2014-11-23

ව්‍යාපෘති කළමනාකරණය සහ මෛත්‍රී පාලනය

Project Management කියන්නේ එක්තරා කළමනාකරණ විෂයයක් ය.කැම්පස් වල උගන්නන සහ  ඩිග්‍රී සාප්පු  වල යහමින් විකිනෙන මේ සබ්ජෙක්ට්  එක ඉගෙන ගන්න ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ද ඇත. මේ විභීෂණ project management කියන දේ subject එකක් වශයෙන් කොහේදීවත් හෝ කිසිම පන්තියකට ගිහිල්ල වත් හෝ ඉගෙන ගෙන නැත.


එත් මේ වෙන කොට හදාරන Quality Management කෝස් එකේ නම් එක්තරා තැනක මේ දේ තියෙන හින්ද ළඟදීම මේ සබ්ජෙච්ටුව ගැන ටිකක් හරි නිල වශයෙන් ඉගෙන ගැනීමට විභීෂණ ඉන්නේ සූදානමින් ය.

පන්ති ගිහින් project management ඉගෙන ගත්තේ නැතුවට මොකද දැනට අවුරදු හත අටක් තිස්සේ කරන මේ ජොබ් එක ට පින් සිද්ධ වෙන්න project එකක් කරන හැටි ගැන බොහොම පැහැදිලි ප්‍රායෝගික දැනුමක් මේ වෙනකොට විභීෂණ සතුය.

project එක කරන්න පසුබිම් අඳුන ගන්න හැටි,  අවශ්‍යතාව හඳුනා ගන්න හැටි ,team එකක් සැට් කරගන්න හැටි , action plan එකක් හදා ගන්න හැටි , හදා ගත්තු action plan eka හරියට follow up කරන හැටි, හම්බ වෙන ප්‍රතිඵල විශ්ලේෂණය කරන හැටි වගේ ගොඩක් දේවල් මගේ කොම්පැනිය ඇතුලේ ප්‍රායෝගික ව සිද්ධ කර ඇත.

project එකක් හරියට ඉරට තිතට ගානට කරන්න නම්
  • පට්ට ප්ලෑනක් තිබිය යුතුය
  • එල කිරි ටීම් එකක් සිටිය යුතුය.
  • කරන්නේ මොකක්ද කියල වගේ ඒ දේ කරන්නේ මොකක් සඳහාද කියල හැමෝම හරියට ම තේරුම් අරන් සිටිය යුතුය.
  • කරන්න ඕන දේ හරි වෙලාවට , තප්පරේට ( අර සුමනේ ගේ උලවූ කේන්දරේ ට අනුව තියෙන වෙලාව නම් නෙමයි ok?) කල යුතුය.
  • කරන දේ හරියට සිද්දව් වෙනවද කියල කල්පනාවෙන් සිටිය යුතුය.
  • හම්බු වෙන ප්‍රතිඵල හරි හැටි විස්ලෙසනය කරලා බැලිය යුතුය.

මේ වගේ තියරි පෝලිමක් මේ සබ්ජෙක්ට් එකේ ඇත.

විභීෂණ මේ එන්නේ  කළමනාකරණ සබ්ජෙක්ටුවක් උගන්නන්න කියල හිතුව නම් මට කියන්න තියෙන්නේ ගිහින් තියෙන්නේ වැරදි පාරේ කියල ය.

විභීෂණ මේ එන්ටර් වෙන්න හදන්නේ ඊයේ ඒ කියන්නේ දෙදාස් දාහතරේ නොවැම්බර් 21 වෙනිදා වෙච්ච මහා විපරීතේ ගැන ටිකක් කතා කරන්න ය.

බණ්ඩා ගේ, එයාගේ හාමිනේගේ , ඒ ඩබල ගේ  දූ ගේ බූදලයක් වෙලා තිබ්බ සහ දැන් වෙනකොට ආඩම්බර තාත්තා ගේ හෙවත් මරා ගේ බූදලයක් නොව සරීර කූඩුවේ අවයවය ක් වෙච්ච "අතේ " පක්සේ මහා ලේකම් උන්නැහ හෙවත් "බම්බු මසී " ආඩම්බර මරා ගේ විරුද්ධ පාක්සිකයා විදියට කල එලි බැස්සේ ඊයේ ය.

ඔය කියන හතර බීරි නිවුස් ලයිම විභීෂණ දකින කොටම ඇඟ හීතල වෙලා ගියේය.

එහෙම නොවී තිබ්බොත් එක මහා පුදුමයක් ය. එච්චරටම මේක හතරබීරි කතාවක්ය.

රට ඇතුලේ තමුන්ගේ හොඳ නම ගඳ නම වේගෙන එන බව දැනගත්තු මරා කොම්පැනිය හිතාගෙන හිටියේ තව අවුරුදු දෙක තුන කාලේ කන්නේ නැතිව තව අවුරුදු හයකට ඉන්කම් එක ෂුවර් කරගන්න හිතාගෙන ජනාධිපති ඡන්දයක් තියන්න ය. එත් ඊට කලින් මුට්ටිය ක් දාල බලන්න කල්පනා කළේය. මුට්ටිය වුනේ ඌව ය.
ඒ දාපු මුට්ටියට වෙච්ච දේ ඉතින් ආපහු මෙතන ත් දිග ඇරීමේ කිසිම අවශ්‍යතාවක් නැත. එත් ඉතින් ඔච්චරටම ආස නම් මෙන්න මෙතනින් ගිහින් බලාගත්ත ට විභීෂාන්ගේ තුන් හිතකවත් කහටක් නම් නැත.

ඌවෙ හටනින් පස්සේ ඇඟ පත හීතල වෙලා ගිය, හිත කීරි ගැසී ගිය මරා සහ පිරිවර COMING COLORS NOT GOOD බව දැනගෙන තව කල්ගියොත් පුටු අහිමිවන බව, සිහින බොඳවන බව සහ පුක බිම වැදී හොට ද බිම ඇමිණෙන බව තේරුම් අරගෙන හොරගල් අහුලන එක නවත්තල ජනාධිපතිවරණෙ හැබෑවටම තියන්න  තීන්දු කළේය.

එහෙම කලේ එකෙන් මරා ආපහු ජය අරගෙන තව අවුරුදු ගානක ට පුටුව උඩ  ගම්මිරිස් කොලේ හොල්ලන්න බැරි වෙන්න සීල් කරන්නය.

මරා සමාගම ඇතුලේ මෙහෙම වෙනකොට ජනාධිපති ඡන්දේ තියෙනවා කියන රාවය ට සූදානම් වෙච්ච පොදු විපක්සෙ සහ සෝභිත හාමුදුරුවෝ විධායකේ අහෝසි කරන්න කියන හෙඩිම දාගෙන අමුතු වැඩක් පටන් ගත්තේය.

රනිල් , කරූ, අනුර වගේ එකී මෙකී නොකී විපක්සෙ ඉන්න හැම පක්සේමත් ආණ්ඩු පක්සේ ඉන්න එව්වොත් එක්කත් සාකච්ඡා කර කර විධායකේ අහෝසි කරන්න පැලෑනක් ගැහුවේය.


සාධාරණ සමාජයක් හොයාගන්න කියල සන්විධානෙකුත් පිහිටුවාගෙන උන්නාසේත් අලුත් ගේමකට එන්ටර් වේගෙන ආවේය.

රතන සාදු ගේ පිවිතුරු හෙට ත් මේ ගැන්සියටම එකෙන්ම සැට් විය.

මේ ප්ලේ කරපු ගේම් එක ඉල්ලන්කාවේ ඉන්න හැමෝම වගේ දන්නා බොහොම ජනප්‍රිය ගේම්  එකක් වන "සංගීත පුටු තරඟයක් ය".

මේ සංගීත පුටු තරගේ ට සහභාගී වෙන්න ගොඩක් කස්ටිය ඇවිත් හිට්යා වුනාට අවුරුදු උත්සවේ වගේ නොව මේ තරගේ තිබුනේ එකම එක පුටුවක් පමණය.

ඒ පුටුව නම් කරලා තිබුනේ "පොදු අපේක්ෂකයා " කියල ය.

මීඩියා සැට් එක මේ පුටුව දිහාත් වටේ කැරකෙන ප්ලේයස් ලා දිහා හරියට ඩයනා පස්සේ එලොපු පැපරාසි වැඩේ බලාගෙන හිටියේ මේ පුටුවේ ඉඳගන්න වාසනාවන්ත වෙන්නේ කවුද කියල දැනගන්නය.

වටේ කැරකෙන ය එක එකා පුටුව ට ලංවෙනවා විතරය..එකෙක්වත් ඉඳගන්නෙ නැත.

සෝභිත හාමුදුරුවෝ ඇවිත් ඉඳගන්න  වගේ ගිහින් අයින් වෙන සේක ..රනිල් ඔන්න ඉඳගත්ත මෙන්න ඉඳගත්ත වගේ ඉඳල අයින් වෙන්නේය. සැටලයිට් ද එසේය..

ක්‍රිකට් ගහපු බඩ රණතුංග ද ලඟින් ගියේය. එත් එකෙක් වත් පුටුවේ ඉඳගත්තේ නැත. 
 
කොහොම හරි පහුගිය සතිය වෙනකම්ම වගේ මේ සාධාරණ සමාජේ සැට් එක මුල්වෙලා කරගෙන ගිය සංගීත පුටු තරගේ ඉල්ලන්කාවේ තවත් එක ජනප්‍රිය ටොපික් එකක් බවට පත් විය.

ආණ්ඩු පක්සේ එවුන් විපක්සේට කෝචෝක් කර කර කිව්වේ අනේ පොද්දෙක් තියා පොදු භූතයෙක් වත් ඉක්මනට ගෙනෙල්ල කියලය.

එතකොට විපක්සෙ එයාල ට කිවේ පොඩ්ඩක් ඉවසන්න ඔහෙලා තුස්නිම්භූත වෙන කෙනෙක් ව අපි ගේනවා කියල ය.

අනේ ඉතින් මේ කතා අහ අහ අපිත් බලාගෙන හිටියේ කවුද මේ කියන පොද්ද  කියලය.

මේ නිවුස් එක එනකම් මසි පොද්ද වෙනවා කියල එකෙක් දැනන් හිටියේ  නැත.

විභීෂණ ට මේ ගැන සැක  සංකා පහල වෙන්න පටන් ගත්තේ අර කවුදෝ මන්තිරි බුවෙක් විල මැද මඩ බංගලාව ඇතුළේදී "මෛත්‍රීපාලනයක් "ගැන දෙඩෙව්ව කියල පත්තරේ දැක්ක .

ගිය  බුරහස්පතිනදා  රෑ අපේ ජෙනරාල් SF ගේ බුකී පිටුවේ "මෛත්‍රී " කියල කවර් ෆොටෝ එක දැක්කම ඒ සැකේ ඇති දරුණු විය. උච්ච විය.

ඇඟ කිලිපොලා යන නිවුස් එක දැක්කේ ගිය සිකුරාදා පාන්දර බුකියට ගොඩවුනාම ය.

බලන් ගියාම විපක්සෙ කිව්වා වගේම ආණ්ඩු පක්සේ තුස්නිම්භූත වෙන එකා පොද්ද වෙලාය. ඒ "බම්බු ම.සි"  ය .

මේ බම්බු මසී එසේ මෙසේ එකෙක් නොව මරා සභාපතිකම කරන අතේ (ගහන) පක්සේ ම උන්නැහ ගේ මහා ලේකම් ය.

මේක ඉතින් එකෙන් ම හැමෝම තක්බීර් වෙන සීන් එකක් ය.





සංගීත පුටු තරගේ අවසන් විය.

මරා ඊළඟට ඉල්ලන එකටත් පක්ස ව අත උස්සල පහුවෙනිදා උදේ මරා එක්ක ආප්ප ත් කාපු මසි  හවස් වෙන කොට මරාගේ ප්‍රතිවාදී පිල එක්ක එකතු වෙලාය.

මසි ගේ කතාවෙන් මේ සිද්ධි දාමේ අල මුල ගිය තැන් කීපයක් දැන  ගන්න ට අප ට පුළුවන් විය.

ඒ කතාව අනුව මේක අද ඊයේ හදීස්සියේ කරපු එකක් නොවේ ය. මාස ගානක plan එකක් ය. විභීෂණ වෙන කොහේදෝ දැක්ක විදියට මේක අවුරුදු දෙකක ගේම් එකක්ය .

දීර්ඝ සාකච්ඡා රහසිගතව තිබී ඇත. සැටලයිට් සහ රනිල් ද ගේම් එක ඇතුලේ ප්‍රධාන චරිත හොබවා ඇත.



එත් අවුරුදු දෙකක් යනකන් මරා ගේ අර උලවූ ඔත්තුකාරයෝ කියල කියන එවුන් මේ ගැන හාන්කවිස්සියක් දැනගෙන ඉඳල නැත. 

ඉල්ලන්කාව ඇතුලේ මරා කරපු පොලිටිකල් ගේම් වලදී පෙන්නපු දස්කම් විස්ලේසනය කරපුවම මරාගේ ඔත්තු සේවය කියන්නේ ඉල්ලන්කාවේ රහස් පොලීසියටත් වඩා ඉවක් තියෙන සැට් එකක් ය.

එහෙව් එකට අහුවෙන්නේ නැතුව මේ වගේ project එකක් කළා කියන්නේ ඉතින් එව්වා ආයේ ලොවෙත් සුපිරි project ය. 

එකේ සුපිරි කම කියන්න ලියන්න වචන එන්න්නේද නැත. එච්චර ටම පට්ටය.

දැන් දවස් දෙකක් ගතවී ඇත.

තාමත් ආණ්ඩුව බොග් බොග් ගානවා මිසක්ක වැදගත් යමක් තේරුම් ගන්න පුළුවන් යමක් එකෙක්ගේ කටින් එලි බැස්සේ නැත. 

ලෙමන් පෆ් වංශ ගේ මූණ තාමත් සුදුමැලි වෙලාය.

විස්සකට වැඩි කට්ටියක් සැලුන් එකේ ඉඳන් මෛත්‍රීපාලනයක් හොයාගෙන බල්ටි ගහන්න ලෑස්ති වෙලා කියල දැනටමත් දූසමාන ආරංචි පැතිරිලා ගිහින් ය.

මීට පැය හැත්තෑ දෙකකට කලින් කිසි අවුලක් නැතිව තිබ්බ ඉල්ලන්කාවේ පොලිටිකල් වංශය මේ වෙනකොට උතුරන වතුර හැලියක් වගේ රත්වෙලාය.

විභීෂණ මේ පොස්ටුව පටන් ගත්තේ project management ගැන කතා කරලා ය. 

ඒ අනුව පොස්ටුව ඉවර කරන්නේද project management ගැන කතා කරමින් ය.

ඉල්ලන්කාවේ මහා මොළකාරය හෙවත් රනිල් ආපහු තමුන්ගේ සහජ හැකියාව ප්‍රදර්ශනය කරලා ඇත. මුන්නහගේ ගේම් ඉතින් කවදත් ලොවෙත් සුපිරි ගේම් ය. උදාහරණ ආපහු කියන අවශ්‍ය නැත.

මේ වෙනකොට උන්නැහැත් සම්බන්ධ වෙච්ච සුපිරි project එකක Action plan එකේ එක කොටසක් ක්‍රියාත්මක වෙන ගමන් ය.

දේශපාලනේ ඇතුලේ කවුරු හරි project management ඉගෙන ගන්නවා නම් හදාරන්න තියෙන සුපිරිම උදාහරණය මේක ය. වෙන එකක් වත් නොවේ ය.

මසී ගැනවත් දැන් ක්‍රියාත්මක වේගෙන යන project එක ගැන විශ්ලේෂණය කරන්න තාම කල් මදි ය. 

අනික මරා සහ මරාගේ කොම්පැනියේ එවුන් තාමත් හරි හමන් ප්‍රතිචාරයක් පෙන්නලා නැත. තාමත් නිකම් බුක් බුක් ගානවා  පමණි.

තව සති දෙක තුන යනකොට හොඳ හොඳ සෙල්ලම් කල එලි බහිනු ඇත. එදාට මීට වඩා දේවල් ලියන්න විභීෂණ ට  හැකි වනු ඇත.


එහෙනම්..

---------------

අදට ඇති වගේ..

ගොහින් එන්නම්....

40 comments:

  1. [මේක අවුරුදු දෙකක ගේම් එකක්ය ]
    බම්බුවක් කතා කරනවා. පොදු අපේක්ෂකයා එයා කියල මෛත්‍රිපාල මාමි දැනගෙන තියෙන්නෙත් පෙරේදා දවල් 12ට විතර. ඊට පස්සෙනෙ අර හදිස්සියෙම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වල කීවෙ උන්නැහේ හිතුවෙවත් නෑ කියල. :-p

    ReplyDelete
    Replies
    1. බයිලා කියන්න එපා බන්.

      උඹ හිතනවද දවල් දොළහට විටහ්ර විපක්ෂේ කවුරුහරි කතා කරලා "මෛත්‍රී , අපේ පොදු අපේක්ෂකයා වෙලා ඡන්දේ ඉල්ලන්න පුලුවන්ද" කියල ඇහැව්වම " හා මම එන්නම් " කියල කියන පරක්කුවෙන් එන තරම් මෛත්‍රී යා බබෙක් කියල?

      අවුරුදු දෙකේ ගේම් එකේ මුල ඉඳන් මෛත්‍රී හිටියා වෙන්න බැහැ තමයි. එකේ ආයේ කතා දෙකක් නැහැ. එත් අඩුම ගානේ මාස කීපෙක ඉඳන් මේ යකා මේ සීන් එකේ හැඟි හැංගි වෙස් බැඳලා තියෙනවා.

      නැත්නම් අතෙන් මෙච්චර ලොකු කෑල්ලක් මේ වගේ කෑල්ලක් ගලවන්න මොන දෙයියට වත් නැහැ.

      --------------
      කොමෙන්ට් එකට තැනක් යූ...

      උඹව අද තමයි මගේ අඩවියේ දකින්නේ...

      Delete
    2. විහිලුවක් කළේ . අපි නොදැන හිටියට එයා අනිවා කාලෙක ඉඳන් ප්ලෑන් කරපු දෙයක්නෙ :D

      Delete
    3. අවුරුදු ගානක් කෙසේ වෙතත් මාස කිපෙක ඉඳන් ගේමට ඇත ගහපු බවක් කියන කතාවක් කිව්වා මතකයි මාධ්‍ය සාකච්චාවේ දී...
      බලමු බලමු.

      Delete
    4. චන්ද්‍රිකා කරනකන් බලන් හිටිය, මහින්ද දෙපාරක් කරනකන් බලන් හිටිය අපි මෛත්‍රී ආවොත් කරනකන් බලන් ඉන්න කිසිම බයක් නැත...

      Delete
    5. මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ ඇමරිකාව.කවුද කිව්ව වගෙඇමරිකාව තරහ කර ගත්ත කියන්නෙ කලුගලේ ඔළුවගහගත්ත වගෙ වැඩක්.මෙහෙ ගොබිලන්ටමේව කරන්න බෑ.ලිබියාවෙ,සිරියාවෙ වගෙ ඇමරිකාව කැමති නැති ආණ්ඩු ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් මිස වෙන එකක් නොවෙයි.
      ඇමරිකාවට ලොකු පැලෑන් එකක් ඇති.චීනය හා රුසියාව වටකිරීමේ ප්‍රොජෙක්ට් එකේ කොටසක් විතරයි මේක.

      Delete
    6. ඇමෙරිකාව ට හුඟක් මහන්සි ඇති රටට විරුද්ධව කුමන්ත්‍රණය කරලා...

      මොකද කියනවනම් නිදි මරාගෙන බඩට නොකා මේ අපිට විරුද්ධව කුමන්ත්‍රණය කොරනවා නේ...

      අපි ඉතින් අර දැහැමෙන් සෙමෙන් කැසිනෝ පාරක් ගහගෙන , ගණිකාවක් එක්ක නයිට් රේස් පාරක් පැදගෙන නිවී සැනසිල්ලේ ඉන්න ජාතියක්නේ..ඇමෙරිකාවට හරි ඊරිසියා ඇති එව්වා දැකල...

      Delete
  2. කියන්න හිතෙනවා..තාම කල් වැඩී..තව ටිකක් දෙමු ඔහොම යන්න..ඔය 'මගේ තුන' මක්කා කොරගනීද කියලා තාම දන්නේ නැහැ නෙව! :D :D

    ReplyDelete
    Replies
    1. ඔහොම යන් ...ඔහොම යන්....

      තව කල් තියෙනවා තොවිලේට....

      Delete
    2. තනි තරුව24 November, 2014 00:00
      මේ වෙලාවට කමෙන්ට්ස් දාන්නෙ කොහොමද අප්පා?

      Delete
    3. මධුමාධවී > එයින් ගම්‍යමාන වන්නේ මම මධ්‍යම රාත්‍රී 12 කණිසමේදීත් බ්ලොග් සංචාරේ නිරත වූ බව නෙවද? හික් හික්!! :D

      Delete
    4. එසේය එසේය...

      කළුවරේ බොග් සංචාරේ යනකොට කොහේ හරි හැප්පුනොත් ඌයියා වෙයි...

      Delete
  3. මේ සියල්ලම කෝටී 500 ක් ළඟදී බලු වෙනවාය. ඇමතිකම් කරලාවත් එම ගනන සොයා ගැනීමට නොහැක.

    ReplyDelete
    Replies
    1. "දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳි කල්හී...
      ලෝකය තනි යායකි සවනක් ගණ රැස් වැදී...
      පවට පින දී මම ද මැදි වී ස්වාර්ථය යට කිමිදී...
      උඹට මතකද එදා මම විතර ද වැරදී.."

      Delete
  4. චානක, එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලේ හරියටම තීන්දුව ගන්නකං මෛත්‍රී හොරගල් ඇහිලුවා. මිනිහගෙ පැත්තෙං මිනිහ හරියටම හරි.
    විභී, අර උඩ ලියපු තියරි හයට මේකත් දාගනිං.
    “අන්තිම මොහොත වෙනකං කටේ කෙල බිංදුවක්කත් හලනව හෙම නෙමෙයි ඕං....“

    ReplyDelete
    Replies
    1. අනිවා ..

      ඕක තමයි අලුත්ම න්‍යාය..

      සොයාගැනීම න්‍යායාචාර්ය ආර්.අනිල් ( R.Anil)

      Delete
  5. මොන සෙල්ලම් දැම්මත් ලොක්කා දැං ප්ලැන ගහල ඉවරය..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      එහෙම දෙයක් වත් කරන්නේ නැත්නම් පළාතේ තියාගන්න හොඳ නැහැ..

      යකෝ ඒවා කරන්න නේන්නම් අපි උන්නැහ ලව උස්සල යවල තියෙන්නේ..

      Delete
  6. මට හිනා යන්නේ ඕක දැනගත්තගමන් මරාගෙයි, වීරවංසගෙයි, පවුලෙ සෙට් එකෙයි අවජාතක නාලිකාවෙයි මූණු ටික මැවිල පේනකොට. මට දැන් තියෙන ප්‍රශ්නෙ ශ්‍රී ලනිපේ දැන් තියෙන්න කා ලඟද කියන එකෙයි. හිතන විදියට මෛත්‍රී දිනුවොත් තවත් අවුල්.

    ReplyDelete
    Replies
    1. මොකා දිනුවත් පැරදිච්ච එකාගේ සහ උන්ගේ නෑයින් ගේ ෆයිල් කියව කියවා , නඩු බල බල ටික කාලයක් අපිට ඉන්න වාසනාව ලැබෙනවා...

      මතකනේ 2010 අපේ ජෙනරාල් ගේ සන්තැසිය...

      Delete
  7. අරලිය හොරාටයි
    කොමිස් බාප්පිටයි වඩා කැස්පර් හොදා විභි යො....
    අලි බබා සහ හොරු හතලිහයි විකාරයි බං දැං නං

    ReplyDelete
    Replies
    1. කැස්පර් නම් දාහකින්වත් හොයාගන්න බැරි චරිතයක්...

      Delete
  8. සේරම අච්චාරු, චට්නි, මික්ස්ඩ් ෆෘට් ජෑම් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලංකා බෙල් ඇඩ් එක වගේ ...

      "ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස්..ඒ වෙනස අපේ සදාචාරයත් එක්ක බද්ධ වුන එකක්" හැක් හැක්

      Delete
    2. @ Madhumadhavi Poetry
      ---------------------------------------

      ඔවු දැන් තියෙන්නේ අපිට වළඳන්න...ලෙවකන්න ..

      Delete
    3. @ සින්දු ඇනෝ
      --------------------------
      අපේ ජාතික අනන්‍යතාවය බන්...වෙන මොකක්වත් නොවයි..

      Delete
  9. මම හිතුවේ project ගැන Action plan ගැන ලියලා ඇති කියලා..මටත් Action plan එකක් දෙන්න තියනවා..එකට ඔයාගෙන් උපදෙස් ගන්න පලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් පුළුවන්...අරන් වරෙන්කො උඹේ ප්‍රශ්නේ...

      මොකෝ උඹටත් පොද්දෙක් වෙන්න ඕන වෙලාද?

      Delete
    2. ආ. ok ..ok..

      ඕන දෙයක් අහපන්..පුළුවන් දෙයක් නම් දන්නා දෙයක් නම් කියා දෙන්නම්.....

      Delete
  10. විපක්ෂේ project management හැකියාව කොච්චර සාර්ථකද කියල ජනාධිපතිවරනෙන්ම බලමුකො

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත හන්සියෝ..

      project එක effective ද කියල දැනගන්න පුළුවන් වෙන්නේ 9 වෙනිදා උදේට තමයි..

      එතෙක් ඉවසමු..

      Delete
  11. මේ ව්‍යාපෘතිය එක පිටිපසේ හොඳ නීතීඥ ඔලු ටිකක් තියනවා. ඒවා දේශපාලනයට ගිහින් පීචන් වෙච්චි ඒවා නෙවෙයි. නීතීඝ ව්රත්තියෙන්ම මෝරපු එව්වා. එව්වා පාවිච්චි කරලා යුද්ධයකට ගැලපෙන ප්ලෑන් එකක් හදලා අතින් පයින් නැතුව ඔලුවෙන් ගැහුවොත් වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත..

      හරි තැන දී මොලේ පාවිච්චි කරලා වැඩේ වැඩේ විදියට කලොත් ඕන ගේමක් දිනන්න පුළුවන්...

      Delete
  12. සිරාවට මුලදී හිතුවේ project එකක් ගැන කියල :v

    ReplyDelete
    Replies
    1. සිරාවටම ලියල තියෙන්නෙත් project එකක් ගැන තමයි...

      ඇයි කියෙව්වේ නැද්ද?

      Delete
  13. බුදු අම්මෝ බලන බලන ඇත චන්දෙ....
    මමනම් කැමතිම නෑ ඔන්න.....

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකද වෙන්නේ ඩියර්..?

      හැමතැනම ඡන්දාලංකාරය තමයි...

      Delete
  14. විභී.....................

    පට්ට විශ්ලේෂණයක් මචං.......... කතාව අැත්ත............. මැනේජ්මන්ට් කතාවට අපිත් ඒකගයි............

    ReplyDelete
    Replies
    1. යේස්...

      මෙව්වා ආයේ ලොවෙත් සුපිරි ගේම්...

      මසී තමුන් එක්ක ආප්පත් කාල යනකන් මරා කිසි දෙයක් දැනගෙන හිට්යේ නැහැ කියන්නනේ ඉතින් ...

      කමෙන්ට් එකට තැනක් යූ KGP

      Delete

කමෙන්ට් කලාපය....