2017-04-18

කුණු කන්දෙන් පුපුරා ගිය අපේ කම.

http://www.longbeachny.gov/vertical/Sites/%7BC3C1054A-3D3A-41B3-8896-814D00B86D2A%7D/uploads/bigstock-Beach-Volleyball-Silhouette-81799844_(1).jpg

මීතොටමුල්ල කුණු කන්ද මේ සතියේ බයිට් එක  වෙලා ය.
සතියේ බයිට් එක  කියලා කිව්වේ මේ ලබන ඉරිදා වෙන්නකොට අපිට මේ සියල්ලම අමතක වෙලා අලුත් බයිට් එකක් හපන්න ගන්නා නිසා ය.
ඉතින් මේ මීතොටමුල්ල බයිට් එකේ රහ යන්න කලින්, කට්ටිය හපලා ඉවර කරන්න කලින් විභීෂණ ත් මේ ලෑස්ති වෙන්නේ එකට ලුණු ගම්මිරිස් පොඩ්ඩක් එකතු කරන්න ය.
👦👦👦




http://dailynews.lk/sites/default/files/u70082/C9bdjMLVYAE77G6.jpg
මොනා වුනත් දැන් ඉතින් කුණු කන්ද පුපුරලා නාය ගිහිල්ලා හමාරය.
මනුස්ස ජීවිත විසි ගානක් රටට නැතිවෙලාත් හමාරය.
ඒ ගැන ඕනා තරම් මේ වෙනකොට කතා කරන නිසා ආපහු විභීෂණ ත් ඕක පට්ට ගහන්න යන්නනේ නැත.

එත් මේ කුනුකන්ද කේස් එකේදී  අපේ මිනිස්සුන්ගේ තියෙන පට්ට ම පට්ට "අපේ කම "ක් ලොස් නැතුව දෙගොඩ තලා උතුරලා යනවා සෝෂල් මීඩියා ඇතුලේ බොහොම ලස්සනට පෙන්න තිබුනේය.
ඒ වෙන මොකුත් නොව "බෝල පාස් " න්‍යායය.
සරලව කිව්වොත් මේ කතා කරන්නේ "වගකීමෙන් ලිස්සලා යාම" කියන ශ්‍රී ලංකීය අනන්‍යතාව ගැනය.

කුනුකන්ද සීන් එක වෙච්ච ගමන්ම වගේ සෝෂල් මීඩියා ඇතුලේ මේ ගේම් එකබොහොම දරුනුවටම ප්ලේ වෙන පටන්ගත්තේය.
දැනුත් එහෙම්මමය.

අසරණ අනාත බයි සන්ධානය ය කියන්නේ උන් ( මහින්ද)  හිටියා නම් ඔහොම වෙන්නේ නැතිය, ගෝඨාභය  හිටියානම් ලස්සනට කුණු ප්‍රශ්නේ කලමනාකරනය කරනවා ය , කොහෙද මහින්දව ගෙදර යැව්වා නේ, මුන්ට කුණු ගොඩක් අයින් කරගන්න බැහැනේ, එහෙම උන් කොහොමද රටක් හදන්නේ ,ඔබට සතුටුයිද දැන් වගේ නානාප්‍රකාර විලාප ය.

ටොයි සන්ධානයද බයියන්ට දෙවැනි වුනේ නැත.
ගෝඨාභය ගේ බොරු කයිවාරු ගැනයි, බ්ලුමැන්ඩල්  කුණු කන්ද අයින් නොකර තැනමාරු කරලා කොළඹ සුද්ද කරපු හැටියි තව තව මඩ ගොඩකුයි එක්කහු කරගෙන බයියන්ටනෙලන්න අරන් ය.

ජෙප්පොත් සෙකන්ඩ් වුනේ නැත.
උනුත් කලේ අවුරුදු70 ක ඉතිහාසයක් ගැන කියා කියා  ශ්‍රී ලංකායූඇන්පී දෙකටයි , ඒ අවුරුදු 70 ටම සීනුවට නොදී අර දෙකට ඡන්දේ දීපු අපිටයි දෙහි කපන්න පටන් ගත්තු එකය .
උන් ගේ බොලේ පාස් කිරිල්ල  එහෙමය.

බලන් ගියාම උන් හැමෝම තම තමන්ගේ ආණ්ඩු කාලේ කාල වලදී කරන්න තිබ්බ දේවල් නොකරපු වරද අනිත් එකාගේ පිට දැම්මේය. කොටිම්ම කිව්වොත් බොලේ අනිත් එකාට පාස් කළේය.
http://maathalan.blogspot.com/2017/04/garbage-eating-politicians.html?spref=tw

ඔව්වා බලන් හිටපු අපිත් ඔය එකෙක්ටවත් පදිරි වුනේ  නැත.
කිලෝ ගානක් කුණු දවසකට බැහැර කරනවා කියන එක අමතක වෙච්චි අපි කලේ කොළඹ කුණු හරියට අයින් නොකරපු ආණ්ඩු දෙකටම පලු යන්න බැනපු එකය.
මේ කුණු වෙන කාගේවත් නොව අපේම කියන එක හිතා මතාම මතක් කරගත්තේ නැත.
අපිත්  අපේ බොලේ අනිත් පැත්තට පාස් කලේ එහෙමය.

http://photos1.blogger.com/img/44/3312/1024/IMG_2764_Pettah.jpg
මෙහෙම බලන් යනකොට වැරදි කාරයා වෙලා තියෙන්නේ කුණු දාපු එකාවත් කුණු අයින් නොකරපු එකාවත් නොව කුණු කන්ද ය.

කුණු කන්දේදී  මේ විදියට එලියට පෙනුනාට මොකද මේ රටේ වැඩක් කරන හැමතැනකම සිද්ද වෙන්නෙත් ඔය කියන අන්තිම අසික්කිත බෝල පාස් කිරිල්ල මය.

ආණ්ඩුව ගත්තත්, විපක්ෂේ ගත්තත්, ආණ්ඩුවේ කන්තෝරු ගත්තත් තත්ත්වය ඕකය. හැමෝම පඩි ගන්නේ වැඩ කරන්න නොව වොලිබෝල් ගහන්න ය.
ආණ්ඩුවේ තැන් වල වගේ දරුණු වට ම නොවුනත් ප්‍රයිවට් තැන් වල වුනත් වොලිබෝල් සෙල්ලම නොකෙරෙන්නේ නැත.
සරලවම කිව්වොත් හැමෝම බලන්නේ තමන්ගේ වැඩේ අනිත් එකෙක්ට බාර දීලා තමන් නිකන් පඩි කන්නට ය.

https://movingimages.files.wordpress.com/2014/12/10850171_1028194343864728_5261644585196216846_n.jpg
රටේ මොකක් හරි ප්‍රශ්නෙකට ආණ්ඩුවේ වගකීම ප්‍රශ්න කොලොත්, ආණ්ඩුව කරන දෙයක් විවේචනය කලොත් ආණ්ඩුවේ උන් කියන්නේ මේකට හේතුව කලින් හිටපු කට්ටිය කරපු වැරදි දේවල්ය, එව්වට අපිට කරනන් දෙයක් නැතිය කියලා ය.
මුළු ඉත්හාසේම දේශීය දේශපාලන නායකයෝය කියන සේරම එක එක තාලෙට එක විදියට කිව්වේ ඔය බයිලේම ය.
චන්ද්‍රිකා කිව්වේ යූඇන්පී ආණ්ඩුව කාලේ කරපු දේවල් නිසා විදවන්න  වෙනවා ය කියලා ය.
මහින්ද කිව්වේ යූඇන්පී එක කරපු දේවලුයි, චන්ද්‍රිකා කරපු දෙවලු යි නිසා මෙහෙම වෙනවා ය කියලා ය.
අද රනිල්-මෛත්‍රී කියන්නේ මහින්ද කරපු දේවල් නිසා විඳවන්න වෙනවා කියලා ය.
උන් දෙගොල්ලෝ විතරක් නොව ජෙප්පොද කියන්නේ ඔය වගේම බෝල් පාස් කතාය.

71 එකේ ගොන් කැරැල්ලක් ගහලා කෙලෝ ගත්තා නේද කියලා අහනකොට කැරැල්ලේ ගොන් කන් ගැන නොකියා උන් කියන්නේ සිරිමාගේ ආණ්ඩුවෙන් කරපු  දේවල් ගැනය.

වැව් 10000 ට මොකද වුනේ කියපුවාම උන් කියන්නේ මහා ඉහලින් පරිවාස සන්ධාන ගැහුවාට ,සද්දේ දාල වැඩ පටන්ගත්තාට ඒආණ්ඩුවේ  වැඩ කරන්න පුළුවන් තත්වයක් පහු වෙනකොට තිබුනේ නැතිය , ඒ නිසා එලියට ආවාය , ඒ හින්දා වැව් 10000 කර ගන්න බැරි වුනාය වගේ කතා ය.

උන් සපෝර්ට් කරපු මහින්දට මොකද වුනේ කියලා අහපුවාම කියන්නෙත් ඊට සෙකන්ඩ් නැති කතාය.
මහින්ද ට සපෝර්ට් කලාට පහු වෙනකොට බැසිලුයි ගෝට යි සෙට් වුනාය. මෙගා ඩීල් තිබුණාය එක නිසා අපි මහින්දගෙන් අයින් වුනේය වගේ කතාය.

මෛත්‍රීට හොර පාරෙන් සපෝර්ට් කරපු උන් අද කියන්නෙත් ඒ ජාතියේම කතාය.

බලන් ගියාම ලොවෙත් සුපිරිම බෝල පාස් කරන්නනේ ජෙප්පන්ය.
උන් හැමදාම සුද්ද්වන්තයෝ වෙලාය. 

ධර්ම රාජ්ජේ හදාපු හෙළ උරුමේ ගැනත් අහන්න දෙයක් නැත.
වෙන මොකුත් ඕනා නැහැ, ධර්ම රාජ්ජේ හැදුවාද කියලා අහපුවාම උන්ගේ බෝල පාස් කිරිල්ල දැන  කියා ගන්න පුළුවන.

ආණ්ඩු වල, පක්ෂ වල බෝල් පාසින් ගැන කතා කරලා ආණ්ඩුවේ ආයතන කන්තොරු ගැන කතා කරන්න ආවත් ඒවාත් ඔයිට දෙවැනි නැත.
හරියට රාජකාරි කරන එකෙක් හොයා ගන්න බුදු ගේමක් දෙන්නම ඕනය.
හැමෝම කරන්නේ මේක කරන්නේ මම නෙමෙයි, මේක මගේ විෂය පථයට අයිති එකක් නෙමෙයි, අහවලා අහවල් එක නොකලොත් අපිට මේක කරන්න බැහැ කියා කියා  අනිත් එකෙක්ගේ කරේ වඳුරා බාවන එකය.

නැත්තටම නැති නොවුනත් ප්‍රයිවට් තැන් වල ඔය සීන් එක පොඩ්ඩක් හරි අඩුවෙලා තියෙන්නේ තමුන්ගේ පර්ෆෝමන්ස් තමුන්ම උපයා ගෙන හදාගන්න ඕනා නිසා මිසක්ක වෙන අහවල් ලබු කිරිබතක් හින්දා නොවය.

ඔය උඩ කියාපු හැමෝම කියන්නේ වෙන කොහෙන්වත් ආපු ජීවීන් කොට්ටාශයක් නොව අපි අපිටමය.
ඔය ජාති   තුනෙන් අයින් වෙලා අපේ සාමන්‍ය ජීවිත වලට ආවත් කතන්දරේ එකමය.

https://movingimages.files.wordpress.com/2015/08/11535818_1150852381598923_5429450422869258470_n.jpg

කුණු කන්ද කඩාවැටෙන කොට ආණ්ඩුවලට බණින අපි  කාපු කන්දක් සයිස් කුණු ගොඩක් දවසකටත් අයින් කරන්නේය.
රට කෙලවෙනවා කියලා දැනගෙන  මන්තිරි ලාගේ හත් මුතු පරම්පරාවල් වලටම දොස් කියන අපි ඡන්දේ දෙන්නේ බත් පැකට් එකටය, ටකරමට ය එහෙමත් නැත නම් ගල් බාගේටය.
රටේ විනයක් නැතිය, මිනිස්සු නීතිය ට වැඩකරන්නේ නැතිය කියලා ප්‍රසිද්ධියේ කනගාටු වෙන අපි බස් එකට අත දාන්නේ අපිට හිතෙන තැන් වල ඉඳන් ය,. පෝලිමට බස් එකට නැගීමක් ගැන කතා කරන්න අවශ්‍යම නැත.
රටේ එක එක අංශ වලට දේශපාලනේ අනිසි බලපෑම් ගැන විචාර ලියන , එහෙම කරන එවුන්ගේ පලු අරින අපි ,හෙල්මට් නැතුව දඩයක් ගැහුවත්, ඇක්සිඩන්ට් එකක් වෙලා උසාවි දැම්මත් පලවෙනි කෝල් එක දෙන්නේ "අපේ මන්ත්‍රී තුමාට" ය.

ඔය කිව්වේ අපේ කමේ උදාහරන කීපයක් ය.

කලින් කිව්ව දේශපාලක යෝ කියන්නේ පිටසක්වලින් ආපු රැලක් නොව අපිම පත් කරපු අපි අතරින්ම උඩට ආපු මිනිස්සු ය.
ආණ්ඩුවේ හෝ ප්‍රයිවට් තැන් වල ඉන්නෙත් අපේ එවුන්ම ය.
උන් බෝල පාස් කරන්නේ අපිත් බෝල පාස් කරන නිසාය.

ඉතින්මේ  දෝරේ ගලන්නේ අපේ කමය.
සිරි ලංකීය අභිමානය ය.

කඳු ගණන් ගොඩ ගැහෙන්න කුණු දැම්මෙත් අපිමය.
කුණු කන්ද හරියට අයින් කලේ නැහැ කියලා  මහින්දට  ගෝඨාභය ට  එහෙම නැත්තන් රනිල්ට මෛත්‍රී ට බැන්නාට උන්ව ඒ තැන් වලට ගේන්නෙත් අපිමය.

ප්‍රශ්න දෙකම අපි හදලා එක ප්‍රශ්නෙක උත්තර හොඉයන්න අනිත් ප්‍රශ්නෙට බාරදීලා හරියන්නේ නැතිය.

අපිට ප්‍රශ්නයක් නොවෙන කිසි දෙයක් නායකයින්ට ප්‍රශ්නයක් වෙන්නේ නැත.
නායකයින්ට කුණු ප්‍රශ්නයක් නොවෙන්නේ අපිටත් කුණු ප්‍රශ්නයක් නොවෙන නිසාය.
නීතිය මට නෙමේ කියලා අපි හිතන තාක් කල් අපේ නායකයොත් හිතන්නේ නීතිය උන්ට නෙමෙයි කියලා ය.

කුණු කන්ද කේස් එකේදී විතරක් නොව රටේ ඕනෑම ප්‍රශ්නෙකදී මේ "බෝල පාස්" කිරීමේ අපේ කම ඒ ප්‍රශ්නේ අවුල් කරන්න ගොඩක් ලොකු සේවයක් කරනවා අපි දැක ඇත.
මේ "අපේ කම" අපි ගාව තියෙන කොයිතාක් කල් ද ඒ තාක් කල්ම කඳු ගණන් කුණු ප්‍රශ්න මේ රටේ ඉතුරු වෙන එක සක්කරයාට වත් නවත්තන්න පුළුවන් දෙයක් නොවේය.

මෙහෙම ලිව්වා කියලා මේ විභීෂණ සුද්ද වන්තයාය කියලා කවුරුත් හිතන්නට නම් උවමන නැත.
ඒ වෙන මොකුත් නිසා නොව මාත් මේ සිරි-ඉල්ලන්කවේම මනුස්සයෙක් ම නිසාය.

-------
අපි ගියෝ...

15 comments:

  1. අපිනං කුණු දැම්මෙ නෑ. අම්මප

    ReplyDelete
  2. බෝලේ පාස් කිරිල්ල පෞරාණික සංස්කෘතික අංගයක්.
    ලේසිම තැන් - දෙය්යෝ කෝපවීම/කර්මය/වෙලාව/හඳහන/බූත දෝශ/හූනියං

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල
      කතාව සහතික ඇත්ත

      Delete
  3. 100% ක්ම එකඟ වෙන්න බැරි උනත් 90% ක් වත් එකඟ වෙන්න පුළුවන් ලිපියක්...

    ReplyDelete
  4. කාට වැරදි කිව්වත් මේ ගොඩ ගැසෙනා කුණූ
    පාට දේශපාලනයෙන් සරණක් නැති කුණූ
    ඊට විසඳුමක් සොයලා නැති කරන්න කුණූ
    කාට නැතත් අපි අරඹමු අඩු කරන්න කුණූ....

    ජයවේවා!!!

    ReplyDelete
  5. බූරුවෙක් පාලනය කරනා කල මෙහෙම වෙනවාය

    ReplyDelete
    Replies
    1. මුන් බූරුවෝ නෙමෙයි මාතේ,,

      ඉඳහන් , ඔය ගැන පොස්ට් එකක් දාන්න යන්නේ..

      Delete
  6. මොනදේ කලත් දැං ඉතිං නැතිවුණ ජීවිත ආයෙ ගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත,
      එත් කිසිම මනුස්සයෙක් කුණු කන්දකට යටවෙලා මැරෙන්න ඕන නැහැනේ..

      Delete
  7. අද වෙනකොටවත් හැදෙන්න බැරි වෙච්චි මං කාටද මේ ප්‍රශ්නෙදි බනින්න ඕනි? දැන් නිකමට බලනකොට ඩස්ට්බින් එකේ ඔක්කොම කුණු කලවමේ.. සැහ්!

    ReplyDelete

කමෙන්ට් කලාපය....