2014-08-09

හෑන්ඩ් බිල් වියවස්තාව..

රටක ව්‍යවස්ථාව කියන්නේ ඒ රටේ උත්තරීතර ලියැවිල්ල කියල විභීෂණ දන්නේ ඉස්කෝලේ බඩගාන කාලේ සිටය. 
ඒ එක්කම ලෝක ඉතිහාසයේ උත්තරීතරම ව්‍යවස්ථාව ඇත්තේ අපේ ඉල්ලන්කාවේ කියලත් මේ විභීෂණය දන්නේය. එත් එක ඉගෙන ගෙන තියෙන්නේ අපේ අර පම්පෝරි මාධ්‍ය වලින් මිස ඉගෙන ගත්තු ඒ පින්බර ඉස්කෝලෙන් නම් නොවේය.

ලෝකයේ පළමු බහුභූත ව්‍යවස්ථාව තිබුනෙත් මේ ඉල්ලන්කාවෙමය. සැටලයිට් ඇන්ටි රජ වෙන්න කලින් යකඩ ඉස්ටෙජ් පුපුරන්න දෙසුවේ එහෙමය. ඒ බහුභූත ව්‍යවස්ථාව 94 ජූලි පාලොස් වෙනිදා නිවන් යවන බවට ජෙප්පොන්ට ප්‍රොමිස් වෙලා උන්ව හීන්සීරුවේ ඡන්දෙන් අයින් කරවගත්තු ඒ ආදරණීය ආන්ටි, රටේ සුවහසක් ජනයාගේ ආශිර්වාද මධ්‍යයේ ඒ බහූභූත පුටුව අල්ලගත්තාය. ඊට පස්සේ ජූලි පාලොස් වෙනිදා ඒ පුටුව චුත කලාද පුටුවේ ඉඳන් චූ කලාද කියල අපිට වඩා හොඳට දන්නේ උන්දා මය.

ඔය කියන බහුභූත වියවස්තාව ගෙනාවේ අපේ ජෙආර්පී(JRP) හෙවත් ජේ ආර් පපා ය.

උනනැහැ  එක ගෙන්න කලින් ද මේ ඉල්ලන්කාවේ වියවස්තා තිබුනේය. 
එත් මේ 78 එක එක්ක බලද්දී කලින් තිබ්බ එව්වා කැලේ ය. නිකම්ම නිකන් කැලේ නොව ඇමේසන් කැලෙය.

ජෙආර් පපා  හදපු මේ වියවස්තාව තරම් බැනුම් අහපු, පැච් දමාපු ඉරා ගත්තු ගිනි තියපු වෙනත් කඩදාසියක් ලොවෙත් නැත. හැබැයි ඉතින් අටෝපු එකා ආපහු යකාටවත් ගලවන්න බැරිවෙන්න මේක අටවා ඇත. 

බලය හම්බවෙනකන් මේකට බනින එකෙක් බලය අතට ගත්තයින් පස්සේ ආයේ මලත් මේක අහෝසි කරන්නේ නම් නැතිය. එච්චරට ම මේක රසය. ප්‍රනීතය. කන්න කන්න , ලෙව කන්න කන්න ආස හිතෙන්නේය.
පැච් දම දමා හරි තියා ගන්නේ එකය.

ජෙආර්පී ගේ මේ බහුභූතේ ඇතුලේ තියෙන වැරදි විභීෂණ ආපහු මේ  බ්ලොගේ කොටන්නට ඕන නැතිය. සැටලයිට් ගේ, පංචායුද ගේ , කතා ඇහුවහැම ඒ හොඳටම ඇතිය. 

මොලය පමණක් නොව පිට කන, මැද කන සහ ඇතුළු කන සමග සියලු කන් පිරී යන ලෙසද දැනුම ලබාගත හැක.

ඒ නිසා විභීෂණ ඒ ගූ ගොඩ මෙතන අවුස්සන්නේ නැත.

78 දී ජෙආර්පී වියවස්තාවක් ලිව්වේය. 

හොඳින් හෝ නරකින් එක විල මැද බන්ගලාවෙදී සම්මත කරවාගෙන ලියවිල්ල "ලෝකයේ උත්තරීතරම  ලියවිල්ල" බවටත් ඉල්ලන්කාවේ ප්‍රධාන නීතිය බවටත් පත් කළේය. 

ඒ ක්‍රියාවලියේත්, ඒ වියවස්තාවෙත් වැරදි තියෙන්නට පුළුවන. මොකද එය දෙවියන් විසින් ලියූ දෙයක් නොවන බැවිනි. නමුත් ජෙආර් පපා යනු  උගතෙකි. නීතිය කෙළ (නීතියට ද කෙළ) පැමිණි උගතෙකි. අපේ තාත්තලානම් කියන්නේ බැරිස්ටර් කෙනෙක් කියලයි. ඒ කොයි  හැටි වෙතත් රටේ ප්‍රධාන නීතිය හරික් ගස්සන්න සමාජය පිළිගත් උගත්කමක් තිබු කෙනෙකි.

ඒ නිසා ජේආර් පපා වියවස්තාවක් ලිවීම ගැන විභීෂණ නම් අමනාපයක් නැත. ලියපු එකේ වැරදි තියෙන එක වෙනම කතාවක්. 

ඊට පස්සේ සැටලයිට් මැඩම් ද වියවස්තාවක් ලිව්වේය. මාස ගණන් කල් මර මර හැම ගොබිලත් එක්කම සාකච්ඡා කර කර පැය ගණන් දවස් ගණන් මාස ගණන් වෙලාව නාස්ති කරගෙන ඔන්න එයත් අලුත් පොත ලියා අහවර කළේය.
එයත් පපා වගේම හොඳින් හෝ නරකින් එක සම්මත කරගන්න කියලා හිතාගෙන විල මැද කෝලම් මඩුවට  ඒ බඩකදෙත්තුව ඇතුල් කලාය . 

එත් පපා ට මෙන් නොව සැටලයිට් ට මේ වෙලාවේ වැඩේ වැරදුණේය.  හිතපු තරම් සහයෝගයක් කෝලම් මඩුවෙන්  ලැබුනේ නැත. සමහරු ඒ අලුත් ලියැවිල්ල ගිනි තියමින් කෝලම් මඩුව   ඇතුලේ ඔබ මොබ සක්මන් කළහ.

පරාජය භාරගනිමින් එතුමිය ඒ පත්තර කෑල්ල අයින් කරගත්තේය. 

විභීෂණ ට මතක හැටියට ඒ සිද්ධිය සිද්ධ වුනේ 2000 දී විතරය. 

කොහොම හරි කිසිම අලුත් වියවස්තාවක් දකින්න නැතිව කාලයක් ඔහේ ගෙවී ගියේය. ඔන්න ඊට පස්සේ 2005 දී අලුත් වියවස්තාවක් ගැන කෑ ගහන්න පටන් ගත්තේ මරා මහින්ද මහත්තයය. 

එයත් කිව්වෙ මේ ජේආර් පපා ගේ වියවස්තාව අමූලික සේප්පාඩ විජ්ජාවක් බවය. එකේ තියෙන අර "විධායක පුටුව" රටටම හෙනයක් බවය. එහෙම කියපු උන්න්නැහැ මේ විධායක බඩකඩෙත්තුව අයින් කරන්න ඕන බව ඉස්ටෙජ් කුඩුවෙන්න, ඉස්පීකර් පුපුරන්න කෑමොර දෙමින් පොරොන්දු වුනේය. 

කලින් සැටලයිට් කළා වගේම ජෙප්පොන්ගේ සහයෝගය ලබා ගන්න ඕන නිසා උන් එක්ක ගිවිසුමක් ගැහුවේය. ඒ ගිවිසුමට අනුව එතුමා විධායක පුටුවේ වාඩි වුණායින් පස්සේ මොකක්දෝ කාල පරාසයක් ඇතුලත ඒ විධායකේ අහෝසි කරන්නට පොරොන්දු විය. 

ජොලිම වැඩේ කියන්නේ මහින්ද මහත්තය විධායකේ අයින් කරන්න ජෙප්පොන්ට ප්‍රොමිස් වෙන ගමන්ම විධායකේ ආරක්සා කොරනවා කියල හෙළ කරුමෙට පොරොන්දු වීමය. හෙළයෝ ත් ඒ පොරොන්දුව විශ්වාස කරලා මහින්ද මහත්තයව රජ කරන්න පෙරමුණ ගත්තෝය. 

ඒ කාලේ මීඩියා වලින් ඔය දෙගොල්ලන්ගේම අහපු ප්‍රශ්නේ පක්ෂ දෙකකට පරස්පර විරෝධී පොරොන්දු දෙකක් දීපු මහින්ද මහත්තයව විශ්වාස කරන්නේ කොහොමද කියාය. එතකොට ඒ දෙගොල්ලොම දුන්නු උත්තරේ තමයි " අපිට වැදගත් වෙන්නේ අපිත් එක්ක මහින්ද මහත්තය ගහපු ගිවිසුම මිසක් අනිත් අය එක්ක ගහපු ගිවිසුම් නෙමේ." කියන එකය. 
මෙව්වා අහුවයින් පස්සේ අපිට ගොඩක් වැඩ කටයුතු බහුල වන්නේය. ඒ මෙන මොකකටවත් නොව ඒ කතා අහල හිනාවෙන්න ඕන තැන හොයාගන්නටය.

කොහොම හරි මහින්ද මහත්තය නම් අර ජේආර් පපා , සැටලයිට් මමා වගේ අලුත් වියවස්තා පොතක් එළිදක්කුවේ නැත.තියෙන එකම එහාට මෙහාට හරවා හරවා ගේම් දුන්නේය. කොච්චර හොඳට ගේම ප්ලේ කලාද කියනවනම් විධායක පුටුව ආපහු ගලවන්න බැරි වෙන්නම වැල්ඩින් කළේය. සක්කරයාගේ පුටුව දිරල ගියත් මේකට නම් මොකක්වත් වෙන්නේ නැතිය.

ඔන්න ඒ සිද්ධියත් අහවරය. එක ඉතින් අපි පැත්තකින් තියමුකෝ.

මේ මෑතකදී පරණ සිද්ධි ආපහු මතක් වෙන නිවුස් එක විභීෂණ ට ඇසුණේය. 

ඔන්න ඒ පාර රනිල් සෑරුත් වියවස්තාවක් ලියල ලු  . පිස්සු කොරවෙන තැන එතනය. රනිල් සර් ට තමන්ගේ මාමගේ වියවස්තාව දැන් දැන්  අජීර්ණ වෙලා වගෙය.

පපා 78 දී මේ බඩකදෙත්තුව ගෙන කොට අත් උස්සපු එක කෙනෙක් ය රනිල්. එදා මන්ත්‍රී වරුන් අත් ඉස්සුවාද, අත් උස්සවනු ලැබුවාද යන්න වෙනම කතා කල යුතුය. කොහොමහරි ඒ වැඩේ සාර්ථක කරගන්න සපෝට් කරපු අය අතර රනිල්ද සිටියේය.

එතකොට දැන් මොකද මේ හිටි හැටියේ අලුත් පොතක් ලිව්වේ?  එයා කියන විදියට එයා ලියපු ඒ අලුත්  වියවස්තාව රටේ සුබ සිද්ධිය වෙනුවෙන් draft කරපු ඒකකය. එත් මේ වෙලාවේදී පොඩි අවුලක්  විභී ට පෙනී නොපෙනී යන්නේය. මේ වියව්ස්තාව ලිව්වේ රනිල් තනියමද ? මොකද එයා  එහෙම එකක් ලිව්වා කියල රට දන්නෙත් එක එළිදැක්කුවට පස්සේ ය. මේක ලියන්න සම්මාදම් වුනේ කවුද? රටේ උගතුන් මේකට සෙට් වෙලා හිටය ද? හිටියනම් ඒ කවුද? 

අනම්  මනම් ප්‍රශ්න තොගයක් ය. හැබැයි එව්වා ඔක්කොම ඇසිය යුතුය. මොකද මේ එළිදක්කන්නේ කවදාහරි මේ ඉල්ලන්කාවේ උත්තරීතර නීතිය වෙන්නට පුළුවන් ඩොකියුමන්ට් එකක්ය. ඒ නිසා රටටම එක ලොවෙත් වැදගත්ය.

ඒ වගේ වැඩක් කරන්න තනි මිනිහෙකුට බැරිය. එහෙම කරනවානම් ඒකත් අනිවාරතෙන්ම වැරදිය. එකේ දෙකක් නැත. මොකද කෝටි දෙකක ජනතාව ට බලපාන ලියවිල්ලක් තනි මිනිහෙක් ලිවීම සදාචාර, ප්‍රජාතන්ත්‍ර හැම වාදෙකටම පටහැනිය.

ඒ ප්‍රශ්නේ එහෙමම ටිකක් තියෙන්න අරිමුකෝ.

පශ්චාත් භාග දෙකම සිනා සාගරයක් වෙන්න හේතු කාරනා වෙන ඊළඟ කේස්  එක විභීෂණ දැක්කේ පහුගිය දවසක  ලංකාදීප පත්තරෙන්ය. 

එකේ එක නිවුස් කෑල්ලක තිබ්බ විදියට ඔන්න අපේ "රතන " හාමුදුරුවොත් වියවස්තාවක් ලියන්න යනවාය. එකත් රටේ සුබ සිද්ධිය වෙනුවෙන්ලු. දැන් තියෙන පැච් දාපු පඩංගු ව උන්වහන්සේට දිරවන්නේ නැතිලු.

කාල වරෙන්කො..කියෝපියකෝ තවත් වියවස්තාවක්.

රටට වෙන්න පුළුවන් සේරම නස්පැත්ති පෝලිමේ සිද්ධ වෙනකන්  ඇහැ කන පුක වහගෙන කුම්බකරණ නින්දක් දාල ඊයේ පෙරේදා හදිස්සියේ ඇහැරුණු  සෙට් එක අතර මේ "රතන  ", "රණවක "  වගේ අය ඉන්නේ පෙරමුනේය. 

මේ අය  හදිස්සියේ ඇහැරිලා දොඩවන හැටි දැකල අපිට හරි හිනා ය. නමුත් ඒ හිනාව කටින් නම් නෙමේය.

ඉතින් මෙහෙව් අය කොහොමද රටට ගැලපෙන විය්වස්තා හදන්නේ. විධායකේ රටටම හෙනයක් වගේ පේනවනම් ඇයි ඒ අයට  බැරිවුනේ 18 වෙනි පැච් එකෙන් ඒ පුටුව වැල්ඩින් කරන්න යනකොට එක නවත්තන්න.  එකෙක් පාරට බැස්සද එකට විරුද්ධව.

ඔන්න ඕකයි තත්වේ..

මේ විය්වස්තා ලියන වැඩේ  දැන් හරියට හෑන්ඩ් බිල් බෙදනවා වගේ වැඩක් වෙලාය. 

විභාග කාලෙට විභාග මධ්‍යස්ථාන වල ගේට්ටු ඉස්සරහ නා නා ප්‍රකාර හෑන්ඩ් බිල් කාරයෝය. 

විභාගේ ඕ ලෙවල් නම් ගේට්ටුව ඉස්සරහ ඉන්නේ ඒ ලෙවෙල් ටියුෂන් කඩවල් වල හෑන්ඩ් බිල් බෙදන්නන් ය. කලාතුරකින් කොම්පියුටර් ඉන්ස්ටිටියුට් වලිනුත් කොල්ලෝ කෙල්ලෝ කොළ බෙදන්නොය.

විභාගේ ඒ ලෙවෙල් නම් ගේට්ටු ඉස්සරහ අයිති කරගෙන ඉන්නේ එක්කෝ ඩබල් ඒ ටී (aat) සෙන්ටර් වල එවුන්ය,  එක්කෝ කම්පියුටර් සෙන්ටර් වල එවුන්යම, මේ ළඟදී ඉඳන් බැකෝ ඩෝසර් පාඨමාලා වල එවුන්ද කොළ බෙදනවා විභීෂණ දැක ඇත.

මේ කඩප්පුලියෝ ඔක්කොම කියන්නේ තමන්ගේ සෙන්ටර් එක ඉල්ලන්කාවේ ෆස්ට් බවය, තමන්ගේ සෙන්ටර් එකේ ඩිප්ලෝමාව නැත්නම් ඩිග්‍රිය ලෝකෙම පිළිගත් එක බවය, තමන්ගේ සිලබස් එක ජාත්‍යන්තර බවය.

එත් ඉතින් එව්වා අස්සට ගිහින් බලපුවම සමහර එව්වල ජාත්‍යන්තර ගතිය හොඳහැටි තේරුම් යන්නේය.

මේ වියවස්තා ලියන වැඩෙත් ඔය වගේමය.

ඡන්ද ලන්වෙනකොට ගොඩ දෙනෙක්ට අලුත් වියවස්තා මතක් වෙන්නේය. ක්‍රමය වෙනස් කරන්න ඕන කියල හිතෙන්නේය. ඉතින් බරපතල වචන ටිකක් අමුණලා කොහොමහරි පට්ට ප්‍රොෆෙෂනල් ලුකක් එන විදියට පොතක් ප්‍රින්ට කරන්නේය. නම දෙන්නේ 'විය්වස්තාව' කියලය.

ඊට පස්සේ ඉතින් රැස්වීම් තිය තිය , බස් හෝල්ට් , ඉස්ටෙසන් ගානේ රස්තියාදු වෙවී මේ "වියවස්තාව' කියන පිටු ගාන වැඩි හෑන්ඩ් බිල බෙදන්නේය. 

හොඳ වෙලාවට ඉස්කෝල ගානේ ගොස් මේ පඩංගු බෙදන්නේ නැතිය. 

මේ වෙලාවට මේ අයට ආගමික නායකයින්ව නම් පෙන්නන්න බැරිය. 

දැක්කොත් ගිහින් තමන්ගේ හෑන්ඩ් බිලේ කොපියක් දෙන්නේය( පුදන්නේය)

මේ විදියට ඉස්සරහටත් වියවස්තා ලියවෙන්න ගියොත් ලොකුම අබග්ගයක් වෙන්නේ මල්වතු අස්ගිරි නායක ස්වාමින් වහන්සේලාටය. 

ඒ මොකද කියනවනම් තමන්ගේ හෑන්ඩ් බිලේ(= පුගලික වියවස්තාවේ ) කොපියක් , මීඩියා වටකරගෙන ගිහින් රටටම  පේන්න මේ ස්වාමින් වහන්සේලාට පූජා කරන්න මේ මුදලාලිලා බොහම මනාපය. 

නිකමට හිතල බලන්න එක එකා පෝලිමේ ගිහින් හාමුදුරුවන් ට හෑන්ඩ් බිල් බෙදල ෆොටෝ කාරිය ගන්න කොට තියෙන ලස්සන...


කොහොමෙන් කොහොම හරි විභීෂණ ට හිතෙන්නේ මේ යන විදියට හෙට අනිද්දට සුජීව ප්‍රසන්න ආරච්චි, මහේෂ් සත්සර , සන්නස්ගල සර් වගේ අයත් තම තමන්ගේ වියවස්තා පොත් අච්චු ගසා  ප්‍රකාශ කරන්නට බැරි නැත. මොකද ඒ අයත් ට්‍රෙන්ඩ් එකට පොත් ලියන්න ලොකු ටැලන්ට් එක තියෙන අයවලුන්ය. මේ යන විදියට පුද්ගලික වියවස්තා ලිවීම ඉස්සරහට ට්‍රෙන්ඩ් එකක් නොවයි කියල විභීෂණ ට නම් කියන්න බැරිය.

හිතුනොත් විභීෂණ ත් පුද්ගලික වියවස්තාවක් එලි දක්වනවාය. ඔක්කොම ලියනවනම් මට මොකද බැරි. 

එහෙම මගේම විය්වස්තාවක් ලියන්න හිතුනොත් මේ වගේම තවත් පොස්ටුවකින් කියනකම් විභීෂණ අදට චුත වෙන්නම්..



22 comments:

  1. හනේ හපොයි කියලා තමා කියන්න හිතුනේ....එක්කෝ දුක් නොවී මාත් ලියනවා ඔයින් එකක් .....

    ReplyDelete
    Replies
    1. ඔවු අපි ඔක්කොම වියවස්තා කොළ ලියල බ්ලොග් වල එල්ලමු. වැඩිම කැමැත්ත තියෙන වියවස්තාව තෝරමු.

      Delete
  2. එංගලන්තෙ පොත් කඩේකට ගිය කෙනෙක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලුවලු.ආ මාසික ප්‍රකාශන අන්න අතන ඉස්සරහ කවුන්ටරේ තියෙනවා කියල කඩේ මිනිහ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඒ කියන්නේ එංගලන්තේ ත් දන්නවා විශිෂ්ඨත්වයේ වෙනස..

      Delete
    3. මහා බ්‍රිතාන්‍යෙය් තාමත් ලිඛිත ව්‍යවස්ථාවක් නෑනේද විභිෂණ

      Delete
    4. ඔවු ඇත්ත..මාත් අහල තියෙනවා අවගේ දෙයක්..අපේ මේ වියවස්තාවක් තියාගෙනත් පත්තුවෙන කේස් දැක්කම එංගලන්තේ උන් වියවස්තාවක් නැතුව කොහොම ඒ රට රන් කරන වද මන්ද..හිතන කොටත් නිකන් පිස්සු වගේ..

      Delete
  3. ගමේ සමිති සමාගම් වල වත් මේ තරම් ලේසියට පහසුවට තදියමට තොග පිටින් ව්‍යවස්තා ලිය වෙන්නෑ.

    හිටින්. මාත් ඕවයෙන් එකක් ලියනවා. :D

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම ලියමු බන්..

      Delete
  4. ලේසි නැ දැන්.... ව්‍යවස්ථා හදන එක..... හැදුවත්..... ලියාපදිංචි කරන්න දෙන්නේ නැ. මහ එකට අනුකුල නැත්නම්...... ඒ ටිකත් හිතේ තියන් ලියන්න..... අර රජ්‍ය නොවන සංවිධාන නිසා තමයි මේක උනේ,,,,, බලමු..... දෙයියෝ.....

    ReplyDelete
    Replies
    1. මහා එක කිසි දේකට අනුකූල නැති එකේ එකට අනුකූලව කොහොමද කෙල්ලේ වෙන එකක් ලියන්නේ..

      බයවෙන්න කාරී නැහැ..ඔන්න ඔහේ ඔය පැත්තෙනුත් වියවස්තාවක් ලිව්වනම්...

      Delete
  5. ඔය ටික ඔක්කොම එකතු කරල එකට අනල අලුත් එකක් හදමු .එතකොට මරු

    ReplyDelete
    Replies
    1. වියවස්තා කොක්ටේල් එකක්...

      +++++++++++++++++++++++

      Delete
  6. හෙහ් අනේද කියන්නේ බං.. මේ විදිහට ඕන කෙනෙක්ට ව්‍යවස්ථා ලියන්න බැරිය..

    ReplyDelete
    Replies
    1. ඕන එකක් ප්‍රීති වෙසක් කියල අපිත් ඔන්න ඔහේ අපේම එව්වා ලියල පබ්ලිස් කරලා බලමුද..

      Delete
  7. හුකෑස් කියවෙන්නේ එතකොටය..
    එක එක නරි නාටක උදේ ඉදන් රෑ වෙනකං බලන අපේ ජං ගොහමනයා හන්දා අපිට අලුන් නරි විගඩම් ටිකක් ළග ළගම එන්නේය..
    දැං දැං ආතල්ය...
    අනේ මගෙ කටය

    ReplyDelete
    Replies
    1. කසකාරයෝ පෙනෙන දුරින්ය..ජෝකර පෙරහැර මග එනවාය..

      Delete
  8. මාත් හදනව එකක්. ඇයි යකෝ අපිත් ලේසිපාසු මිනිස්සු කියලද!

    ReplyDelete
    Replies
    1. අර ඇනෝව ගන්න කෙටුම්පත් සම්පාදනයට

      Delete
    2. ආයෙත් අහල..මොකෝ අපි ඉගෙන ගත්තු නැති එවුන් ද..ඔය විල මැද කෝලම් මඩුවේ ගොඩ දෙනෙක්ට වඩා අපි ඉගෙන ගෙන තියෙනවා නෙව..ආයේ මොන තහන්චිද?

      Delete
  9. // හෙට අනිද්දට සුජීව ප්‍රසන්න ආරච්චි, මහේෂ් සත්සර , සන්නස්ගල සර් වගේ අයත් තම තමන්ගේ වියවස්තා පොත් අච්චු ගසා ප්‍රකාශ කරන්නට බැරි නැත. මොකද ඒ අයත් ට්‍රෙන්ඩ් එකට පොත් ලියන්න ලොකු ටැලන්ට් එක තියෙන අයවලුන්ය. මේ යන විදියට පුද්ගලික වියවස්තා ලිවීම ඉස්සරහට ට්‍රෙන්ඩ් එකක් නොවයි කියල විභීෂණ ට නම් කියන්න බැරිය//

    මේ ටික කියවද්දි හයියෙන්ම හිනා ගියා යකූ.... පට්ට ලියවිල්ල ආය ලොවෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. තැනක් යූ බස්සි...

      -------------
      බස්සියේ..ලෑස්ති වෙලා ඉඳහන් ..මට උඹව අටපට්ටමට දාන්න ඕන "හිනාවෙන බස්සියෙක් " කියල.

      Delete

කමෙන්ට් කලාපය....