2014-11-06

නරියා ගේ සමුගැනීමට පෙරවදනක්.

මන්න පොංගල යනුන් 94 දී සැටලයිට් රෙජිමේ  ඉල්ලන්කාව යටත් කරගත්තු කාලේ ඉඳන් බැබලෙන්න පටන් ගත්තු අලුත් චරිත යක් විය.  සැටලයිට් ගේ සුදු නෙලුම් විගඩම  , 21 විගඩම වගේ මල කෝලම් රන් කරපු පයිලට් ලා ගේ ෆ්‍රන්ට් ලයින් එකේම හිටියෙත් මේ වහන්සේ මය.

මේ වෘක්ෂ සුනඛයා එදා ඉඳන්ම ඒ කියන්නේ සැටලයිට් රජවෙලා ගෙදර යන දවස වෙනකම්ම කලේ ඒ වාහෙගේ සාරි පොටට මුවා වෙලා රටේ නැති සේරම දහ දුරා වැඩය.



ඉල්ලන්කාවේ නිර්මාණය වුණු එකම සහ ප්‍රථම වර්චුවල් වධකාගාරය වන බටලන්ද වධකාගාරයේ නිර්මාතෘ වරුන් සහ ඇදගෙන ගියවුන් අතරත් මේ සත්වයා හිටියේපෙරමුණේ මය.

රනිල් ලොක්කට  ගහපු මඩ වලින් වැඩි බාල්දි ප්‍රමාණයක හිමිකරුවත් මූ මය. 
නමක් ගමක් නැති print කරපු තැනක් නැති මඩ පෝස්ටර් වල නිර්මාතෘතුමාය.

මේ පොස්ටුව කියෝන ඔහෙලා ට 1998-2001 කාලෙදී රටපුරා ඇලවුණු"පිස්සු පූසා" සහ "කේලමා"  පෝස්ටර් මතක ඇති නම් ගොඩක් වටින්නේය.

මොකද කියනවනම් ඒජනප්‍රිය මඩ පෝස්ටර් වර සාඩම්බර උරුමක්කාරයත් මේ අපේ මොංගල උත්තමය නිසාමය.


ඒ නයින් ගත්කල මේ බයියා මඩ වෙනුවෙන් උපාදි දාරියෙක් ය .




ආර්ථිකේ ඍන වෙලා සැටලයිට් ට කර කියා ගන්න දෙයක් නැතිවෙලා රට හොම්බෙන් ගිය වෙලේ  රට බාර අරන් අවුරුදු දෙකක් යනකොට යුද්ධෙ නවත්තල , ආර්ථිකේ ධන 5 ට ගෙනත් රට ආයෙත් හුස්ම අරගන්න හදනකොටම  ලෙමන් පෆ් වංශ යයි උගේ ජවිපෙයි එක්ක ඩීල් දාල රනිල් ගේ කැබිනට් එකේ ඇමති වරු තුන් දෙනෙක් දොට්ට දැම්මෙත් , 2004 දී රට ට අවශ්‍ය නැති මහා ඡන්දෙකට ගිහින් පට්ට පල් බොරු කෙළලා කෙළලා මිනිස්සුන්ව රවට්ටලා රනිල්ව වැට්ටුවෙත්  මේ නරියා මය.

කොහොම හරි සැටලයිට් පැන්ෂන්යන කාලේ වෙනකොට කොහෙවත් හිටපු , තමන්ගේ පාඩුවේ හොරකමක් කරගෙන හිටපු අපේ ආඩම්බර පර්සි තාත්තව ෆෝම් කරලා ,  ජාතිවාදේ අවුස්සලා මිස්සුන්වත් ෆෝම් කරලා සෝම හාමුදුරුවන් ව විකුණගෙන කාගෙන සමාදානෙන් රට කුලප්පු කරගෙන හිටපු හෙළ කරුමේ හරක් රෑන ෆෝම් කරලා , ලෙමන් පෆ් ගේ ජවිපෙත් ෆෝම් කරලා පර්සි තාත්ත එක්ක ඩීල් ගස්සලා අන්තිමේදී පර්සි තාත්ත ව සැටලයිට් ගෙන් හිස් වෙච්ච් පුටුවේ වාඩි කරවන්නෙත් මේ බයියා මය.

මේකාගේලෝකය ඇතුලේ හිටපු ලොකුම හතුරා රනිල් ලොක්කය.

මූ මාධ්‍ය ඇමති වෙලා ඉද්දි දැන් හඩ්ඩා  ගේ කක්කුස්සිය නමින් ප්‍රසිද්ද හුළං විදුලියේ වෙනමම මඩ කාමරයක් තියාගෙන දවස ගානේ මඩ හද හද , හොර voice cut හද හද රනිල් ගේ නම කැත කරන්න පුළුවන් හැමදේම රාජ්‍ය අනුග්‍රහයෙන්ම කළේය.

රට ඇතුලේ කතාබහට ලක්වෙච්ච ගොඩක් " අලි කොටි ගිවිසුම් රහස් සාකච්ඡා " වල voice cut යනු මේ හුලං විදුලිය කියන කක්කුස්සි වලේ මඩ කාමරයේදී නිෂ්පාදන ය වුණු ඒවා මිස ඇත්තට වෙච්ච් සාකච්ඡා නොවේ ය.

මේ මඩ කාමරේ රහස් එලිවුනේ හරි අපූරු විදියකට ය.

අද වෙනකොට ඉල්ලන්කාවේ සියලුම විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නොමද ගෞරවයට, ආදරයට පාත්‍ර වෙලා ඉන්න කැම්පස් බණ්ඩා දිසානායක ඒ කාලේ සැටලයිට් ගේ බොකු ෆිට් එකක් වෙලා හිටපු පොරක් ය.


උන්නැහේ සැටලයිට් එක්ක කොක්කක් දාගෙන  පක්සෙන් දොට්ට බැහැල හේත්තු වුනේ අපේ රනිල් ලොක්ක ටය. විභීෂනගේ මතකේ හැටියට මේ ගෙවල් මාරුව සිද්ධ වුනේ දෙදාහේ අග හරියේ හෝ දෙදාස් එකේ මැද හරියේදීය.

කොහම හරි දෙදාහෙදී පත්වෙච්ච ආණ්ඩුවට දෙදාස් එකේ අග හරිය වෙනකොට විල මැද මඩ බංගලාවේ බහුතරය අහිමි විය.

රට ආපහු මහා ඡන්දෙකට තල්ලු විය.
මේ වෙනකොට කැම්පස් බණ්ඩා රනිල් ලොක්කගේ ඔඩොක්කුවේය.

මහා චන්දෙ ට දවස් ප්‍රකාශ කරපු දා  ඉඳන් සැටලයිට් රෙජිමේ  බයියෝ ටික මඩ බාල්දි අතට ගත්තේය. හැම ඡන්දෙකදීම වුනා වගේ මේ ඡන්දේ දීත් බටලන්ද වර්චුවල් වධකාගාරය තාවකාලිකව විවෘත විය.
අලිකොටි ගිවිසුම් කල එලි බැස්සේය.

කොහොම හරි ඡන්දෙට දවස් ලං වෙනකොට එකපාරටම සැටලයිට් රෙජිමේ ලොකු බයියෝ සැට් එකක් හදිසි  ප්‍රෙස් කොන්පරන්ස් එකක් තිබ්බේය. 

එහෙම තිබ්බේ රනිලුයි කොටි යි අතර වෙලා තිබිච්ච කියන සාකච්චාවක voice cut එකක් සහ එකේ print out එකක් හෙවත් මුද්‍රිත පිටපතක කැල්ලක් හෙවත් පිටු කීපයක් හම්බවුනයි කියල රටටම කියන්නටය.

මේ කොන්පරන්ස් එක ලීඩ් කලේ අපේ "කුඩු දී මුත්තා " සහ මන්න පොංගල ය .

මේ බයියෝ සැට් එක එදා මොනවාදෝ කොළ කෑලි වගයක් පේන්න පේන්න රනිල්ව පතුරු ගැහුවේය.

කොහොම හරිකොන්පරන්ස් එක ඉවර වෙන වෙලාවේදී ඇවිත් හිටපු  මීඩියා මෑන්ස් ලා අලි කොටි ගිවිසුමක්  ගැන මේ වගේ ලිඛිත සාක්කි තියෙනවා නම් ඇයි මේ කොළ කෑලි ටික රහස් පොලීචියට බාර නොදී මීඩියා වලට දෙන්න කියල මේ බයියන් ගෙන් ඇහුවේය. 

මුත්තාගේ ඉඳන් පහලට එදා හිටපු ඔක්කොම බයියන්ගේ කටවල් වලට හරි හමන් උත්තර ආවේ නැත.  උන් කිව්වේ ඒ වගේ දේවල් ජනතාවට එලි කරන එක ඒ ගොල්ලන්ගේ යුතුකමක් හින්ද මෙහෙම කොන්පරන්ස් එකක් තිබ්බ කියලය.

වැඩේ හොඳම  කැල්ල  පත්තු වුනේ ඊට දවස් කීපෙකට පස්සෙය .  කැම්පස් බණ්ඩා මීඩියා වලට විශේෂ ප්රෝකාශයක් කරලා කියා හිටියේ දීමුත්තා, මන්න පොංගල  ඇතුළු බයියෝ සැට් එක පෙන්නපු voice cut එක හුලං විදුලියේ අහවල් තැන තියෙන කාමරේ නිෂ්පාදනය කරපු එකක් බව ය.ඒ කාමරේ ඒ සඳහා විශේෂයෙන් පහසුකම් සලසා ඩි තියෙන තැනක් බවය.

බණ්ඩා කිව්වේ මෙතුවක් කාලෙකට ආපු සේරම අලි කොටි voice cut සේරම ඒ කාමරේ හදාපු ඒවා බවත් තමන් සැටලයිට් රෙජිමේ ඉන්න කාලෙදී මන්න පොංගල එක්ක ඒ මඩ voice cut හදන්න සමාදම් වෙච්ච බවත් ය.

බයියන්ගේ voice cut, print out සහ කොන්පරන්ස් පහුවෙනිදා ඉඳන් අතුරුදහන් විය.

මඩ බාල්දි අතුරුදහන් විය.

2001 දෙසම්බරේ තිබ්බ ඡන්දෙන් රනිල් සහ යූඇන්පී ය දින්නේය.

දිනලා මාසයක් යන්නත් කලින් ඇතුළු ජාතික පත්තර වල මුල් පිටුවේ කුඩාවට නිවුස් එකක් පල විය.

" හුලං විදුලියේ මඩ කාමරය වසා දමයි"

ඔන්න සිද්දිය...

ඉතින් මේ වගේ දහදුරා බලු වැඩ කරපු අපේ මන්න පොංගල තමන් රජ කරවපු පර්සි තාත්ත එක්කත් කොක්කක් දා ගත්තේය. 

මේ දෙදාස් හත , දෙදාස් අට කාල වකවානුව ය.
පර්සි තාත්ත කලේ මූට් දීල තිබ්බ ඇමති කම මුගෙන් උදුරා ගත්ත එකය.

මේකට යන එන මං නැතිවිය. තමන් හදපු ආණ්ඩුව සහ තමන් රජකරවපු රජ්ජුරුවන් ව අත ඇරලා දොට්ට බහින්න මොංගල ට සිද්ද විය. ගෙදරින් එලියට බැස්සත් වෙන ඉඩමකට යන්න හිත දුන්නේ නැති නිසාදෝ තමන්ගේ වටේ හිටපු ඇත එකයි තව කීප දෙනෙකුයි එක්ක එකතු වෙලා "ම" පිල ක් හදාගෙන ටික කාලයක් ඒ ඉඩමේම කරක් ගැහුවේය.

එත් ඉතින් පර්සි තාත්තා මූව පයිසෙකට මායිම් කලේ නැත.

අන්තිමේදී "ම" පිල විසුරුවා හැරලා මොංගල සහ පිරිවර රනිල් සරණං ගච්ඡාමි විය.

රනිලුත් අනේ ඉතින් මේකා තමන්ගේ නම කැත කරපු එකා නේද කියල හිතන්නේ නැතිව ඌවත් ලං කරගෙන තමන්ගේ ගමන දිගටම ගියෙ ය.

ඉතින් එදා ඉඳන් මේ මතක් වෙනකන් ම මන්න පොංගල රනිල්ගේ පොරක් විය.

රනිල්ගේ කොච්චර සයිස් පොරක් වුනාද කියනව නම් යූඇන්පී එකේ මීඩියා වැඩ ලීඩ් කරන්නත් චෑන්ස් එක මේ බයියා ට ලැබුනේය.

රනිල්ව එලවන්න යූඇන්පී යේම හරක් රෑනක් දකුණේ ඉඳන් කොළඹට පාගමනින් වඩින කොට තුන් පොළකදී කුරුඳු පොලු සංග්‍රයක් දීමට තරම් මෙයා සුන්දර සහ නිහතමානී විය.

මේකා ප්‍රසිද්ද යටින් ගේම් සහඩබල් ගේම් වලටය. උඩින් ලිය්වෙච්චි ඔක්කොම වගේ ඒ කැටගරියට වැටෙන එව්වය.

රනිල් එක්ක ඉන්න කාලේ පුරාම මූ බැලුවේ නිධාන හොර පොඩි ප්‍රේමදාස ව නැති බන්ගස්ඨාන කරන්නට ය. එදා රනිල්ට ගහපුවා තරම් නොවුනත් මූ මෑතක් වෙනකම්ම පොඩි ප්‍රේමදාසට පොඩි පොඩි මඩ බාල්දි විසික්ක කළේය. 

එත් විභීෂණ මෙතන දෙයක් කියන්න ඕනය. රනිල් ඉස්සරහ පොඩි ප්‍රේමදාස කුරුමිට්ටෙක් සයිස් වුනාට පොඩි ප්‍රේමදාස යනු මොන්ගලට වඩා ගොඩක් විශාල පෞර්ෂයක් ය.

ඒ හින්දා  මූට පොඩ්ඩ ව වට්ටන්න බැරි විය. රනිල් වයි පොඩ්ඩ වයි කොටවන්න කාලයක් තිස්සේ ගේම් ගැහුවත් අන්තිමේදී ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා පොඩ්ඩයි රනිලුයි සමාදාන විය. පොඩ්ඩ වෙනුවෙන් රනිල්ද රනිල් වෙනුවෙන් පොඩ්ඩ ද වේදිකා දෙවනත් කරන්න පටන් ගත්තේය.

අන්තිමේදී මොංගල කොන් විය.පුටුව ෂුවර් නැති විය.

රනිලුයි පොඩ්ඩයි ඉන්න වේදිකාවල දෙවෙනි තුන්වෙනි අසුන් පෙළ වෙත මේ මොංගල තල්ලු වී ගියේය.

මේ සතිය පටන් ගත්තේ අලුත් මොකක්දෝ එකක පෙරනිමිති කීපයක් පහල කරමින්ය.

පෙරමග සලකුණු කීපයක්ම මේ වෙනකොට මීඩියා වල දිස්වෙන්න්නට පටන් ගෙන ඇත.

පෙරේදා ජංජාලේ නිවුස් පිටුවක තිබුනේ මේ වෙනකොට මන්න පොංගල රටේ දේශපාලන තත්වය ගැන බොහෝ සේ කල කිරී විදේශ ගතවුණු බවය.

පෙරේදා ම ද කොහෙද යුධ ජයග්‍රහණයේ වටිනාකම සහ ජාති ආගම් කුල මල බේධ අතහැර ලා සමගියෙන රට ගොඩනැගිය යුතු බවට මෙයා විල මැද මඩ බංගලාවේ කරපු කතාව නයිටීඇන් එකේ ගියේ ය.

නයිටීඇන් එකේ දී විපක්ෂේ අයගේ වෙන කතා යනකොට එක මැද්දෙම කතාව කරපු එකාට සහ රනිල්ට හීන් මඩ ක් ඇරියත් මේ නිවුස් එක යනකොට එහෙම මඩක්  තිබ්බේ නැත.

ඊයේ රෙජිමේ ප්‍රෙස් කොන්පරන්සියෙදී මීඩියා මෑන්ස් ලා මොන්ගලගේ මොකක්හරි සීන් එකක් තියෙනවද කියල අහපු වෙලේ රෙජිමේ බයියෝ කිව්වේ පර්සි තාත්ත ට සපෝර්ට් කරන්න එන ඕන කෙනෙක්ව එයාල සාදරයෙන් පිලිගන්න්නවා කියල ය.

ඒ අනුව මේ පෙරමග සලකුණු හැම එකෙන්ම වගේ පෙරහැර මොකක්ද කියල බොහොම පැහැදිලිය.

මෑන්ස් මේ ලෑස්ති වෙන්නනේ ගෙවල් මාරුකරන්න ය. 
යන්න හදන්නේ මහා ගෙදරටය.
මේ වගේ දේවල් ඇහෙන කොට අපිට ඔහෙලට මුලින්ම ඔලුවට එන ප්‍රශ්නේ "යකෝ මූට ලජ්ජා නැද්ද ...අවුරුදු ගානක් තිස්සේ හොරා හොරා කියල තමන්ම කියපු එකා ගාවට ආපහු යන්න ?"  කියන එකය.

එත් අපි තේරුම් ගන්න ඕන කාරනාව නම් මේ උන්දා සැටලයි එක්ක ඉන්න කාලෙ  දී කරපු හැමදේකින්ම රටට ඔප්පු වුනේ ලැජ්ජාව යනු මූ නම් නොදන්නා දෙයක් බවයි.

තමන් මඩ ගහපු, කුණු හරුපෙන් බැනපු රනිල් ගාවට යන කොටත් මෙයා රටට ම ඔප්පු කලේ ඒ කාරනාව මය.

ඒ හින්ද ආපහු මහා ගෙදරට යනවා කියන නිවුස එක අහනකොට අපිට දැනෙන  සියුම් ලැජ්ජාව වත් මූට මහගෙදරට යනකොට දැනෙන්නේ නැත.

ඒ හින්ද අපි ඒ ගැන කරදර විය යුතු නැත.

අපිට කරන්න තියන්නේ යන්න ලෑස්ති වෙන ගමන සුබ පතන  එක පමණ ය.

දැන් යූඇන්පී ය  සමගි වී ඇත. තවගොඩක් වැරදි ද හදා ගන්නට ද ඇත.

එත් දැන් පක්සේ ඇතුලේ තිබ්බ කුණු කන්දල්  ගොඩක්  සුද්ද වී ඇත.

කුණු ගොඩවල් ගොඩක් සැලුන් එක ඇතුලේය.

රනිල්ට සහ පොඩ්ඩට දැන් තියන්නේ අලියව නැගිට්ටන එකය. බස්නාහිර සහ ඌවේ දී  අලියා කුන්චනාද කළා රටටම ඇසුනේ ය. එය අපේ නම් ඉමහට් සතුටට කාරණයක් ය. එත් කුන්චනාදයෙන් රට දිනා ගන්නට බැරිය. දැන් ගමන් පටන් ගත යුතුය. 

ඒ ඔක්කොටම කලින්....

අවුරුදු කීපයක් හරි තමුන් එක්ක හිටපු ඒ සිගාලයා ට ස්තුති කර සුබ පැතිය යුතුය..

උඹට සුබ ගමන් නරියෝ...!!!!

---------

අදට ඇති..
ජය වේ...




 





27 comments:

  1. උබ ඔය කියන පොඩි ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ ය මුට කිසිම ස්වාධින තීරණයක් ගන්න බැරිය , මු රෙන්න යන්නෙත් කිලි මහා රාජගෙන් සහ ටිරාන් නම් මුදලාලිගෙන් අහලා ය මුගේ මස්සිනා අරලිය මන්දිරයේ තිබුණු පුරාණ චිත්‍ර හා බඩු ලන්ඩන්වලට හොරෙන් විකුණා මාට්ටු වී ඒ පයිල් මහා එකලග තියෙනවා ය , තවද මුගේ අක්කා ගේ හොර සල්ලි කේස් එක යට ගැහැව් වේ මු මහින්දගේ කීමට වැඩකරන නිසාය , ඒකනිසා උබේ කරන්නේ unp එක දිනවන එක නොවේය , මු කරන්නේ රනිල් ලොක්ක කුජිත කර නායකයා වීමය එදාට unp එකට අබ සරණය , උබ 40% ගැන කියා තිබේ රනිල තනියෙන් මහින්දත් එක්ක ඉල්ලුවොත් පරදින්නේ ලක්ෂ 10 කට වඩා වැඩි ගණනකින් බව ඕනෑම දේශපාලන ඉවක් තියෙන බුරුවෙකුට දැනෙන වාය උබට ඒක දැන්නෙන්නේ නැත්තේ උබ බුරුවෙකුටත් අන්ත පොල් බුරුවෙක් නිසාය ,
    එවගට මම බූරුවා

    ReplyDelete
  2. මංගල කව්ද යන්න සහ කොහොම පොරක්ද යන බව විභීෂණම ලියා ඇත. ලංකාවේ කිසිම දේශපාළඥ්ඥයකුට මෙන්ම දේශපාළණ පක්ෂයකට කිසිම ප්‍රතිපත්තියක් නැත. උන් එකෙක්වත් රටට ආදරය කරන්නේද නැත. හැම එකාම බලන්නේ තනි පුද්ගලයෙක් ලෙස ගොඩ යාමටය. කොටින්ම මේක නම්බර් වන් බිස්නස් එක වී හමාරය.

    මංගල හා සජිත් ගත් විට, සජිත්ට දේශපාළණයෙන් මංගල අසලවත් සිට ගැනීමට නොහැක. ඒ සඳහා උදාහරණ මේ ළිපියේම ඇත. සජිත් යනු එම් එනටර්ටෙන්ට්මන්ට් වලින් (කිලී මහරාජාගේ) ඉදිරිපත් කර ඇති මපට් කෙනෙක් පමණි. කිසිම දරශනයක්, වැඩ පිලිවලක් හෝ කළමණාකරණ ශක්තියක් නැති පුද්ගලයෙකි. රනිල්ටත් එහා ගිය මාන්නයකින් පෙලෙන්නෙකි. දැනටමත් ජනාධිපති කෙනෙක් යයි සිතාගෙන සිටින්නෙකි. ඔහු උපනායක කිරීමෙන් රනිල් කලේ කරන්නට තිබෙන ළොකුම ගොන් කමයි. බදුල්ලෙන් හරීන් ළඳ ජයග්‍රහණය හාල්පාරුවෙකුට පාවා දීමයි. කේක් කපා එකිනෙකාට කවා ගෙන කළ ගොන් නාඩගමේ ප්‍රතිවිපාක ඇස් පනාපිට ලඟාවෙමින් ඇත. බුලට් බඩු වන, මංගල, රවී, කිරිඇල්ල, රාජපක්ෂ අහිමිවීමේ අනතුරක් ඇත. එජාපයේ ගෙවල යකා සජිත් ප්‍රේමදසය. කොඩිවිනයද එයමය. මංගල පිටව යාම පක්ෂයේ විශාල නාය යාමකි. මන්ද ඔහුගේ කපටි දේශපාළණ දැක්ම හා දැණීම පක්ෂයට අහිමිවීම කිව නොහැකි තරමේ පාඩුවක් වන නිසාය. සජිත්ට කල හැකි ලබ්බක් නැත. නොම්මර එකේ පොල් බූරූ ගොනුන්ට නම් සජිත් පොරක් වන්නට පුළුවන. උන්ගෙන් රටටද පක්ෂයට මෙළෝ වැඩක් නැත.

    ReplyDelete
    Replies
    1. //සජිත්ට දේශපාළණයෙන් මංගල අසලවත් සිට ගැනීමට නොහැක. ඒ සඳහා උදාහරණ මේ ළිපියේම ඇත. සජිත් යනු එම් එනටර්ටෙන්ට්මන්ට් වලින් (කිලී මහරාජාගේ) ඉදිරිපත් කර ඇති මපට් කෙනෙක් පමණි. කිසිම දරශනයක්, වැඩ පිලිවලක් හෝ කළමණාකරණ ශක්තියක් නැති පුද්ගලයෙකි.// මේ ටිකට එකෙන්ම එකඟයි.. හැබැයි රටේ යුඑම්පී එකට සපෝට් බහුතරේ තාමත් හිතාගෙන ඉන්නේ සජිත් කියන්නේ තමන්ගේ ගැලවුම් කාරයා කියලා.. එවැනි ප්‍රතිරූපයක් ජනයා තුල ඇතිකලේ ද මේ කියන මංගලලාමය.. මන්ද රනිල්ට බිම වැටෙන්නම ගහන කොට පැත්තකට වී සිටී කොලුවෙන් හිමින් හිමින් ලකුණු රැස් කලේය.

      // නොම්මර එකේ පොල් බූරූ ගොනුන්ට නම් සජිත් පොරක් වන්නට පුළුවන// කොහොමවත් සජිත් පොරක් නොවේ.. හැබැයි බහුතරේ තාමත් හිතන්නේ පොරක් කියලා

      Delete
  3. මාතලන් බොස් සහ UNKNOWN...

    මංගල සහ සජිත් යන දෙපලම යූඇන්පී ය ඇතුලේ ඉන්න කුණු ගොඩවල් දෙකක්ය.
    මංගල යනු කාලයක් රෙජිමෙට කඩේ ගොස් දැන් රනිල්ට කඩේ යන නමුත් රෙජිමෙට කඩ "නොයන " එකෙකි.
    නමුත් ඒ දේශපාලන කැරැට්ටුව යූඇන්පී ය ඇතුලේ විශාල වයිරයක් නිර්මාණය කරගත් එකකි.සජිත් යනු එකපාර දෙතුන් ගොල්ලකට( රෙජිමෙට, කිලී ට, අලස් ට ) කඩේ යන්න ගොස් හොට බිම ඇනගෙන දැන් සද්ද වහල ඉන්න එකෙකි.

    කඩේ යාම ප්‍රතිපත්ති ගරුකව කරලා තියෙන්නේ මංගල බව ඇත්ත ය.

    නමුත් මංගලව විශ්වාස කිරීම යනු සියතින් ගෙල සිඳ ගැනීමක් මිස වෙන එකක් නොවේය.

    සැටලයිට් ට සිද්ද වුනේ එන එකය. රජකමේ ඉන්නකන් මැඩම් කියාගෙන ආපු එකා මහින්ද රජ වුනාට පස්සේ මැඩම් දිහා හැරිලාවත් නොබලුවේය.
    ඒ මදිවට හොර පාරවල් , යටින් ගේම් වලින් බලහත්කාරයෙන් වගේ පක්ෂේ සභාපතිකම මහින්ද ට දෙන්නත් මංගල මුල් විය.

    සැටලයිට් කුණු ගොදෙනුත් එහාට විසි විය.

    මහින්ද යනු රනිල් වගේම සමහරවිට ඊටත් වඩා දුර දකින පුද්ගලයෙක්ය. ඒ හින්ද තමන්ට ඕන කරන හැමදේම කරගත්ටයින් පස්සේ මංගලව ගෙදරින් එලව ගත්තේ අනාගතට් අනතුරක් කලින්ම දැනගෙන විය යුතුය.

    දැන් මෙයා හේත්තු වෙලා ඉන්නේ රනිල් ටය. රනිලුත් තමන්ට ඕන කරන විදියට ගොඩක් දේවල් මෙයාට කියල කරගෙන ඇත. කුරුඳු පොලු සංග්‍රය එක උදාහරණයක් ය. රනිල් දැන් මංගලව කොන් කිරීමත් අනාගතය දිහා බලල ගත්තු තීරණයක් වෙන්න පුළුවන.

    මෙතන රනිල් කරන වැරැද්ද සජිත්-කිලී-අලස් කල්ලිය ෆෝම් කරලා මංගල ව අයින් කිරීම ය.

    පක්ෂෙට ඇත්තට ම දරදිය ඇද ලා කුණු කාගෙන පක්ෂේ පොඩ්ඩක් හරි උඩින් තියපු හරීන් ගේ ජයග්‍රහණය පාවාදීම නම් මාතලන් බොස් කියන ලෙසටම මමද පිළිකුල් කරන දෙයකි.

    මංගල ඉවත් වීම පක්ෂයේ නාය යාමක් ය. තව කල් ගිහිල්ල ලොකු පදාසයක් එක්ක නාය යනවට වඩා දැනට පොඩ්ඩක් නාය යන එක එක අතකට හොඳය.

    රවී නම් බුලට් බඩුවක් කියල කියන්නට විභීෂණ ට හේතු නැත.

    මිනිහ දවසක රෙජිමෙ ඉස්සරහ දනගහන්න වෙන විනිමය වංචාවක ෆයිල් එකක් මහවාසලේ තියෙනවා කියල බොහොම ප්‍රසිද්ද ය.

    unknown කියනවා වගේ සජිත් ද මරා ගාව දන්ගපු එකෙක් ය.

    ඒ කියපු ඇන්ටික් ෆයිල් එකත් නංගිගේ හොර සල්ලි කෙස් එකත් හින්ද දවසක සජිතුත් සෙත්ත්පොච්චි ය.

    මාතලන්ගේ මේ වචන ටික ට විභීෂණ සීයට සීයක් agree වෙන්නේය.
    //ලංකාවේ කිසිම දේශපාළඥ්ඥයකුට මෙන්ම දේශපාළණ පක්ෂයකට කිසිම ප්‍රතිපත්තියක් නැත. උන් එකෙක්වත් රටට ආදරය කරන්නේද නැත. හැම එකාම බලන්නේ තනි පුද්ගලයෙක් ලෙස ගොඩ යාමටය. කොටින්ම මේක නම්බර් වන් බිස්නස් එක වී හමාරය. //

    ඒ හින්ද මංගල , රවී බුලට් බඩු කියා හැඳින්වීම ම අපී ඉහත දක්වූ බිස්නස් එකේ ඉත්තන් වීමක්ය.

    සජිත් ට කළහැකි ලබ්බ්බක් තියා ලබු ඇටයක් වත් නැත. මංගල ද කරපු මහා ලොකු දෙයක් නැත. නමුත් මේ දේවල යක්කු දෙන්නම පක්ෂේ ඇතුලේ නොකළ යුතු බලු වැඩ රාශියක් ම කර ඇත.

    තව ටික කාලෙකින් සජිතුත් දොට්ට බැස්ස නම් අන්න එදාට පක්ෂය සීයට අනූ නමයක්ම සුද්දය පවිත්‍රය. හරියට ලයිෆ්බෝයි සබන් ගැව වගෙය.

    -----------------
    ඉහතින් දක්වන්නට සිද්ද වුනේ මගේ පොස්ටු ව ඇතුලේ ලියා තිබිඉය යුතුව තිබ්බ නමුත් නොලියවුණු එත් ලිව්වනම් හොඳයි කියල දැන් හිතෙන කරුණු කීපයක් ය..
    මගේ පොස්ටුව ඇතුලේ එක කුණුගොඩ ක් ගැන කතා කරන්න ගිහින් තව කුණුගොඩක් උඩ මටත් නොදැනීම සුදු හුණු ටික හැලී ඇත.

    ඒ ගැන විභීෂණ වන මම මම ගැනම කනගාටු වන බව කිව යුතුය.
    නොලියවුණු දේ ගැන ලියන්න මග පාදා දීම සහ ඔලුව පාදා දීම ගැන UNKNOWN සහ මාතලන් බොස් ට මගේ ප්‍රණාමය.

    ඇනෝ නොවී එළිපිට කතාකරපු එක ගැන ඊටත් වඩා සන්තෝස ජනකය.

    අපි ට දේශපාලනය ගැන මහා ලොකු ඉවක් නැත. ඒ අපි දේශපාලනය නොව වෙනත් වැදගත් රස්සා කරන නිසාය. දේශපාලනය යනු වැඩ ඇරිලා ගෙදර ඇවිත් ඇඟේ පතේ හිරි අර ගන්න ගහන ගල් බාගයක් වගේ සබ්ජෙක්ට් ඒකකය .

    හැබැයි ඉතින් ඉවක් නැත්තෙත් නැත. අපේ ඉව එදාට එදාට ඇහෙන පෙන දේවල් වලින් හැදිච්ච් එකක් ය.
    ඒ හින්ද මගේ දේශපාලන ඉව සමහර විට තව එකෙක්ට වඩා අඩු වෙන්නට පුළුවන.

    ඒ හින්ද ඒ ඉව තව හදා ගන්න UNKNOWN සහ මාතලන් බොස් උඹලගේ කමෙන්ට් මට ඉහටත් උඩින් වටින්නේය.

    කොමෙන්ටු වලට තැනක් යූ වේවා...

    ReplyDelete
  4. සුභ ගමන් මඩ නරියෝ...
    ලිපිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තැනක් යූ සංජීව...

      අපි සුබ පතමු...

      Delete
  5. දේශපාලනය කියන්නේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශනිකයන් විසින් පෝෂණය කරපු දර්ශනයක් මිසක් ලංකාවේ හරක් ටික නාන මඩවලක් නෙමෙයි.. ඇත්තට ම මේ හරක් සෙල්ලමට දේශපාලනය නොකියා වෙනත් නමක් දැම්මා නම් යුතුයි කියලයි අපිට හිතෙන්නේ... හරක්පාලනය වගේ නමක් දාන්නට ඇහැකිනේ.... මොකද එතකොට එහි පියා හැටියටත් ඔය මංගල, කැම්පස් බණ්ඩා එහෙමත් නම් කළ හැකිනේ... ඕන නම් කැම්පස් බණ්ඩා තාත්තා කරලා මංගල අම්මා කරන්නට බැරියැ........................

    ReplyDelete
    Replies
    1. මේක දේශපාලනය නෙවයි KGP.

      මේකට කියන්නේ දේශපාලුව කියල...

      හැමෝම මේ දෙස්පාලුවේ කොටස් කාරයෝ..

      Delete
  6. 1999-2005 ජනාධිපති මැතිවරණ දෙකම තරග කළේ එජාපයේ රනිල් වික‍්‍රමසිංහ විසිනි. සජිත් පේ‍්‍රමදාස කී පරිදි අලියාගෙනි. සජිත් එහිදී කීවේ තම පියා රට වටා ගොස් ජේ.ආර්. දිනවූ පරිද්දෙන් තමා මෙවර රනිල් දිනවන බවය. එහෙත් සජිත් කියන්නේ ආර්. පේ‍්‍රමදාස නොවේ. රනිල් කියන්නේ ජේ. ආර්.ද නොවේ. මේ බව දන්නා රට්ටු සජිත්ගේ මේ කතාවට බක බක ගා සිනාසෙති. ඒ ඇයි?

    විශාල මැති ඇමතින් සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් එන බව හයිඞ්පාක් රැළියේදී තිස්ස අත්තනායක කළ කතාවට සභාව පී‍්‍රති ඝෝෂා කළහ. ඒ පී‍්‍රති ඝෝෂාව ගැන සජිත් පේ‍්‍රමදාස කළබල විය. එහෙම ආණ්ඩුවෙන් එජාපයට ආවොත් තමන්ගේ සිහින ඔක්කෝම කපෝති බව සජිත් දනී. සජිත් සිය කතාවේදී කීවේ මේ වෙලාවේ ආණ්ඩුවෙන් පිටවී එන මැති ඇමතින් මීයන් බවය. ඒ කතාව ඇසූ දස දෙසින් පැමිණි එජාප සටන් කාමිහූ සජිත්ට සාප කළහ.

    වරක් ආර්.පේ‍්‍රමදාස ගැහැනියක් අගමැති වුනොත් මාසිකව අගමැති පුටුව හෝදන්න වෙනවා යයි කියා රටේ නින්දා අපහාස වලට ලක්විය. ඒ කතාව කියන විට ආර්. පේ‍්‍රමදාසගේ මව ඔහු බිහිකර අවුරුදු 36කි. මේ දූෂිත පාලනයට එරෙහිව පෙළ ගැසෙන ආණ්ඩුවේ මැති ඇමතීන් මියන් කැරපොත්තන් යයි කියන සජිත්ගේ වයස අවුරුදු 47කි. එදා ජේ.ආර්. හයිඞ්පාර්ක් වේදිකාවේ සිටියා නම් නියෝජ්‍ය නායක ලාඩම ගලවා සජිත්ව ආණ්ඩුවට භාර දෙනවා සිකුරුය.

    මේ ටික කියන්නේ මෙදවස සජිත් ආර්. පේ‍්‍රමදාස හෝ රනිල් ජේ.ආර්. නොවන බව අවබෝධ කර ගන්නටය. එ දවස ජේ.ආර්.ට ආර්. පේ‍්‍රමදාස යනු දහයෙන් එකෙකු මිස තනි මහ පොරක් නොවීය. රනිල් ජේ.ආර්. නොවන්නේ නායකත්ව මණ්ඩලය අකි‍්‍රය කොට පේ‍්‍රමදාසගේ පුතා රනිල් පක්‍ෂයේ දෙවනියා කර ගත් නිසාය. සජිත් කියන්නේ රනිල් අලියාගෙන් ආවොත් දිනවන බවය. කරු ජයසුරිය පොදු සංධානයෙන් ආවොත් පරද්දන බවය. කිරි පැකට් බෙදා හම්බන්තොටින් මහින්ද පරද්දන්න දඟලන සජිත්ගේ දේශපාලනය එජාපයට ලජ්ජාවකි.

    මේ කතා කියන සජිත්ට රනිල්ව එළවන්න බැරිවුණේ කරු ජයසූරියලා රවි කරුණානායකලා මංගල සමරවීරලා නායත්ව මණ්ඩලය හරහා එකතුවූ නිසා බව රනිල්ට මතක නැත. බලයට පත්වූ පසුව තමන් දිනවූ ජනතාව අමතක කරන රනිල්ට මේවා ද්‍රෝහිකම් නොවේ. ද්‍රෝහියා කවුදැයි හයිඞ්පාක් හිදී රනිල් කෑ ගසා ඇසීය. සජිත්ගේ කරුගේ රවිගේ මංගලගේ තියා තමාගේ සයිස් එකවත් රනිල් තවම දන්නේ නැත.

    සජිත් කියන්නේ පොදු විපක්‍ෂයට එක්වන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවේ සිටින හොරුන් තක්කඩියන් දූෂිතයන් බවද? එවිට පේමදාසලාගේ සුද්ධවන්ත භාවයද ජනතාව ප‍්‍රශ්න කෙරෙනවාමය. 1988-93 කාලයේ රජගෙදර ඉපැරණි භාණ්ඩ වාෂ්පවිම, දුලාංජලිගේ හොර සල්ලි සෝලිය ආණ්ඩුවෙන් යට ගැස්විම ගැන ලංකාවම ප‍්‍රශ්න කරනු ඇත. සජිත් වර්තමාන එජාප නියෝජ්‍ය නායකයා නිසා ඒ හෙනයත් පාත් වෙන්නේ එජාපයටමය. ඒක රනිල්ට කොටි ලේබල් ගැසූ විට එජාපය පරදිනවා වාගේ ය. මේ තත්වය තුල කිසිවෙකු එජාපය සමග පෙළ ගැසේද? ඉදිරි ජයග‍්‍රහණ ගැන යුඇන්පී කාරයන් ඉන්නේ ප‍්‍රාණ භයෙනි.

    සජිත් ආණ්ඩුවේ කැරළීකාර මැති ඇමතීන් හොරුන් වංචනිකයන් දූෂිතයන් බව හම්බන්තොටදීද කියා ඇත. ඔවුන් ආණ්ඩුවෙන් පනින්නේ තමන්ට එරෙහි දූෂණ චෝදනා යට ගසා ගැනීමට බව සජිත් කෑ ගසා කියයි. මේවා මාගරින් විකුණන දැන්විම්වල පෙනි සිටින චූ කොල්ලන් ලවා කියවන කතා වාගේය. මේවා සජිත් කියන්නේ එජාපයේ වාසියට නොවේ. මහින්දගෙන් ලකුණු දා ගන්නටය. හේදෙන ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙනි. පේමදාස යුගයේ රජගෙදර ඇන්ටික් වාෂ්පවිම, ප‍්‍රකට හොර සල්ලි සෝලි නැවත අවුස්සන විට සජිත් වෙන කුමක් කරන්නද?

    1983දී ආර්.ප්‍රේමදාය ඉන්දු ලංකා ගිවිසුමට, 13 සංශෝධනයට විරුද්ධව ආවේස විය. ඔහු තැන තැන පුටු හෝදන ජාතියේ කතා කීය. අජන්තා විජේසේනට කතා කළ ජේ.ආර්. සෙවන ලොතරැයි ලිපි ගොනු ගෙන්වා ගත්තේය. 13 වෙනි ව්‍යවස්තාව ඉස්තරම් යයි ආණ්ඩුව වෙනුවෙන් ආර්. පේ‍්‍රමදාස කළ කතාව හැන්සාඞ් එකෙන් බලා ගත හැකිය. සජිත් ඒ පියාගේ කටකාර පුතාට කිසිදාක එජාපය වෙනුවෙන් පෙනී සිටින්නට ආණ්ඩුව ඉඩ දෙන්නේ නැත. සජිත් වයින් කළ රූකඩයකි. සජිත්ට අනුව හෙළ උරුමය මේ පනින්නේ ගල් අගුරු දූෂණ චෝදනා යට ගසා ගැනීමටද? පාඨලී චම්පික නම් ඒ දූෂණ කතා වලට දැනටම අභීයෝග කර ඇත. ඒ විදියට අභියෝග කරන්නට සජිත්ට හයියක් නැත. රත් හඳුන් කැලයක් කෑ එකාට සෙන්ට් සුවඳත් සුවඳක්ද?

    හයිඞ්පාර්ක් එජාප රැස්වීමට එජාප නියෝජ්‍ය නායක සජිත් නියෝජිතයන් කී දෙනෙක් ගෙනාවේද? එකෙක්වත් ගෙනාවේ නැත. ඒ ඇයි? එක තිස්සමහාරාමයේ යූඇන්පී ශාඛා නැති නිසාය. දෙක එහෙම කරන්නට සජිත්ට ආණ්ඩුවෙන් අවසර නැත. තෙල් ගා මැතුරූ බුලත් කොලයක් ආණ්ඩුව ඔහුගේ මුහුණේ අතුල්ලා වගේය. ඔහු ඉන්නේ දිෂ්ඨියෙනි.

    ReplyDelete
  7. 2014 පළාත් සභා ඡන්දයේදි මහින්ද හම්බන්තොටින් 2010දී ලබාගත් ඡන්ද වලින් 55,220ක් අහිමි විය. එයින් සජිත් දිනා ගත්තේ 30.59%කි. තිස්ස අත්තනායක කියන ආණ්ඩුවට එරෙහි විපක්‍ෂ ඡන්ද ප‍්‍රමාණයෙන් 80%ක් එජාපයට ගන්නවත් සජිත් සමත් වෙලා නැත. 2014 හම්බන්තොට විපක්‍ෂය ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් එජාපයේ එකතුව 61.67%කි. රනිල් තිස්ස දෙදෙනා සජිත් උඩ දාන විට මේ පෙනෙන්නේ සජිත් බබාගේ යට ඇඳුම් රහිත දේශපාලන නිරුවතය. අලියා පෙන්නා රනිල් දිනවිමට අවශ්‍ය 51% අරන් දෙන්ට සජිත්ට බැරිය.

    එළඹෙන ජනාධිපති මැතිවරණයට රටම සූදානම් වෙමින් සිටිති. ආණ්ඩුවෙන්ද සමහරු ඒ සඳහා පැමිණිමට නියමිතය. පසුගිය ජූලි 24 වෙනිදා කොළඹ නව නගර ශාලාවේදී සියළු පක්‍ෂ සමග රනිල් එක්ව පොදු ලකුණක් මෙන්ම පොදු අපේක්‍ෂකයෙක් වෙනුවෙන් එකඟ විය. එජාපයට පොදු අපේක්‍ෂක අවස්ථාව ලැබුණේ එහෙමය. ඒ රනිල් දැන් සජිත් සමග කොරා සහ අන්ධයා පුරුදු වෙමින් සිටී. (රනිල් යනු විශ්වාස කළ නොහැකි චරිතයක් බව නැවත ඔහුම තහවුරු කරයි.)වසර ගණනාවක සිට රනිල් පළවා හරින මෙහෙයුමක නිරත සජිත් විය. රනිල් රටේ විධායක ජනාධීපති කරවිමට හදිසියේ සජිත්ට වැහුණ දිෂ්ඨිය අර හොර සල්ලි පිල්ලිය ද? (සජිත් වාසි පෙන්වා බය ගන්වා වෙනස් කළ හැකි චරිතයක් බව සජිත්ම තහවුරු කරයි.)

    1994දී එජාප ආණ්ඩුව පැරදී 2014ට විසි වසරකි. එදා 1994 තිබුණේ එජාප ආණ්ඩුවකි. ඒ වනවිට ගාමිණි දිසානායක නැවත එජාපයට පැමිණ සිටියේය. එදා එජාපයට ආණ්ඩුව පිහිටුවන්න අඩුව තිබුණේ එක් මන්තී‍්‍ර වරයෙකි. ඒ සඳහා එජාපය සාකච්ඡා කරන අතර, විජේතුංග ගාමිණි දිසානායක දෙදෙනා එපා කියද්දී රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව භාරදි යන්ට ගියේය. එය සමහරුන්ට නම් විශිෂ්ඨ ප‍්‍රජාතන්ත‍්‍රවාදි කි‍්‍රයාවකි. එහෙත් පක්‍ෂය තුල එය නැත.

    1994 රනිල් එජාප නායකයා වන විට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී තනතුරු දෙකක් හිස්ව තිබිණ. ඒ සඳහා පේ‍්‍රමදාස සහ ගාමිණිගේ දරුවන් දෙදෙනා එනම් නවින් සහ සජිත් පත් කරන ලෙස කෙරුණ ඉල්ලීම් රාශියකි. රනිල් වසරක් පමණ එකී තනතුරු පිරවූවේ නැත. මේ චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තුව එක ඡන්දයකින් වැනෙන කාලයයි. අන්තිමේ රනිල් පත් කළේ කවුද? සරත් කොන්ගහගේය. දිනේෂ් දොඩම්ගොඩය. ඔහු කිසි විටෙක එජාපයේ පැවැත්මට හෝ ආවේනික සම්මතයට ගරු කළේ නැත.

    ReplyDelete
  8. එජාප පැවැත්මට අතීතයට ආවේනික සම්මතයට ගරු නොකළා කියන්නේ රටේ උරුමයට ගරු කරන්නේ නැත යන්නය. රටට ජනතාවට ආරක්‍ෂාව සැපයූ යගදාවක් වැනි එජාපය රනිල් වික‍්‍රමසිංහ නිසා කොහු මිටක් බවට පත් විය. ඞී, එස්. ආරම්භ කළ එජාපයේ මහා වංශ කතාව ජේ.ආර්.ගෙන් අවසන් විය. පේමදාසගේ එජාප චූල වංශයට ගාමිණිලා ලලිත්ලා බර වැඩි විය. ඒ නිසා පේමදාස ඔවුන් එළවා විජේතුංග රනිල් දෙදෙනා බලවත් කළේය. තවම එජාපය ඒ සාපයෙන් මිදි නැත. වරක් එජාප මන්තී‍්‍රන් බහුතරය රනිල් එළවා නැවත ගාමිණී ගෙනාවේ ඒ නිසාය. ඒත් එල්ටිටිය ගාමිණි ඝාතනය කළේය.

    රනිල්ට දිනන්න බෑ කියන්නේ රටේ සම්මතයට ඔහු පටහැනි නිසාය. ඔහු නිතර බලය තම වාසියට පාවිච්චි කළේය. ඒ අතින් රනිල් මහින්ද සමතැන් ගනිති. අග විනිසුරු වරිය පහ කළ අර්බුදයේදි රටම ඊට එරෙහි විය. රනිල් පාර්ලිමේන්තුව උත්තරීතරය කියා ආණ්ඩුවේ ස්ථාවරය අනුමත කළේය. මෑතක මහනුවර හේවාහැට එජාප සංවිධායක ධුරය හිස් විය. ඒ සඳහා නීතිඥ හරින්ද්‍ර දුනුවිල පත් කරන ලෙස ඉල්ලිම් ගලා ආවේය.

    එජාප චූල වංශයට දුනුවිලලා නොගැලපෙයි. ඒ නිසා රනිල් කුමක් කළේද? තෙල්දෙණිය ආසන සංවිධායකව සිටි ශාන්තිනි කෝන්ගහගේ ගෙන්වා හේවාහැට භාරදී දුනුවිලට එජාප දොර වැසිය. ශාන්තිනි දිගු කලක් අපේක්‍ෂා කළේ යටිනුවරය. එතැනට මයන්ත දිසානායක පත් කර තවත් අවුලක් හදා ඇත. ඒ ඇයි? එජාප චූල වංශයට දිසානායකලා නොගැලපෙයි. මේවා දෙවන මානපය පිණිස අටවන උගුල්ය. රනිල් ද්‍රෝහියා කවුදැයි ආන්ඩුවෙන් අසන විට ඒ ප‍්‍රශ්නයම එජාපයට රනිල්ගෙන් අසන්ට සිදුවේ.

    1994දී 30,1824ක්වූ මහනුවර දිස්ති‍්‍රක් එජාප ඡන්ද ප‍්‍රමාණය 2000දී 243,623ක් විය. එය 2001දී 314,297ක් විය. 2004දී 268,131ක් විය. 2010දී මහනුවර එජාප ඡන්ද ප‍්‍රමාණය 192,798ක් විය. 2014 වන විට එජාප පක්‍ෂ කාර්යාලයේ වහලත් කඩා වැටෙන්න ලංවී තිබිණ.

    නවින් සජිත් දෙදෙනාට 1994දී නිසි තැන නොදුන් බව ඉහත දැක්වේ. රන්ජන් විජේරත්න ඝාතනයවූ විට පේ‍්‍රමදාස වහා එකී ඇබෑර්තුව සඳහා රන්ජන්ගේ එකම පුත‍්‍ර රොහාන් විජේරත්නට ආරාධනා කළේය. ඔහු එය ප‍්‍රතික්‍ෂේප කළ පසුව ඒ සඳහා දැරණීයගල ප‍්‍රදේශයේ සාමාන්‍ය පවුලක ආර්.ඒ.ඞී. සිරිසේන පත් කළේය. දිගු කලක් පැවති මෙවැනි එජාප සම්ප‍්‍රදායන් වැනසුවේ රනිල් විසිනි.

    පේ‍්‍රමදාස ඇවෑමෙන් ගාමිණි එජාපයට ගොඩ වැදිණ. ගාමිණි පක්‍ෂය කඩාගෙන ගිය බව රනිල් අතන මෙතන කීය. එදා 1994 එජාප ආණ්ඩුව පාවාදුන් නිසා කුපිතවූ එජාප මන්තී‍්‍ර කණ්ඩායම රනිල් පළවා හැර ගාමිණි දිසානායක තම විපක්‍ෂ නායකයා කර ගත්තේය. ගාමිණි දිසානායක ජනාධිපති අපේක්‍ෂකයාවී ජය කනුවට ලංවෙන විට කොටි බෝම්බ පිපිරවීය. ඒ සමග සකල එජාපයම වැළලිණ. එජාප නැවත රනිල්ට සින්න විය. අදත් එජාපය ඒ සොහොන මත නතරව සිටී.

    අද පොදු අපේක්‍ෂකයා ලෙස නම කියැවෙන කරු ජයසුරිය පක්‍ෂය කඩාගෙන ගිය බව රනිල් කියයි. ආණ්ඩුවට ගිය කරු ජයසුරිය නැවත ගෙන්වා නියෝජ්‍ය නායකයා කළේද අර රනිල්මය. සජිත්ද ඒ චෝදනාවම කරු ජයසූරියට කරයි. නැවත කරු ජයසුරිය එජාපයට පැමිණි පසුව එජාප නායකයා වන ලෙස සජිත් ලිඛීතව ඉල්ලා සිටියේය. රනිල් සජිත් දෙදෙනාට මතු නොව ආණ්ඩුවටද කරු ජයසුරිය ගැන කියන්ට තියෙන්නේ ආණ්ඩුවට ගියා කියා පමණකි. රනිල් සජිත් චරිත දෙක අපූරු සංයෝගයකි.

    එදා එජාපය පරදවා චන්ද්‍රිකා දිනවීම තමාට වාසියක් ලෙස රනිල් කල්පනා කළේය. රනිල් විසි වසරකට පසුව අද පොදු විපක්‍ෂ සංධානය වනසා මහින්ද දිනවා එජාප නායකකම රැකගන්නට සිතයි. ඊට උදව්වට රනිල් සජිත් පේ‍්‍රමදාස ලංකරගෙන සිටී. සජිත් කියන්නේ ලකුණ අලියා විය යුතුය. රනිල් එජාප අපේක්‍ෂක විය යුතුය. සජිත්ටත් අවශ්‍ය මහින්ද දිනවීමටය. ඒ රනිල් එළවා එජාපය අල්ලා ගන්නටය.

    ReplyDelete

  9. මහින්දට එරෙහි සකල බලවේගයට පොදු අපේක්‍ෂක අරමුණට රනිල් සජිත් උදැල්ලකි. 1994දී ශ‍්‍රීලනිපය අත ලකුණ අත හැර පොදු සන්ධානයකට යාම ගැන අනුර බණ්ඩාරනායක එරෙහි විය. අද සජිත් කරන්නේ එදා අනුර කළ ටිකමය. 1994 රනිල් අංචිය ඇද්දේ ගාමිණී දිසානායකට ය. ඒ උගුලේ එජාපයම හිරවිය. 2014 සජිත් රනිල්ගේ සෙල්ලමට අර අඳියි. සජිත් මෙවර තම වාසියට රනිල්ට එරෙහිව උගුල් අටවා ඇත.

    1994දී හිරවුනේ එජාපය පමණකි. මෙවර පොදු විපක්‍ෂ සංධානයම විනාසවී නැවත මහින්ද දිනනු ඇත. රනිල් 1994දී කළ ද්‍රෝහිකමට එදා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රනිල් එළවා ගාමිණී තම නායකයා කර ගත්තේය. 1994දී එජාප මන්තී‍්‍රන් තම වගකීම ඉටු කළහ. ඒ එජාප ඉතිහාසය වර්තමාන එජාප පාර්ලිමේන්තු කණ්ඩායම දෙස බලා සිටි. රනිල් සජිත් දෙදෙනාගෙන් එජාපය බේරා නොගත හොත් එජාප මන්තී‍්‍රන්ට පක්‍ෂ කි‍්‍රයාකාරකයන්ට ඉතිහාසය සාප කරනු ඇත. මෙහෙම ගියොත් එජාපයට ඉතිරි වෙන්නේ වලිග දෙක පමණකි.

    මේ උදාවි ඇත්තේ 1994ට පසුව රටේ ආණ්ඩුව පෙරළන මොහොතය. අද එජාපයේ කුමක් සිදුවේද? අනාගත ආයෝජනයක් සේ සලකා සජිත් එජාපය දිනන පාර අවහිර කරමින් සිටී. ඔහුගේ කල වයස පිරි කරදඬු උස්වන තෙක් එජාපය විපක්‍ෂයේ සිටිය යුතු නැත. දිනන්න බැරි රනිල් 1994දී මෙන් නැවත එජාපය වළට තල්ලූ කරන්නට සූදානම්ය. ඊට එජාප මන්තී‍්‍රන් පක්‍ෂ කි‍්‍රයාකාරකයන් ඉඩදිය යුතු නැත. පු`ථවන් අය හැමදාම එජාපයේ සිටියහ.

    1956ට පසුව ජේ.ආර්. නායකයෙක් නැති පක්‍ෂය ඇදගෙන ගියේය. 2001දී ගාමිණි අතුකෝරාළ රනිල්ගේ අකමැත්ත මැද ආණ්ඩු පෙරළා එජාප ආණ්ඩුවක් තැනිය. 2001දී ගාමිණි අතුකෝරාළගේ පිහිටෙන් අගමැති විය. ඔහුගේ මරණයට පසුව මාරපන - චොක්සි සමග රනිල් තනි තීන්දු ගෙන 2004දී සියළු ජග‍්‍රයහණ නැති කර ගත්තේය. මෙසේ 1994දීත් 2004දීත් රනිල් තනිව වැඩ කර එජාප ආණ්ඩු දෙකක් නැති කර ගත්තේය.

    ලැබෙන උපදෙසට එරෙහිව වැඩ කිරීම රනිල්ගේ උපන් ගතියකි. එය ලංකාවම දන්නා ප‍්‍රසිද්ධ කාරණයකි. විපක්‍ෂ සන්ධානය පොදු අපේක්‍ෂකයා එජාපයේ කෙනෙකු බවට දැනටම එකඟව සිටිති. එහෙත් එජාපය සමග හෝ එක්ව වැඩ නොකළ රනිල් විපක්‍ෂ සන්ධානයේ එකඟතා පිළිගනිතියි කිසිවෙකු විශ්වාස කළ යුතු නැත. රනිල් පොදු අපේක්‍ෂකයා වී ජයගෙන විධායක ජනාධීපති ක‍්‍රමය අහෝසි කරති යයි විපක්‍ෂ සන්ධානය තබා එජාපයවත් විශ්වාස කරන්නේ නැත. සාධාරණ සමාජයක් වෙනුවෙන්වූ ව්‍යාපාරය අනුමත කළ දින 180ක වැඩ සටහන ගැන රනිල් මේ දක්වා තම එකඟතාව පළ කර නැත. ඔහුට අවශ්‍ය විධායක ජනාධීපති ක‍්‍රමය පවත්වා ගෙන යාමටය.

    මේ තත්වය යටතේ රනිල් අත්හළ විට විපක්‍ෂ සන්ධානයට ඇති විකල්ප මොනවාද? තෝරා ගැනීම එජාපයට සීමාවී ඇත. ඊළඟ පුද්ගලයා සජිත් පේ‍්‍රමදාසද? ඔහු අපේක්‍ෂකත්වයට පළමුව එජාප නායකත්වය ඉල්ලා සිටී. ජේ.ආර්.ජයවර්ධන හැර ආර්.පේ‍්‍රමදාස හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක හෝ මහින්ද රාජපක්‍ෂ හෝ මුල් තරගයේදී තම පක්‍ෂයේ නායකයාවී සිටියේ නැත. එහෙත් 1999 සහ 2005දී එජාප නායකයා තරග කර පරාද විය. රටේ ජනාධිපති වෙන්න පහසුය. එහෙත් එජාප නායකකම ගන්නවා බොරුය. මේ සමීකරණය තුල රනිල් ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාත් බොරුය. සජිත් එජාපය දිනවනවාත් බොරුය.

    ReplyDelete
    Replies
    1. UNKNOWN වෙත කෙටියෙන් ලියමි.

      ---------------------------------

      උඹේ කමෙන්ට් තුනම , දේශපාලනය ගැන මම සැලකිලිමත් වූ කාලයට පෙර යුගය ඒ කියන්නේ 88-89 කාලේ ඉඳන් 2000 විතර කාලේ ගැන මං දන නොහිටපු කාරණා ගොඩක් දන ගන්න උදවු වුනා.

      රනිල් ගාමිණි පලහිලව්ව නම් මම අවුරුදු 5 විතර කාලේදී සිද්ද වෙලා තියෙන සීන් එකක්. අපිට ඒ කාලෙදී තිබ්බේ දේශපාලන ඉව නෙමයි නේ.
      ඒ හින්ද ඒ කාලේ වෙච්ච් සිද්දි දාමේ කොටස් කීපයක් හරි මහන්සි වෙලා කමෙන්ට් එකක දාපු එක නම් මට ගොඩක් වැදගත්.

      සජිත් යනු උඹට මෙන්ම මටද එපා වූ චරිතයකි. ඒ ගැන සැකක නැත.

      මංගල ද එවැනිම දුශ්චරිතයක් ලෙස මට පෙනෙන්නේ විවිධාකාර කරුණු කීපයක් නිසාය.

      මංගල චරිතය ගැන ලියපු පොස්ටුවේ කමෙන්ට් අතරින් හරි සජිත් චරිතය සහ රනිල් චරිතය ගැනද කරුණු ගොඩක් එලි පෙහෙළි වීම මගේ ඉමහත් සතුටට කාරණයක් ය.

      උඹට බොහොම ස්තුතියි...

      උඹේ දේශපාලන ඉව නම් ඉස්තරම්...
      අනිවා මම උඹට වඩා වයසින් බාල වෙන්න ඕන.

      ඒ නිසා බොහොම ගරු කටයුතු ලෙස උඹේ දේශපාලන ඉව අගය කරනවා...

      Delete
  10. මංගල ආණ්ඩුවට යන බව ඔහුගේ මාතර සගයෙකුට දුරකතනයෙන් දන්වා ඇති බව දණිමි. සර්පයෝ දෙන්නෙකුට එක පෙට්ටියේ ඉන්න බැහැ. මූ නෙමෙයි යන්න තිබුනේ සජිත් නම්වූ වසු පැටියා.

    ReplyDelete
    Replies
    1. //මූ නෙමෙයි යන්න තිබුනේ සජිත් නම්වූ වසු පැටියා.//

      එක ඇත්ත. එත් මංගල සර්පයාත් වැඩි කල් පෙට්ටිය ඇතුලේ තියාගන්න හොඳ එකෙක් නෙමෙයි..

      Delete
  11. දේශපාලනය=මුදල් බලය වි හමාරයි.. ජනතාව වෙනුවෙන් නෙවේ තමන්ගේ වාසිය තකා බලයට කෑදර වන නරි අද රටේ ඕන තරම්... එක ආණ්ඩු පක්ෂෙට විපක්ෂෙට විතරක් නෙවේ ලංකාවේ තියෙන සුළු පක්ෂ වලටත් අද්දලයි කියල හිතනවා. මොනවා උනත් අපිට අවසානෙදි කියන්න තියෙන්නෙත් උබට සුබ ගමන් නරියෝ කියල තමයි :) නියම ලිපියක් එල :)

    ReplyDelete
  12. හිතන්නත් හිරිකිත
    දේශපාලනය නම්වූ
    මඩ වල ගැන ලිවීමත්
    මහම මහ අපුලකි

    පනිද්දී මහ උන්
    අල්ලපු ගෙදර මිනිහට
    පිහියෙන් අනින ගැමියා
    ...........පවු

    ReplyDelete
    Replies
    1. ඇත්ත මධුවෝ..

      අපිට හැමදාම පවු තමයි...

      Delete
  13. කව්රු පැන්නත්
    කව්රු දින්නත්
    මෝඩ අපි..
    අත දිග ඇර දෙන්නෙමු..
    චන්දේ ඇති පදං

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි අපේ ශ්‍රී ලංකික අභිමානය...

      නැද්ද දෙශෝ...

      Delete
  14. මංගල ගැන මගෙත් මනාපයක් නැතත්, ඔබේ බොහොම කරුණු සමඟ මා නිහඬව සිටීම වඩා හොඳයි අදහසක් ප්‍රකාශ කරනවට වඩා.

    ReplyDelete
    Replies
    1. මමත් මල්ලි යමක් නොකොට ඉන්නත් හදල..... මූ අපෙ බොක්ක නිසා ඔහෙ කොටල දැම්ම....

      Delete
  15. උඹ මේ ලිපියෙ සජිය ගැන ලියල තියෙන එක ගැන නම් මට පුදුම දුකය.....
    සජිය කියන්නෙ දසම දස කැ රියෙක් ය........
    ඌ ව මංගල ලගින්වත් තැබිය නොහැකිය....
    ජනතාවගෙන් පත්වෙන බාස වෙල්ලො පිල් මාරුකරන එකට මම විරුද්ධය.....
    නමුත් ,,,,මංගල ඇවිත් සජියට වඩා UNP ට යමක් කලාය ....
    රනිල් කල ලොකුම ගොන් කම ....සජියව නියෝජ්‍ය කරපු එකය.....
    මංගල යනව කියන්නෙ ...මයින්ද මාමිට ගේමක් නැහැ කියන එකය.....
    හැබැයි මංගල එක කරුණක් හොදට දන්නවය......
    එනම්.......වැඩේ කරගත්තට පසු ........"පුකට පයින් ගැසීමට".......මාමි අති දක්ෂයෙක් බවය........

    ReplyDelete
    Replies
    1. kenji & Manosh

      ----------------------------

      මේ පොස්ටුව ට වර්චස් පිඬක් වෙලා තියෙන්නේ අර මංගල ගැන කියන්න ගොහින් සජිත් ගැන වාක්කියක් දෙකක් ලියවී තිබීමය.

      ඒ සෙන්ටෙන්ස් දෙක මුල් කරගෙන මගෙන් මුලින්ම ගේම ඉල්ලුවේ unknown සහ මගේ ගුරු මාතලන් බොස් ය.

      උඹල දකින්න ඇතිනේ මට හම්බවෙලා තියෙන අවවාද අනුශාසනා පෙළ.

      කෙලින්ම පොස්ට් දෙකකට විතර හරියන්න කරුණු.

      එත් එතනදීත් මම කිව්වේ එකම ය. එක කුණු ගොඩක් අවුස්සන්න ගිහින් ළඟ තිබ්බ තව කුණු ගොඩකට ද හුණු ටිකක් හැලී ඇත.

      සජිත් ට හුණු ගාන්න මට කිසි ඕනෑකමක් නැත.සජිත් යනු යූඇන්පී එකට උපන් අවජාතකයෙක් බඳුය.

      ඌ ගැනත් ඕනනම් මේ වගේම පොස්ටුවක් කොටන්න ඇහැකි ය. එත් ඉතින් ඒ පොස්ටුව unknown අතින් කමෙන්ට් වී ඇත.

      සජිත් ගේ පෞර්ෂය ගැන මම ම ලියල තියෙන වාක්කිය ගැන නම් මගේත් මනාපයක් නැත.

      මොනවා කරන්නද බන් දැන් ඉතින් ලියවිලා නේ.

      උඹලට කොහොමද දන්නේ නැහැ..මටනම් මංගල කියන්නේ පැත්ත පලාතක තියාගන්න හොඳ නැති මහා භායනක චරිතයක් ය.

      එහෙම දැනෙන්නේ මිනිහ සැටලයිට් එක්ක එකතුවෙලා රනිල්ට සහ යූඇන්පී යට කෙලවපු හැටි දැකල තියෙන නිසාය.

      ඉස්සර සිංහල සාහිත්‍ය වලට සුබාෂිතේ ඉගෙන ගන්නකොට අපිට කියල දෙනවා යම්කිසි දෙයක් තවදෙයක ට උපමා කරන ආකාරය.

      මට දැන් හරියට මතක නැහැ ..මොකක්හරි පරණ සාහිත්‍ය පොතක තිබුණ ඒ ලේඛකයා හරි අමුතු විදියට උපමා උපමේය ගලපලා.

      එයා අපි ගොඩාක් වටිනවා කියල සලකන දේකට බුදුගුණ සමාන කරන්න උත්සහ කරනවා. ඊට පස්සේ එහෙම සමාන කරොත් බුදුගුණ වලට අපහාසයක් වෙන හින්ද එහෙම කරන්නනේ නැහැ කියල ඒ කවි පදේ හරි වාක්‍යය හරි ඉවර කරනවා.

      මගේ අතින් වුනෙත් ඊට ටිකක් වගේ වැඩක්. මට ඕන වුනේ මංගල ගැන ලියන්න මිසක් සජිත් ව පුම්බන්න නෙමෙයි.

      මංගල ගේ පෞර්ෂය කුඩා කරල පෙන්නන්න මම ඌව සජිත් ගාවිනුත් තිබ්බ. තියල මංගලව පොඩියට පේන්න ඕන හින්ද සජිත් ගේ ඔලුව හරියෙන් අදාල ටිකක් විතර උස කෙරෙව්වා.
      එවෙලේ මට පෙනිච්ච හැටියට මට ඕන දේ වෙලා තිබුන...

      පස්සේ තමයි පත්තු වුනේ...
      ඔන්න ඕක තමයි මට කෙල වුණු තැන. වැරදි උපමේය ගාවින් තමයි subject එක තියල තියෙන්නේ.
      කොහොම වුනත් කමෙන්ට් එකක් දාල සුහදව විවේචනය කරපු එකට නම් උඹල දෙන්නටනම තැනක් යූ...

      Delete
  16. මෙතනදි මචං උඹට උනේ මංගල එක්ක තිබුණු ගේම පෞද්ගලික ගේමක් ලෙස දැකීම සහ උෟ රනිල්ට කොකා පෙන්නුවාය කියන හැඟීම ඉස්සර වීමය. ඒ වගේම ආවේගයෙන් ලියූ නිසා උඹ අතින් මිස්ටේක් කීපයක් වුණා. මචං මංගල කියන්නෙ ඌ ඉන්න පක්ෂෙට සම්පතක්. ඌ ගහන ගේම් වලට අපේ මැටි ජනයා එකසිය ගානට අහුවෙන්නෙ පෝලිමේ ඉඳලා. එහෙම ගේමක්වත් ගහන්න ඉන්නෙ කී දෙනාද බලපංකො. ප්‍රතිපත්ති වෙනම කතාවක්. ඌ හැබෑ දක්ෂයෙක් මේ සිනාරියෝ එක ඇතුලෙ.
    කොහොමත් ඌ යන්නෙ නෑලු. චන්ද්‍රකා වෙන ප්ලෑනක් දීල.

    ReplyDelete
    Replies
    1. ආවේගෙන් ලියන එක භයානකයි කියල දැන් තමයි තේරෙන්නේ....

      තැනක් යු මචන්...

      Delete

කමෙන්ට් කලාපය....