2017-04-30

විචා...සුබ ගමන් එහෙනම්

ගත මහලු වුනත්

හිත තරුණ වුනු

බ්ලොග් කෙරුවාව හරියටම කරපු

වැඩේ වැඩේ විදියට කරන හැටි 

මහින්සි වෙලා වැඩක් කරන හැටි

අපිට පෙන්නපු, කියා දීපු 

අපි නොඅහපු, නොදැකපු , නොහොයපු 

ගොඩක් දේවල්

අහල දැකලා හොයලා

අපි වෙනුවෙන් ලියලා කරලා තියලා ගිය,

යුනිකෝඩ් ඇතුලේ 

අපේම සගයෙක් වෙච්චි,

අපේම ගුරෙක් වෙච්චි 

නාකි වුනත් අපේම කොල්ලෙක් වෙච්චි

විචෝ,

එහෙනම් සුබ ගමන්!!

ටික දොහකින් අපිත් එන්නම්

එතකන්.

එහෙ ගිහින් හොඳින් ඉඳහන්

හැමදේම අහල දැකලා හොයලා 

පුළුවන් නම් එහෙත් 

බ්ලොගක් ඇරපන්

කොමෙන්ට් කරන්න

අපිත් එනකම් 

පොඩ්ඩක් ඉවසපන්...

එහෙනම් 

අපි දැනට මෙහෙ නවතින්නම්...


-විභීෂණ -


10 comments:

  1. විවා ..තුමාට නිවන් සුව

    ReplyDelete
  2. දිනය අවසන් වෙලා
    රාත්‍රිය උදා වෙලා
    බ්ලොග් ලෝකය
    සෝ සයුරක ගිල්වා
    විචාරක සමු අරන්

    වෙනදා දැණුම බෙදූ
    අසමි දකිමි සොයමි
    බ්ලොග් එක නිහඞයි
    අවසාන සටහන ලියා
    විචාරක සමු අරන්

    ReplyDelete
  3. විචාරක, අපි නැවත එහේ දී ම දවසක හමුවෙමු!

    ReplyDelete
  4. විචාරක, අපි නැවත එහේ දී ම දවසක හමුවෙමු!

    ReplyDelete
  5. /නාකි වුනත් අපේම කොල්ලෙක් වෙච්චි// විචාගේ ශක්තිය
    //බ්ලොගක් ඇරපන්

    කොමෙන්ට් කරන්න

    අපිත් එනකම් // මිඩියම් කෙනෙක් හරහා කොමෙන්ට් යවමු. සුභ ගමන් විචා

    ReplyDelete
  6. මගේ ජේෂ්ඨ සගයට සුභ ගමන්!

    ReplyDelete

කමෙන්ට් කලාපය....