2014-11-18

පෙක පූනා ත්‍රිකොනේ



එකදාස් නමසිය අනූ හතරේදී  මුළු රට පුරාම තැනක් නොතැනක් නොබලා එක රැයකින්  ඇලවුණු පෝස්ටරයක් විය. 

" සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් "


පෝස්ටරේ තිබ්බේ ඔය වචන තුන විතර ම ය. 

අපි ඒ කාලේ පොඩ්ඩෝ ය. පොඩ්ඩ වුනත් පොඩ්ඩාගේ ඉඳන් ලොක්කගේ , නාකියාගේ පවා ඔලු ඇතුලට යන්න තරම් පවර් එකක් තිබ්බ ඒ වචන තුනට මේ විභීෂණ ගේ ඔලුව අරක් ගන්නට වැඩි මහන්සියක් ගන්න සිද්ද වුනේ නැත.
ඒ පෝස්ටර් කට්ට දැක්ක දා ඉඳන් බලන් හිටියේ ඒ කියල තිබ්බ සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේ මොකක්ද කියල දැනගන්නටය. 

කිව්වා වගේම සාමාන්‍ය රේඩියෝ කට්ටක සාමාන්‍ය ඉස්පීකර් දෙකක් අස්සෙන් අසාමාන්‍ය දෙයක් ඇහෙන්න පටන් ගත්තේය.
පෝස්ටරේ කියල තිබ්බ වගේම ඒහඬ අපිට අසාමාන්‍ය විය. 
ඒ තාලය අසාමාන්‍ය විය. 
ඒ ඉස්ටයිල් එක රටටම අති  අසාමාන්‍ය විය.

එච්චර කාලයක් තිස්සේ වෙන මෙලෝ දෙයක් නැති කමට අහ අහ හිටපු ආණ්ඩුවේ හුලං විදුලිය පැත්තක දාන්න පුළුවන් කාලයක් උදා විය.
ඉල්ලන්කාවේ රේඩියෝ වංශේ ඇතුලේ අලුත් හැඩතලයක් ප්‍රාදූර්භූත විය. ඒ හැඩතලය ත්‍රිකෝණයක් විය.

මේ අලුත් ත්‍රිකෝණ රේඩියෝව මුළු ඉල්ලන්කාවට ම අලුත් අත්දැකීමක් විය.පුස්කාපු රේඩියෝ ඉසටයිල් කණපිට හරවන්න මුල්ම මිෂන් එක පටන් ගත්තේ මේ ත්‍රිකොනේ ය.
අන්න රේඩියෝ කියල අපේ කටින් කියවෙන තරමටම සුපිරි කොලිටියට වැඩේ කරන්න මේ ත්‍රිකොනේ කට්ටිය ට ඒ කාලේ හේතු වාසනා පහල විය.වැඩි කල් යන්නට මත්තෙන් කන් ඇහෙන සහ ඒ කන් වලින් අහන්න රේඩියෝ තියෙන හැමෝම වශී කර ගන්න , අල්ල ගන්න මේ ත්‍රිකොනේ ට පුළුවන් විය.

ඊට අවුරුදු හතරකට පස්සේ ත්‍රිකොනේ ටීවී චැනල් එකද කල එලි බැස්සේය.
රේඩියෝ වේ තිබ්බ කොලිටිය ඒවගේම ත් ඊටත් එහාටත් ගෙනියන්න මේ ටීවී චැනල් එකට පුළුවන් විය.

කවුරු බැන්නත් අලුත්අලුත් දේවල් අත්හදා බලන්න මේ ත්‍රිකොනේ නම් කවදාවත් බය වුනේ නැත.

නිවුස් ද එලෙසමය.
ත්‍රිකොනේ නිවුස්  යනු පල හෑලි නැති වන්දිබට්ට කම් නැති සුදු හුණු නැති රියල් ම නිවුස් බව රටම විශ්වාස කරන්න පටන් ගත්තේය.

අතරමගදී පොඩි අත්වැරැද්දක් කරගෙන මාස ගානකට නිවුස් තහනම් කරගෙන හිටියට මොකද ඒ තහනම ඇරුන ට  පස්සේ කලින්ටත් වඩා දරුණු විදියට වගකීම අරන් කිච නොවී ඇත්ත කියන්න මේ ත්‍රිකොනේ " ඒකාලේ " හිටිය සැට් එකට පුළුවන් විය.

මේ කියාගෙන ආපු සේරම වීර විකුම් පාන්න ත්‍රිකොනේ ට පුළුවන් වුනේ වෙන මොකක්වත් හින්ද නොව ඒක සුපිරි ලීඩර්ෂිප් එකක් තිබ්බ එල කොල්ලෝ කෙල්ලෝ රෑනක්  එක්කාසු වෙච්ච තැනක් වුන හින්ද ය. උන් කරපු එකම දේ නම් තමුන්ට කරන්න තිබ්බ ජොබ් එක ආයේ බල්ලෙක්ට  වත් බුක් ගාන්න බැරිවෙන්න කරපු හින්දය.

ඔහොම කාලයක් යද්දී ත්‍රිකොනේ  ඒකාලේ තිබ්බ සැටලයිට් රෙජිමෙට වහ කදුරු සයිස් වෙච්ච , වාතයක් වෙච්ච චැනල් එකක් බවට පත් විය.
සැටලයිට් ට මේ චැනල් එක පෙන්නන බැරි විය.

කොච්චරවත් උන්දා ත්‍රිකොනේ ට කෙලවන්න හැදුවත් එක කරගන්න බැරි විය.සැටලයිට් ගේ උදහසට ලක්වෙච්ච ත්‍රිකොනේ රනිල් ගේ නම් මදහසට ලක්විය .

එදා තිබ්බ සැටලයිට් රෙජිමෙට විරුද්ධව ප්‍රකාශ කරපු තමන්ගේ සහ තමන්ගේ පක්ෂේ මතය රට ඇතුලට ගෙනියන්න ත්‍රිකොනේ සහයෝගය ද සුළුපටු නැත.

ත්‍රිකොනේ කාලයක් මුළු රටේම මීඩියාස් වලට "පාර කිව්වේය". ආණ්ඩුවේ වොෂින් මැෂින් වන "අවජාතක නාලිකාව " , "නයි ටී ඇන් " සහ "හුලං විදුලිය " රටේ ජනතාවගේ ඔලු හෝදන්න කෙප්ප ඇදබාන කොට , රෙදි රහිතව ෂොපින් කරන කොට උන් කියන දේවල් වල ඇත්ත සහ බොරුව බය නැතිව රටට පෙන්නුවේ මේ රතු ත්‍රිකොනේ ය. 

විභීෂණ මේ කියාගෙන ආවේ ඒ අහවල් ත්‍රිකොනේ ආරම්බයේ ඉඳන් ආපු ගමනේ එක්තරා කාලෙක සාරාංශයක් ය. ඒ ගමනේ තව කතා ගොඩක් ඇත. ඒ වුනාට මේක ලියන මට ඒවා ලියන්නවත් කියෝන ඔහෙලා ට ඒවා කියවන්නවත් අර මල යකා ඒ කිව්වේ කාලයා ඉඩ දෙන්නේ නැත.

ඒ හින්ද ඉතිහාසේ යන්තම් පෙනෙන නොපෙනෙන දුරකින් තියල මේ දවස්වල මේ ත්‍රිකොනේ කරන "පෙක පූනා" වැඩ ගැන ටිකක් ලියන්න මෙතනින් පස්සේ ඉඩ ඩිංග වැයවෙනුඇත.

ත්‍රිකොනේ එක එක කාලෙට කියපු ස්ලෝගන් කීපයක් ම තිබුනේය.

"ත්‍රිකොනේ යි පාර කියන්නේ "
"ත්‍රිකොනේ යි ලඟම  නෑයා "
" ළඟමයි ත්‍රිකොනේ නෑයා"

එත් ටික කාලයක් යනකොට මේ නෑකම් යාළුකම් ගජය කම් ත්‍රිකොනේ න දුරස් වෙන්න පටන් ගත්තේය.

ත්‍රිකොනේ මීඩියා වලින් පොලිටික්ස් කරන්න පටන් ගත්තේය. එස් එම් එස් වලින් පොලිටිකල් සූදු කෙළින්නට පටන් ගත්තේය. කොහොමෙන් කොහොම හරි කාලෙත් එක්ක තමුන්ගේ රෙදි තමුන්ම ගලෝගෙන ඔලුවෙන් හිටගෙන මරාට කඩේ යන්න  ත්‍රිකොනේ පටන් ගත්තේය. මේ ගැන විභීෂණ මීට කලින්ද මේ විදියටම කියා ඇත.

කාලයක් තිස්සේ රනිල් එක්ක ගජය වෙලා හිටපු මේ ත්‍රිකොනේ දෙදාස් දහයේ විතර ඉඳන් වෙන පාරක යන්න පටන් ගත්තේ ය.

පවතින පාලනයේ තියෙන වැරදි වලට බය නැතිව එරහි වෙච්ච මේ ත්‍රිකොනේ මේ කියන විපරීත කාලෙදී ප්‍රධාන විපක්ෂේ වන යූඇන්පී යේ "නැති " කුණු අවුස්සලා රනිල් ව එලවන යුද්ධෙකට තමුන්ගේ චැනල් සේරම පෙළ ගැස්සුවේය.

කාලෙත් එක්කම රෑ හතේ ත්‍රිකෝණ චැනල් එකේ නිවුස් ටෙලි කාස්ට් එක නිවුස් නැති මඩ පමණක් ඇති මඩ නැටුමක් බවට පත්වුණේය.
පටන් ගත්තු වෙලේ ඉඳන් රනිල් ගේ නොහැකියාව, ඡන්ද පැරදීම, රැවුල නැතිවීම , රෙද්ද නොඇදීම වැනි වරත්තු කතා දදා , කෝටියක් ප්‍රස්තාර දදා රනිල්ව එලවන්න කරන්න පුළුවන් හැම රෙද්දම කළේය.


එහෙම කරලා නිධන් චෞර පොඩි ප්‍රේමදාස ව පුළුවන් තරම් පිම්බුවේය.


උගේ (කොහොමත් )නැති ගුණ ද රනිල්ගේ නැති අගුනද කියපු මේ ත්‍රිකොනේ හිපාටුවෝ උන්ට ඕන විදියට යූඇන්පී ය ප්‍රතිසංවිධානය කරන්න වලි කෑවේය.


රනිල් පක්ෂේ නායක කම අල්ලාගෙන ඉන්නේ ඒකාධිපතියෙක් වගේ කියූ මේ වසල හැත්ත වෙන වෙන රටවල් වල පක්ෂ වල ලොක්කෝ ඉල්ලා අස්වෙච්ච නිවුස් කියා කියා ට්‍රයි කලේ රනිල් ට මඩ ගහන්න ය.


රනිල් නායක කමෙන් අයින් කරලා නිධන් හොරා ව උඩට ගන්න මුන් නොගහපු ප්ලෑනක්  නැති තරම් ය.

එක කාලයක් මුන් ටික හරි අපූරු විකල්පයක් " මේ පක්ෂේ දිනවන්න " කියල ගෙනාවේය.

තනි පුදගලයෙක් ගාව ( ඒ කියන්නේ රනිල් ගාව ) සේරම බලතල එකතුවෙලා තියෙන එක පක්ෂෙ ජයග්‍රහණයට බාධාවක් කියල කියපු මේ වාහේ ලා නායකත්ව මණ්ඩලයක් " ගැන පුරාජේරුදොඩන්න පටන් ගත්තේය .


පක්ෂේ දිනවන්න නම් නායකත්ව මණ්ඩලයක් ඕනෑය. 
එකේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕනය වගේ බයිලා ගොඩක් ගැහුවේය. 

වහෙන් ඔරෝ කිව්වේ රනිල්ට නායකත්වේන් අයින් වෙන්න බැරි නම්  නායකත්ව මණ්ඩලේ කට  බලතල පවරලා එකේ සභාපතිකම නිදන් හොරාට දීල පැත්තකට වෙලා ඉන්න කියලය.

ඔය මොන ජගතටත් වඩා රනිය මොල කාරය බව තාම මුන්ට තේරිලා නැත . රනිල් ඒ කාලෙදී ඔය මණ්ඩල යෝජනාව පඩේ කට මායිම් නොකලට ටික කාලෙකට පස්සේ විය්වස්තාව වෙනස් කරලා නායකත්ව මණ්ඩලයක් හදල ඒමණ්ඩලේට බලතල ගොඩක් බෙදුවේය . 

මහා සංඝරත්නයේ උපදෙස් පිළිපදිමින් මේ දේ කල බව රනිල් මීඩියා වලට කිව්වේය.

හැබැයි මණ්ඩලේ හිටියේ ත්‍රිකොනේ ට ඕන කරන කට්ටිය නොවේය. හිටියේ රනිල් ගේ කට්ටිය සහ නිදන් හොරා ය. 
ත්‍රිකොනේ හිතන් හිටපු වැඩේ සිද්ද වුනේ නැත. නායකත්ව මණ්ඩලේ ක ඕන කම, වැදගත්කම ගැන සති ගානක් තිස්සේ තෙල බෙදපු උන්දලා මේ ඊයේ පෙරදා ඉඳන් නායකත්ව මණ්ඩලේ සෙට් එකට මඩ ගහන්න පටන් ගත්තේය. 

නායකත්ව මණ්ඩලය කියන්නේ පුස්සක් බවත් ලෝකේ කොහෙවත් තැනක නායකයෙකුයි නායකත්ව මණ්ඩල යකුයි නැති බවයි කියල බෙරිහන් දීපු මෙවුන් නිධන් හොරා ඇරෙන්න ඒ මණ්ඩලේ හැම එකා ගැනම මඩ ආටිකල් දවසින් දවස උන්ගේ අර 1st News වල දාන්න පටන් ගත්තේය.

උන්ගේම යෝජනාවක් වෙච්ච නායකත්ව මණ්ඩලේ පස්සේ උන් විවේචනය කලේ හරියට එක රනිල් හොයාගත්තු තවත් ගැටයක් වාගේ කියල ය.
ඔන්න ත්‍රිකොනේ ප්‍රසිද්දියේ කරපු පෙක පූනා  වැඩක් .

දැන් කියන්න එන්නේ තවත් ඒ වගේ සීන්එකක් ගැනය.

ඔන්න එනෝ මෙන්න එනෝ වගේ තියෙන ඊළඟ ජනාධිපති වරනේ ගැන හා හූව පැතිරෙන්න කලින් දවස වෙනකම්ම මේ ත්‍රිකොනේ ට රනිල් යනු දේශපාලන අඳ බාලයෙක් විය. පරාජයේ පියානෝ විය. දරුණු ඒකාධිපතියෙක් විය.

හැමදාම උන්ගේ රෙද්දේ නිවුස් වල ප්‍රස්තාර පිට ප්‍රස්තාර පෙන්නුවේ රනිල් අහවල් වතාවක් පැරදුනා . මෙච්චර ඡන්ද අඩුවුනා කියල ය.

මෙතුවක් කාලෙකට මේ රට තියා තමුන්ගේ පවුලේ උදවිය වත් දැකල තිබ්බේ නැති, එත්  තමන් යූඇන්පී කියල කියා ගත්තු හාල්පාරුවෝ සහ කාලයක් පක්ෂේ ඉඳල දැන් පැන්ෂන් ගිහින් ඉන්න පප්පා ලා සහ පප්පි ලා වගයක් හැමදාම මේ මගුලේ නිවුස් වලට වොයිස් කට් දුන්නේ රනිල් ගේ නොහැකියාව ගැනය. 

රනිල් ආපහු ඉල්ලුවත් වෙන්නේ පරදින එක බව මුන් එකෙන්ම කිව්වේය.

ඒ එක්කම නිධන් හොරාව පුළුවන් පුළුවන් තැන් වලින් උස්සලාද තිබ්බේය.

එත් ඉතින් ඊයේ පෙරේදා වෙනකොට ජනාධිපතිවරනෙට රනිල් ඉල්ලන්නේ නැති බව සහ ඒ වෙනුවට කරූ තරග  කිරීමේ වැඩි ඉඩක් තියෙනවා කියල තීන්දු වුනාට පස්සේ  මේ ත්‍රිකොනේ හරියට බූමිතෙල් වැදුණු ගැරඩියා ට සමාන විය.


මඩ ගහන්න එකෙක් නැති විය. නිධන් හොරාද ෆුල් හොල්මන් ය.
මුන් ටික දවසක් සද්ද වහල ඉඳල ඔන්න ඊයේ  පෙරේදා ඉඳන් අමුතු වැඩක් පටන් අරන් ය.

මීට සතිතුන හතරකට කලින් රනිල්ගේ පලු ඇරපු අර කලින් කියාපු හාල්පාරුවෝ ම ආපහු ඇවිත් රනිල් ගේ ෆොටෝවකුත් පිටිපස්සේ ( පිටි පස්සේ බිත්තියේ ) තියාගෙන ඔන්න දැන් රනිල් ගේ හොඳ කියන්න පටන් අරගෙන.

මරා ට තරඟයක් දෙන්න පුළුවන් එකම අපේක්ෂකයා රනිල් ලු. 
රටේ බලාපොරොත්තුව රනිල් ලු. 
ගිරාඹේ හාමුදුරුවෝ කියන්නේ පක්ෂේ දෙකඩ කරන්න ආපු පිල්ලියක් ලු.
රනිල් අපේක්ෂකයා වෙනවා නම් තමුන් අනිවාර්යයෙන්ම රනිල්ව දිනවනවා ලු.

කරූ කියන්නේ පාවා දෙන්නෙක් ලු.
පක්ෂේ භේද බින්න කරපු එකෙක්ලු.


ඔන්න දෙවෙනි පෙක පූනා සීන් එක.

දැන් බලන් ගියාම මේ එකෙක්වත් රනිල් නරකයි කියල මෙතුවක් කාලෙට කියල නැත. බලන් ගියාම එහෙම කියල ඇත්තේ දැන් අපි වගෙය.


සාමාන්‍ය මහජනයා වෙච්ච අපි කතා කරන්නේ කටින් වුනාට මේ බාසා වෙල්ලෝ ඒ දේ කරන්නේ පුකෙන් බව එකාතයෙන්ම විභීෂණ ට තේරුම් ගියේය.


පුකෙන් කරන කතාව අනිත් එවුන්ට ඇහෙන්න නම් එක හොඳට ඕපන්වී තිබිය යුතුය.


එහෙම නැති වුනොත් වටේ ඉන්න එවුන්ට ඇහෙන්නේ පඩ සද්ද විතරය.

ඒ හින්ද පුක ඕපන් වීමට රෙදි ගැලවී තිබිය යුතුය. එතකොට නම් එතනින් කියන කරන දේවල් කිසි බාධාවකින් තොරව අනික් එවුන්ට ශ්‍රවනය කල හැකිය.

ඒ කියන්නේ දැන් ත්‍රිකොනේ රටට කතා කරන්නේ රෙදි ගැලවී හොඳට ඕපන් වී ඇති පුක කින් බවය.

රනිල්ට ගහන්න ගෙනාපු මඩ කන්ටේනර් ලත් තැන බ්ලොක් වී ඇති බවයි.

එක වතාවක මගේ පොස්ට් එකක ට විචාරක මහත්තය මෙන්න මෙහෙම කමෙන්ටුවක් කොටා තිබුනේය. 

අන්න ඒ වචන පේලියෙන් මේ පොස්ට් එක නවතින්නේය.

"රනිල් උන්නැහේ, ත්‍රිකෝණ ලොක්කාගේ දේශපාලන රෙද්ද කැඩුවා, කාලෙකට උඩදී. ත්‍රිකෝණ ලොක්කාගේ දේශපාලන හෙළුවේ ගඳ, මුළු රට වසා පැතිර ගියා. ත්‍රිකෝණ ලොක්කා, තම දේශපාලන හෙළුව වහගන්න කරපු උප්පරවැට්ටි ඔක්කොම, වතුරේ ගියා තවමත් යනවා. දැන් ඌ හිතන්නේ, හෙළුව කියන්නේ ඇඳුමක් කියලා. "
(Wicharaka Asami Dakimi Soyami12 October, 2014 21:50)



-----------------

අදට ඇති වගේ..

ගිහින් එන්නම්...


22 comments:

  1. අද සිරස කියන්නේ ගූ කන්දක්... හැම පක්ෂෙටම උන්ගේ හාල්පාරුවෝ රිංගවලා ඔක්කෝටම අරින්නයි යන්නේ.. හැබයි උන් දන්නේ නෑ .. උන් උන්ටම ඇරගෙන ඉවරයි කියලා.. දැන් උන්ට පිස්සු...

    ReplyDelete
    Replies
    1. දැන් සිරස ට පිස්සු හැදිලා පිස්සු කොර වෙලා ..

      ඔහේ ඉබාගාතේ අනාචාරයේ යනවා..

      ශෝක් බබෙක් ළඟදීම හමබ් වෙයි...

      Delete
  2. එ් එදා ෙම් ෙමදා !!!!

    ජ යත් යතතතෙව් වා !!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...

      මොකෝ බන් උඹේ ඔය අමුතු සින්හලක්...

      මම දැක්ක දැන් බ්ලොග් දෙක තුනකම අමුතු හින්ගලක් ටයිප් වෙලා තියෙන්නේ...

      Delete
  3. මං බොරුද කිව්වේ? ඇත්තටම ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ. මූ කොච්චර ලජ්ජා නැති එකෙක්ද කියනවනම් රනිල්ව ගෙන්නගත්තනේ දාම් අදින ගමන් සාකච්ඡාවකුත් කරන්න. රනිල් කවදාවත් කිසිම මාධ්‍යයක් පස්සේ යන්නේ නැහැ. පහර දෙන්නෙත් නැහැ. කිලී සක්කිලියා උගේ සක්කිලිකම ලෝකෙටම පෙන්නලා ඉවරයි. දැන් ත්‍රිකෝනේ ප්‍රවෘත්ති වලට වඩා හිරු ටීවී සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හිරු එකෙන් දුමින්ද ව විතරක් කවර කරලා අනිත් හැමදේම බොහොම බැලන්ස් එකට කරනවා..

      දුමින්ද ව කවර නොකර බැරිව ඇති උන්ට...

      ඒකා නේ පිල් මාරුකරලා උන්ගේ තහනම ඇරලා දුන්නේ...

      Delete
  4. සිරස කියන්නේ අද කාලේ කත් අදින පන්දම් අල්ලන දෙයක් වෙලා ඉවරයි. මිට අවුරුදු තුන හතරකට ඉස්සල්ල ටිකක් හරි නව අදහස් ගෙන්න හැදුවත් දැන් කාලේ සිරසෙන් නව අදහස් දෙන්න පටන් ගන්නම අවුරුද්දක් විතර කල් අර ගන්නවා :v

    ReplyDelete
    Replies
    1. එක ගූ බාල්දියක් බන්...

      Delete
  5. ත්‍රිකෝණය ඒ කාලෙ කිව්වේ - අපි පාරෙ අන් චැනල් කාණුවෙ
    කාණුවෙත් නෑ මුන් කැලේ - අන් චැනල් ඇත්තටම කාණුවෙ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ තිතටම කියල..

      Delete
  6. සිරස කියන්නේ රට ආපස්සට හරවපු, හරවමින් ඉන්න චැනල් එකක්..

    ReplyDelete
    Replies
    1. එදා සේම අදත් නේද?

      දැන් සිරසත් නයි.ටී.එන්.එකත් එක කාසියේ දෙපැත්ත වගේ බන්..

      Delete
  7. ඒ කාලේ සුරිය ත්‍රිකෝනය කියන්නේ එල ද බ්‍රා වැඩ සටහනක්..ගෙවල් වල රෙඩියෝ වල මකුලු දැල් කඩලා ගත්තේ...ත්‍රිෙකා්නය

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රෝග්‍රෑම්...

      මමත් පුදුම ආසාවකින් ඒ කාලේ ඇහැව්වේ..

      Delete
  8. පක්ෂය ඇතුලෙ මෙච්චර ප්‍රශ්නනම්...

    පාක්ෂිකයොම දෙකට බෙදිල රනිල් වෙනුවෙනුයි, සජිත් වෙනුවෙනුයි. ආයෙ වැඩක්ද.

    මං හිතන්නෙ මචං, වෙන කවර දාකටත් වඩා(94න් මෙහා) මාධ්‍ය මර්ධනය දරුණු නිසා සිරස මහින්දට කඩේ යනව ඇත්තෙ. බෝම්මත් ගැහුවද කොහෙද නේද දෙපාරක්?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්...

      දෙවෙනි පාර ගහපු වෙලේ ක්ලේමෝ බෝම්බෙකුත් ගැහුවලු නේ...

      ඊළඟ පාර කන්න වෙන හැටි ආයේ අහන්න ඕන නැහැනේ...

      Delete
  9. අපට පෙනෙන්නේ නම් ත්‍රිකෝණ අවුලක් බව හැබෑය, ලියවිල්ලද රහය
    යටින් ඇත්තේ මහේන්ද්‍ර, සෙල්වනාදන්, මරික්කාර්, හැරී, කැප්ටන්, ධම්මික, දේවසුරේන්ද්‍ර, ජයවීර, පතිරගේ යනාදී පවුල්වල උට්ඨාන වීර්‍යයේ කතන්දරයි ;-)

    ReplyDelete
    Replies
    1. හ්ම්...

      ඒ කතාවත් ඇත්ත මචන්...

      Delete
  10. අනේ මගෙ තෝ... උඹනං කියයි.
    මචං සිරස බේරගන්ටනේ ඔය ඔක්කොම. නැත්තං දෙයි ආයි කුඩුවෙංටම...ආචාර්යතුමා.

    ReplyDelete
    Replies
    1. එව්වා මං දන්නේ නැහැ..ආචාර්යතුමා නම් ළඟදීම කන්න වගේ දඟලන්නේ...

      Delete
  11. කියන්ට ඕන ටික ඔක්කොම උබ කියල සහෝ..එකෙන්ම එකගයි උබත් එක්ක

    ReplyDelete

කමෙන්ට් කලාපය....