2016-02-06

දෙවොල් දෙවියන්ගෙන් කෝල් එකක්

නිසකලංකව පත්තරේ බලං ඉන්න අස්සේ එකපාරටම විභීෂණ ගේ අලුත්ම  සන්සුන් අන්දිරිස් ලොලිපොප් පෝන් කට්ට තොරතෝංචියක් නැතුව රින්ග් වෙන්න පටන් ගත්තේය ය.
මොකටත් කියලා ආන්සර් කරන්න කලින් නොම්මරේ බැලුවේ නොදන්නා එවුන්ගෙන් එන කෝල් හැකිතරම් මග ඇරීම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දක්නිසාය.


කතා කරන එකාගේ ෆෝන් නොම්මරේ වෙනුවට ඉස්කිරින් එකේ තිබ්බ වචනටික දැක්කාම විභීෂණ ට නිකම් අන්දුන් කුන්දුන් වුනා වගෙය.
පැහැදිලි තනි ඉංගිරිසියෙන් ඩිස්ප්ලේ එකේ සටහන් වෙලා තිබ්බේ "God Devol" කියලා ය.
මෙහෙමනමක් තිබ්බ එකෙක් මගේ කොන්ටැක්ට් ලිස්ට් එකේ හිටියේ නැති වග හොඳට ම ෂුවර් ය. මොනා කරන්නද . මූ මොක්දා කියලා දන ගන්නත් ඉතින් කෝල් එක ගැන එපැය.
ඔන්න ඔහේ ඕන පුකක් පලු දෙකයි කියලා හිතාගෙන ආපු කෝල් එකට විභීෂණ ආන්සර් කළේය.

විභී :- හෙලෝ...කවුද මේ?
එහා කොනින් :- හෙලෝ... හෙලෝ මම මේ දෙවොලා කතා කරන්නේ..
විභී :- මොකා...? ඒ කවුද? 
එහා කොනින් :- දෙවොලා බන් දෙවොලා 
විභී :- දෙවොලා ...ඒ මොකෙක්ද ඒ....මේ ඒ බබා පාට් ඕනේ නැහැ ..කවුද උඹ කියපන් ? කොහොමද මේ නොම්මරේ හොයාගත්තේ ? ඉක්මනට කියහන් කන පලා ගන්නේ නැතිව..
එහා කොනින් :-ඕයි...යකෝ..විභියෝ...තෝ මගෙන් කන පලාගන්නේ නැතුව කට  වහපන්...පොඩ්ඩක් අහගනින් මම කවුද කියලා.
විභී :- හරි හරි ඉතින් කියහන්...
එහා කොනින් :- යකෝ.. මම තමයි දෙවොල් දෙයියා...ඇයි උඹ දන්නේ නැද්ද? අර සීනිගම ඉන්නේ දෙවාලකෙට වෙලා..
විභී :-අප්පට සිරි ගජ ..අඩෝ ...නෑ නෑ සොරි සොරි ...දෙයියනේ..මේ දෙවොල් දෙයියෝද...?
 එහා කොනින් :- ඔවු ..ඇයිඋඹට සැකද ?
විභී :- අපෝ නැහැ දෙයියනේ..කොහොමද දෙයියනේ දැන් සැප සනීප? තාම සීනිගමද වැඩ? සීනිගම හොඳ ද? වෙන ප්ලේස් එකකට ට්‍රාන්සර් එකක්වත් බැලුවේ නැද්ද? 
ඉතින් මොකද දෙයියනේ මේ මගේ අන්දිරිස් ඒකටම ගත්තේ...
එහා කොනින් :- ඕයි..නවත්ත්ගනින් යකෝ ඔය කන් කරච්චලේ..තෝ ප්‍රශ්න පත්තරයක් නේ..
විභී :- හරි හරි දෙයියනේ ...ගන්න ගන්නෙපා...ඉතින් කියන්නකෝ මොකද මට කෝල් කලේ..?



දෙවොල්:-විභීෂණ..මම මේ උඹට කෝල් කලේ ලොකු ප්‍රශ්නයක් නිසා බන්.

විභීෂණ:-මොකක්ද ප්‍රශ්නේ දෙයියනේ..

දෙවොල්:-මේකයි විභී යෝ...මගේ ඔත්තු කාරයෙ ක් මට ආරංචියක් දුන්නා. කොළඹ පැත්තේ ඉඳන් සැට් එකක් තකහනියේ මාව හොයාගෙන එනවලු පොල් ගහන්න . එත් ඒ එනඑවුන් මිනිස්සුද කියන එක සැක  සහිතයිලු..ටිකක් ප්‍රවේශම් වෙන්නලු..

විභීෂණ:-අප්පට බෝල. ඒ කවුද හතිලව්වේ ඒ ..යකෝ සොරි සොරි දෙයියනේ..දෙයියනේ මනුස්ස ද කියලා ෂුවර් නැති කවුද දෙවොල් දේවාලෙට එන්නේ පොල් ගහන්න...

දෙවොල්:-එක නේන්නම් බන්.මේක හරි අපබ්‍රංශ ඔත්තුවක් නේ. 

විභීෂණ:-මොනාද ඉතින් දෙයියන්ගේ ඔත්තුකාරයා මේ සැට් එක ගැන තව කිව්වේ.

දෙවොල්:-ම්ම්ම්..හරි මෙන්න මේ ටික තමයි ඌ මට කිව්වේ. එකෙක් මොලේ කොලොප්පන් නාකියෙක් ලු. ඌ උගේ නට් ලූස් වෙච්ච වෙලාවට දකින දකින එකාට පකයා පකයා කිය කියා බැන බැන යනවාලු. අනිකාත් ඔල්මොරොන්දම් නාකියෙක් ලු.ඌ ඔය වැලි ගොඩකද ගල් ගොඩකද බොරලුගොඩකඩ හිටපු සිංහයෙක්ගේ පුතෙක් ලු.

විභීෂණ:-අ ..ආ...ඇත්තද? මට නිකන් මීටර් වේගෙන වේගෙන එනවා වගේ.....ඈ කමක් නෑ...තව තව ...තව මොනාද දෙයියෝ ඒ ඔත්තුකාරයා කිව්වේ..

දෙවොල්:-තවද...?...ම්ම්..ඈ හරි තව එකෙක් ඉන්නවාලු ඌට පොඩිකාලේදීම කොමිනිස් ද මොකක්ද අමුතු ලෙඩක් හැදිලා හරියටඉගෙන ගන්නවත් බැරිවෙච්ච එකෙක්ලු. ඌට පොඩි කාලේ සීගිරිය බලන්නත් මිස්වූනාය කියවනවානේ අර අසනීපෙ හින්දා....
තව එකෙක් ඉන්නවාලු. ඌට තියෙන අසනීපෙ හරියට විස්තර  කරන්නවත් බැහැ ල්ලු. එච්චරටම දරුණුයි ලු. පට්ට කොම්පුටර පොරක් ය  කියනවානේ.  දැනට අවුරුදු ගානක කලින් මොකක්දෝ විභාගේකින් ලංකාවේම එක වුනාලු. එත් මේ ළඟදී ඉඳන් හිඟා කනවාලු. කාලෙකට සීයේ කොළ හිඟන වාලු. තව කාලෙකට කළු රෙදි හිඟන වාලු.ගෙම්බා ද මොකක්ද කියලා ලු වාසගම තියෙන්නේ.

විභීෂණ:-ඇති ඇති දෙයියෝ හොඳටම ඇති.මම දන්නවා ඔය එන්නේ කවුද කියලා.තමුන්නාන්සේ හොඳ වෙලාවට මගේන්වත් ඔය ගැන ඇහුවේ.දෙයියෝ වුනත් දෙයියනේ ඔහෙගේත් වෙලාව හොඳයි.

දෙවොල්:ඒ මොකෝ බන් එහෙම කියන්නේ. එච්චරට සිරා ගන්න ඕන කේස් එකක් ද එක. ඉතින් කවුද කියහන් ඔය එන්නේ.

විභීෂණ:අනේ දෙවොල් දෙයියනේ ඔය එන්න අර ඒකා-බඩ්ඩ කියලා අලුතෙන් ගැන්සි ගැහිච්ච මුස්පෙන්තුවෝ සැට් එකක් . තනි පට්ට හොරු රැලක්. මට නම් ෂුවර් ඔය එන්නේ ඔබවහන්සේවත් අන්දලා අමාරුවේ දාන්න.

දෙවොල්:මාවත් අන්දන්න..ඒ මොකෝ බන් එහෙම කියන්නේ. ඇයි ..උන් මීට කලින් කාවහරි අන්දලා අමාරුවේ දාල තියෙනවා ද?

විභීෂණ:ආයෙත් අහලා..අනේ යකෝ...සොරි සොරි දෙයියෝ..අනේ දෙයියනේ ඔබ වහන්සේ ඉන්නේ සීනිගම ද නැත්තන් වෙන මොකක්හරි ග්‍රහලෝකෙකද? ඔය එන එවුන්ට අහුවුනොත් නම් ගැලවීමක් නැහැ. ඔබ වහන්සේ දන්නේ නැති වුනාට මුළු රටම එක දන්නවා.
 ඔහොම ඉන්නකෝ මම කියන්නම් 

දෙවොල්:කියහන් කියහන්,

විභීෂණ:පහුගිය අවුරුද්දේ දුරුතු මහේ 8 වෙනිදා තිබ්බ ඡන්දෙන් අවුරුදු නමයක්  බලේ හිටපු ලොක්කා පැරදිලා අලුත් එකෙක් ඒ තනතුරට අවානේ.

දන්නවානේ.පැරදුනේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි නේ. 

දෙයියෝ වෙලා ඉන්න ඔහෙලාට්වත් නැති කරන්න බැරිවෙච්ච කොටින්ව සමූල ඝාතනය කරලා දශක තුනක් ඇදිච්ච යුද්දේ ඉවර කරලා දීපු නායකායනේ .

දෙවොල්:ඉතින් ඉතින්,මම නොදන්නවා යැ ඒ මනුස්සයව.

විභීෂණ:ආඅ ...ආන්න ඒ මනුස්සයා ගේ නම කැත වෙන විදියේ නොහොබිනා වැඩ කරලා කට වාචාලකම් කරලා අන්තිමේදී කෙලලා ම ඇරියේ උන් රංචුව තමයි.

ගහක් ගලක් වගේ උන්න ඒමනුස්සයාව රවට්ටගෙන උන්ගේ හොර මුලේ නායකයා කරගෙන  උගේ බලෙන් තමුන්ගේ මඩි තර කරගත්තට පස්සේ ඌව ගෙදර ඇරලා ජනෙල් පොල්ලක එල්ලන විදියට වැඩ සිද්ධ කරපු හැතිකරේ තමයි ඔය තමුසේ ගාවටත්  හෙට අනිද්දා එන්නේ පොල් ගහන්නය කියලා.

දෙවොල්:අප්පට සිරි ගජ කිව්වලු..උඹට කතා නොකලානම් තව පොඩ්ඩෙන් මල කෙලියයි ජූලි සතයි 

විභීෂණ:දෙයියනේ..ඔබතුමා පොල් වලට ආසද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ දෙයියෝ. එත් ඕන්න මේ දැන් කිව්වා කියලා මතක තියාගන්න. උන්ගේ හිඟන මූණු වලටයි සුදෝ සුදු පොල් බෑ වලටයි රවටුනොත් පුතෝ ආයේ ඉතින් තමුසෙටත්  එල්ලෙන්න වෙන්නේ ඔහේගේ සීනිගම දේවාලේ ජනෙල් පොල්ලකම තමයි. ආයේ ඉතින් නෝ රිටන් බැක්..ඕකේ ?

දෙවොල්:ඇත්තට?

විභීෂණ:ආයෙත් අහලා අර රත්තරන් මනුස්සයාගේ පිහිටෙන් කරන්න පුලුවන්  හැමදේම කරගත්තා. 
ඌත් ඉතින් ගොනා සේ මේ තක්කඩි රැලට ඕන මගුලක් කරගන්න ඉඩ දුන්නා. මොකද කියනවා නම් ඒ යකාත් රැවටුනා මුන් සැට් එක උදේ හවා "මහරජාණෙනී ,  මහරජාණෙනී" කියලා ගොට්ට අල්ලනකොට. 

ඌ හිතුවා " යකෝ කොටියත් පරද්දපු මම ඉතින් ඇත්තටම රජ තමයි" කියලා. ඌට වැරදුනේ අන්න එතනයි.උගේ නම යි රටයි විකුණ විකුණ මේ රංචුව හොඳට  ගැරුවා.

ඒ මදිවාට කොහෙවත් නැති ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා කියා රටේ මිනිස්සුන්වත් ගොනාට ඇන්දුවා. ඒඅහිංසක මිනිස්සුත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් බේරෙන්න කියලා හිතාගෙන මේ තක්කඩින්ට ඡන්දේ දිදී උන්වම තියාගෙන රජ කෙරෙව්වා.උන්ටම කැඹුරුවා .
එත් පස්සේ තමයි උන්ටත් තේරුනේ උන්ව රවට්ටලා කියලා.
අන්තිමේදී ඒ මනුස්සයා ට රටේ පාලනෙත් අතාරින්න වුනා.

එත් ඒ වෙනකොට මේ රැල උන්ගේ ගරානා බිස්නස් ඉවර කරලා තිබ්බේ නැහැ.  එක්ස්පෙක්ට් කරපු ඉන්කම් එක ලැබෙන්න කලින් පවර්ස් නැති වුනා. 

එකෙන් මුන් නිකන් දණ්ඩෙන් පහර කාපු සරපයෝ වගේ පරල වුනා. පිස්සු හැදුණා. කොහොම හරි ආපහු පවර්ස් ගන්න කියලා හිතාගෙන මුන් දැන් එක එක දහන්ගැට දානවා. එක එක ගේම් අදිනවා.

පළවෙනියෙන්ම මුන් අර රටක් රාජ්‍යක් වටිනා මනුස්සයාව ආපහු වතාවක් රැවට්ටුවා ඌ තමයි තාමත් රජ කියලා. 
අන්න ඌ ගෙදර ඉඳන් ආපහු ටවුමට ආවා තාම රජ කියලා හිතා ගෙන.කොහෙද...ලබ්බ තමයි. බලේ තියෙන කාලේ අතට පයට නෙමේ ඇඟිළි වලටත් හිටි ආවත්වකාරයෝ එකෙක් හොයාගන්නවත් හිටියේ නැහැ. 
ඉන්න හිටින්න ගෙයක් හොයාගන්නවත් බැරුව පන්සලක ලගින්න සිද්ධ වුනා.

දෙයියන්ට කියන්න දෙයියනේ පරාද වුනත් එදා මේ මනුස්සයට රටේ මිනිස්සු ලස්ස වලින්ම පනස් අටක් මනාප වෙලා තිබ්බා . කොහෙද ඉතින් ඊළඟ චන්දෙදී අර සනුහරේ ඇවිත් මූව රවට්ටලා උස්සගෙන රට වටේ ගියා " උන්ගේ අප්පච්චි ය , අරකය මේකය " කියාගෙන. 
අනේ මං දන්නේ නෑ ..එහෙමත් මෝඩයෙක්.දුකත් හිතෙනවා දෙයියනේ...යකෝ රටක් කොරෝපු මනුස්සයෙක් නේද මේ කොහෙවත් යන රිලවු රන්චුවකගේ පදේට නටන්නේ. මොනා කරන්නද උගේ ලැබීම තමයි.

ඉතින් කොහොම හරි මේමනුස්සයව විකුණන් කාලා අර රංචුව අර මෙලෝ වැඩක් නොකර ඉඳලා අවුරුදු පහෙන් පැන්ෂන් එකක් ලැබෙන ගරානා ගුබ්බෑයමට රිංග ගත්තා.මොකුත් නොදී බැරි කමට ද කොහෙද අර මනුස්සයවත් උන් ලඟින්ම වාඩි කොරෝ ගත්තා.

දෙවොල්:හරි විභී යෝ. උඹ මට මේක කියහන්. ඔය ඔක්කොම හොරකම් ටික මුන් කලා නම්, අර මනුස්සයාටත් කෙලියා නම් හරිනම් එක්කෝ උඹලා එන්න ඕනා මා ලඟට උන්ට විරුද්ධව පොල් ගහන්න. එහෙම නැත්තන් අර මනුස්සයා එන්න ඕනා ඌව රවට්ටලා ගරා ගත්තු එකට විරුද්ධව පොල් ගහන්න. 

යකෝ මොන ලබ්බට ද බන් මේ හොරු රැල  මා ගාවට එන්නේ පොල් ගහන්න.  ඔහොම සිද්ධියක් මේ සිද්ධ වෙනවා ම ද කොහෙද?

විභීෂණ:(යකෝ මූ දෙයියෙක් වෙලත් රටේ වෙච්ච කිසි දෙයක් දන්නේ නැහැ නේ ...)
අනේ දෙවොල් දෙයියනේ ඔබ වහන්සේ මොන ලෝකේ ඉන්නවාද මං දන්නේ නැහැ.ඔබවහන්සේ ගේ සාමන්‍ය දැනීම නම් අන්තිම සවුත්තුයි. 
ඇයි දන්නේ නැද්ද. පහුගිය අවුරුද්දේ ජනවාරි මාසේදී අර මනුස්සයයි මේ තක්කඩි රංචුවයි අපි රටේ පාලනෙන් එලෝලා දැම්මා. දැන් ඉන්නේ අලුත් පාලකයෝ දෙන්නෙක්. 
උන් දෙන්නා තාම ඇවිත් අවුරුද්දයි . එත් ඒ ටිකට පොඩි පොඩි වැඩ ගොඩක් කළා. ඒවායින් එකක් තමයි එෆ්.සී.අයි.ඩී කියන්නේ .

දෙවොල්:එෆ්.සී.අයි.ඩී? ඒ මොකක්ද බන් ඒ? අලුත් වාහනයක් වත් ද?එහෙම නැත්තන් අලුත් ආණ්ඩුවෙන් හඳුන්වා දීපු අලුත් කෑමක් ද?

විභීෂණ:වාහනයක් නම් නෙමෙයි දෙයියනේ...හැබැයි එක්තරා ආකාරයක කෑමක් නම්තමයි. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ.එෆ්.සී.අයි.ඩී කියන්නේ අලුත් ලොක්කා පත්වෙලා ටික දවසක් යනකොටම හදාපු  අලුත් ආයතනයක්.
එකෙන් කරන්නේ පහුගිය ආණ්ඩු කාලේ වෙච්ච බරපතල මූල්‍ය වංචා සහ අක්‍රමිකතා වලට අදාළ සිද්ධි හොයලා බලලා එව්වා කරපු එවුන්ට දඬුවම් කරන එක.  

දෙවොල්:අප්පට බොල .ඉතින් දැන් ඕක හරියටම ක්‍රියාත්මක වෙනවා ද?

විභීෂණ:එකනම් තාම කියන්න දන්නේ නැහැ දෙයියෝ.තාම හොරු කීපදෙනෙක්ට වඩා ඇල්ලුවේ නැහැ. හිටපු ලොක්කාගේ සහෝදරයෙක් ව ඇල්ලුවා. අනිත් සහෝදරයාව දෙතුන් පාරක් ගෙන්නුවා කට උත්තර ගන්න ය  කියලා.ඒ අස්සේ ඊයේ පෙරේදා හිටපු ලොක්කාගේ පුතෙක්ව ත් අල්ල ගත්තා.  

හිමින් හිමින් හරි පහුගිය කාලේ හිටපු හොරු හැමෝටම බඩු පැකට් වගේ තමයි පේන්නේ.  

කොටින්ම කියනවා නම් ඔබ වහන්සේ ගාවට පොල් ගහන්න අද එන සැට් එකටත් ඒ ට්‍රීට්මන්ට් එකම තමයි. 
ඔය සීන් එක හින්දා තමයි උන් ඔබ වහන්සේට කියලාවත් මොනා හරි කරගන්න හදන්නේ.

දෙවොල්:හරි ..මට දැන් තේරුනා. මුන් මේ එන්න හදන්නේ මට කියලා ඔය එෆ්.සී.අයි.ඩී එකනැති බංගස්තාන කරන්න.

විභීෂණ:(ඇති යන්තම්..ඔය තේරෙන්නේ ගොනාට වගේ) එහෙමයි එහෙමයි දේවයන් වහන්ස.

දෙවොල්:ඈ බොල විභියෝ. මුන් දන්නේ නැද්ද බන් මට නෙමෙයි මම වගේ කිසිම දෙයියෙක්ට තියා සක්කරයාටවත් ඔය වගේ මගුල් කරන්න බැරි විත්තිය. යකෝ මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත් කරපු දෙයියෙක් නෙමෙයි නේ බොල. මම කොහොමද ආණ්ඩුවේ වැඩ වලට ඇඟිලි ගහන්නේ.

විභීෂණ:උන් දන්නවා දෙයියෝ. දෙයියන්ට බැරි විත්තිය.

දෙවොල්:එහෙනම් මොන මල හත්තිලව්වටද යකෝ මුන් මා ගාවට ඇවිත් පොල් ගහන්නේ.


විභීෂණ:අයියෝ දෙයියනේ .ඔබ වහන්සේට එකවත් තේරෙන්නේ නැද්ද? ඒ එන්නේ පොඩි පබ්ලිසිටි පාරක් දා ගන්න. 

මුන්ට දැන් හතේ හත වැඩිලා ඉන්නේ. සබ්බ සකලමනාවම සෙත්ත පෝච්චි වෙලා තියෙන්නේ. දැන් ඔය හදන්නේ "අපි සීනිගමත් ගියාය. එෆ්.සී.අයි.ඩී එකට විරුද්ධව පොල් ගැහුවා ය. දැන් ඉතින් දෙවොල් දෙවියන්ගේ  පිහිටෙන් එක නැතිබන්ගස්ඨාන වෙනවාය . 

රටේ  බවුමික ආණ්ඩ වාතය දෙවොල් දෙවි පිහිටෙන් රක ගන්නවා ය " කියලා ඔබ වහන්සේවත් සයිඩ් එකේ තියාගෙන පොඩි ප්‍රසිද්ධියක් ලබාගෙන අද රෑ කොම්බුවේ නිවුස් වලින් පැය කාලක් විතර කොටා ගෙන රටේ මිනිස්සුන් ව රවට්ටන්න.වෙන මොකටවත් නෙමේ. 

දෙවොල්:අප්පට බොල . එකත් එහෙමද. ආපු දෙන්කෝ. තක්කඩි රැල. 

අද අඹරන්නම් මුන්ට මම හොඳ ගුලියක්. ඔක්කොම ටික හැඳි ගෑවිලා තොලොංචි වෙලා යන්න.යකෝ මුන් මේ පාඩුවේ පැත්තකට වෙලා අහිංසකයෙක්ට උදව්වක් කරගෙන ඉන්න මාවත් මේ මුන්ගේ අහවල් රෙද්දේ දෙසපාලනෙට ගාවගන්න හදනවානේ. 

ඔන්න විභියෝ බලා ගනින් . අද මම මුන් ගහන ගහන පොල් ගෙඩිය  මුන්ගේ මූණටම පත බාවනවා. හ්හ්..මුන් දන්නේ නැහැ මේ දෙවොලා ගේ හැටි..ආවා මෙතන...

විභීෂණ:හෝව් හෝව් දෙයියනේ කලබල වෙන්න එපා. ඔච්චර කේන්ති ගන්න කාරී නැහැ.අනික ඔය වගේ වැඩක් කලොත් එහෙම ඔය දේවාලේ තව තව හාස්කම් තියෙනවා කියලා තව මිනිස්සු පෝලිමේ එන්න පටන් ගනියි. එතකොට ඉතින් බිසී වෙන්නේ ඔබ වහන්සේමයි. 

ඒ හින්ඳා අපි මෙහෙම කරමු. ඔබ වහන්සේ ඔය යක්කුන්ට එන්න දෙන්න.පවුනේ. හොරු වුනත් අසරණ වෙලා ඉන්න වෙලාවනේ. උන් ඇවිත් ඔන්න ඔහේ පොල් ගෙඩි ටික බිඳලා යයි.ඔබ වහන්සේ ට කරන්න තියෙන්නේ දැක්කේ නෑ ඇහුනේ නෑ වගේ ඉන්න. ප්‍රශ්නේ වෙන්නේ ඔබ වහන්සේ උන්ගේ කීමට රැවටුනොත් නේ. ඒ හින්දා උන් ඉල්ලන දේවල් කරන්න යන්න ඕන නැහැ.ඔන්න ඔහේ දේවාලෙට වෙලා ඉන්න. 

කොහොමත් මුන්ගේ පොල් ගැහිල්ලට විරුද්ධව දෙසාබිමානී ද මොකක්ද කියලා තව සෙට් එකක් අදම එනවලු ඔබ වහන්සේට කන්නලව්වක් කරන්න. උන් දෙගොල්ලොටම ඕන මගුලක් කරගන්න කියලා ඔබ වහන්සේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. නිස්කාරනේ කේන්ති ගන්න ඕන නැහැ.

දෙවොල්:උඹ කිව්වා හරි විභී යෝ.  ඇත්ත තමයි . මම මුන්ගේ මූණු වලට පොල් ගෙඩි වලින් දෙසා බානවා මිනිස්සු දැනගත්තොත් එහෙම ලෝකේ පුරාම මේ දේවාලේ තව ප්‍රසිද්ධ වෙලා මට හදිස්සියකට දොට්ට පිලට යාගන්නවත් වෙලාවක් නැති තරමට වැඩ කරන්න සිද්ධ වෙයි. 
අනේ අම්මෝ මේ කන කට්ට දෙයියෙක් වෙලත් මට හොඳටෝම ඇති. 
උඹ කියන්නා වගේ මම ඔන්න ඔහේ ඉන්නවා. මුන් ඉල්ලන දේවල් දෙන්න යන්නේ නැහැ මම. අනික උව්වා දුන්නොත් එහෙම සක්කර දෙයියෝ දාල තියෙන දෙයියන්ගේ වැරදි හොයන කොමිසමට ගිහින් මටත් නැට්ට පුකේ ගහගෙන තමයි උත්තර බඳින්න වෙන්නේ.

ම්ම්ම්ම්.....

කාලෙකින් රට වටේ පොඩි ට්‍රිප් එකෙක් ගියෙත් නැහැ. මම යනවා බන් අද පොඩි ට්‍රිප් එකක්. 
කතරේත් ඇතිනේ. අද නිවාඩු දවස නේ. ඌට අද එන කේස් ටික කපුවන්ට ලියාගෙන තියාගන්නය කියලා ඌවත් ඇදගෙනම යනවා බන්. 
දෙයියෝ උනත් බන් ට්‍රිප් යනකොට තනියම ගිහින් බැහැනේ බන්. අඩුගානේ තව එකෙක් හරි ඉන්න ඕනා. ෂොට් එකක් වත් දාන්න.

විභීෂණ:අන්න top වැඩේ. කාගේවත් හිත රිදෙන්නේ ත් නැහැ. අරුනුත් ඇවිත් පඩ ටෝක් ටිකක් දාල යයි.උන්ගේත් හිත ටිකකට හරි සැනසෙයි නේ. ඔබ වහන්සේටත් කාලෙකට පස්සේ නිවාඩුවක් නේ. ඔන්න ඔහේ ගිහින් එන්න දෙයියෝ. ඇවිත් අද රෑට ඇවිත් කොම්බුවේ නිවුස් බලන්න. අරුන් ඇවිත් කරපුවයි නොකරපුවයි සේරම ටික කියයි ඔහේගේ කපුවන්ටත් වඩා හොඳට.

දෙවොල්:එහෙනම් විබියෝ. මම තියනවා. තැනක් යූ බන් උඹ කරපු උදව්වට.

 විභීෂණ:ඕකේ. ඕකේ. දෙවොල් දෙයියෝ.ඔව්වා මොනවද දෙයියෝ..ෆන් එක අරන් එන්නකෝ. අපි ආපහු කතාකරමු.ඔන්නතිබ්බා.බායි.

 දෙවොල්: බායි...

------------------
ඔන්න ඉතින් ඔහොමලු වුනාය කියන්නේ.
විභීෂණ ට අන්තිමේදී දෙවොල් දෙයියොත් කෝල් කලාලු එහෙනම්...


අදට ඇති වගේ...
ගොහින් එන්නම්...

29 comments:

  1. ඒ කියන්නේ God Devol ගේ නම්බර් එක ඇඩ්රස් බුක් එකේ තිබිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඒ වගේ තමයි...

      Delete
  2. අනුන්ගෙන් හොරා කාල පුරුද්දට ගහන්න යන පොල් ටිකත් ආණ්ඩුවේ වත්තකින් හොරෙන් කඩලා කියලා ඩෙවොල් දන්නව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. /පොල් ටිකත් ආණ්ඩුවේ වත්තකින් හොරෙන් කඩලා/
      රාජපස්සලා ඔය වැඩේට දස්සයි, 70 ගනන් වල බැසිල් UNP එකට ගියේ අර ඉඩම් කොමිසමට පවරගත්ත වතුවල හොරෙන් පොල් කඩලා චන්ද්‍රිකාට අහුවෙලා මුළු රාජපස්ස පරපුරටම කුණු බැනුම් බැනලා බැසිල්ව කොමිසමේ රස්සාවෙන් එළවල දැම්මට පස්සෙලු.

      Delete
    2. අනේ මන්දා බන්..අනන්න එකෙක් පැමිනිල්ලකුත් දාලය කියන්නේ. ආණ්ඩුවේ වත්තකින් පොල් ගෙඩි 700 විතර කඩාගෙන කියලා..

      Delete
  3. අර අළුත් අවුරුද්දට ජනාධිපති තුමා විෂ් කොරලා එවන එකට එකෙක් බුකියේ දාලා තිබුනා...

    "කව්ද ඩෝ මගේ නම්බර් එක සිරාට දුන්නේ..." කියලා.

    සීනීගම දේවාලේ පින් පෙට්ටිය මංකොල්ල කන කොට දෙවොල් දෙයියෝ මාළු බනන ගිහින් උන්නද කියලා ඇහුවේ නැතෙයි...?

    ඕකේ පොල් ගහලා හරියන්නේ නෑ... මිරිස් අඹරන්න ඕන.. ඒකත් අර මූද මැද තියෙන දූපතේ දේවාලේ..

    ReplyDelete
    Replies
    1. අඩේ..මාතේ..පින් කැටේ සීන් එක අහන්න බැරිවුනානේ...

      ---------
      දෙවොලා ගේත් දැන් පවර් බැහැල වගේ බන්. නැත්තන් පින් පෙට්ටිය පරිස්සම් කරගන්න බැරි වෙන්නනේ නැහැනේ.

      Delete
  4. ඔය ගහන පොල් වලට දෙයියන්ගේ උනත් ඇස් ගිණිකන වැටෙන්න ඉඩ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කියන්න බහ..රටක්ම ඇඳන් හිටපු සැට් ඒකනේ...

      Delete
  5. යකෝ දෙයියෝ නොදන්න හුගාක් දේ උබ දන්නවනේ.. අර සෙට් එක දෙයියෝ ලගට ආපුහම හරවලා එවයි උබේ ගුබ්බෑයමට

    ReplyDelete
    Replies
    1. අඩේ මටත් හිතෙනවා බන්...දෙවොලා ට වඩා දේවල් දැන් අපි දන්නවා...

      Delete
  6. Ada gihin pol gahuwata wedak ne e kiyanne.. // dewiyan ne dewa. ..le/// :)

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත..අර සිංහයාගේ පුතාගේ පොකට් එකටත් සොරි ඩොට් කොම් වෙලාලු නේ...දෙයියෝ චුත වෙලා..

      Delete
  7. විභියො, නිවුස් එකක් තිබ්බ මුන් හොරෙන් පොල්ගෙඩි 700ක් කඩල කියල එදාට පොල් ගහන්න... සීයෙ හිඟන්නගෙ කටටයි පුකටයි පොල් මුඩු ටිකක් ඔබල එවන්න කියහන්කො ආයෙත් කෝල් එකක් දීල. බොරලුගොඩ නරියගේ නං පුකට පොල්ලෙල්ලක්වත් ඔබන්න වෙයි.. පකය පව් බං ... වයසක මනුස්සයනේ මොනා උනත්..ඌට මුකුත් කරන්න කියන්න එපා...

    ReplyDelete
    Replies
    1. නාකියා නාකි කමට පැත්තකට වෙලා ඉන්නේ නැතුව බොරු ටෝක් දෙනකොට ඉතින් දුක නෙමෙයි බන් දුකට පුන් ගහන්නයි හිතෙන්නේ..

      Delete
  8. පොල් ටිකක් ගහපු කාලයක් මතක නෑ බං.

    ReplyDelete
    Replies
    1. ගල් වලට වහ වැටිලා ද?

      Delete
  9. මේ මේ විභියො මේ.. උඹ දෙවොල එක්ක සංදාන ගත වුණාට කමන් නෑ පොල් සීන් එකට නං ඇන්ටර් වෙන්න එපා හරිය.
    ඔය ගහන පොල් ටික බෑ වුණාම පටවගන්න ලොරියක්මගෙ ගානෙ වෙනම එවල තියෙන්නෙ
    ඇයි යකෝ පොල් තෙල් ඇම්මැහි ගාණක්ද..
    හුහ්

    ReplyDelete
    Replies
    1. ඈ එහෙමද...එහෙනම් ඕකේ. උඹ පොල්ටික බලා ගනින්...මම දේවාලේ සීන් ටික බලනම්...

      Delete
  10. මුන්ට පොල්ම ගහන්න එපැය

    ReplyDelete
  11. එළ මේක තමයි ඇත්ත.

    ReplyDelete
  12. විභිෂණටම ඇයි ඔය දෙය්යෝ කතා කරන්නෙ .. මේ අපිට කතා කරන්නේ නැහැනෙ :( ඒක නෙවේ දෙය්යන්ට හෙන ෆෝන් බිලක් යන්ට ඇති නේ ඔය ටික කියන්න.. අර පොල් ගහන්න එන අයගෙන් කීය කීය හරි එකතු කරලා ඒක කවර් කර ගත්තනම් :D

    ReplyDelete
    Replies
    1. අනේ එක තමයි බන් මං මේ කල්පනා කලේ. ඇයි මේ යකා මටම කතා කලේ.?

      සමහර විට මිනිහාට අහල පුරුදු නමක් හින්දා ද දන්නේ නැහැ.

      -----------
      දෙයියන්ට පට්ට බිලක් යන්ට ඇති බන්. මොකද දිවිය ලෝකේ ඉඳන් අපායට පට්ට අයි.ඩී.ඩී. රේට් එකක්ලු නේ තියෙන්නේ...

      Delete
  13. විභියෝ ලංකාවේ ලොක්කෝ පොල් ගහන්න යන්න තරම් රට ගොං උනේ කොහොමද බං

    ReplyDelete
    Replies
    1. නිකන් ගොං නෙමෙයි බන්...මී-ගොං...මී-ගොං

      --
      අනේ මන්දන්නේ නැහැ බන්. මුන් අවුරුදු ගානක් මිත්‍යා දෘෂ්ඨියේ ඉඳලා ඉඳලා එව්වා නැතුව කික් එකක් නැහැ වගේ...

      Delete
  14. හැන්දෑවේ ඔය බීච් එකේ ඉඳන් මාළු බයිට් එකක් එහෙම හදාගෙන ඇතිවෙන්න පොල් ගහලා ගියානම් ඉවරයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් විචෝ...මේ යක්කු න්ට කලඳක් තරම් වත් මොලයක් නැද්ද මන්දා...

      Delete
  15. ඉතිං යකෝ විභීෂණත් දෙයියෙක්නෙ. ඇරත් ලංකා‍ෙවෙම උපං එකෙක්නෙ. එහෙවු ඌ ඇයි අර පිටිං ඇවිත් සීනිගම පදිංචි වෙච්ච දෙවොලට දෙයියනේ දෙයියනේ කියන්නෙ?

    ReplyDelete

කමෙන්ට් කලාපය....