2016-12-12

කාදිනල් සහ නත්තල් ගස සමග හෙළුවෙන් ෂොපින් බුකී ඇඩ්මින්ස්

ලෝකේ උසම නත්තල් ගහ හිටවන්න ගිහිං කට්ටියක් හොට බිම ඇනගෙන දැන් දණ්ඩෙන් පහර කෑ සර්පයින් වගේ ඉවක් බවක් නැතිව කාදිනල් මැල්කම් රංජිත් බිෂොප් තුමාට පහර දෙන්න පටන් අරගෙන ය.
ඒ ගහේ නිර්මාණකරුවා යයි කියන මනුස්සයා එයාගේ හීනයක් හැබෑ වුනේ නැතිය කියා ටීවී එකේ වැලපෙනවා ය.

ඔය මනුස්සයාගේ හීනේ හැබෑ වුනා නම් ඒ හීනේත් අර දන්ත පෙරහැර, ධාතු මංගල්ල වගේ රටේ බල්ලෙක්ටවත් වැඩක් නැති විකාර විහිළු අතරට එක්වෙන්න තිබුනේය. පරක්කු වෙලා හරි කාදිනල් තුමා කිව්වේ හරි දේ ය.

නත්තල් ගහ හදන එක නවත්තන්න කියලා කාදිනල් තුමා නියෝග නිකුත් කලේ නැත.
එතුමා කිව්වේ එච්චර වියදම් කරලා ගහක් හදන එක සල්ලි නාස්තියක් කියලා ය.
බොරුයි කියලා හිතෙනවානම් කාදිනල් තුමාගේ කතාව හොයාගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා ය.
කාදිනල් තුමාගේ අදහස පිලි අරගෙන නත්තල් ගහ හදන එක නවත්තපු අයට අපගේ බලවත් ප්‍රණාමය මේ වෙලාවේ පුද කල යුතුමය.
කොහොම වුනත් අන්තිම මොහොතේ හරි කතෝලික සභාව මහා නව නින්ගිරාවකින් ගැලවුනේ ය.

එත් දැන් මෙතන තියෙන ප්‍රශ්නය නත්තල් ගහ හදන්න ගිය, හදන එක නවත්තපු ඒ වරායේ කතෝලික සංගමේ එවුනටත් නැති පුකේ ඇම්මක් මේ සමහර හෙළුවෙන් ෂොපින් බුකී ඇඩ්මින්ලාට ඇතිවී තියෙන එකය.
UPFA-Brighter Future ඇතුළුව සිරිසේන ජනාධිපති වරයාට සහ ඒ නඩේට හෙළුවෙන් ෂොපින් කරන බුකී පිටු කීපයක් එකතු වෙලා කාදිනල් තුමාට මඩ ගහගෙන යන්නේ හරියට උන්ගේ ගෙවල් වල තිබ්බ නත්තල් ගස් ටික කාදිනල් තුමා ගලෝගෙන ගිහින් වගෙය.

දැන් බලන් ගියාම ඒ ලෝන්තපොල් ඇඩ්මින් ලගේ ලොජික්ස් වලට අනුව ලෝකේ උසම නත්තල් ගහ නොතිබ්බ එක මේ රටේ තිබිලා තියෙන ප්‍රධානම ප්‍රශ්න වලින් එකක් ය .
ඒ නත්තල් ගහ හදන එකට විරුද්ධ වෙන්න ගිහින් කාදිනල් තුමා කරලා තියෙන්නේ ජාතික ප්‍රශ්නයක් විසඳීමේ කාර්යයට අකුල් හෙලන එකය. කොටින්ම කිව්වොත්  කාදිනල් තුමා කරලා තියෙන්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් ය.

UPFA-Brighter Future වගේ ජාතිමාමක දේශප්‍රේමී බුකී පිටු කරන උන්නැහේලාගේ පපු කැවුතු උණුවෙලා වාෂ්පවෙලා ගොහින් තියෙන්නේ ඒයාලගේ ඒ (ටහු කන)ජාතිආලය නිසාය.
ඔය පිටු වල හරි පුදුම මනු-සත්ව කොට්ටාසයක් ය.
උන් හිතන්නේ ආගමික ශ්‍රද්ධාව , ජාතීන් අතර අන්යෝන්ය මොකක්ද එක වැඩි වෙන්නේ දොන්ත සයිස් පිළිම සුරුවම් වලින් කියලා ය.
එහෙම කතා අහනකොට අපි කනගාටු වෙන්නේ උන් ගැන නොව උන්ට ආගමික අධ්‍යාපනය ලබා දුන්නු පොල් බූරුවන් ගැනය,

ලෝකේ උසම නත්තල් ගහ කියන්නේ ජාත්‍යන්තර සයිස් විහිළුවක් , ජෝක් එකක් කියන එක බහුතරය කියලා හිතන් ඉන්න නමුත් ඇත්ත වශයෙන්ම රටේ සුළුතරයක් වන හින්ගලබුද්ධයින් සහ සම-හරක් මරිමොඩ-පොෂ්-කැතලීක්ස් ලගේ ගේ කෝම්බ  මොළ වලට  නොතේරුනාට , ඇත්තටම බහුතරයක් වන හැබෑ බෞද්ධ යින්ට වත්, ඇත්ත කතෝලිකයන්ට ලස්සනට තේරුම් යන්නේ ය.

ජේසු තුමාගේ උපත සමරන්න නත්තල් ගස් ඕනේ නැත.  
ලෝකේ උසම නත්තල් ගස් නම් ඕනෙම නැත.
අපේ බල්ලට වත් එපාය.

දැන් ඔය නත්තල් ගහ හදන්න ගිය  එවුන් ගෙන ප්‍රධානම තර්කය ,මේකට ආණ්ඩුවේ/මහජනයාගේ  සල්ලි වියදම් වුනේ නැතිය,කවුරුහරි තම තමුන්ගේ සල්ලි එකතු කරලා හදන මේ නත්තල් ගහ ගැන කාදිනල් ට මොකද මෙච්චර අමාරුව  කියන කියන එකය.

ඕක කාගේ සල්ලි වලින් ඇටෙව්වත් අන්තිමේදී විවෘත කරන්නේ අතිගරු ජනාධිපති උතුමාණන් ය.
ලෝකේ වටේ නිවුස් එක යන්නේ ලෝකේ උසම නත්තල් ගහ සිරි ලංකා වේ කියලා ය. ලංකාවේ සමස්ථ කතෝලික ප්‍රජාව ගැන මිසක්ක , වරාය සුබ සාධක සංගම්, කතෝලික සංගම් ගැන එදාට කතාවෙන්නේ නැත.
නොකල පාප කර්මෙකට කරගහන්න වෙන්නේ අන්තිමේදී සමස්ථ ශ්‍රී ලංකික කතෝලික ජනතාවට ය.


ලෝකේ උසම නත්තල් ගහහදන එක ලංකාවට පාපකර්මයක් කියල කියන්න වැල්වටාරම් කියන්න ඕන නැත.
දැන් ලංකාව තියෙන්නේ උස නත්තල් ගස්ම හදන්න පුළුවන් හරිම ශෝක් කාලසීමාවකය.
රටේ  ජාතික නායකයෝ ය කියාගන්නා එවුන් රට ලෝකෙට කෝටි සිය දාස් ගණන් ලක්ෂ ගණන් ණය කරවලා ය.
දැන් ඉන්න එවුන්ද යන්නේ කලින් සාරි පොටත්, සාටකෙත් ගිය පාරේම ය.
අරුන් ගත්තු ණය වලට බණින ගමන් හොරෙන් ගිහින් උන්ගෙන්ම මුනුත් ණයට ගන්න හැටි හොරෙන් ඉඳන්ම බලන්න හරිම ආසය,
තම තමුන්ගේ පඩි වැඩි කරගෙන, කෝටි ගණන් වාහන ගෙන්නගෙන එත් සාමාන්‍ය මනුස්සයාට පාන් කියාගන්න බැරිවෙන්න හතර වටෙන් ම බදු ගහලා රටම ලෝන්තපොල් කරවලා තියෙන මේ වගේ කාලෙක ලෝකේ උසම නත්තල් ගහක් අටෝගන්න අර යකාටත් දැන් කෑ ගහන UPFA- Brighter Future සහ උන්ගේම අන්තේවාසික රැලටත් ඔය  කියන අමුතු නත්තල් ගස් හීනේ පෙනුනේ දවල් ද කියලා අනිවා හොයලා බලන්න උවමනාය.
එච්චරටම මුන්ගේ සංවේදී කම, සමාජ හර්ද සාක්ෂිය අතුරුදහන් වෙලාය.

ඔය කෑගහන උන්නැහේ ලාගෙන් කතෝලික ජනතාව විදියට අපිට අහන්න තියෙන්නේ දැන් ඔය උසම ගහ ඇටෙව්වා කියලා රටට වෙන සෙත මොකක්ද කියන එකය.
ලෝකේ උසම නත්තල් ගහක් ඇටෙව්වට  ආගමික හැදියාව වත්, සංහිඳියාව වත් ඇතිවෙන්නේ හෝ වැඩි වෙන්නේ නැත.

එහෙනම් ඉතින් ලෝකේ පරණම ගහ තියෙන,ලෝකයේ උසම ගඩොල් දාගැබ තියෙන ,දකුණු ආසියාවේද කොහෙද උසම හිදී පිළිමේ තියෙන, ලෝකෙද ආසියාවේද කොහෙද දිගම සක්මන් පිළිම සමූහය තියෙන , සර්වාගමික ගුබ්බෑයම් තියෙන මේ රටේආගමික සහජීවනය වැඩිවෙලා උතුරලා මුළු රටම රහත් වෙලා තියෙන්න ඕනය.

හතර වටේ ඉන්න කීප දෙනෙක්ගේ හොද්ද බොර වුනා ඇරෙන්න ඔය ලබ්බවල් කිසිම දෙකින් මේ රටට තඹේක දෙයක් සිද්ධ වී නැත.

ඔය කෝලම් අස්සට ලෝකේ උසම නත්තල් ගහත් ගෙනැත් දා ගත්තා නම් වටිනාකම කෝටියක් ය.
නත්තල් ගහ නවත්තපු එකට පරල වෙලා කාදිනල් තුමාට මඩ  ගහන, උන්නාන්සේ මිනිස්සුන් ගෙන් සමාව ගන්න ඕනය කියන අඬන, දොඩන, පෙරලෙන,හූ කියන එවුනුත් අනිවා මේ නත්තල් ගහෙන් කුට්ටියක් බාගන්න හිටපු සුපිරි නරි රැලක් බවට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් සාක්ෂි එමට ය.

සමහරු කියන්නේ කාදිනල් තුමා ගේ කටින් පිටවුනේ මහින්ද ගේ වචන සෙට් ඒකක් ය , කාදිනල් තුමා ට ගහ මතක් වුනේ මහින්ද කිව්වයින් පස්සේ ය කියලා ය.
කමක් නැත. මහින්ද ගේ වුනත් අදහස් හන්ඩ්‍රඩ් පසෙන්ට්  නිවැරදි ය.
ණයට කන බොන රටට ලෝකේ උසම නත්තල් ගහින් මොන ලබ්බක් වත් ලැබෙන්නේ නැත.

අපිට තියෙන කණගාටුව රට ලෝකෙට කෝටි ලක්ෂ ගණන් වලින් ණයයි කියා කියා අපිට බණ කියන යහපාළුවො එකෙක්ට වත් මේ දේ මතක් නොවෙච්චි එකය.
කොටින්ම අද ඔය ණයට කහින UPFA-Brighter Future එවුන්ට ඔය දේ මතක් නොවෙච්චි එකට ය.

මෙතනදී කියන්න තවත් දෙයක් ඇත.
සුබ නැකතකුත් බලලා( ටහුකන නැකතක් නේ යකෝ ඒක)අගෝස්තු මාසේ ඉඳන් හදන මේ අටමගුල ගැන කාදිනල් තුමා ට දෙසැම්බර් මාසේ වෙනකන් මතක් නොවිච්ච එක නම් කතෝලික අපිටත්  ගැටළුවක් ය. උන්නාන්සේට පත්තරේ ගේන්නෙත් සිරිසේන මහත්තයාට පත්තරේ  ගේන එකාමද කියලා  සාධාරණ සැකයක් අපිටද ඇතිවෙන්නේ මේ වෙලාවට ය.

ඉතින් ඔය වරායේ තියෙනවා කියන කතෝලික සංගමෙටත් ,UPFA-Brighter Future ඇතුළු හෙළුවෙන් ෂොපින් ඇඩ්මින් ලාටත් ඔය ගහට වියදම් කරන්න ගිය කෝටි එකහමාරක සල්ලි වලින්  කරන්න ඕන තරම් "ලොකුම " දේවල් ගොඩාක් ගොඩ ගොඩාක් තිබුනේය.
දුෂ්කර පළාත් වල ඉන්න අසරණ ළමයින්ට පොත් පැන්සල්, යුනිෆෝම් රෙදි , සපත්තු වගේ දේවල්,
එහෙම නැත්තන් අසරණ වෙලා ඉන්න පවුල් ටිකක් තෝරලා වියලි ආහාර ද්‍රවය ටිකක්,බෙහෙත් ටිකක්

කෝටි එකහමාරකින් කරන්න පුළුවන් දේවල් නම් කොච්චරක් ද?

සතියකින් ගලෝලා දාන කෘතීම නත්තල් ගස් වලට වඩා  ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කම තිබ්බනම් කොච්චර වටිනවා ද?

මෙහෙම කියනකොට "ඔච්චර බණ කියන්නේ , එහෙනම් තොපි කරලා පෙන්නපල්ලා " කියල සමහර බබා's ලා අපිව වඩා ගන්න එන්න පුළුවන. ඒ වගේ අයට අපිට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් ය.

කාදිනල් තුමා ඇතුළු බිෂොප් හවුස් එකත් කතෝලික සභාවත් කරපු දේවල්, නොකරපු දේවල් සහ තව කරන්න තිබ්බ දේවල් ගැනත්, සභාවේ පාසල් වලින් එකතු වෙන මහා ධනස්කන්ධය්ත්, පල්ලි වලින් එකතු වෙන සල්ලි වලටත්  මොකද කරන්නේ කියන එක ගැනත් කතෝලිකයන් හැටියට අපිට බරපතල ප්‍රශ්න ඇත.

එත් ඒ වගේම අපේ ඇස්පනාපිටම කතෝලික සභාවෙන සිද්ධවෙන සමාජ සත්කාර ඕනා තරම් ය.
ඔය බොහොමයක් මාලිගා,අසපු,පිළිම වලට  වඩා සේවයක් කතෝලික සභාවෙන් අදත් මේ රට ඇතුලේ සිද්ධ කරන බව අනිවාර්යයෙන්ම කියන්න උවමනාය
 ඒ බව නොදන්නා බබා(හුකුං )ලට ඕන නම් වෙනත් පොස්ට් එහෙකින් ඒ දේවල් ලිස්ට් ඩවුන් කරලා දෙන්න පුළුවන.
මොන ප්‍රශ්න තිබ්බත් අධ්‍යාපනය, සමාජ සත්කාර වගේ දේවල් වලින් තාමත් ඉස්සරහින් ඉන්නේ කතෝලික සභාවය.
ඔය මාලිගා අසපු පිළිම අටෝගෙන ඉන්න සමහර කණ්ඩායම් වලට  තාමත් එදෙවල් හරියට කරගන්න බැරිය.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරය.

කොටි එකහමාරක් යට කරලා නත්තල් ගස් හදන්න සමහර ඩීල් කාරයින්ට මිස මේ රටේ බහුතර කතෝලික ජනතාවට පුකේ ඇම්මක් නැත.
ලෝකේ ලොකුම ජෝක්ස් වලින් එකක් වෙනවා ඇරෙන්න ඔය අටමගලෙන් මේ රටට  ලැබෙන රෙද්දක් ද නැත.
එක එකාට හෙළුවෙන් ෂොපින් යන බුකී ඇඩ්මින් ලාට අනුව කතෝලික සභාව වත් කතෝලික ජනතාවවත් වැඩකරන්න සූදානම් නැත.
ඒ ලෝන්තපොල්ස් ලා කිව්ව පලියට කාදිනල් තුමා කාගෙන්වත් සමාව ගත යුතු නැත. එහෙම සමාව ගන්න කිසිම වැරද්දක් එතුමා කරලා ද නැත.
එතුමාගේ අතින් වෙච්ච් එකම වරද්ද නම් සිරිසේන උන්නැහේට පත්තරේ ගෙන එකාගෙන් පත්තරේ ගැනීම ය. ඒ කියන්නේ මාස හතරක් ම ගොහින්, කොටි භාගයක්ම වියදම් වුනාට පස්සේ මේ නත්තල් ගහ සල්ලි නාස්තියක් ය කියලා තේරුම් යාමය.
ඒ වගේ සිරිසේන ඉට්ටයිල් වැඩ මින්මතුවට වත් සිද්ධ නොවේවා කියන එක කතෝලික අපේ ප්‍රාර්ථනාව ය.
ලෝකේ ලොකුම නත්තල් ගහ  හෙවත් ඊළඟ ලෝක විහිලුව  අතරමග හරි නවත්තගෙන ලජ්ජාවෙන් බේරන්න පුළුවන් වීම අපේ මුළුමහත් ශ්‍රී ලංකික කතෝලික සභාවේත්
වාසනාවක් ය.

එහෙනම් , අදට සමුගන්නවා ය,
ගොහින් එන්නම් ය,.
















============================

කාදිනල් තුමාට විරුද්ධව කරන මඩ ප්‍රහාරවලට විරුද්ධව චිරන්ත අමරසිංහ කල කතාව
https://www.facebook.com/slcatholictruth/videos/1291636880911157/







12 comments:

  1. උන් එහෙම ගහන එක හොඳයි.... මොකෝ කාදිනල් කියන්නේ මහින්දගේ අමු බත් බැලයා.. එයා කරේ මහින්දගෙ ලණුවක් කාපු එක.. දැ

    ReplyDelete
    Replies
    1. https://vibheeshana2.blogspot.com/2016/12/blog-post_13.html

      Delete
  2. ඔයි නත්තල් ගහට මම නම් කැමතියි, කොළඹ හිටියා නම් ගොහින් විනෝද වෙනවා. වැව රවුමේ ආයෙත් කාර් රේස් යනවා නම් කැමතියි, එකාලයේ නාමල්ලගේ රේස් එක තදින් විවේචනය කරත් ඒ රේස් එක බලන්න ඇවිත් පහුවදා පාද්දර බස් නැතුව කුරුණැගල පාරේ දිගටම පයින් යන කොල්ලෝ සෙට් එක දැක්කාම මම වැරදී කියා හිතුනා, මේ රට තරුණයන්ගේත් මහන්සිවෙන මිනිස්සුන්ගෙත් රටක්, එයාලගේ හිත් කුරුවල් කරන්නේ නැතිව විනෝද වෙන්න හරිමු, අපිත් සතුටු වෙමු, නත්තලට , සිංහල අවුරුද්දට ට එක එක ආගමිකයෝ විවිධ අරුත් දුන්නත් ඒවා සීසනල් කානිවල්, ඔයි ආගම් මේ ලොකයේ නොතිබ්බත් කානිවල් නම් කියනවා සහතිකයි.

    ReplyDelete
    Replies
    1. කාබුල් වල ලෝකේ උසම නත්තල් ගහ හැදුවා කියා ආරංචි වුනොත් ඔබට සිතෙන්නේ මොකද්ද?

      Delete
    2. https://vibheeshana2.blogspot.com/2016/12/blog-post_13.html

      Delete
  3. //////කොටි එකහමාරක් යට කරලා නත්තල් ගස් හදන්න සමහර ඩීල් කාරයින්ට මිස මේ රටේ බහුතර කතෝලික ජනතාවට පුකේ ඇම්මක් නැත./////////////
    නාය යෑම්වලින් නන්නත්තාර වෙච්ච මිනිස්සු ගැනවත් හිතන්න ඕන. මෑතකදි දැක්කා මිනිය ගෙනාවෙත් ටෙන්ට් එක අස්සට කියලා. මොනවා වුනත් වරාය ඇමතිතුමා ප්‍රශ්න ගොඩක. ලාස්ට් ඕවර් එකට හයේ ඒවා ගහලා ගොඩගන්න පුලුවන්ද.

    ReplyDelete
    Replies
    1. https://vibheeshana2.blogspot.com/2016/12/blog-post_13.html

      Delete
  4. Hoooooooooooooooooooooooooooooooooooooooo

    ReplyDelete
    Replies
    1. මාතේ.....මොකෝ බං ආපහු හදනවද...

      Delete
  5. ලංකාවේ කතෝලික නොවන කිතුනුවන්ද සිටිති. ඔවුන් වැඩිදෙනාද නත්තල්ගස් හදති.
    එසේම කතෝලික ආගම මෙරට රාජ්‍ය ආගමද නොවේ.
    එබැවින් කාදිනල් වරයාට මෙයට විරුද්ධවීමට අයිතියක් නැත.
    එසේම ඔහු විරුද්ධවූ පමණින් මෙය නැවැත්වීමටද අවශ්‍ය නැත.

    ReplyDelete
    Replies
    1. https://vibheeshana2.blogspot.com/2016/12/blog-post_13.html

      Delete
  6. Tree worship is a pagan practice!

    SaRaSa the Pagan.

    ReplyDelete

කමෙන්ට් කලාපය....