2015-01-09

වීරයා නුඹයි මැකෝ

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනාධිපති වී අවසන් ය. මේ මොහොත වෙනුවෙන් උන්නැහැගේ විපක්ෂ සන්ධානයට කරන්න සිද්ධ වුනේ මහා මෙහෙයුමක් සහ ඇති විශාල කැප කිරීමක් ය.

තමන් හීනෙකින්වත් හිතපු නැති මහා මඩ ප්‍රහාරයකට, තර්ජන ගර්ජන සමූහයකට මූන් දෙන්නට මේ විපක්ෂේ නායකයන්ට සිද්ද විය.



කිසි දෙයක් සිද්ද නොවෙච්ච ගානට මේ වෙලාව වෙනකොට නැට්ට පුකේ ගසාගෙන මෛත්‍රී ට කඩේ යන අපේ බදු මුදලෙන් නඩත්තු වෙන , ආණ්ඩුවේ කියලා කියාගන්න ඒ වේස පඩංගු පච වාහිනිය, නයි.ටී.ඇන් , හුලං විදුලිය සහ වැවේ ගෙදර පච කඩදාසි මෝල ඊයේ ඒ කියන්නේ 8 වෙනිදා හවස් වෙනකම්ම කලේ ඒ මහා "(මවගේ ) දේශප්‍රේමී" ක්‍රියාදාමය යි.

ඊට අමතරව ඡන්ද කොල්ලකන්න මහා මෙන්ම කුඩා පරිමාන නානාප්‍රකාර මෙහෙයුම් ද දියත් වුනේ අපේ මහින්ද මහත්තයා සහ පිරිවර මේ ඡන්දේ "කොහොමහරි දිනනවා " කියල කියපු කතාව ක්‍රියාත්මක කරන්නට වෙන්න ඕනය.

මේ කොහොම හරි දිනිල්ල ඇතුලේ මහා පරිමාන අල්ලස් දීම් අප්‍රසිද්දියේ නොව ප්‍රසිද්දියේම සිද්ද වුනේ ඒ කරපු කට්ටිය නීතිය, විධායකේ අරක මේක හැම එකම තමන්ගේ අතේ තියෙනවා කියල හිතාගෙන හිටපු හින්දය.

එත් වෙනදා වගේ මෙදා සැරේ ඒ මඩ වැඩ, බෙදන වැඩ හිතපු තරම් හරි ගියේ නැත.

කවදාවත් නොදැක්ක දෙයක්  මෙදා සැරේ ලංකාවේ දේශපාලනය ඇතුලේ සිද්ද වෙන්න පටන් ගත්තේය.

ඒ වෙන මොකක්වත් නොව මේ මඩ ගහන චරිත ඝාතන කරන ඡන්ද සටන මැදට ඡන්ද කොමසාරිස් තුමා පැමිණීමයි.

කලින් හිටපු මොන කොමසාරිස් තුමා ටත් වඩා හොඳට තමුන් පඩි ගන්න ජොබ් එකට අවංක වෙන්න , මොන ලෙවල් එකේ මොන හයි කාරය ගේ වත් පාට් වලට ඔලුව නමන්නේ නැතිව කල යුතු දේ උපරිමයෙන් කරන්න වර්තමාන මැතිවරණ කොමසාරිස් තුමා මේ ජනාධිපති වරනේදී බය නැතිව ඉදිරිපත් වුනේය.

උන්නැහ ගේ ඒ බය නැතිකම, ආත්ම විශ්වාසය හින්දම උන්නැහ ගේ ගෝල බාලයෝ ටිකත් වෙන කතා බතා මොකුත් නැතිව ජෝබ් එක හරියට කරන්න බය නැතිව ඉදිරිපත් විය.

මහා පරිමාන බඩු බෙදිලි, රෙදි බෙදිලි වගේම බොරු ප්‍රචාර නීති විරෝධී කැම්පේන් වගේ මහින්ද මහත්තයාගේ සපෝටර් ලා කරපු එකී මෙකී නොකී ගොඩ ක් බලු වැඩ නවත්තන්න මේ රත්තරන් මනුස්සය රට වෙනුවෙන් පෙරමුණ ගත්තේය ,ර‍ටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගත්තේය.

වෙන මොකුත් ඕනේ නැත . සජිත් ප්‍රේමදාස මහින්ද ට සහය දෙනවා කියල ඊයේ ඡන්දේ දවසේ උදේ ජාතික පචවාහිනියේ ගිය පච නිවුස් එක හරිගස්සන්න ඡන්ද කොමසාරිස් තුමා උනන්දු වෙච්ච හැටි , පචවාහිනියේ උන් ලව්වම එක හරික් ගස්සපු හැටි දැක්කම අපිට නම් බොහොම සන්තෝස ජනකය.

ඡන්දේ දාන්න බාධා කරනවානම් දණහිසෙන් පහලට නොව කෙලින්ම ඔලුකට්ට ටම ෂොට් එක දෙන්න තියෙන්නේ කියල බය නැතිව ලෝකේ ඉස්සරහ කිව්වම අපේ ඡන්දේ අපතේ යන්නේ නැත, වෙන එකෙක් දාන්නේ නැත කියලා අමුතු අලුත් විශ්වාසයක් අපිට ඇතිවුනේය.

මොනව වුනත් විභීෂණ අද හවස වෙන කොටත් බයෙන් හිටියේ අපේ මොකක් හරි කරුමෙකට මෙදා සැරෙත් කොමසාරිස්තුමාට "ආතතිය "හැදේවිය කියලය. වාසනාවට එහෙම දෙයක් සිද්ද වුනේ නැත.
 උන්නැහ සුපුරුදුහිනාවෙන්ම ඇවිත් තමුන්ගේ රාජකාරිය අවසන් කරපු බව කියල අවසන් ඡන්ද ප්‍රතිපලෙත් නිවේදනය කරලා තමුන් ට පැවරිච්ච රාජකාරිය ඉෂ්ට කළේය.

================================================
සරලවම ශ්‍රිලංකාවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය"මහත්තයා " ගැන විභීෂණ දරන්නේ මේ වගේ අදහසක් ය.

ගොඩක් ආණ්ඩුවේ ලොක්කෝ ටයි කෝට් ඇඳලා හිටියට මෙතුමා එහෙම නැත. අඩු ගානේ කොන්ඩේ පීරලාද නැතිව වගෙය.

එත් 
ක්ලීන් සූට් ගහලා ,
ෆේෂල් දාලා ජෙල් නාලා, 
ඔඩෙල් ඇඳුම් ඇඳලා 
පොෂ් වෙලා 
රට විකුණන 
රටේ නම වෙන තැන්වලදී කාබාසිනියා කරලා දාන 
තමුන් ගේ පඩියට සරිලන විදියට ජොබ් එක නොකර 
රට බංකොලොත් කරන 
ගොඩක් " මහත් හොරුන් " ට වඩා  

කැෂුවල් ඇඳලා 
බුලත් විටක් හපලා 
ගොඩේ කමට 
ගොඩේ ගතියට ඉන්න 
මේ 
මහින්ද දේශප්‍රිය 
"මහත්තයා" 

රටට දාහක් නොව දස දහස් ලක්ෂ වාරයක් වටිනා සම්පතක් ය. 

තියෙන ආණ්ඩුවෙන් රජයේ රස්සාවක් අරන් එක හදා දුන්නා ඇමතිට හරි මන්ත්‍රී ට හරි රෙද්ද ගලෝගෙන කඩෙ යන " රජයේ සේවකයෝ " කියල කියාගන්න බහුතර පඩංගු වාහෙලාට උන් වාගේම රජයේ සේවකයෙක් වන මෙතුමා දුන්නේ උන්ට වගේම රටට ම මතක හිටින ආදර්ශයක් ය.

රජයටයනු රටේ මහජනතාව මිස ආණ්ඩු පක්ෂය නොවන බවත් රජයට සේවය කරනවා කියන්නේ කෝටි දෙහෙක මහජනතාවට සේවය කරන එක මිස ආණ්ඩු පක්ෂ යේ ඇට වහල්ල ලෙවකන එක නොවන බවත් මහින්ද දේශප්‍රිය මහත්තයා රටට ඉගැන්නුවේය.
ඇත්තටම රජයේ සේවකයෙක් ගෙන් ඉෂ්ට සිද්ද වෙන්න ඕන දේ මේකය.


මේ ගතවෙන්නේ රටේ එක තැනක පරාජයේ සෝ  සුසුම් හෙලද්දී තවත් තැනක ජය පැන් බොන මොහොතකි.


රට තීරණාත්මක වෙනස් ගමනක නිරතවෙන්න සුදානම් වෙන මේ මොහොතේ  ඒ තීරනාත්මක තීන්දුව ගන්න රටට මහජනතාවට නීතිප්‍රකාර ව තමුන් වෙත පැවරුණු යුතුකම ඉෂ්ට කල "මැකෝ" කියල ආදරේට හඳුන්වන මහින්ද දේශප්‍රිය නම් මේ උදාර රාජ්‍ය සේවකයා ට රටේ පුරවැසියෙක් වශයෙන්  දෙවැනි විභීෂණ ගේ ගෞරවාන්විත ස්තුතිය මෙසේ පුදකර සිටිමි.



22 comments:

  1. එකෙක් ආතතිය හැදි බල්ලෙක් මෙන් ගෙදර ගියේය..

    අනෙකා මහ රජාට ආතතිය සාදවා බල්ලෙක් මෙන් ගෙදර යැව්වේය..

    කොන්දක් ඇති මිනිසුන් සිටිනා රටක පඩත්තලයින්ට බිය විය යුතු නැත....

    ReplyDelete
    Replies
    1. එදා හිටපු මැකෝ ට මේ වගේ කොන්දක් තිබුනේ නැහැ. එතුමා අපි ගැන මොනවා හිතුවත් ඒ දේ අපි කියන්න ඕන.

      රාජ්‍ය සේවකය්මෙහෙම් වැඩ කරනවානම් රට ගොඩනගන එක මහලොකු විජ්ජුම්බරයක් නෙවයි.

      Delete
  2. රාජ්‍ය සේවකයා යනු කඩේ යන,පගා ගහන,අලසයෙකු බවට ඇති හන්වඩුව විසුණු කිරීමට ඔහු දුන් ආදර්ශය බොහෝ වටින එකක්.ඒක දිගින් දිගටම රැගෙන යමින්,යහපත් වූ ආකල්පමය වෙනසක් බවට පත්කිරීම පාලකයන්ගේමෙන්ම මහජනයාගෙත් වගකීමක්.
    (මේ හීන ලොකු වැඩියැයි සිතුනත්,මෛත්‍රි පමණක් නොව වෙන කවුරුන් පත් වූවත් මේ රටේ බහුතරයක් ජනයාගේ එකම සිහිනයත් මෙයමය ).

    ReplyDelete
    Replies
    1. ලොකු වැඩි වුනත් හීනයක් හරි තියාගන්න පුළුවන් විදියට වැඩ කරපු එක ගැන අපි දේශප්‍රිය මහත්තයට ස්තුති කරන්න ඕන.

      Delete
  3. අවංකත්වයට තාමත් ලංකාවේ තැනක් ඇති බැව් පසක් කලාට මැ.කෝට ආචාර කරමි..

    ReplyDelete
    Replies
    1. මේ වගේ රාජ්‍ය සේවකයෝ තව තව පහල වේවා ...

      Delete
  4. කාලෙකට පස්සේ නියම මහත්මයෙක්ව දුටුවා..බොහෝ දෙනෙක් නොදන්නා මැතිවරණයේ තිරේ පිටු පස ඔහු කල කාර්ය ගැන ගොඩක් දේවල් දැක්ක...මුදලට විකිනෙන නැතහොත් ප්‍රාණබයට පක්ෂක්ග්රාහී වන මිනිසුන් වෙසෙනා සමාජයක ඔබ විශ්වකර්මයෙක්

    ReplyDelete
    Replies
    1. මහරජානෝ මහත්තයා වගේ පල්ලම් බැහැල තියෙන්නේ අන්තිම පඩත්තල වැඩෙත් කරන්න ගිහින් එකත් කිච වුනාට පස්සේ.

      ඊයේ එහෙම දේකට මැකෝ යටවුනානම් අද මෛත්‍රී ගැන ශෝක ගායනා කරන්න තමයි අපිට සිද්ද වෙන්නේ..

      Delete
  5. කොන්දක් තියෙන රාජ්‍ය නිළධරයා අනෙකුන්ටද ආදර්ශයකි.

    ReplyDelete
    Replies
    1. අනිත් ය මොහුව ආදර්ශයට අරගෙන ඒ විදියට බය නැතිව රට වෙනුවෙන් වැඩකරන්න ඕන. එතකොට තමයි හැබෑම ආශ්චර්යය වෙන්නේ..

      Delete
  6. කොන්ද කෙලින් තියාගෙන වැඩ කලොත් එක්කෝ ගෙදර , එක්කෝ සුදු වෑන් කියලා හිතාගෙන හිටපු නිලධාරීන්ට පාඩමක් වේවා .

    ReplyDelete
  7. මැකෝ නෙවෙයි යකෝ :D මැකො. ඇත්තටම මේ විදිහට ක්‍රියාකරන්න ලොකු ආත්ම ශක්තියක් ඕනෙ. මේ සැරේ පොලිස්පතිත් සෑහෙන්න සාධාරණව වැඩ කළා. නමුත් සමහර අවස්ථාවලදී පොලීසියේ රෙද්ද ගැලවුනා. මින් ඉදිරියේදී සියලුම රාජ්‍ය නිලධාරීන්ට මේ විදිහට වැඩකරන්න අවස්ථාව සලසා දීම මෛත්‍රී පාලනයෙන් කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත යකෝ.
      :)

      මේක අපිට හිතාගන්න බැරි තරම් ලොකු ආත්ම විශ්වාසයක් . මොන දේ වුනත් අපිට මේ වගේ මැකෝ කෙනෙක් ලබා දීපු එක ගැන මහරජානෝ ට තැන්කිවු කියන්න ඕන.

      Delete
  8. ඔහු ඔහුගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරපු කෙනෙක්.මැකො ට අපේ ස්තූතිය :)

    ReplyDelete
    Replies
    1. අපේ "ගෞරවාන්විත " ස්තුතිය/.

      Delete
  9. සම්පූර්ණෙන්ම එකඟයි.. මහින්ද මාමා මේ ගමනත් දින්නනම් ඉස්සෙල්ලම ගෙදර යන්න හිටිය මනුස්සයා තමයි මේ.. හොද වෙලාවට ඒඛ උනේ නෑ.. රාජකාරිය අකුරට කරන මිනුස්සු තාම ඉන්නවා කියන එක යහ පාලනයේ පටන් ගැන්මටම සුබ ලකුණක්..

    ReplyDelete
    Replies
    1. ඡන්ද ප්‍රතිපලේන්ම් යහපලානේ පටන් ගැනීම බොහොම සුබ ලකුණක්.

      Delete
  10. ඒ උත්තම පුරුෂයා නොසිටින්නට මේ ප්‍රතිපලය වෙනස් වන්නට ඉඩ තිබුනි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම .

      නැත්තන් මේ වෙනකොට බල ගන්න තිබ්බ මෛත්‍රීට වෙන දේවල් ටික\

      Delete
  11. ජ ය වේ වා !!!

    ReplyDelete

කමෙන්ට් කලාපය....