2015-11-01

උගත් මෝඩකම සමග නූගත් අමනකම

"උසස් අධ්‍යාපනය" කියන මහා ලොකු මෙව්වා එක කරන කොල්ලෝ කෙල්ලෝ බහුතරය අමු මෝඩ රැලක් බවත් ධර්ම චක්කරේ අතේ ගහගෙන කාකි සූට් ඇඳන් ඉන්න එවුන් තනි පට්ට අමනයින් බවත් එදා ඉඳන් කරගෙන ආවා වගේම පෙරේදා කොළඹදී ත් ඔප්පු කරලා පෙන්න්නුව මේක කියෝන හැමෝම දන්නවා විය යුතුය.



දුප්පත් අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා ළමයි හදලා උන්ට උගනන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ තියාගෙන බව සමාජයේ හැමෝම දන්නවා වුනාට එහෙම ඉගෙන ගන්න ඒ දරු දැරිවියෝ දන්නවාද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා ය.
මනුස්සයෙක් අධ්‍යාපනය ලබන්නේ පඩි ගන්න විතරක් නොව  හරි විදියට සමාජයේ ජීවත් වෙන්නත් ඒකකය. හරි විදියට සමාජයේ ජීවත් වෙනවා කියන්නේ එක එකාට කොන්ද පාත් කරන්නේ නැතිව, එක එකාට ඕන විදියට නටන්නේ නැතිව ,සමාජයට හානියක් නොකර ජීවත් වෙන එකට ය.

එත් මේ සිරිඉල්ලන්කාවේ උසස් අධ්‍යාපන ය කරන එවුන් බොහොමයක් එවුන්ට ඔය දේවල් කල්පනාවට එන්නේ නැත.
 උන් දන්නේ පොතේ තියරි සහ හම්බවෙන්න ඕන පඩියේ තියෙන්න ඕන දාහේ කොළ ගැන මිස වෙන කිසි දෙයක් ගැන නොවේය.

ඒ වෙන මක්කාවත් හින්දා නොව පොතේ "දැනුම" ඔලුවට පුරෝගෙන හිටියාට "බුද්ධිය" කියන දේ ඒ හැටි වර්ධනයක් වී නැති නිසා ය.

රටේ කොච්චර දැවෙන ප්‍රශ්න තිබ්බත් තමුන්ට වවාගෙන කන්න පුළුවන් ජාතියේ ප්‍රශ්න වල හිඟතාවයකින් පෙලෙන සමහර කල්ලි කණ්ඩායම් මේ මෝඩ කොල්ලෝ කෙල්ලන්ගේ බුද්ධියේ තරම රටේ ආණ්ඩුවටත් වඩා හොඳට හොඳින් දන්නා , අධ්‍යනය කර ඇති නිසා කන්න පුළුවන් ජාතියේ අලුත් ප්‍රශ්නයක් වවන්න උන්ව පාවිච්චි කරන්නේය.
එක එදා සිට අද දක්වාම හැමෝම කරපු දෙයක් නිසා එකේ ලොකු අමුත්තක් නැත.

විභීෂණ අහපු දැකපු තොරතුරු අනුව පෙරේදා කොළඹදී සිද්ධ වෙච්ච ඛේදවාචකයේ එක භාගයකට හේතුව ඕකය.

මෝඩ කොල්ලෝ කෙල්ලෝ නොදැන රඟපෑවේ අනුන්ගේ පිටපතක නාට්‍යයක් බව අද වෙන විට ටිකෙන් ටික තේරුම් යමින් පවතින සත්‍යයක් ය.



තමුන් ඒ ලෙවල් පාස් වුනාය කියලා හෙන උසස් අධ්‍යාපනයක් ලබනවාය කියලා රටේ වැදගත් ස්ථාන වලට හිතුමතේ ඇතුල් වෙන්න එව්වා ඉස්සරහ උද්ගෝෂණ කරන්න , උපවාස කරන්න අමුතු පර්මිට් ලැබී නැත.

තමුන්ගේ උගත් කම හින්දා තමුන්ට ඕන කරන හැම රෙද්දම කරන්න දෙන්න බැරිය.
නීති රීති තියෙන්නේ ඒවා ටය.
උගත් කම පෙන්නන්නේ නීති කැඩීමෙන් නොව නීති රැකීමෙන් බව හිතට ගත්තොත් අනාගතේ ඇතිව කැඩුම් බිඳුම් වත් වලකවා ගැනීමට මේ මෝඩ රැලට පුළුවන් වනු ඇත.

මේ ළමයි හොඳට ඉගෙන ගත්තු "බුද්ධිමත්" එවුන් නම් රටේ ආර්ථික මර්මස්ථානය නිස්කාරනේ අවහිර කිරීම ,අනෙක විධ රාජකාරි වෙනුවෙන් කොළඹ අවු කාස්ටකේ ගමන් බිමන් යන මිනිස්සුන්ව පැය ගණන් ට්‍රැෆික් එකේ රස්තියාදු කිරීම දඬුවම් ලැබුනත් නැතත් අපරාධයක් බව  තේරුම් ගෙන සිටිය යුතුය.
 
මහජන දේපල වලට හානි කිරීම ජාතික අපරාධයක් බව දඬුවම් ලැබිය  හැකි වරදක් බව  දන සිටිය යුතුය.
එහෙම දැනගෙන හිටියා නම් මුන්  ඩිප්ලෝමා එකට උපාධියක් ඉල්ලගෙන කොටුව ඉස්ටේසම අල්ල ගන්නේ  නැත. රටේ ආර්ථික මර්මස්තානයේ ප්‍රධානම මාර්ගයක් අවහිර කරන්නේ නැත.
නමුත් එහෙම අවුනේ නැති නිසා අපිට හිතන්න වෙන්නේ මුන් අමු "මෝඩ" බුද්ධිමතුන් බවය.  උන් එදා කොළඹදී රටට ම පෙන්නුවේ තමුන්ගේ "උගත් මෝඩකම" බවය.


සිද්ධියේ දෙවෙනි භාගේ අදාළ වෙන්නේ අපේ ධර්ම චක්කරේ අතේ ගහන උන්නැහේලා ටය. උන් තරම් බුද්ධාගමට අපහාස කරන වෙන කිසිම මනුස්ස කොට්ටාසයක් නැති බව උන් ම හැමදාම ඔප්පු කරමින් පවතින සත්‍යයක් ය.
මේ පොලොස් බල්ලෝ අති  මහත් බහුතරය මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන්න දන්නේ නැත. එක්කෝ උන්ගේ ට්‍රේනින් වලදී උගන්නලා නැත,එහෙම නැත්තන් ඉගෙන ගෙන නැත.

කොහොමත් ඔවුන්ගෙන් බහුතරය ඇත්තටම නම් , ඉගෙන ගෙන නැත.
ගොඩ දෙනෙක් අටේ පන්තිය දැකලා විතරය ගොහින් නැත. ඒ හින්දා අධ්‍යාපන මට්ටම පුල් මාර්වලස් වීම අහන්න දෙයක් නැත.

මුන්ට මෝටර් සයිකල් කාරයින්ව පෙන්නේ දාහේ පන්සීයේ කොළ වගෙය.
කැම්පස් කොල්ලෝ කෙල්ලෝ පෙනේ තමුන්ව හපන්න එන බලු රැලක් වගෙය.
එත් පජාති දේසපාලුවෝ පෙන්නේ සියලු බලති දෙවිවරු වගෙය.
කුඩු දුමියාටත් සැලුට් ගහන කාකි ලොක්කෝ ඉන්න පොලොස් එකේ ඉතින්එතනින් පහල එවුන් ගැන කතා කරන්න දෙයක් නැත.

පස්සෙන් පන්න පන්න කොල්ලන්ට ගැහුවා වගේම පොඩි කෙල්ලන්ටත් අත උස්සලා බැටන් පාර දෙන්න , කෙල්ලන්ගේ ඔලුත් බැටන් පොල්ලෙන් පලන්න, කොයි තරම් අමනුස්ස කමක් මේ යක්කුන්ගේ ඇතුලේ තියෙන්න ඕනද කියලා අපි ම හිතා ගත යුතුය.
 ජනාකීර්ණ කොළඹ නගරේ මහපාරක් ක්ලියර් කරන්න ඔය ජාතියේ "අවශ්‍ය බලයක්" ඕනමද කියන එක මේ මොහොතේත් විභීෂණ ට ප්‍රශ්නයක් ය.

පොලොස් බල්ලන්ගේ ඔය අමනුස්ස කම මීට අවුරුදු හතරක ට කලින් කටුනායකදී මේ විභීෂණ දෑහින් ම දැක ගත්තේය. විභීෂණ ත් අන්තිම මොහොතේ නූලෙන් බේරුනේ කලින් වතාවක කොහෙහරි කරලා තිබ්බ පොඩි හෝ පිනකට ය.නැත්තන් එදා විභීෂණ ගේත් ඔලු පලු ය. එදා කටුනායකදී පැක්ටරි වලට පැනලා ගැහුවා මදිවාට කෙල්ලෝ හිටපු බෝඩිම් වලටත් පැනලා උන්ගේ ඔලු පලන්න තරම් ඒ පොලොස් බල්ලෝ බොහොම කාරුණික විය.

හලාවත සහ රතුපස්වලත් සිද්ධි සමුදාය ඔයිට දෙවැනි නැත.

කොහොම හරි ඒ කාලේ ඉඳන්ම පෙන්නපු තමුන්ගේ අමන තුප්පහි තක්කඩි ගති සේරම , කොටින්ම කිව්වොත් තමුන්ගේ "නූගත් අමනකම" ඇලපිල්ලක් ඉස්ස්පිල්ලක් පාපිල්ලක් තිකක් ඉරක් අඩු නොවෙන්න මෙදා සැරෙත් මේ පොලොස් බල්ලෝ කොළඹදී පෙන්නන්න වගබලාගත්තේ කිසිම මනුස්ස කමක් නැතිව ය.

මේ සිද්ධියේදී දෙපැත්තම හත්පොලේ ගාගෙන ඇත. පොලොස් බල්ලන්ගේ හත්පොල වැඩිපුර කැත වී ඇත.
දෙගොල්ලොම තම තමුන්ගේ මෝඩකම් අමනකම් රටම පෙන්නා ඇත.

මේ වගේ ගොන්කම් තව දුරටත් නොදකින්න නම් විභීෂණ පොඩි පහේ සජේෂන් කීපයක් දෙන්න කැමතිය.
  • උසස් අධ්‍යාපනේ ලබන එවුන්ට ඒ දේ හරියට කරගන්න හරිහමන් වාතාවරනයක් පුල්වුඅන් විදියට වත් සැලසිය යුතුය. උන්ව රූකඩ කර ගන්න හදන තක්කඩි දේශපාලුවන් ව සීන් එකෙන් අයින් කල යුතුය.
  • හරි හමන් පරීක්ෂණයක් කර මේ කොල්ලෝ කෙල්ලේ උසිගන්නපු වරත්තු සංවිධානය එලි කරගත යුතුය, එලි කරගෙන උන්ට දෙන්න ඕන දඬුවම හරියට ම දිය යුතුය.
  • බුද්ධාගම අතේ ගහන පොලොස් බල්ලන්ට ආපහු වතාවක් බුද්ධාගම ( මෙහෙ තියෙන එක නම් නෙමේ හොඳේ...) ඉගැන්විය යුතුය. අඩුම ගානේ මිනිස්සු එක්ක සුහදව කතා බහ කරන්න ඉගැන්විය යුතුය.
ඒ ඔක්කොමත් එක්ක
  • කොළඹ නගරයඇතුලේ මහා පාරවල් බ්ලොක් කරගෙන උද්ගෝෂණ කරන එක නම් තහනම් කල යුතුය.
  • ඕන එකෙක්ට පිට්ටනියක් බුක් කරගෙන ඕන මගුලක් නටා ගන්න අවස්තාව සැලසිය යුතුය.
එහෙනම් ඉතින් අදට ඇති වගේ...

ගොහින් එන්නම්...

---------------
ප.ලි.
මේ ඔක්කොම අලකලංචි අස්සේ අපේ මරා මහත්තයා ඒ කාලේ එයා උද්ගොෂකයින්ට කිරි කවපු හැටි කියන්න ගොහින් නිස්කාරනේ අනුන්ගේ ළිඳකින් ඇදගෙන නෑම ගැන විභීෂණ ගේ බලවත් මෙව්වා එක.

27 comments:

  1. මෙහි සමහර අදහස් සාවද්‍යය.

    මෙන්න ඉන් දෙකක් ගැන මගේ අදහස

    මා ඩිජිටල් කැමරාවක් ගත්තේ 2003 දී එකක් ට අඩු වුනු විටය. එන්න එන්නම කැමරා මිළ අඩුවේ, භාවිතය වැඩිවේ. ජනාධිතපි ආරක්‍ෂක රටයක සහ බස් එකක අනතුර ගැන සිතා බලන්න. දැන් වසර දෙකකට පෙර එවැනි වීඩියෝ දර්භනයක් දැක තිබේද? දැන් කැමරා සැම තැනම ඇත. සක් දෙවිගේ ඇස් දහස වැනිය!

    මේ උද්ඝෝෂණය සීමාසහිත තැනක තිබුණු එකකි.

    පාරවල් බ්ලොක් කරන්නේ පොලීසියෙන් නේද?

    ReplyDelete
    Replies
    1. නිවැරදි කෝණ වලින් කැමරා ගත කිරීම සහ සමහර තැන්වල මාධ්‍ය කාරයෝ ස්ථාන ගත කරලා තිබුනා ය කියලා ලිව්වේ මට අහන්න ලැබුණු තොරතුරු අනුව ය. හිතාමතා සාවධ්‍ය තොරතුරක් දැම්මා නොවේ. කෙසේ වෙතත් ඒ අදාළ සියලු කරුණු ලිපියෙන් ඉවත් කළා.
      වරද පෙන්වා දීම ගැන ස්තුතියි.

      --------
      //මේ උද්ඝෝෂණය සීමාසහිත තැනක තිබුණු එකකි.//
      -ඇත්ත. එත් තියෙන්න ඕන තැනින් එහාට උද්ගෝෂණය බලහත්කාරයෙන් ගෙනියන්න ගිහින් නේද මේක මරා ගැනිල්ලක් වුනේ.?

      //පාරවල් බ්ලොක් කරන්නේ පොලීසියෙන් නේද?//
      --ඇත්ත. එත් මෙතනදී උද්ගොෂකයෝ අනවශ්‍ය විදියට වෙනත් පාරවල් වලටත් අවහිර වෙන විදියට හැසිරුනා.

      Delete
    2. මා ඩිජිටල් කැමරාවක් ගත්තේ 2003 දී 2MP එකක් $200 ට අඩු වුනු විටය.

      Delete
  2. මරා එක්ක තාම හිත නොහොඳින් වගේ , :)

    ReplyDelete
  3. ඉහළ සිට පහලට විනයගරුක බව, නීතිගරුක බව, නිවැරදි කරගත්තොත්, මේ ප්‍රශ්න නිකම්ම නවතිනු ඇත.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත.

      එත් ඉතින් ඉහල ඉන්න එවුන්ගේ විනය කොච්චර ශෝක් ද කියල අපි දකිනවා නේ.....

      Delete
  4. සිසු ඉල්ලීම් උද්ඝෝෂණ,අරගල වලද වෙනසක් නැත..
    පොලිසිය විසින් සිදු කරන ඔලු පැලිලි,අඩු කැඩිලි වලද වෙනසක් නැත...

    ReplyDelete
    Replies
    1. නළුවන් මාරු වී ඇත. චරිත මාරු වී නොමැත.

      Delete
  5. මේ ඉල්ලීම ලංකාවෙ බුද්ධාගම ආරක්ශා කරනවාය කියන අරමුනින් ඇති අසූහාරදාහක් සමිති සමාගම් ,බුද්ධාගමේ නිල ආරක්ශකයින් වන මහානායකවරුන් වහන්සේලා ඇතුලු සංඝයාවහන්සේලා සහ සියලුම බෞද්ධයන් වෙතටයි.බුද්ධාගමේ අය උතුම් සලකුනක් ලෙස සලකන ධර්ම චක්‍රය පොලීසිය විසින් අතේ ගසා ගැනීමට විරුද්ධ වෙන්න.මොකද මේ පොලොස් කාරයින් එය පැලඳගෙන කරන අමන වැඩ නිසා අගෞරවය වන්නේ බුදුදහමටය.වහාම මේ පිලිබඳව සලකා බලන්න.බුදුන්ගේ රූපයක් පච්චකොටාගෙන ආ කාන්තාවක් පි‍ටුවහල් කල හැකිනම්,ධර්ම චක්‍රය හා සමාන ලකුනක් තිබූ සෙරෙප්පු විකුනන අය උසාවි ගෙනයා හැකිනම්,පෙරහැරක් ඇඳුමක බතික් කිරීම අපරාදයක් ලෙස පෙනෙයි නම් මේ පොලිස් කාරයින් කරන වැ‍රැද්ද ගැන කටපුක වසාගෙන ඉන්නේ ඇයි.

    ReplyDelete
    Replies
    1. බලමු...එකෙක් හරි පාරට් බහියිද කියල...

      Delete
  6. මල්ලියේ , සමහර විට මට බනියි ගොඩක් හැමෝම. මම ගුරුවරු ගහනවටත් විරුද්ධ කෙනෙක්. ඒ නිසා පොලිසිය ගහනවට කැමතිත් නැහැ. නමුත් ඔය යුනිෆෝර්ම් එක ඇඳන් එතන හිටිය නම් , ඔයාටත් ළමයි හතර පස් දෙනෙකුට කන්න දෙන්න තියනව නම් ඔයත් කරන්නේ ගහන්න කිව්වම ගහන එක. මොකද තෝරලා බේරලා ගහන්න බැහැ. තරහට බල්ලා කියල බැන්නත් පොලිසිය ඕන වෙන වෙලාවල් තියනවා. රූල් පොතට අනුව උන් හරි. මුලින් මෙගෆෝන් එකෙන් කියල ඊට පස්සේ වතුර ගහන්න ඕනේ, ඊට පස්සේ කඳුළු ගෑස්. ඒ එකකින් වත් විසිර යන්නේ නැත්නම් බැටන් චාර්ජ් එක. මොන ආණ්ඩුව ආවත් ඒකයි නිතිය. ඒ නිසා නීතියට බල්ලා කියල බැනල ඒක වෙනස් කරන්න මුලික වෙන්න. පොලිසියට ගහන්න අණ දුන්න තැනින් අහන්න ඕනේ වගකීම ගන්න කියල.

    ReplyDelete
  7. මෝඩ කොල්ලෝ කෙල්ලෝ නොදැන රඟපෑවේ අනුන්ගේ පිටපතක නාට්‍යයක් බව අද වෙන විට ටිකෙන් ටික තේරුම් යමින් පවතින සත්‍යයක් ය.//

    හරි හමන් පරීක්ෂණයක් කර මේ කොල්ලෝ කෙල්ලේ උසිගන්නපු වරත්තු සංවිධානය එලි කරගත යුතුය, එලි කරගෙන උන්ට දෙන්න ඕන දඬුවම හරියට ම දිය යුතුය.//

    අසූ ගනන්වල ඉදලම වෙන්නෙ මේක. ප්‍රශ්න තියනව ඒක හරි. නමුත් මේව සංවිධනාය කරන වරත්තු සංවිධානවලට ඕන ඔළු පලා ගන්නමයි. බැටන් චාජ් එකක් ආවෙ නැත්නම් ප්‍රොටෙස්ට් එකෙන් වැඩක් නෑ කියල උන් කියන්නෙ. මොකද උන් වදල හදල නෙමෙයිනෙ. ඔළුවට වදින පාරවල් වල දීර්ඝකාලීන ආබාධ ඔය සංවිධායකයන්ට වැඩක් නෑනෙ. ඕනනම් ශිෂ්‍ය වීර දිනයක් පවත්වල පානක් පත්තු කරල ලොකු වචන සෙට් එකක් උඩප්පරන් ගහයි.

    මේ වගෙ කෲර පහත් අදහස් තියන එවුන්ගෙ පක්ෂවලට කවදාවත්ම බලයට දෙන්න හොඳ නෑ. උන්ට මිනිස්සු ගැන අල්පමාත්‍ර දයාවක්වත් නැති නිසා.
    මේ පක්ෂවල සාමාජිකත්වය ගන්න එවුන්ගෙ පවුල් පසුබිම වගෙ දේවල් හොයල මේ වගෙ බූතයො පහල වෙන්නෙ ඇ‍යි කියන එකයි හොයන්න ඕන.

    දැන් වාර්ෂික ඔළු පැලීමේ මංගල්‍ය කරන වරත්තුවන්ට පෙර ඕක කරපු වරත්තුවො ඒක අවසන් කළේ 89 දි දුම් පූජාවකින්.

    මුන් දැනටත් නස්පුක් ගහල ඇති . අපරාදෙ එකෙක් මරාගත්තනම් අපට ඒක ඔස්සෙ දේශපාලනය කරන්න තිබුන නේද කියල.
    අර ඕස්ට්‍රේලියාවෙ ඉන්න බූතය උගෙ ළමයි යවනවද මේ ඔලු පැලීමේ මංගල්ල වලට නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ ඉන්න පරයා ට යි උගේ කටු බල්ලෝ ටිකටයි රට ඇතුලේ ප්‍රශ්නයක් නැත්නම් පැවැත්මක් නැහැ. එකයි උන්ගේ බළල් අතක් ලව්වා රට ගිනි තියන්න පොඩි කොල්ලෝ කෙල්ලොන්ගේ ඔලු පැලෙව්වේ..

      Delete
  8. ඊයේ රෑ සදු පොඩි මෙන්ඩාට ගෙනියන්න අර උද්ගෝෂන වලට ගෙනියන විදිහේ බෝඩ් එකක් හදලා ඒකේ ලියලා “පුංචි අපි රෑක ගනිමු“ කියලා..අද උදේ ඒ බෝඩ් එක්ක ටිචර්ලා ළමයි ටික පාර අයිනට එක්කරගෙන ගිහින් උද්ගෝෂනයක පෙරහුරැවක් කෙරෙව්වලු..
    මටනම් ඒකේ අමුත්තක් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. ඉතාම නරක පූර්වාදර්ශයක්. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසදනවා වෙනුවට සටන්කාමීත්වය හුරු කරවීමක්.

      Delete
    2. මධ්‍යස්ථ
      මම ඊයේ පුලවන් මට්ටමින් පොඩි මෙන්ඩට පැහැදිලි කරලා දුන්නා..මේ ක්‍රමය වැරැදි කියලා..උඔ ගැනත් කියන්න වුනා..

      Delete
    3. අර ටීචර් අවුරුදු කීයක් කැම්පස් බඩ ගාපු කෙනෙක්ද දන්නේ නැහැ...

      සමහර විට ප්‍රොෆෙෂනල් පිකටින් කාරියක්ද දන්නේ නැහැ..

      Delete
  9. ඔක්කොම පිස්සෝ බං

    ReplyDelete
  10. මේ සියල්ල ඇතුලෙම තියෙන්නේ දේශපාලන බලය වෙනුවෙන් තුන්වෙනි පාර්ශවයක් පාවාදීම විතරයි.. උද්ගෝෂණ වලට සහභාගී වෙන පිරිසත්, පොලිසියත් කියන්නේ එකම දාම් ලෑල්ලේ ඉන්න ඉත්තෝ ටිකක් වගේ.. ඉත්තො කැපිල අන්තිමේ දිනන්නේ දාම් අදින එවුන් විතරයි. ඉත්තෝ හැමදාමත් කැපෙනවා විතරයි..

    ReplyDelete
    Replies
    1. හොඳට ඉගෙන ගෙනත්, තමුන් ව අනුන්ගේ දාම් ලෑල්ලක ඉත්තෝ විදියට පාවිච්චි වෙනවා කියලා තෙර්න්නේ නැති ඒකනේ බන් පුදුමේ....

      Delete
  11. උඹ කිව්ව වගේ දෙපැත්තෙම වැරදි... නිවුස් කාරයන්ට රජ මගුල්....

    ReplyDelete
    Replies
    1. නිව්ස් කාරයෝ ලේ පෙරේතයෝ...
      උන්ට ලෙන් බින්දුවක් දැක්කනම් ඒ හොඳටෝම ඇති.

      Delete
  12. මරාත් එකයි සිරාත් එකයි විභි අයියේ...

    ඒක නෙවී අන්න බණ්ඩා විභි අයියට ඇමති කමක් දීලා.... යෝජනාව මධුගේ

    ReplyDelete
    Replies
    1. මරා ගේ ගෝලයෝ තමයි දැන් සිරාගේත් ගෝලයෝ වෙලා තියෙන්නේ...

      ---------------
      ඇමති කම යෝජනාවුනාට බන් විෂය පථය පැහැදිලි නැහැ.

      Delete

කමෙන්ට් කලාපය....