2015-11-29

බුකියට අහු වුනො...බේරගනියෝ....

අයියෝ...
බෝගලේගම කවුරුත් නැද්දෝ...

විභීෂණ බුකියට අහුවෙලෝ....


උදේ හිටං රෑ වෙනකන්
නිවනක් නැතෝ...

මේක කුඩු ගහලා වගේ යකෝ...

මහම මහා පිස්සුවක් යකෝ...

ලැයික් කරනවා ශෙයා කරනවා
වොචින් අරක කියනවා
වොචින් මේක කියනවා
ෆීලින් මාවල්ස් කියනවා
විත් අරයා කියනවා
විත් මෙයා කියනවා
බයියන්ට බනිනවා
බයි රජ්ජුරුවොන්ගේ පතුරු අරිනවා
ට්‍රිපක් ගියොත් 
ගිය වෙලේ පටන් පට්ට රෑ ගෙදර ඇවිල්ලත් 
ෆොටෝ අප්ලෝඩ් කරනවා
ගිය ගිය තැන්වල මැප් එක ශෙයා කරනවා

මොන මගුලක්ද යකෝ මේක...

අන්තිමේ මහා රෑට 
වමනේ යන තරමටම  එපා වුනාට පස්සේ
මගුල් ෆෝන් බඩකඩේතතුව වහල දානවා

ආපහු උදේට පටන් ගන්නවා

මට මේ මගුල එපා වෙලා යකෝ...

පුළුවන් එකෙක් ඉන්නවානම් බේරගනියෝ...

බ්ලොගට ඇවිත් එක විනාඩියක් 
එක දිගට පොස්ටු කියවන්න බැහැ
පට ගාලා ශෙයා කරනවා
ඊට පස්සේ බුකියට ගිහින් 
කීදෙනෙක් ලැයික් කරනවා ද කියලා බලං ඉන්නවා

මොන රෙද්දක් ද මන්දා...

මාතෝ..විචෝ,...මධුවෝ....
ම.මෝ...ඉවානයෝ...
නලියෝ...විදානයෝ..
බ්‍රා මෙන්ඩෝ...කුරුට්ටෝ..
බස්සියෝ...ඔමෝ...නිහින්සෝ...උපේක්ෂෝ ..

නම නොකිව්වට කමක් නෑ බොල
පුළුවන් තව මොකෙක්හරි ඉන්නවනම්  වරෝ...

මාව බේරගනින් යකෝ මෙතනින්....




98 comments:

  1. එහෙනං ඉතිං බඩුම තමයි...
    හත්දොහේ දානෙට මාරි පැකට් එකක් අරගෙන එන්නම්...
    කවුපි ටිකක් තම්බලා තිබ්බනං හරි....


    හැක් හැක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ධාන්‍ය බීජ දෙකක් වත් ඉතුරු කොරපං රත්තරනේ.

      Delete
    2. කොහොමද බන් ජය වේවා වෙන්නේ...

      කියපිය නැවත අප්පි අතරම ඉපදේවා කියලා...
      ---------

      Delete
    3. මධු වෝ, මොකටද දෙකක් ඉතුරු කරන්නේ...

      Delete
    4. කවුපි හදලා තියහං විභී............... විදානයා ඒනවා ෂුවර්......... ඔ්නේ නං කාර් ඒකත් අරගෙනම ඒයි... උඹලාගේ දිහා තාප්ප ඒහෙමත් අැතිනේ......

      Delete
    5. ඌ තාප්ප ඛන්නා කෙනෙක්ද?

      Delete
  2. ඇත්තටම මේක ලොකුම සමාජ ප්‍රශ්නයක්. මේ පුංචි සටහනෙන් ලොකු විග්‍රහයක් කරල තියනවා. මෙම ඇබ්බැහිය නිසා මිනිස් පැය විශාල ප්‍රමානයක් නාස්ති වෙනව. බලනව කී දෙනෙක් ලයික් කරලද ,කොමෙන්ට් දාඅල්ද කියල. ඊට පස්සෙ එලියට පහලියට ඇවිත් ටික වෙලාවකින් ආයෙ හිතෙනව ගිහින් බලන්න. කවුරුහරි ශෙයා කළොත් එදා ට වෙන වැඩක් නෑ.කොමෙන්ට්ස් දැම්මොත් රිප්ලයි කරනව .ඒවට ආයෙ රිප්ලයි ඇවිත් .ඊට පස්සෙ අසනීප නිවාඩු දාල හරි කමක් නෑ ආයෙ රිප්ලයි කරන්න ඕන. නැත්නම් පරදිනවනෙ .

    එතනින් නතර වෙන්නෙ නෑ. පොටෝ ගන්න ඕන බුකියට දාන්න. දිනපතාම මේක කරන්න ඕන. නිතර අප්ඩේට් නොවුනොත් බුකියෙ පස්සට යනව. සමහරු තරගෙටත් කරනව.

    සංවාද කරන්න ගත්තොත් නම් කොහෙන් නතරවෙයිද කියන්න බෑ. මම එකපාරක් දවස් එක හමාරක්ම සංවාදයක් කළා එකෙක් එක්ක. අපරාදෙ දවස. ඒ කාලෙ බැලට් බොක්ස් ,තුලාවෙ එහෙම නිච්චි නිනවු නැතිව වාද විනාඩි පැය දවස් යනව තේරෙන්නෙ නෑ. අන්තිමට බලපුවම පුස්ස බින්ද වගෙ.

    දැන් මම බුකියෙ ප්‍රොෆයිල් ඩිලීට්ම කරල දැම්ම.

    පාසල් සිසුන් අධ්‍යාපනයටත් අප වගෙ අය රැකියාවටත් යෙදවිය යුතු කාලය තමා මේකට යොදවන්නෙ. අන්තිමට බලපුවම සත පහකට වැඩක් නැති වැඩක්. බුකිය නෙමෙයි බ්ලොග් වුනත් එහෙම තමයි.
    මම අහල තියනව සමහර රටවල මේවට ප්‍රතිකාරත් ලබා ගන්නව කියල.

    මේකට තියෙන්නෙ එකම බේතයි. බුකියෙ ,බ්ලොග්වල ඔක්කොම ප්‍රොෆයිල් ටික පර්මනන්ට්ලිම ඩිලීට් කරල දාන එක. ඊට පස්සෙ කොහෙ කියල යන්නද. මට නම් බුකියෙ ප්‍රොෆයිල් ඩිලීට් කලාට පස්සෙ මාර සැනසිල්ලක් දැනුනෙ. දැන් මම බුකියෙ නෑ.මට පාඩුවක් වෙලත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකටත් එක්ක උඹ බ්ලොග් එකේ දානවනෙ පෝස්ට් තප්පරේට හැට ගානෙ...හැක් හැක්!

      Delete
    2. බ්ලොග් වල සැරි සරපං බං. වැඩක් ඇති දෙයක්වත් තියෙනවා කියවන්න. ඔය රූප වලින් පොඩි පොඩි කාටූන් වලින් දෙන සරල වින්දනය අපේ හිතීමෙ ශක්තිය මොට කරනවා. ඒ වගේ නෙමේ බ්ලොග්. මගේ ඒකේ පොල්ලෙං ගැහුවා වගේ කෙලිංම ඇදලා ඇරියාට කියවලා මාසයක් හිතන්න දේවල් ඉතිරි කරන බ්ලොග් කොච්චර තියෙනවද මේ අවකාශෙ. මමනං දැං සතියකට දෙකකට සැරයයි ඕකට යන්නෙ. අනික අර මෙලෝ රහක් නැති සෙල්ෆි දාන උන්ව අන්ෆ්‍රෙන්ඩ් කරලා දැම්මා. බයි ටොයි හටනට යන්නෙත් නෑ. හැබැයි හෙට අනිද්දාම ගේමකට සෙට් වෙනවා ලෝකල් අයිසිස්ලා එක්කනං.

      Delete
    3. @මධ්‍යස්ථ මතධාරියා,

      ඔවු බන්, උඹ කියන කතාව ඇත්ත.
      උඹට කියන්න සමහර දවස් වල රෑ වෙනකොට ඔලුව නිකන් තෝන්තුව වගේ.ඔක්කාරෙට වගේ එනවා නිවුස් ෆීඩ් එක දැක්කා ම .
      කුඩු ගහන සැප ඇති මයේ හිතේ.

      ඩොකෙක් ගෙන් බේත් ගන්න කලින් තමයි බන් මේ චුත වෙන්න කල්පනා කලේ...

      Delete
    4. @මධු මාධවී
      ඔවු බන් මට දැන් තේරෙනවා බ්ලෝග කොච්චර සැනසිල්ලක් ද කියලා.
      එක තේරෙන්න ඉතින් බුකියට අහුවෙලා තැලිලා පොඩිවෙලා ඉන්න ඕන හිටං.

      Delete
  3. හුටස් පටස්.. ඒක නම් හොද ලෙඩක් නෙමෙයි.. දැන් කාලෙ ගොඩ දෙනෙක්ට තියෙනවා නෙ.
    උදේ නැගිට්ටම ගුඩ් මෝනින් කියලා ස්ටේටස් දාන්නෙත් සෙල්ෆියක් එක්ක, රෑ නිදාගන්න කලිනුත් සෙල්ෆිය දාල ගුඩ් නයිට් කියනවා. කන කෑම එකේ ෆෝටෝ දානවා. අනේ මංදා මට නම් ඔය ෆෝන් එක එහෙ මෙහෙ කර කර මූණු එක එක විදියට හදාගෙන කට උල් කරගෙන තැනක් නොතැනක් නැතිව සෙල්ෆි ගහන උන් දැක්කම පිස්සු වගේ.. ට්‍රිප් එකක් හරි ගමනක් හරි ගියාම ෆොටෝ ගන්න එක යාලුවො එක්ක ෆොටෝ ගන්න එක මතක සටහනක්. ඒත් මේ සෙල්ෆි කෙහෙල් මල නම විකාරයක්. දැන් කට්ටිය පාර්ටි එකකට ගියත් එතන එන්ජෝයි කරන එක පැත්තක තියල කරන්නෙ එෆ්.බී දාන ෆොටෝ ගන්න එකනෙ.

    ඕකෙන් මිදෙන්න නම් ඉතින් ටික කාලෙකට හරි එෆ්.බී. අකඋන්ට් එක ඩිඇක්ටිවේට් කරල දැම්ම නම් සමහර විට පුලුවන් වෙයි. එහෙම නැතිව නම් මං හිතන්නෙ නෑ ලේසි වෙයි කියලා. මාත් සෑහෙන්න කාලෙකට කලින් අර ෆාම් විලී ගේම් එකට පිස්සු වැටිල හිටියා. ඔන්ලයින් ෆාම් එක දියුනු වෙද්දි ගෙදර මල් පැල වලට සාත්තුවක් නැතිව ඇල්මැරෙද්දි තේරුනා මේ වැඩේ හරි යන්නෙ නෑ කියලා. අන්තිමට අකඋන්ට් එක ඩිඇක්ටිවේට් කරල දාල මාස දෙකක් විතර තිබ්බ. ඒකත් එක්ක තමයි ලෙඩේ හොඳ වුනා.දැන් නම් එෆ්.බී යැවෙන්නෙම නැති තරම්. නිවාඩුවක් හම්බුනොත් විතරක් ලොග් වෙනවා. එහෙම නැතිව නිවාඩු හදාගෙන ලොග් වෙන ලෙඩේ දැන් නෑ. :) :)

    ReplyDelete
    Replies
    1. //ෆාම් විලී ගේම් එකට පිස්සු වැටිල හිටියා. //
      මමත් ලස්සනට ෆාම් එක හදාගෙන හිටිය , ඒක මාර පිස්සුවක් . දැන් ඒ ෆාම් එකට මොනව උනාද දන්නෙ නෑ.

      Delete
    2. අම්මෝ ඔව් කම්මලේ.. දැන් ෆාර්ම් එක වල් වැදිලා ඇති..මට මතක විදියට ලෙවෙල් 88 විතර වෙනකන් ගහලා තිබුනා. දැන් නම් පැත්ත බලන්නෙ නෑ.

      Delete
    3. @නිදහසේ නවාතැන,

      හම්මේ , මේක මාර අමාරුයි බන් ඩිඇක්ටිවේට් කරන එක.
      හිත දෙන්නෙම නැහැ.

      බැරිම තැන දැන් ෆෝන් එකේ තියෙන බුකි ඇප් එක අයින් කළා.
      පොඩ්ඩක් හරි ප්‍රශ්නේ විසඳෙයි කියලා හිතනවා...

      Delete
    4. @නිදහසේ නවාතැන, & කම්මල,

      උඹලා ට කියන්න බන් මොන හේතුවක් හින්දා ද මන්දා මට ඔය බුකියේ වගා කොරන ගේම් දිරෙව්වෙම නැහැ.
      ඒ හින්දා ඒ අසනීපෙ බෝ වුනේ නැහැ.

      Delete
    5. ටික කාලයක් යද්දි එහෙනම් ඕක අඩු වෙලා යයි. ඇප් එක අයින් කරා කියන්නෙ ඉතින් සැහෙන්න දුරට ප්‍රශ්නෙ විසදෙයි.
      ඉකමන් සුව ප්‍රාර්ථනා කරනෝ... :)

      Delete
    6. මාත් එහෙම හිතනවා...

      ඉක්මන් සුවය පැතීම ගැන මාගේ බලවත් සන්තොසය...

      Delete
  4. මට නං ඉතින් බුකියට ඇවිත් කරන්න තියෙන එකම දේ තමයි Feed බල බල ඉන්න එක
    උඩට යනවා පහලට එනවා උඩට යනවා පහලට එනවා

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි බන් මාත් කරන්නේ.
      ඕකට තමයි ටික කාලෙකින් ඇබ්බැහි වෙන්නේ. උඹත් ප්‍රවේසමෙන්

      Delete
  5. මටත් ලෙඩේ තියෙනකොට උඹව බේරා ගන්නේ කොහොමද? හැක හැක.. බෙහෙතක් හම්බුනොත් මටත් කියහන්..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු...ඉක්මන් සුවය අත්වේවා...

      Delete
  6. ඕක මාර ඇබ්බැහියක් ...හිතලම මම නම් දැන් බුකි ගත වීම අඩු කරලා තියෙන්නේ.... :)

    ReplyDelete
    Replies
    1. ඔවුන් ශානු වෝ...
      මට හිතා ගන්න බැහැ කොහොම මම මේකෙට අහුවුනා ද කියලා.

      අනිවා අද ඉඳන් බුකි ගත වීම අඩු කරනවා ..අම්මපා..

      Delete
  7. උඹලට ඔහොම තව ටිකක් යනකොට තේරෙයි මහරජාගෙ වටිනාකම. අනේ එතුමා ජනවාරි දින්නනම් මෙලහකට ෆේස් බුක් එකෙන් ලංකාවේ තරුණ පරපුර බේරගෙන. එතුමා වගේ උත්තමයෙක් හිටියනං ඕක තහනම් කරල විතරක් නෙමෙයි තහනම් කරපු එකට බොරු හේතු පෙන්නන උන් ටිකත් නිවන් දක්කල. කොහෙද මොන පාලනයක්ද කියල එකක් නිසා දැන් ඉතින් 'මාව බේරගනියෝ' අඳෝනා විතරයි

    ReplyDelete
    Replies
    1. ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ බන්.
      දැනුත් ඉන්නවා "රා " පරපුරේ කෙනෙක් සෝෂල් මීඩියා වලට රෙද්දේ නීති වගයක් දන්නා ලෑස්ති වෙලා.

      ඒ මදිවට ටෙලිකොමිය ගෙඩි පිටින්ම සිරිසේන කෙනෙක්ටම දීල තියෙන්නේ...
      සෙල්ලම් ලේසි වෙන එකක් නැහැ.

      Delete
  8. බඩුම තමයි.... හෙරොයින් ගහන්න ගනින්...

    මම ලැයික් දාන්න ෂෙයාර් කරන්න කියන උන් ඔක්කෝම ගලවනවා...

    ReplyDelete
    Replies
    1. ඔවු මාතො..සදා සොත්ති බවන්තුතේ වෙන්න කලින් තමයි මෙහෙම පොස්ටුවක් ගැහුවේ.

      Delete
  9. ඔන්න බොලේ උඹෙයි මගෙයි වෙනස් කමක් මතු වුණා...
    මම නම් ඕකේ නෑ...

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි බන්...

      Delete
  10. අනේ මෙච්චර හොඳ පුරුද්දක් අතහරින්න දඟලන හැටි

    ReplyDelete
    Replies
    1. උඹට කිව්වා කියලා හිතා ගනින්...

      Delete
  11. අපි නෑනේ ඕවා දිහා ඇහැක් ඇරල බලන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. @ දේශක යා
      උඹ ඉතින් එක අහක් නෙමේ ඇස දෙකම ඇරලා වෙන්න්නති බලන්නේ...

      Delete
  12. Replies
    1. ඊට චුට්ටකට කලින් තමයි මේ පොස්ටුව ගැහුවේ.

      Delete
  13. ඕක හරි පොෂ් ලෙඩක් , හොදකරගන්න එපා සෙල්ෆි ස්ටික් එකකුත් ගනිං වැටෙන්න වගේ ගියොත් හැරමිටිය වගෙත් පාවිච්චි කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන්නේ අපේ නලිඅයියට නේද?? හැක්..

      Delete
    2. වැටෙන්නෙ වයසට ද, වෙරි වැඩි වෙලා ද?

      Delete
    3. උඹල මට සෙල්ෆි ස්ටික් එකෙන් ගුටි කවන්ඩද හදන්නෙ.

      Delete
    4. @ කම්මල
      සෙල්ෆි පොල්ල තමයි දැන් මට අඩු වෙලා තියෙන්නේ.

      @Praසන්ன & කම්මල
      පවු බන් නලියා...

      Delete
  14. මං නම් ටිකක් ගැලවුනා ...... නැත්නම් ලෙඩක් තමා ..... කොහේ ගිහිල්ල නතර වෙයිද දන්නේ නෑ ..... මොකද්ද දන්නවද මං පාවිච්චි කරපු බේත .... මට තහනම් දැම්මේ මගේ හස්බන්ඩ් ...... එයාට බයට මං කන්ට්‍රෝල් ...... මේ ටිකටවත් මං එන්නේ හොරෙන්...... සිමා සහිතව .... හරිද .....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ උත්තරේ නිහිංසගෙ හස්බන්ඩ්ට කියන්න මේ විභීශණ වත් බය කරන්න කියලා.

      Delete
    2. කාන්තා හිංසනය , කාන්තා හිංසනය මම නම් සැර කරල බයකලේ නෑ . ලොග් වෙලා ඉන්න වෙලාවක ෆෝන් එක උස්සල පාස් වර්ඩ් වෙනස් කරල සෙටිංග්ස් වෙනස් කරල දැම්ම . දැන් නිකම්ම ඒක අමතක වෙලා ගිහින්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. උත්තරේ සරලයි..
      නිහිංසගේ හස්බන්ඩ් නිහිංසගෙන් ඩිවොස් කරලා විභියාට බන්දමු...

      Delete
    5. @ නිහිංසා,

      උඹේ හස්බන්ඩ් නම් දෙයියෙක්...

      @ඉයන්,

      කොයි විදියට බය කරයිද කියලා දැනගන්න බැරිද?

      @ කම්මල
      කාන්තා හිංසනය නෙමේ බොල, කාන්තාව සුරක්ෂිත කිරීම.

      @ C.J. Vidanapathirana,
      අන්න උත්තරේ....

      Delete
    6. හබියා .... දැන ගත්තොත් මං මේකෙත් රිංගලා කියල මාව මරල හන්ගයි ......

      Delete
    7. මැරුවට වරදක් නැහැ, හැබැයි හංගන එක වැරදි

      Delete
    8. මදාවියා විදානෙට දීපු සපත්තු කුට්ටම අර හස්බන්ඩ් තුමාට දීලා විභී එක්ක සතියක් දිවා රාත්‍රී ගතකිරීම මෙයට විසඳුමයි.

      Delete
    9. හස්බා ට මොකද එව්වා...මට දීහන් සපත්තු කුට්ටම...ඉතුරු ටික නිහිංසා බලා ගනියි...

      Delete
  15. මටත් දැං ඔය බුකියෙ යන ඒව අල්ලන් නැති තැනට තමයි එන්නෙ. ඔය ටොයි බයි කේස් වලටනං බුකියෙ තියා බ්ලොග්වලවත් මම අත දාන්නෙ නෑ.
    ඔය දේශයකා, වෙනී අයිය වගේ එකෙක් දෙන්නෙක් අල්ලගන මරාගන්න එක තමයි ඒකට ගිහිල්ල කරන්නෙ.

    ඕකට හොඳම දේ ටික කාලයක් FB යන්න බැරි ෆෝන් එකක් පාවිච්චි කරන එක.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      ට්‍රයි කරලා බලන්න ඕන..

      Delete
  16. නුඹ නාඩන්,
    හොඳ පාඩම්!

    ReplyDelete
  17. ඇත්තටම මැරෙන්න හිතෙනවා බං..මට නම් එපාම වෙන්නෙ වුන්ගේ මතය එපා කියන්න කියන්න මගේ ඔලුවට රිංගවන්න හදන එක..
    අතඇරලා දාලා වරෙන් මස්සිනේ අපි තියන දෙයක් කාලා බිලා බ්ලොගට වෙලා ඉමු..

    ReplyDelete
    Replies
    1. ඔවු බන් පිස්සු බල්ලෝ වැහි වහැලා ..

      අනිවා අතාරිනවා බන්...ඒ රෙද්ද කරන්න බැහැ

      Delete
  18. ඕක බයානක ලෙඩක්,ලයික් හිගන්නෝ දැක්කම දුක හිතෙනවා,කෑම පොටෝ දාල කන්ඩ අසයිද කියල අහනකොට හොද පද මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන්...එපාම වෙලා තියෙන්නේ...

      Delete
  19. බුකිය වගේමයි බ්ලොග් කියවන්න ඇබ්බැහි වීමත්

    ReplyDelete
    Replies
    1. උඹටත් එහෙනම් යමක් කමක් තේරෙනවා එහෙනම්..

      Delete
  20. බෙහෙතක් හොයා ගත්තොත් කියපන්...

    ReplyDelete
    Replies
    1. ඇයි..උඹත් එරිලා ද???

      Delete
    2. එක තැනක නෙමෙයි බන් බුකියෙයි, බ්ලොග් වලයි හැමතැනම එරිලා...

      Delete
    3. ලොකු පුතේ බ්ලොග් වල එරිලනම් ලියපියකෝ අලුත් පොස්ට් එකක්

      Delete
    4. වැඩක් නැතුව ඔෆිසියේ වාඩිවෙලා හිටියට එක එක ලඟින් යන ගමන් මොනිටරේට එබෙන නිසා ලියන නිසා බං ලියන්න බැරි වෙන්නේ...

      Delete
    5. මටත් ප්‍රශ්නේ ඕකම තමයි බන්...

      Delete
  21. මූ පොස්ට් එක දාලා බුකි ගත වෙලාවද්ද

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ...මතක් කරන්න එපා ඔය ගුබ්බයම...

      Delete
  22. හෙහ්... මාත් ඔය කැත පුරුද්ද අතාරින්න ට්‍රයි කොරනව... ඉස්සර වගේ පැල වෙලා ඉන්නෙ නෑ බුකියෙ... වැව් ඉස්මත්ත දැන් බුකියට අහුවෙලා ඉන්නෙ... ඕකට දෙකක් කතාකරන්න ඕන... බ්ලොග් කොච්චර සම්පතක්ද බං අර මලෛලවුවට වැඩිය...

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නේ බන්...බ්ලෝග දාහෙන් සම්පතයි බුකියට වඩා...

      Delete
  23. මං නං ඉතිං කීයක් හරි හොයාගන්නත් එක්කනෙ ඔය ප්‍රොෆයිල් එක තියාගෙන ඉන්නෙ.. දවසට දෙතුන් පාරක් ඔලුව දැම්මට පාඩුවක් වෙන්නෙ නෑ.. උඹලත් ඔය ඒ පැත්තෙ ආපු වෙලාවක මගේ ෆොටෝ එකක් එහෙම ෂෙයාර් කරාට කමක් නෑ... මොකෝ ඉතිං අතින් පයින් යනවයැ... හි හි...

    (මාත් කොයි වෙලාවක හරි දැං බැනුං අහනව... සැරින් සැරේට ෆොන් එකේ ෆේස්බුක් යන හින්ද... දැනට ඔලුව බේරගෙන ඉන්නෙ මේකෙ තියෙන හිනා යන ඒවා එහෙම කට්ටිය එක්කම බෙදාහදා ගන්න හින්ද ... නැත්තං මෙලහට මටත් බුකිය හින්ද බැනුං අහන්න වෙලා..)

    ReplyDelete
    Replies
    1. කීයක් හරි හොයා ගන්න නම් ඉතින් කමක් නැහැ..අඩු ගානේ සම්තින්ග් එක හරි අතට එනවානේ...

      ඒ වුනාට බන් කවුවෝ එක වෙලාවක් එනවා බුකිය අප්පිරියා වෙලා ඔක්කාරෙට එන...

      Delete
  24. විභී.................

    වැඩිපුර විස්තර කියන්න දෙයක් නැහැ..... අපි බ්ලොගයක් විදිහට හරි මේ ලියන මම පුද්ගලයෙක් විදිහට හරි බුකියේ නැත.... ඒ නිසා ඒහේ වෙන්නේ මොනවා ද යන්නවත් වැඩිය දැන්නේ නැත..... යාලුවෝ කියද්දි අහනවා විතරයි...... කාලය ඉතුරු වීමක් ගැන ලොකු සිද්ධියක් අැති කියලානම් පැහැදිලියි......

    ඒත් අපිට ගිය සතියේ අාරංචි වුණා කුගෑගීප සම්බන්ධයෙන් බුකියේ ගෘෘප් ඒකක් හදලා තියෙනවා හෝ ඒ වගේ දෙයක්.... අැත්තට ම තාම ඒ ගැන හොයමින් ඉන්නවා... අපි කිසිම විදිහකින් බුකියට සම්බන්ධ වුණේ නැත..... බ්ලොගයක් හැටියට අපි බුකිය සමග ගණුදෙනු කිරීමට සූදානමක් ද නැත.....

    තාක්ෂණික සහයක් දිය හැකි කෙනෙක් ඉන්නවානම් අපිට මේ ගැන උදව්වක් කරන්න කියලත් අපි ඉල්ලනවා.....

    ReplyDelete
    Replies
    1. මාත් පඩංගුවෙ නමින් බුකියෙ හදපු ප්රෝපයිලය අයින් කළා.. ඉස්සර නං මම බ්ලොග් කියවන්නෙමි අනං මනං එව්වා වල බ්ලොග් එක ශෙයා කළා. දැන් ඒක කරන්නෙත් නෑ..

      Delete
    2. මාත් විභීෂණ නමින් තියෙන ප්‍රොෆයිල් එක අයින් කරනවා...

      Delete
  25. කාලෙ කන්න කියාපු තැන.ගස්ලබ්බට කාලෙ කන්න ඕනෙ උනාම රිංගන තැනක් නෙව බුකිය.වාසි නැතුව නෙමෙයි.මීටරෙන් ඉන්න ඕනෙ.වැඩක් පලක් තිබුනොත් නම් පලාතෙ යන්නෙ නෑ.. ඕනම දෙයක් ඕනවාට වඩා ඕනෙම නෑ බං...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වාසි තියෙනවා නම් අවුලක් නැහැ...අපිට නැහැනේ...

      "ඕනෑම දෙයක් ඕනවට වැඩ ඕනෑම නැහැ" අන්න එක තමයි තියරිය...

      Delete
  26. තමන්ට අවශ්‍ය දේ විතරක් කියවල අනිත්ව මග අරින්න.

    ReplyDelete
    Replies
    1. ඔහොම කිව්වා ට ඕක කියන තරම් ලෙසේ නැහැ අජිත් අයියේ...

      Delete
  27. දැක්ක ගමං ආවෙ. කෝ අත දියං මෙහාට, මං ඇදල ගන්නං.

    ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි. ගහපිය ෆොන් එක පොළේ... නැත්තං ෆේස්බුන් ඇප් එක මකහං...

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක නම් පොලේ ගහන්න බැහැ ඩ්‍රැකී යෝ...

      ඔන්න ඇප් එක නම් මැකුවා

      Delete
  28. ෆේස්බුක් වෙනුවට වැල බලපං

    ReplyDelete
    Replies
    1. එව්වා වෙනයි...අරවා වෙනයි....

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. // Right now, I am trying to make friends outside of Facebook while applying the same principles.

    So every day, I walk in the street and tell people what I ate, how I feel, what I did the day before, what I am doing, what I will do next...

    I also listen the conversations of others and tell them "I like!"

    And it works!

    Result: I already have 3 people who are following me: 2 policemen and 1 psychiatrist.//

    ReplyDelete
  31. ඇබ්බැහිවීම වැඩි කියල හිතෙන වෙලාවට deactivate තමයි.ආයෙ යන්නේ එහෙම නෑ කියල හිතට පොඩ්ඩක් තරවටු කරන්න :)

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල එහෙම තමයි බන්...

      Delete
  32. Fake friends ල ඉන්න Face book තනිකර බොරුවක් බන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බන්..

      එත් ඉතින් මොකක්දෝ කරුමෙකට අපි මේකට අහුවෙලා නේ බන්...

      Delete
  33. අඩේ මටත් ඕකමයි උනේ. පුලුවන්නම් මාත් බේරගෙනම පලෝ......

    ReplyDelete
    Replies
    1. මම බේරිලා එන්නම්කෝ...
      උඹ එතකන් අහුවෙලා ඉන්දහන්...

      Delete
  34. නිවනක් නැති බුකිය .
    .........

    ReplyDelete

කමෙන්ට් කලාපය....