2015-04-30

The කොන්ද


කොන්ද කියන්නේ මහා පුදුම අයවැයකි.අයවයවකි අවයවයකි. මේ කූර සමාජය ඇතුලේ යාන්තමින් හරි ඔලුව උස්සන්න පුංචි හො කොන්දක් තිබිය යුතුය. ඒ වගේම "කියන්න තියෙන දේ කෙලින්ම කීම "නමැති දරුණු පාප කර්මය පලිසන් දී හදිසියෙන්ම අර කියාපු කූර සමාජෙන් හිටිහැටියේ වලකජු ගැසීමට අවස්තාවක් උදාවීමටත් ඔය කියන කොන්ද මූලිකම සාධකයක් වෙන්නේ මොකද කියල කියන්න උවමනා නැත.



කොන්ද තියෙන මිනිස්සුන්ව හොයාගන්න ලේසි නැත. එත් දැක්කොත් මේ කොන්දක් තියෙන එකෙක් කියල ටක්කෙටම අඳුන ගන්න වැඩි අමාරුවකුත් නැත.
වැඩිය මහන්සි වෙන්න අවශ්‍ය නැත. මිනිහා කරන කියන දේවලින් මිනිහාගේ කොන්ද කොයිතරම්ද කියල හැමෝටම දැනගන්න පුළුවන.
විභීෂණ මෙහෙම කොන්ද ගැන ටිකක් කතා කතා කරන්න හිතුවේ ඊපහුගිය දා අපේ විල මැද මඩ බංගලාවේ තිබ්බ 19 වැනි පැලැස්තරේ ඇලවීමේ මෙව්වා එක ඇතුළේදී මේ වගේ කොන්දක් තිබිච්ච මනුස්සයෙක්ව දැක්ක නිසාය.
විභීගේ මේ පොස්ටුව කියවන්ට කලින් චැනල් දෙක තුනක වත් පච නිවුස් බලලා හිටං ඉන්න එව්වෝ සහ එව්වියෝ මේ කතා කරන්නේ කවුරු ගැනද කියල සහසුද්දෙන්ම දන්නේය.

ඒ නම් අපේ ගරු පාර්ලිමේන්තු මන්තිරි සරත් වීරසේකර උන්නාන්සේ මහත්තයා ය.

මිනිහා බයනැතිව තමුන් එක්ක ඉන්න ඔක්කොම 19ට පක්ෂ වෙලා "පක්ෂයි" "පක්ෂයි" කියා කියා කෑගහන කොට "විරුද්ධයි  " කියලා කිව්වේ වෙන මොන මිත්‍යා දෘෂ්ටික මෙව්වා එහෙකින්වත් නොව සම්පූර්ණ වශයෙන්ම ඇති කොන්දේ ශක්තියෙන් ය කියන එක නම් විභීෂණ ගේ මතය ය. මිනිහා එක්ක මගේ තියෙන  එකම අරෝව නම් ඒ 19ට විරුද්ධ ව ඡන්දේ පාවිච්චි කරපු එකය.
සමහරවිට මිනිහා ගේ මොලේ හෝදලා තිබුනා විය හැක. එහෙම නැත්නම් පට්ට දේශප්‍රේමියෝ වගේ හිටපු සිංහ හම පොරෝගත්තු වාචාල නරි සැට් එක අන්තිමේදී "පකසායි " කියන්න ගත්තු ඩිසිසන් එක ගැන මිනිහා අප්ඩේට් නොවුනා විය හැක. මොනා වුනත්  තමුන් එක්ක හිටපු දෙසිය දහතුන් දෙනෙක්ගෙන් දෙසිය දොළොස් දෙනෙක් ම 19 ට පක්ෂ වෙද්දී කිසි බයක් නැතුව සද්ද නගා "විරුද්ධයි" කියලා කියන්න තරම් හයියක් තිබීම ගැන මින්හාට විරුද්ධ පැත්තේ හිටියත් අගය කොට සලකන්න විභීෂණ කැමතිය.

නයි වගේ රැස්පොට් දාලා ගැරඬි වගේ "පක්සායි" කියපු හිවලුන්ට වඩා වීරසේකර වගේ එවුන් රට ට වැදගත් වන්නේ ඒ නිසා ය.
මේ වගේ මිනිස්සු ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක් ය. මේ කියන්න යන්නේ විභීෂණ තෝරාගත් නායකයින් කීපදෙනෙක් ගැනය පුංචි සාරංශයක් ය.

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ යි සරත් ෆොන්සේකයි තමුන්ගේ කොන්දේ හයියහොඳටම පෙන්නුවේ යුද්දේ කාලෙදී ය.යුද්ධේ අන්තිම කාලෙදී මේ අමුතු අටේ ඇතුලට නාවේ ඔබාමා යි , මහරැජින යි විතරය. එතනින් පල්ලහ සේරම සුදු හම් කාරයෝ ඇවිත් කොටි බේරගන්න ට්‍රයි කළේය. ඒ මොකා කිව්වත්, මොන යකා කිව්වත් , අම්මා අප්පා කිව්වත් යුද්දේ නවත්තන්නේ නැතිව ගෙනියන්න තරම් කොන්දක් මහින්ද ලොක්කා ට තිබීම මොන විරුද්ධ කම් තිබ්බත් අපි අගය කල යුතුය.

කරුමේ කියන්නේ ඉතින්, වානේ වගේ හයිය කොන්දක් තියෙන මහින්ද පහුපහු වෙනකොට කොහු කොහු වැඩ කරන්න පටන් ගැනීමය. යකාටත් බයනැති නිසා මිනිහා හිතු හිතු දේ කරන්න පටන් ගත්තට වටේ හිටපු එක එහෙයියෙක් වත් මිනිහාව ආයේ හරි  ට්‍රැක්  එකට ගන්න ට්‍රයි කලේ නැත.
අද ජනාධිපති වෙලා ඉන්න සිරිසේන උන්නැහේද ඇතුළුව සියගානක් දෙනා මීට මාස හය හතකට කලිනුත් හිටියේ මැදමුලන කුලුබක්කන් වගේ බව අමතක වීමේ රෝගයෙන් නොපෙළෙන හැමෝම දන්නා කාරණයකි. ඒ කුලුබක්කන් දෙන දේ කා වෙන දේ බලං හිටියා( හෝ හිටින්න සිද්ධ වුනා) මිස රට වෙනුවෙන් කරපු මහා ලොකු දෙයක් තිබ්බේ නැත. රට වෙනුවෙන් වුනත් නොවුනත් හැම මලදානෙම සිද්ධ කලේ අපේ හිටපු රජානෝ , යුව රජානෝ දෙතුන් පොළ , පුත්‍ර සමාගම සහ දේවිය ඇතුළු පිරිවර ය.ය.

කුලුබක්කෝ ටික කලේ එහෙයියොන් ගේ චරිතේ ය. කරන්න තිබ්බ එකම වැඩේ රජානෝ ගේ ගුණ වර්ණනා කරලා නයට කැහීමත් , විරුද්ධ වාදීන්ගේ රෙදි ගැලවීමත් ය.

සරත් ෆොන්සේකා

සරත් ෆොන්සේකා ගේ කොන්දේ හයිය යුද්ධ කාලේ වගේම යුද්දෙන් පස්සෙත් දකින්න තරම් අපි වාසනාවන්ත විය. තමුන්ට අණ  දීපු නායකයාගේ බල තන්හාවට විරුද්ධව  වෙන්න , හැම බලයම සතු ජනාධිපති වරයාට විරුද්ධ ව සටනට බහින්න තරම් හයියක් ඒ කොන්දට තිබුනේය. චන්දෙ පැරදුනා ට පස්සේ රජානොගේ අසීමිත සෙනෙහසට ලක්වෙලා හිරේ ගිහින්, කක්කුස්සි හොදාන්නත්, ඇඟේ තැන් තැන් වල කෑලිත් නැතිව , දවස ගානේ ගන්න බෙහෙත් වල පිහිටෙන් ජීවත් වෙන ගමන් වුනත් සතියට දවස් හතර පහ  උසාවි වල රස්තියාදු වෙන්න ත් ඒ කොන්ද හයිය තිබුනේ ය. උන්නැහේ ට ෆීල්ඩ් මාෂල් පදවිය ලැබෙන්නෙත් එවන් සුපිරි කොන්දක හිමිකරුවෙක් වීම  නිසාම මිස වෙන කිසිම මෙව්වා එකක් නිසා  නොවන බව විභීෂණ ගේ පිළිගැනීම ය.

රනිල් වික්‍රමසිංහ


රනිල් වික්‍රමසිංහ ගේ කොන්දේ හයිය දැනගන්න මෙතන අමුතුවෙන් ලියන්න ඕන නැත. 94 ඉඳන් අද වෙනකන් අලි පාටියේ ඇත් ගොව්වා වෙලා සිටීමෙනුත්, තමුන්ට ආපු හැම ප්‍රශ්නෙම කෙක්කන් බැරිනම් කොක්කෙන් හරි විසඳපු එකෙනුත් ,පහුගිය දින  සීය ඇතුලේ වැඩ කරපු සහ අද ත් වැඩ කරන විදියෙනුත් බොහොම හොඳට හිතාගන්න පුළුවන.










මෛත්‍රිපාල සිරිසේන

මෛත්‍රිපාල ගේ කොන්ද පණ ගැහුවේ පහුවෙලා ය.
ඒ වුනත් තමුන්ගේ නායකයගේ ප්‍රතිවාදියා වෙන්න තරම් ඒ අලුතෙන් පණ ගහපු කොන්ද හයිය තිබීම සෑහෙන්න වටිනා කාරණයක් ය.අන්තිමේදී යකාටවත් බය නැති වානේ වලටත් වඩා හයිය කොන්දක් තිබ්බ රාජපක්ෂ උන්නැහේටත් විරුද්ධව නැගී හිටින්න තරම් , නායකයෙක් නැතිව අතරමන් වෙලා හිටපු වහල් මානසිකත්වයට අකමැති මිනිස්සුන්ට නායකත්වයක් දෙන්න තරම් ඒ කොන්ද පණ ගැහුවේමොකක් නමුත් රටේ වාසනාවට ය. අද සමහර වහලුන්ට අමතක වෙලා තිබ්බට සිරිසේන ලොක්කා 8 වෙනිදා  පරාද වුනානම් දිනපු සන්තෝසෙ සමරන්න, බෙදා ගන්නවත් බුකියක්, බ්ලොගක්, අන්තර්ජංජාලයක් අද නැත. මේ වහල්ලු අද පිනුම් ගහන්නෙත් "හිටං" උන්නැහේ දිනපු පිනට ය.


අද සරත් උන්නැහැ වගේ කෙලින් කොන්දක් තිබුණු තව දහ පාලොස් දෙනෙක් එදා සැලුන් ආණ්ඩුවේ හිටියානම් සහ වැඩ කලානම්  රජානෝ ගේ පිස්සු කෙලීම අඩුවෙන්න හෝ නැතිවෙන්න තිබ්බේ ඒ කාලෙදීමය. රජානෝ පිස්සු කෙලිනකොට මිනිහා කරන වැරද්ද පෙන්නන්න , ආපහු රජා ව හරි පීල්ලට ගන්න පුළුවන් ගටක් තිබ්බ සැට් එකක් එදා හිටියේ නැත..එහෙම වුනානම් රජානොගෙයි, රජිනගෙයි, සහෝදර සමාගමෙයි, පුත්‍ර සමාගමේ යි රැස්පොට් බස්සන්න වැඩි මහන්සියක් වෙන්න ඕනෑකමක් නැත. වැරදි හදාගත්තා නම් අදත් රජු රාජපක්ෂ මය.



කොහොම වුනත් අන්තිමේදී මෙහම දෙයක් කිව යුතුමය.
සරත් වීරසේකර රටටම තමුන්ගේ කොන්දේ හයිය පෙන්නුවේය. ඒ අතර තව සමහරු තමුන් ළඟ කොඳු නැති නිසා වෙන වෙන එව්වා පෙන්නුවේය.

සරත් වීරසේකර වගේ මිනිස්සු තව තව මේ රටේ පාලනයට හවුල් වීම මෙන්ම, කැට කැබිලිති වනනා ගැරඩින් රටේ පාලනයෙන් තොලොංචි කර දැමීම රට ගොඩ යාමට නම් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු කාරණයකි.

රටක් පාලනය කරන්න හෝ පාලනයකට හවුල් වෙන්න ඕන කොන්දක් තියෙන මිනිස්සු මිසක් හිවලුන්, ගැරඩි න් නොවේය. කිවූ දේ කරන මිනිස්සු රටක් කරවන තාක් කල් යා යුතු තැනට රට ඉබේම ගමන් කරන බව සුපැහැදිලි සත්‍යයක් ය.

අදට ඇති වගේ..

ගොහින් එන්නම්...

25 comments:

  1. පෝස්ට් එක දානකල් බලන් ඉදලා ආවේ,.. ඇත්තටම ප්‍රවුර්ති බලන්නේ නැති හින්දා මේ ගැන මං දැනගත්තේ දැන්. කොන්ද සහ ලැජ්ජා නහරය කියන්නේ බිදී ගිය අය අර මඩ ගොහොරුවේ බහුලය,,

    මේක කියවද්දී බයිබලයේ තියෙන පදයක් මතක් වුණා ගීතාවලියේ වෙන්න ඕනේ.. දාවිත් තුමා දෙවියන්ට කියනව " නිර්භීතව පව් කිරීමෙන් ඔබේ සේවකයා නැවැත්තුව මැනව කියලා" දාවිත් පුංචි කාලේ ඉදලම කොන්ද කෙලින් තියන් හිටපු කෙනෙක් හැම කාරනාවකදිම ගොලායත් කියන යෝධයව පැරද්දුවෙත් ඒ ශක්තිමත් කශේරුකාව..

    හොඳ ලිපියක්,, පසුව එමි ඇනෝ කමෙන්ට් කියවන්න :D

    ReplyDelete
    Replies
    1. පසුව ඇවිත් වැඩක් නැත. මේ ඇනෝ තහනම් කලාපයකි.

      Delete
    2. //නිර්භීතව පව් කිරීමෙන් ඔබේ සේවකයා නැවැත්තුව මැනව//

      ඒ වගේම ගොලයිනුත් තමුන්ගේ නායකයා පවු කිරීම නොබියව නැවැත්විය යුතුය.

      Delete
    3. දාවිත් තුමා කියන්නේ දෙවියන්ට අනේ ඔබේ සේවකයා කියලා හදුන්වා ගන්නේ තමන්වමයි,,, ඒ තරම් යටහත් කෙනෙක් එයා,,, අයියෝ ඇනෝ නැද්ද :((

      Delete
    4. අනෝ ලා නිසා වැනසිලා තියෙන බ්ලොග් ඕන තරම් දැකලා තියෙන නිසා ත් , ඒ විනම්බෑසිය මගේ බ්ලෝග ඇතුලේ වෙනවාට දැඩි සේ අකමැති නිසාත් ඇනෝ තහනම් කිරීමට මුල් සිටම තීරණය කලෙමි.

      Delete
  2. එදා 18 ට නැට්ට දෙපරැන්දේ ගහගෙන අත උස්සා අද 19 ට "පක්ෂායි" අයට වඩා මේ යකා පොරක් තමයි.

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ පිනට පාර්ලිමේන්තු ආපු ගැරඩින් ට වඩා මේ මනුස්සයා රටටම "පොරකි"

      Delete
  3. කන්න දෙනවනං - අපිට
    බොන්න දෙනවනං - අපිට
    මොන කෙංගෙඩියකටද විරැද්ධ වෙන්නේ...

    පක්ෂා....යි

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..

      පක්ෂා යියියියියියියි ...

      Delete
  4. ඇයි අපේ සිරි අයියගේ කොන්ද?.....නාකි වෙනකම්ම මංගච්චපු කඹුරපු පක්ස කට්ට අතෑරලා දාපු එක.....

    ඇයි තව ප්‍රබාකරන්....සුද්දෝ ගොඩින් බේරලා දෙන්න හැදුවත් වලි කාගෙනම ඊලම ඉල්ලලා මැරුනු එකා....

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු..ලිස්ට් එක නම් තව සැහෙන්න දිගයි....

      Delete
  5. තමන් දරණ මතය කුමක් හෝ වේවා ඒ වෙනුවෙන් පෙනීසිටින ඕනම කෙනෙකුට මම ගරු කරනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම මොන බලපෑම ආවත් තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී සිටිය අය.ලෝකය ඉදිරියට යන්නෙ මෙහෙම මිනිස්සු නිසයි.
    මේ ගුණාංගය ජනතාවටත් තිබෙනවනම් තමයි වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ ජනතාවගේ කොන්ද බොහොම ෆ්ලෙක්සිබල්.

      මාළු පාන් ගෙඩියක් එක්ක , කාලක් සහ පන්න්සීයක් දැක්කොත් ඕනෑම පැත්තකට නැවෙන මහා පුදුම කොන්දක් තමයි උන්ට තියෙන්නේ...

      Delete
  6. බැලුවම මහින්දට ඉඳලා තියෙන්නේ කොන්දක් තියෙන එකම එකයි...

    ReplyDelete
    Replies
    1. තව කට්ටිය හිටියා මාතේ.

      සමහරු ගස් වාහන වල යන ගමන් ගස් ඉඹින්න ගිහින් දිවිය ලෝකේ ගියා...

      තව සමහරු මැරතන් බෝම්බ වල ට අහුවුනා...

      තව තියෙනවා...

      Delete
  7. මට අනුව නම් තවත් පොරක් සිටී............ ඒ විමල් වීරවංශයි...... 17ට විතරක් නෙමෙයි ව්‍යවස්ථාවට ම විරුද්ධ වුණ 18 ට පක්ෂායි කියා ඒකට මුළුමනින් ම විරුද්ධ 19 ටත් පක්ෂායි කිව්වා කියන්නේ ඔහු පොරක්ම තමා.... මොකද තනි වචනේ මිනිස්සුනේ.... 20 නෙමෙයි 21 ගෙනැත් බලන්නකෝ... ඒත් පක්ෂායි කියනවා ෂුවර්................ පස්සේ ඉතින් ඔය නයි ගැරඩි.... හරක්.. උෟරෝ වගේ සත්තු ටිකක් ගැන උදාහරණ දෙයි... ඒත් වැඩ අරවිදිහ තමයි... ෂුවර්

    ReplyDelete
    Replies
    1. මූ පොරක් වෙච්ච කාලයක් තිබ්බා,,

      ඒත් දැන් මූ පොන්නයෙක්...

      රට ගිනි තියන්න උපන්න නූතන හනුමන්තෙක්...

      Delete
  8. අද්මිරාල් වීරසේකර මහජන ඡන්දයෙන් පත්වී මෙහෙම කලානම් වටිනාකමක් තියනවා. දැන් මෙයා මෙහෙම කලේ මහින්දට කෘත ගුණ සලකන්න මිසක් 19 වැනි සංශෝධනයේ ඇති බරපතල වගකීම ගැන අවබෝධයකින් නෙවෙයි. ඒ නිසා අද්මිරාල් වීරසේකර හොඳ සෙනෙවියකු වුනත් මන්ත්‍රී වීරසේකර නිකම්ම නිකම් පුස්සෙකි.

    ReplyDelete
    Replies
    1. සීයට සීයක් එකඟය.

      විචා, මම ඉන්නේ ඔබේ මතයේම තමයි.

      මම වර්ණනා කලේ තමන් එක්ක හිටපු හැමෝම එක මතයක ඇත්තට හෝ බොරුවට ඉඳිද්දී, ඊට විරුද්ධ මතයක් දැරීමට තරම් පෞර්ෂයක් තිබීම පමණි. ඔහු පෙනී සිටියේ පරාජිත එකාධිපතියාගේ බල තන්හාව වෙනුවෙන් බව රටටම පෙනුනි.

      Delete
  9. දැන් ඉන්න හුඟක් අය කොන්ද දන් දීලා එහෙම එකක් නෑ වගේ තමයි ඉන්නේ.. යුද්ධේ කාලේ මහින්ද ලොක්කා කාටවත් නැවෙන්නේ නැතුව ඒක ඉවරකරපු එක මාත් සෑහෙන්න අගය කරනවා.. ඊට පස්සේ දේවල් කොහොම උනත්..

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත කියන කියමනට හොඳම උදාහරණයක් තමයි මහින්ද මහත්තයා.
      එයාගේ යකාටවත් බය නැති ගතිය අන්තිමේදී මුළු රටටම හිසරදයක් වෙන්න පටන් ගත්තා එයා කරපු වැඩ වලින්.

      Delete
  10. ඔය පාර්ලිමේන්තුවේ හරියට දේශපාලනය කරන්නෙ දෙමළ සංදානෙ උන් විතරයි.උන් ගානට ගේම ගහනවා.මුස්ලිම් කොංග්‍රසේ නියමෙට ඩීල් දානවා.අනෙත් උන් පස්සෙ තෙල් ගාගෙන නැමිල ඉන්න එක විතරයි කොරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ "දවසේ කියමන"

      Delete
  11. දැන් සරත් වීරසේකරට විරුද්ධව විනය පියවරක් නොගන්නේ ඇයි කියල සංවාදයක් ගොඩනගමුද?

    ReplyDelete

කමෙන්ට් කලාපය....