2014-08-12

බත් ගොට්ටෝ වීදි බසී...




තොවිල් පවිල් වලදී වගේම විවිධාකාර යාතුකර්ම වලදී ගොටු සැදීම  මෙන්ම සැදු ගොටු යකුන්ට පිදීම අනිවාර්ය අංගයකි. විභීෂණ මෙතෙක් කිසිදු තොවිලෙකට හෝ පවිලෙකට හෝ වෙන මොන කෙහෙම්මලකට වත් සම්බන්ධ වී නොමැති නිසා ගොටු ගැන හෝ ගොටු සෑදීම ගැන වැඩිදුර විස්තර  ඉදිරිපත් කිරීමට නොදනී. 

එත් සරලව ගොට්ටක් යන්නේ  අදහස් කරන්නේ අදාළ යකා ගෙන්  හෝ පෙරේතයාගෙන් ලාබ ප්‍රයෝජනයක් ලබා ගැනීම පිණිස ලබාදෙන්නාවු මෙව්වා එකක් මිස වෙන මොන මල හත්තිලව්වක් වත් නොවන බව විභීෂණ ට තේරුම් ගොස් ඇත.

ගොට්ට යනු අප්‍රාණික නාම පදයක් වන අතර එහි සප්‍රාණික නාම පදය "ගොට්ටා " වේ.

මෙය සැමවිටම ගොට්ටා ලෙසම මිස ගෝටා ලෙස භාවිතා කල නොයුතු බව මේ අවස්තාවේදී විභීෂණ අවධාරණය කර සිටී.

ගොට්ටා යනු නපුන්සක ජීවියෙකි. එහි ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංග වෙනසක් නැත.
එසේ වන්නේ ද විභීෂණ අර්ථ දැක්වීමට අනුවය.


ඒකත් නැති මේකත් නැති , ඒක හෝ මේක හරියට කිරීමට නොහැකි සහ ඒ විදියට වත් මේ විදියටවත් සිටිය නොහැකි සත්වයා නපුන්සකයා ලෙස හැඳින්වේ.

ඒ ඔවුන්ගේ උපතේ අඩුපාඩු මිස ඔවුන්ගේ අඩුපාඩු නොවේය. 

තමන්  වැරදිකාරයන් නොවන නමුත් උපතේදී සිදුවන මෙවන් අඩුපාඩු නිසා ඔවුන්  උපතින් පසු ජීවිතයම අනෙක විධ බලපෑම් වලට , උසුළු විසුළු වලට ලක්වන බව විභීෂණ පමණක් නොව මෙය කියවන ඔබ සැම දන්නා කරුණකි.

ඒ අනුව " ගොට්ටා" යනු යකෙකු ගෙන් හෝ මල පෙරේතයෙකුගෙන් ලාබ  ප්‍රයෝජන තකා මෙව්වා දෙන නපුන්සකයා  ලෙස අති සරලව අර්ථ දැක්වීමට විභීෂණ ඉතා මනාපය. 

විභීෂණ අර්ථ දැක්වීම සහ නූතන සොයාගැනීම් වලට අනුව " බත් ගොට්ටා " යන්න ද ගොට්ටා ගේ එක්තරා ආකාරයක පරිනාමක අවධියක් ය. 

මෙහිදී ගොට්ටා සහ බත් ගොට්ටා යනු එකම කාර්යය වෙනස් විදි වලට කරන එකම ජාතියේ ජීවී පිරිසකි.

නූතන කාලයේ දී මේ ජීවීන් බොහෝ විට මෙව්වා පුදන්නේ කැළේ ඉන්න අහිංසක යක්කුන්ට නොව ආණ්ඩුවේ ලොක්කෝ නමැති භායනක රාක්ෂයන් කොට්ඨාශයක ටය.

විභීෂණ මුන්ව හදුන්වන්නේ පඩත්තල රාක්ෂයින් හෙවත් "පරාක්ෂයින් " කියාය.

බත් ගොට්ටෝ මේ දේවල් කරන්නේ ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය වැනි අහිංසක බලාපොරොත්තු වලට මිස වෙන කිසිදු බාහිර බලපෑමක් නිසා නම් නොවේය.

මේ ගොට්ටෝ එහෙම නැත්නම් බත් ගොට්ටෝ උන්ගේ නායක පරාක්ෂයා කියන ඕනෑම පඩත්තල වැඩක් කිරීමට සැදී පැහැදී අවදිවී සහ ඉඩ දිදී බලන් ඉන්නේ තමන්ගේ බඩ ගොස්තරේ යතුර තියෙන්නේ අර අහවල් පරාක්ෂයාගේ  ගේ කොහේදෝ අහවල් තැනක නිසාය.

පරාක්ෂයාගේ කියන දේ නොකලොත් බත් ගොට්ටා වැටෙන්නේ අලි අමාරුවකය.

එහෙම උනොත් එතෙක් කල් සමාදානයෙන් සහජීවනයෙන් කරගෙන ආපු කොමිස් නැගුම , පගා සංග්‍රාමය වැනි සමාජ සුබසාධන කටයුතු සියල්ල කානු පල්ලේය. නිකම්ම කාණුවේ නොව ඩෙංගු සපිරි කාණුවේ ය.

ඒ නිසා එවන් අබග්ගයකට ඉඩදෙන්න කිසිම ගොට්ටෙක් සුදානම් නැත.

පරාක්ෂයා ට කෙල වුනොත් බත් ගොට්ටෝ ටිකට ද නිවන් සැපය. අනිච්චා වත සංඛාරා ය.

ඒ නිසා පරාක්ෂයා සුරැකීම බත් ගොට්ටාගේ පරම යුතුකමය.

මේ පරාක්ෂයින්ද සුපිරි බඩු ය. කොමිස් දෙවිවරුය . පාගා ඔස්තාර් ලාය. 

ගොට්ටෝ කන් හැන්දෙන් බෙදා ගන්නා විට පරාක්ෂයින් බෙදා ගන්නේ සවල් වලින්ය.

ඒ උන්ගේ හැටි හෙවත් ජාන වල පිහිටීමය.

හැබැයි මේ පරාක්ෂ යින්ට හැමදාම නිදහසේ සවල් වලින් බෙදා ගන්න ලැබෙන්නේ නැත.

මුන් කාලාන්තරයක් තිස්සේ බඩ කට් පුරා වළඳන හැටි දකින අල්ලපු ඉඩමේ ඉන්න බැලයෝ , ගොට්ටෝ සහ පරාක්ෂයෝ කෙල ගිලින්නොය.

මුන්ට කන්න මෙච්චර කෑම කොහෙන්ද කියල හොයන්නොය.

සමහර වෙලාවට මුන් කන කෑම ගැන හොයන්න කමිටු ද පත් කර ගන්නෝය.

එහෙම කමිටු අටෝගෙන හෙමීට මේ ඉඩමට   ඇතුල්වෙලා හොරෙන් හොරෙන් අරුන්ට කන්න කෑම එන හැටි ගැන හොයන්න පටන් ගන්නෝය.

මෙහෙම වෙන කොට මේ ඉඩමේ ඉන්න පරාක්ෂයින්ට මේ "විමර්ශන " ගැන ඉව වැටෙන්නේය.

තමන්ගේ කෑම සප්ලයි ගැන හොයන්න වෙන ඉඩමක සත්තු ටිකක් රිංගන බව දැනගත්තම උන්ගේ බඩ කැවුතු පිච්චි අළු වී වැටෙන්න  පටන් ගන්නේ අපිට තියා උන්ටවත් නොදැනෙන ලෙසය.

දැන් එළඹී ඇත්තේ හදිසි තත්වයක් ය . ආරක්ෂක විදි විධාන තරයේ තර කල  යුතුය.

ගෙදරක සොරසතුරු බියක් නම් ඉදිරියට යන්නේ ගෙදර බල්ලය. 

මේ පරාස්සයින්ගේ කෙස් වලදී ඉදිරියට යන්නේ අර කලින් කිව්ව ගොට්ටෝ බත් ගොට්ටෝ ටිකය.

එසේ කරන්නේ නායක පරාස්සයා එහෙම කරන්න උන්ට අණ දෙන නිසාය.

ඔන්න දැන් අර අල්ලපු ඉඩමේ කමිටුව මේ ඉඩමට රිංගන්න යනකොට මේ ඉඩමේ ඉන්න බත් ගොට්ටෝ ටික කමිටුව වලට  විරුද්ධව කාඩ්බෝඩ් කොළ උස්සගෙන වීදි වලට බසින්නෝය.

පට්ට දේශප්‍රේමයෙන් කෑ ගසන්නොය.

දේශප්‍රේමය මෙතෙන්ට ගැවුනේ කොහොමද කියල හිතන්නට වැඩියේ මහන්සි ගැනීම අනවශ්‍යය. 
ඉල්ලන්කාවේ ඕනෑම රෙද්දකට දේශප්‍රේමය පොඩ්ඩක් හෝ ගෑවී ඇත. 

ඒ බව විභීෂණ විසින් නොකිවමනා ය.

තමන්ගේ වැරදි හොයන්න්න ආපු එවුන්ට පාරිශුද්ධ සිංහල වචන වලින් සහ අහිංසක සත්තුන්ගේ නම් වලින් අමතමින් වීදි වසා ගනිමින් ගේට්ටු බදා ගනිමින්, පොලව උලා කමින් මේ බත් ගොට්ටෝ ටික පොන්න යුද්ධයක් ප්‍රකාශ කරන්නෝය.

අල්ලපු ඉඩමේ පඩත්තල යො ටික මේවා දැකල කරන්න ආපු වැඩ පැත්තක තියල ස්වකීය ආරක්ෂාව පතා හීන් සීරුවේ මාරු වෙන්නොය.

එහෙම ඇවිත් ආරක්ෂාකාරී තැනක් හොයාගෙන පට්ට වීර වෙස්මුණු දාගෙන පොර ටෝක්ස් දෙන්නෝය.

ඔය මොකා මොන මගුල කිව්වත් ඇත්තටම මුන්ට ඕන කරන්නෙත් එකමය. 

ඔය කොහෙවත් යන ඉඩම් වල ට යන්න , එව්වල වැරදි හොයන්න මේ කම්මැලි වහෙලා කැමති නැත. 

එච්චරටම රුදාවක් තිබුනානම් මේ වගේ visit දුසිම් ගණන් කරන්න මුන්ට වෙලාව ද අවස්ථාද තිබුනේය. 

එව්වා මේ එකෙක්වත් ප්‍රයෝජනයට ගන්නවා තියා ඒ ඩ දිහා හැරිලාවත් බැලුවේ නැත.

උන්ට ඕන මේ වගේ සීන් දෙක තුනක් අහල පහල එවුන්ට පෙන්න්නල ලකුණු ටිකක් එකතු කරගන්නය.

සරලව සිද්ධිය ඕකය.

විභීෂණ ගේ මේ ඉස්ටෝරියට ප්‍රායෝගික උදාහරණ මීට මාස කීපයකට ඉස්සර මත්තල දීත්, මේ ඊයේ පෙරේදා මරදානේදීත් දකින්න ලැබුනේය.

පට්ට ෆන් සීන් එකක් කියල නොකියා වෙන මොනවා කියන්නද කියල විභීෂණ ගේ මොළ සංස්ථාවට නම් තේරෙන්නේ නැතිය.

තාම විභීෂණ සිනහව පිට කරන්න තැනක් සොයන ගමනය.

අදට නැවතුම...

ආයු බෝ..ජය වේ..





26 comments:

  1. ඔව් සිනහව පිට කිරීමට තැනක් මාද සොයන්නේය...ඔබට හමුවුවහොත් මටද දන්වන්න....අනිච්චේ දුක්කේ කිව්වලු.... මේ සිරි ලංකාවේ අශ්චර්යය නොවේද?

    ReplyDelete
    Replies
    1. අහෝ ඛේදයකි...

      ආශ්චර්යයේ බල මහිමය...

      Delete
  2. මෙවුවට ඉතින් හිනා වෙලා මදි බං.. ඔය ඔක්කොම ගොට්ටෝ එළි බහින කාලේ මේක තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ගොට්ටෝ න්ගේ සැප කාලේ ඉවර වේගන එන්නේ..එකයි පුක දාච්ච බල්ලෝ වගේ දඟලන්නේ..

      Delete
  3. හැබැයි අල්ලපු ඉඩමෙ එව්වො වලං පොළොවෙ ගහපු සීන් එකට වඩා මේ සිං එකට පට්ට ලයික් බං ......

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ වලන් සීන් එකනම් පට්ට චාටර් වැඩක් කෙන්ජියෝ. පුදුම ගොන් පාට් ටිකක් නේ වි.ප.නා ගේ ඉඳන් පෙන්නුවේ.

      එකත් එක්ක බලද්දී නම් මේක ටිකක් හරි හොඳයි...

      Delete
  4. මේවට තමයි කියන්නේ එජාපේ කළ හොඳ පස්සෙන් එලවනවය කියලා... ඕවා බලගතු දේශපාළණ ඉස්පොට් බවට පත් කලේ එයාලමයි.. මේවා ඇත්තටම මෝඩ චූන් දේශපාළණය. හැබයි එජාපය බලාපොරොත්තු වෙන දේ ආන්ඩුව අකුරටම ඉටු කරනවා..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මාතලන් බොස්. කට්ටිය හිතුවේ 78 පඩන්ගු වේ පිහිටෙන් සදාකල් රජ වෙන්න පුළුවන් කියල. එකෙක්ට මොහොතකට හිතුනේ නැහැ තිත්තයටත් වාරයක් තියෙනවා කියල. එව්වල ප්‍රතිපල තමයි මේ දකින්නේ.

      ඒ එක්කම තව දෙයක් කියන්න ඕන.

      " History Repeats"

      ඊළඟ රිපීට් එක ළඟ ලඟම එනවා. ලෑස්ති වෙලා ඉම්මු.

      Delete
  5. හුකැස්....
    වෙන මොනව කියන්නද නේද... අන්ධානුකරනය නිසා මින්ස්සු ඇත්තටම අන්ධ වෙලා

    ReplyDelete
    Replies
    1. මොළ සෝදන ලද බුද්ධිමත් ජහමනය ලබා උපන් හැටි..

      Delete
  6. අදත් පිටපත් විභීෂණ විසිනි..!

    පට්ට කියන්නෙ පට්ටම පට්ට. ඔන්න ඔය ටික මේ රටේ හැම එකාලම තේරුම්ගත්තනම්. තේරුම්ගත්තත් පිළිගන්න තියෙන අකැමැත්තනේ කරුමෙ.
    උන් උද්ගෝශනය කලේ උන්ගෙ උවමනාවට නෙවෙයි, ඒ වගේම අරුන් සැපදුක් හොයන්න ගියෙත් උන්ට තියෙන ආදරේටත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය එකෙක් වත් අපිට ආදරේ නැහැ සඳරු. අපේ ඡන්දෙට විතරයි ආදරේ..

      Delete
  7. ඔය පරාස්සයොයි, ගොට්ටොයි කියන්නෙ ගහයි පොත්තයි වගේ බං.

    //මෙය සැමවිටම ගොට්ටා ලෙසම මිස ගෝටා ලෙස භාවිතා කල නොයුතු බව මේ අවස්තාවේදී විභීෂණ අවධාරණය කර සිටී.// මේ ක මෙහෙම කිව්වොත් වස් වදීද? සුදු වෑන් ඒවිද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ. කරලා බලහන්. ප්‍රතිපලේ මෙතනම කමෙන්ට් කරහන්.,

      Delete
  8. මාත් මේ තාම හොයනවා...

    ReplyDelete
    Replies
    1. තව ටික කාලයක් යනකන් හොයා හොයා ඉන්න වෙයි..

      Delete
  9. හැමතැනම ඇත ගොට්ටෝ...

    ReplyDelete
    Replies
    1. ඉල්ලන්කාවේ අභිමානය..

      Delete
  10. විපක්ශෙට ඔනහ්ඩෙ ආන්ඩුව කරනව ආන්ඩුවට ඔන දෙ විපක්ශෙ කරනව.අපි කට ඇරගෙන බලාගෙන ඉන්නව

    ReplyDelete
    Replies
    1. එච්චර තමයි අපිට කරන්න උගන්නල තියෙන්නේ..

      Delete
  11. තැනක් යූ ...ප්‍රවේසමෙන්////

    ReplyDelete
  12. දූෂණ වැඩිපුර තියෙන්නෙත් ගොට්ටො ඉන්න තැන්වල. අම්මපා විභීෂණ ජුන්ටා සහ ගොට්ටා අතර වෙනස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ජුන්ටා ව = ගොට්ටන් එකෙකු හෝ කීපදෙනෙකු විසින් ඇතිකරගන්න ලද එකමුතුව

      Delete

කමෙන්ට් කලාපය....