම යන්න නම් කොටි ගනන් වියදම් කරලා ඡන්ද තියලා කටු කන්න අපිට ඕන නැත.
දෙවොලා ගේ දේවාලෙට ගිහින් පොල් ගහන එක ඊට ලෙසිය.

ඔයාලා අපිට ඔය පෙන්නන සේරම ප්‍රශ්න විචාරාත්මක වැඩ  ඔයාලගේ කමිටු වලදී කරගන්න පුළුවන් එව්වා ය.
ඒ දේවල් හරියට කරන එක ඔබතුමාලගේ වගකීම සහ රට වෙනුවෙන් ඔබතුමාලගේ යුතුකම ය.
අපි ඔයාලව ඔහෙට එව්වේ ඒ ජොබ් එකට ය.

එත් ඔබලා හිතනවා නම් අපිත් ඕවා ගැන දැනුවත් වෙලා ඉන්න ඕනය කියලා, ඔබලාට තියෙන්නේ අර"තොරතුරු දැනගැනීමේ මෙව්වා එක" සම්මත කරලා හරි විදියට ඉම්ප්ලිම්න්ට් කරලා දෙන එකය.

එතකොට ඔබ තුමාලගේ වැඩකිඩ අපිට ඕන විදියට බලාගන්න අපිට පුළුවන.
එහෙම නැතුව මීඩියාවල දාන බයි ටයිප් සෝබන වලින් අපිට වැඩක් නැත.

 අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චර ය.
බොරු බයිලා, බොරු සෝබන නැතුව බොරු ප්‍රෙස් කොන්ෆරන්ස් , රඟපෑම් නැතුව කරන්න ආපු වැඩේ සද්ද නැතුව හරියට කරලා මහත්තුරු වගේ ගෙදර යන එක ඔබේ වගකීමය. ඒ වගකීම හරියට කරන එක ඔබේ යුතුකමය.
ඒ දේවල් හරියට සිද්ද වුනොත් ඔබේ මගේ අපේ මෙන්ම රටේම වාසනාව ය.

මොනා වුනත් කියන්න තියෙන දේ කෙලින් කීමේ ඔබේ ඒ ගුණයට තාමත් අපි මනාපය.
මේ අලුත් පාලන තන්ත්‍රයම බිහිවුනේ ඔබලා වැනි සුපිරි කථිකයින් ගේ මහන්සිය නිසා බව හොඳින්ම අපි දන්නේය. එත් ඒ ඔබ තුමන්ලා විපක්ෂයේ ඉන්න කාලයේදී ය.

දැන් ඉතින් ඔබ "ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක්" බව මතක් කරන්න විභීෂණ ට සිතෙන්නේ ඔබ කියන කරන සමහර දේවල් දිහා බල න කොටය.

කොහොම හරි ඉතින් හරි පාරේ හරි විදියට යන්න ලැබේවා කියලා සමුගන්න කලින් විභීෂණ ප්‍රාර්ථනාවක් ද කරන්නේ ය.

ඔන්න ඉතින් අපි සමුගන්නේය..
සුබ අනාගතයක් වේවා ය ...

==========================
එහෙනම් ගිහින් එන්නම්..

22 comments:

  1. අර ස්පීකර් ෆෝන් සංවාදය කැබිනට් මණ්ඩලේදී කළා නම් හොඳයි කියා තමා කියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත විචෝ.

      එත් මූ නළුවෙක් නිසා වෙන්න ඇති එකත් එළිපිට කරන්න ඇත්තේ .....

      Delete
  2. සංදර්ශන සංදර්ශන.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ...ජනප්‍රියම නළුවා නේ...

      Delete
  3. මේක මාර රටක් බං...

    ලංකාවේ මාද්දියවේදියොත් මාරයි..

    මහින්ද හිතාගෙන ඉන්නවා එයා තාම ජනාධිපතිය, සිරා වැඩ කරන්න ඕනෙත් එයා කියන විදියටය කියලා..

    රන්ජන්ලා හිතනවා එයාලා තාම විපක්ෂේ හිඟන්නොය කියලා... ජනතාවට ගොන් ආතල් දෙනවා...

    ReplyDelete
    Replies
    1. එක තමයි මාතො ප්‍රශ්නේ...අපරාදේ කෝටි ගණන් වියදම් කරලා ඡන්ද දෙකක් තිබ්බේ ආණ්ඩු වෙනස් කරන්න කියලා හිටං...

      Delete
  4. රංජන් කියන්නේ නළුවෙනේ බං , ඕක දන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දන්නවා බන්...එත් කවුද හිතුවේ මූ නළුවෙක් විතරයි කියලා...

      Delete
  5. මෙහෙම දේකුත් තියෙනවා බං....... ඒ කාලේ මාධ්‍ය වල කියපු විදිහට අපි හිතුවා ආණ්ඩුව පෙරළුන ගමන් මාර දේවල් වෙයි කියලා...... ඒත් ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් නං වුණා... එච්චරයි

    ReplyDelete
    Replies
    1. අපි හිතපු මාර දේවල් නම් නෙමෙයි වෙන ජාතියක මාර දේවල් නම් ගොඩක් වුනා...

      රනිල් ගේ දෑත ශක්තිමත් කරන්න එන්න තව ඉතුරු වෙලා ඉන්නේ මහින්ද විතරයි ...

      ඔන්න ඕක තමයි වෙච්ච මාර ම දේ...

      Delete
  6. අයියෝ බොස් මේ ලංකාව කියලා අමතක කරන්නේ ඇයි?
    මෙහෙ ඉස්සරට වඩා දැන් පොඩ්ඩක් හොඳ නම් ඒ තමයි බලාපොරොත්තු වෙන්න පුලුවන් උපරිම හොඳ.

    ReplyDelete
  7. රංජා කියලත් වෙන මක්ක කොරන්නෙයි විභියෝ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඌ දන්නේ රඟන්න විතරනේ...

      Delete
  8. රංජන්ගේ හැසිරීම කාරනා දෙකක් ඔස්සේ පැහැදිලි කල හැකියි.
    1. ඔහු ඔහුගේම චිත්‍රපට චරිතවලට ස්වයං මෝහනය වෙලා. (දේවාරූඪයෙන් සාත්තර කියන අයටත් ඔයවගේ දෙයක් වෙනවා)
    2. ඔහු ක්‍රිස්තියානි කාරයෙක්, එමනිසා ඔහු හිතන්න පුරුදුවෙලා තියෙන්නේ සිංහල දේශපාලනඥයො පල් හොරු කියලා. එමනිසා සිංහල දේශපාලඥයෙක්ගේ වැරදි දුටුවිට ඔහු ආවේගශීලී වෙනවා. ඔය තත්වය සුනිල් පෙරේරාගේ කලා නිර්මාණ තුලිනුත් දැකිය හැකියි. එයා කියන්න හදන්නෙත් සිංහල දේශපාලඥයෝ හොරු සහ සිංහල මිනිස්සු බල්ලෝ යන අදහස.

    ReplyDelete
    Replies
    1. පලවෙනි කාරණේ ඇත්ත...

      දෙවෙනි කාරණේ තියෙන අර ක්‍රිස්තියානි කාරයෝ හිතන විදියත් සහතික ඇත්ත...
      සිංහල දේශපාලනඥයන් පල් හොරු ම තමයි...
      සුනිල් පෙරේරා වුනත් බොරු කියන්නේ නැහැනේ...

      Delete

කමෙන්ට් කලාපය....