2017-02-19

සමාවෙන්න හංසි(4)...


මෙතෙක් කතාව කියවන්ට  මෙතන ඔබන්ට

--------------------------------------------------------------------------------------------------------------------------

මාසයක ට පසු.

==========

බ්‍ර්ර්..බ්‍ර්ර්ර්.........බ්‍ර්ර්..බ්‍ර්ර්ර්......

ම්ම් ..ෆෝන් එක වයිබ්රේට් වෙනවා නේද?
කවුද බලමු..

ආ..අපේ තුසිත අයියා නේ...



හෙලෝ..තුසිත අයියා..කියන්න..


හෙලෝ රසික මල්ලි..කොහොමද ඉතින්..
දැන් මල්ලිලාට හරි ගිහිල්ලා නේ ඉතින්..අපිව මතකත් නැහැ නේද?

අනේ නෑ තුසිත අයියේ..
රවී අයියයි තුසිත අයියයි අමතක කරන්න පුලුවන්ද මට.?

ඒ මොකුත් නෙමෙයි අයියේ..
පහුගිය ටිකේ සැහෙන්න වැඩ වැඩි වුනා..
අවුට් ඩොර් ශෝස් කීපයක් ම සෙට් වුන..
අයියට කියන්න , පහුගිය සතියේ එක දවසයි ගෙදර හිටියේ..
 ඔයාලට පින් සිද්ද වෙන්න ඔන්න ඕක තමයි අද මගේ තත්වේ..

ආ මම දන්නවා මල්ලි..
මම මේ නිකන් කිව්වේ.. ගණන් ගන්න එපා..

ඉතින් මොකද අයියේ කතා කලේ??
කෝ අපේ රවී අයියා එහෙම ඉන්නවාද?

පහුගිය දවස් දෙක තුනකම කෝල් කලා ..ෆෝන් එක ඉස්සුවේ නැහැ...
මේ වැඩ ත්  එක්ක හොයලා බලන්න ලැබුනේ ත් නැහැ..

ම්හ්හ්..ඕවා ගැන එච්චාර හිතන්නෙපා මල්ලි..
ඌ එහෙම තමයි..
ම්ම්හ්හ්හ්..

එකත් එහෙමද?
ම්ම්? තුසිතයාගේ ඒ වචන ටික නම් මට ඇල්ලුවේ නැහැ.

ඉතින් අයියේ කියන්නකෝ...මොකද කෝල් කලේ?

ආ මල්ලි මමමේ කෝල් කලේ පොඩි වැඩක් ඇවිල්ල තියෙනවා ? කරන්න පුලුවන්ද කියලා  දැන ගන්න..

මොකක්ද අයියේ ?

අලුත් ට්‍රැක් එකක්.
මගේ පරණ යාලුවෙක් ගේ ලිරික්ස් ..
ගිය සුමනේ තමා ඌ මට ගෙනැත් දුන්නේ..

ලිරික්ස් කියෝගෙන යනකොටම මට තේරුනේ වැඩේට මැච් වෙන්නෙම උඹේ වොයිස් එක කියලා...
මොකෝ කියන්නේ? කරමුද?

ම්ම්..කවදා වගේ ද අයියේ වැඩේ පටන් ගන්න හදන්නේ ?

අද හෙටනම් බැරි වෙයි?
නෙක්ස්ට් මන්ඩේ  කොහොමද? උඹ බිසිද?
උදේ වරුවේ තමයි කරන්න බැලුවේ..එතකොට දවසම අරන් හරි හදන්න පුළුවන් නේ..

ම්ම්..නෙක්ස්ට් මන්ඩේ නේද?
ම්ම්..ම්ම්ම්..
හරි..පුළුවන් අයියේ..

එදාට අපේ යාලුවෙක් ඩිනර් එකකට ඉන්වයිට් කරලත් තියෙනවා..
එත් අවුලක් නැහැ..
මම එන්නම්..අයියේ..

එලකිරි එහෙනම්..
එහෙනම් මන්ඩේ උදේම වරෙන්..
කාලෙකින් හම්බුනෙත් නැති එකේ පොඩි චැටක් දාන්නත් පුළුවන්නේ..

හරි අයියේ.
එහෙනම් මන්ඩේ එන්නම්..

රායිට් මල්ලි..එහෙනම් එදාට සෙට් වෙමු..
ඕකේ ?

ඔකේ අයියේ..

එහෙනම් මං තිබ්බා මල්ලි..
බායි..

ඔකේ බායී අයියේ..

හම්මේ ඉතින්, තුසිතය කියන්නේ ඉතින් ලොවෙත් හොයාගන්න බැරි රත්තරංමනුස්සයෙක්..
අර ඉන්න නාකි ඔස්තාර් ලා වගේ නෙමේ..මූ අලුත් එවුන්ට පුළුවන් තරම් අත දෙනවා ..
ම්ම් එක නෙමේ..
මොකදේ මම රවී අයිය ගැන අහද්දී ඌ නිකන් කලකිරිලා වගේ උත්තරයක් දුන්නේ..
මේ රවියා ගේ නම් මොකක්ම හරි ජල්බරියක් තියෙනවා ආයේ දෙකක් නැහැ..
ෂුවර් අර කෙල්ලත් ඒ සීන් එකෙමයි ඇත්තේ..
කමක් නැහැ, සඳුදා ට යනවානේ..
එදාට තුසිතයගෙන් දැනගන්න පුළුවන් වෙයි සීන් එක මොකක්ද කියලා..

දැන් යන්න ඕනා කෑම කන්න..
හ්ම්මේ ඉතින් දවස් තුනකට පස්සේ තමයි මේ ගෙදරින් කන්න ලැබෙන්නේ...
මොනාද දන්නේ නෑ අම්මා අද උයලා තියෙන්නේ..
බලමු..


------------------
ඊළඟ සදුදා උදේ.
============
හප්පා,
හරිම මහන්සියි.
අද සඳුදා හින්දාද කොහෙදබස් සේරම සැමන් පැක් ..
ම්හ් ..කොන්දත් රිදෙනවා මේ මගුලේ බස් එක ඇතුලේ වක ගැහිලා ඉඳලා ..
ඉක්මනටම වාහනයක් ගන්න ඕනේ..
මේ රෙද්දේ ටකරන් මඩු වල ඇවිත් දැන් නම් එපාම වෙලා තියෙන්නේ..

කෝ මේ තුසිතයා ගේ ලැබ් එක..
ආ අර තියෙන්නේ..
මම ආවා වේලාසන වැඩිද මන්දා..
කෝ බලමු..
ආඅ අර තියෙන්නේ තුසිත යා ගේ හයිබ්‍රිඩ් එක..
යකෝ තාම අට ටත් නැහැ..මූ මෙච්චර වේලාසනින් මොකට එනවාද මන්දා..
මේ යකා ගෙදර යන්නේ නැතුව මේකෙම පදිංචි වෙලාද මන්දා ඉන්නේ..

ක්‍රීක්..හම්මෙමේ දොරේ තද..
ආ අර ඉන්නේ අපේ රිසෙප්ෂන් අක්කා..

ගුඩ් මෝනිං රෝශානි අක්කේ..

ආ ගුඩ් මෝනිං රසික මල්ලි..
අද මොකද මේ උදේම ඇවිත් ..
බරපතල වැඩක් ද?

ආ නෑ අක්කේ..
අලුත් වඩක් ඇවිත් තියෙනවා , අද එන්න පුලුවන්ද කියලා තුසිත අයියා ඇහුවා.
එකයි මේ ආවේ..

ඉතින් කොහොමද අක්කේ සැප සනීප.?

ආ වරදක් නැහැ මල්ලි..

දැන් අයියා රට ඉඳන් ඇවිත් ද?

තාම නැහැ මල්ලි, ලබන මාසේ මැද විතර එන්නලු ඉන්නේ.

ආ එහෙනම් ළඟදී ම අපිටත් වෙඩින් කේක් කන්න පුළුවන් වෙයි නේ..?

අනේ ඔවු..
ඔයාලට වෙඩින් කේක් කවන්නමයි එයා රට ඉඳන් එන්නේ..
මේ මගෙන් මොකුත් අහන්නේ නැතුව යනවද මෙතනින්..

අන්න බොස් ඉන්නවා උඩට වෙලා..

හා හා..හරි හරි..බලමුකෝ බලමුකෝ..
ඔන්න එහෙනම් අපි ගියා..

මේකිගේ සැර  යකෝ..

=##======##=========##

ආ අර ඉන්නේ තුසිත අයියා..
මේකා කොයි වෙලෙත් අර මගුල කනේ ගහන් ඉන්නේ...

කතා කරලා බලන්න ඕනා..

තුසිත අයියේ ගුඩ් මෝනිං..

ම්හ්හ්..ඇහුනේ නැහැ..

දොරට පොඩ්ඩක් ගහල බලන්න ඕනා..
හෙලෝ මේ..
තුසිත අයියා,,ගුඩ් මොනින්ග් .

අන්න යන්තම් ඇහුනා . ඔය එන්නේ ළඟටම.

හෙලෝ රසික මල්ලි. .ගුඩ් මෝනිං ගුඩ් මෝනිං.
සොරි ඉතින් මම දැක්කේ නැහැ..පොඩි මෙලඩියක් අහ අහ හිටියේ,,

කොහොමද ඉතින්..කලින්ම ආවා නේද?

අනේ අපි නොදන්නා මෙලඩි..

ඔවු අයියේ..
අයියගේ වැඩක්නේ ඉතින්..ආයේ මොකටද පරක්කු වෙවී ඉන්නේ...

මමනම් මල්ලි ඉතින් හැමදාමත් වගේ උදෙන්ම එනවා..
මොකද ඉතින් මේක මගේ තැන නේ..මගේ ජොබ් එකනේ..

එකනම් ඇත්ත අයියේ..

ඔන්න ඔහොම ඉදගනින් බං..තව ටිකකින් වැඩේ පටන් ගම්මු...
තප්පරයක් දියන්..මම ටී දෙකක් දාගෙන එන්නම්..

ආ හරි අයියේ,,මම මෙහෙන් ඉන්නම්..

හප්පේ සොපාවේ සනීපෙ..
ම්ම්..මේකාගේ බිත්ති වල එල්ලලා තියෙන පින්තූරු ගොඩ..
මූ මියුසික් වලට අමතරව ෆොටෝග්‍රෆි ත් කරනවා ද කොහොඑද..
අර පින්තූරේනම් පට්ට ලස්සනයි..ලස්සන්න පොඩි කෙල්ලෙක් ..

ටික වෙලාවකින්..
--------------------

අන්න තුසිත යා ටී දෙහෙකුත් දාන් තව මොකක්ද ප්ලේට් එහෙකුත් අරන් එනවා.

මෙන්න මල්ලි ..ගන්න බිස්කට් එකක්.
මෙන්න උණු උණු ටී එකත් මෙතැනින්ම තිබ්බ..

ම්ම්ම්..දුම් දාන ටීඑකක් නේ..
චොක්ලට් බිස්කට් වුනත් වෙලාවේ හැටියට නරක නැහැ..
ගන්න ඕනා එකක්..

හ්ම්ම්ම්...
ඉතින් ඉතින් මල්ලි.
කොහොමද වැඩ කටයුතු..
දැන් හරිම බිසිලුනේ නේද?

එකනම් එහෙම තමයි අයියේ..
තැන් තැන් වල ශෝස් එහෙම දැන් සෙට් වෙනවා නේ..
ඒ අස්සේ ඉතින්එක එක චැනල් වල ඉන්ටවිව් වලටත් යන්න වෙනවා..
ඕක තමයි ඉතින්ජීවිතේ ..

ඔහොම තමයි මල්ලි..ආටිස්ට්කෙනෙක්  වුනාම..
ඔව්වට පුරුදු වෙන්න ඕනා..
අනික ඉතින් උඹ බලෙන් යන එකක් යෑ..
උඹේ වොයිස් එක ට කැමති නිසානේ උන් උඹව ඉල්ලන්නේ..
ඔන්න්න ඔහේ යමන් බන්..
මොකද මේ කරන විදියට නාකි වෙලත් සින්දු කියන්න යෑ..
පුළුවන් කාලේ උපරිමෙන් ම කරගන්න ඕනා..
එතකොට නාකිවුනාට පස්සේ සැනසිල්ලේ ඉන්න පුළුවන්..

ඔවු අයියේ..
එකනම්එහෙම තමයි...
එත් ඉතින් අපි තාම ෆීල්ඩ් එකට අලුත් නේ..
එකයි මේ මැච් වෙන්නේ නැති ගතියක් තියෙන්නේ...

එක නෙමෙයි අයියේ..
රවී අයියා ව මීට් වුනේ නැද්ද ළඟ කදී..
මම දෙතුන් පාරක්ම කෝල් කළා..ආන්සර් කලේ නැහැ..

අන්න තුසිත්යා ලොකු හුස්මක් පාතට දැම්මා..

කිව්වත් වගේ මටත් දැන් සති ගානකින් මීට් වුනේ නැහැ මල්ලි ..
මේ වැඩ ත් එක්ක කෝල් කරන්න වුනෙත් නැහැ..

ඕකා කොහේ ඉන්නවද? මොනා කරනවා ද කියලා ඉතින් දෙයියෝ තමයි දන්නේ..

ඇත්තට ම අයියේ රවී අයියා ටිකක් වෙනස් නේ?
මීට් වෙච්චි දවස් දෙක තුනේ දී මට නම් ටිකක් එහෙම තේරුනා...

අනේ මන්දා මල්ලි.
ඕකා ඉස්සර ඔහොම නැහැ..
මේ දැන් මාසයක් දෙකක් තිස්සේ තමයි ඔය අමුතු වෙලා ඉන්නේ..
ඔය උඹත් එක්ක වගේ මොනා හරි වැඩක් කර ගන්න මෙහෙ ආවට වෙන වෙලාවට අපි කා  එක්කවත් ලොකු කතා බහක් නැහැ..

මොකක් හරි සීන් එකක් නම් එක්කෝ අපිට කියන්න ඕනේ..
මේකා එහෙමත් නැහැ..අනේ මන්දා ඌට මොනා වෙලාද කියලා..
මේ වගේ නිදහසේ කතා කරන්න වෙලාවක් සෙට් වුනේ නැහැනේ..
නැත්තන් මං ඌව ඔලුවෙන් හිටෝලා හරි අහගන්නවා මොකක්දමේකේ තේරුම කියලා..

තුසිත්යා නම් එක හරිම කලකිරීමකින් කිව්වේ..

අර එදා හිටපු ගර්ල් එක්ක මොකක් හරි කේස් එකක් වගේ ද අයියේ..?

කවුද ගර්ල්? ආ හංසි ද? අර එදා මෙතන අඬපු කෙල්ල නේ?

ඔවු ඔවු..

නෑ මල්ලි.
එක වෙන්න බැහැ.

රවී යා හංසි එක්ක පණ දෙන්න වගේ ලවු එකේ හිටියේ..
නිතරම කපල් එක මෙහෙටත් ආවා ගියා.
උන් දෙන්නගේ කිසිම නොගලපීමකුත් නැහැ..
ලවු බ්ඩ්ස් ලා වගේ තමයි හිටියේ...
ඕකා අමුතු වෙන්න පටන් ගත්තු කාලෙම තමයි කෙල්ලව මග අරින්න පටන් ගත්තෙත්..

උඹට කියන්න මල්ලි, එක දවසක් ඒකි වැඩකට මෙහෙ ආපු වෙලේ මම ඇහුවා දෙන්න මොකක් හරි කේස් එකක්වත් දාගත්තාද කියලා..

පුදුමේ කියන්නේ , කෙල්ල කිව්වෙත් මම උඹට කියපු කතාවමයි මල්ලි..
හදිසියේම රවියා කෙල්ලව මග අරින්න පටන් අරන්..
කතා බහ කරන්නේ නැහැල්ලු..
කෙල්ලගේ කිසිම කෝල් එහෙකට ආන්සර් කරන්නෙත් නාහ්හල්ලු..
කෙල්ල කොච්චරවත් ඇහුවට අදටත් මොකක්ද හේතුව කියලා කියලා නැහැ...
ඔය කේස් එක හින්දා තමයි එදා අර උඹ මෙහෙ ඉන්නකොට සීන් එක වුනත්..

අනේ මන්දා මොන මගුලක් කරගෙන ද කියලා මේකා..

ම්ම්? ඒ මොකක්ද ඒ..
මේක මාර අන්ද බූත ජාතකයක් නේ බලන් ගියාම..

ඒ කියන්නේ මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා අයියේ.
අපි කවුරුත් නොදන්නා සීන් එකක්..
හැබැයි අයියේ සීන් මොකක් වුනත් ඉක්මනට හොයල බලන්න වෙයි..

අයියා කියාපු විදියට නම් වැඩ සිද්ද වෙන්නේ , රවී අයියා ඔහොම ගිහින් කොහෙන් නවතියි ද දන්නේ නැහැ..

එකනම් ඇත්ත මල්ලි..
මේ දේවල් මතක් වෙනකොට මටත් පොඩි බයක් දැනෙනවා...

හා කෝ ඔය තේක නිවෙනවා..ඉක්මනට බීපන්..

අන්න තුසිතයා වෙලාවත් බලනවා..

අපි එහෙනම්  ස්ටුඩියෝ එකට යන් ද?

හා අයියේ..

තත්පරයක් දෙන්නකෝ..
මම තේක බීල එන්නම්...

බ්‍ර්ර්..බ්‍ර්ර්ර්ර්ර්...බ්‍ර්ර්..බ්‍ර්ර්ර්ර්ර්..බ්‍ර්ර්..බ්‍ර්ර්ර්ර්ර්ර්..

මල්ලි උඹේ ෆොන්නෙක නේද?

ආ..ඔවු අයියේ..

හරි එහෙනම්..මේ..උඹ වරෙන් ..මම යන්නම් ස්ටුඩියෝ එකට..

ආ හරි අයියේ..,මම එන්නම් ඉක්මන්ට..

බ්‍ර්ර්..බ්‍ර්ර්ර්ර්ර්...බ්‍ර්ර්..බ්‍ර්ර්ර්ර්ර්..බ්‍ර්ර්..බ්‍ර්ර්ර්ර්ර්ර්..

කවුද බලමු මේ ..
ඈ...මලලසේකර කිව්වලු .
මේ රවී අයියා නේ ද කෝල් කරන්නේ..

තුසිතයා ටත් කියන්න ඕන.

මේ තුසිත අයියේ..පොඩ්ඩක්  ඉන්න..

ඇයි මල්ලි..

මේ කෝල් කරන්නේ රවී අයියා..

ටහුඩු..

අන්න තුසිත්යා ආපහු දුවන් එනවා..

මල්ලි උඹ ආන්සර් කරපන්..
ඊට පස්සේ මටත් දීපන්..

ආ..හරි අයියේ..

හෙලෝ.. රවී අයියේ ගුඩ් මෝර්නින්..

හෙලෝ මල්ලි, ගුඩ් මෝනිං..කොහොමද ඉතින්..දැන් අපිව මතකද දන්නේ නැහැ..

මුගේ ආච්චිට හාල් ගරන්න..

මොන පිස්සුද අයියේ..මං මැරිලා ඉපදිලා නැහැනේ අයියලාව අමතක කරන්න..

අනික අයියේ නිකන් බොරුව දාන්න එපා හරිද?
මම පහුගිය ටිකේ කීපාරක් කෝල් කලාද?
කෝ එහෙකටවත් ආන්සර් කලද?
දැන් අහනවා අපිට අමතක වෙලාද කියලා?


ආ ආ මල්ලි කතා කලාද?
සොරි මල්ලි..මේ මේ..මම මේ පහුගිය ටිකේ ගෙදර හිටියේ නැහැනේ..එක වෙන්න ඇති..

අන්න අන්න පොර හිරවෙන්න පටන් ගත්තා..

නිකන් බොරු කියන්න එපා අයියේ..
මොකද අයියේ කේස් එක.
අර එදා හිටපු කෙල්ල එක්ක මොකක් හරි..

මේ රසික මල්ලි. ඔය ප්‍රශ්න පත්තරේ දැන් වහ ගන්නවාද?
ඉඳලා ඉඳලා කෝල් කලාම මේ මගුලක් අහන්න තියා ගත්තා..

ම්මට බොල..මූට නගපු නැගිල්ල..

හා හා හරි අයියේ..ඔකේ ඔකේ..
ගණන් ගන්න එපා ..
දැන් මොකටද මට කතා කලේ..?

අන්න එහෙම වරෙන්..මේ දැන් මම කියන එක අහ ගනින්..
අන්න උඹ ටයි මටයි ඉන්විටේෂන් එකක් තියෙනවා..

ඒ මොකටද අයියේ? කොහෙන්ද?

හාට් එෆ් එම් එකෙන්..

පටබොල ..ඒ මොකද අයියේ..

අර මං ඒ දවස් වල උඹේ සින්දුව හද හද හිටපු කාලේ  කියා කියා හිටියේ උන්ගේ ඇනිවසරි එක ගැන..

ආ ඔව් ඔව්..
මතකයි..
අයියා එකාලෙත් බැන බැන හිට්යේ,,

ඔව් ඔව්..උඹට මතකනේ..
අන්න එක ලබන සෙනසුරාදාලු..
ආටිස්ට් ලා හෙණ සෙට් එහෙකට ඉන්වයිට් කරලා ලු එදාට පැය තුනක ලයිව් මියුසිකල් එහෙකට..

හප්පා එහෙමද..
ඉතින් මට ඉන්වයිට් කලේ..

ඇයි බං..උඹනේ මේ දවස් වල සුපර් ස්ටාර්..
උන් මට කිව්වා උඹටත් එන්න කියනවා කියලා.
සමහරවිට අද හෙට උන් උඹට කෝල් කරයි.
උඹ එනවා නේ??

අනිවා රවී අයියා..එනවා එනවා..
එදාට මොකුත් වැඩක් වටිලත් නැහැ..

එහෙනම් හරි නේ..
උඹ වරෙන් මාත් එක්ක යන්න එදාට..

ඔකේ අයියා..
එත් කොහොමද සෙට් වෙන්නේ..

මං එන්නම් උඹේ ගෙදරට..මොකද මහ අදුරක් යෑ..

හරි අයියේ එහෙනම්..

මල්ලි උඹ දැන් ගෙදරද ඉන්නේ..

ආ නෑ අයියා..
මම මේ තුසිත අයියගේ ලැබ් එකේ ඉන්නේ..

ආ දැන් උඹ හිමීට ඌත් එක්ක සෙට් වෙලා නේද එහෙනම්?

අනේ නෑ අයියා..එහෙම මොකුත් නැහැ..
තුසිත අයියා තමයි එන්න කිව්වේ අලුත් ට්‍රැක් එකක් තියෙනවා..මගේ වොයිස් එක තමා ඒකට මැච් වෙන්නේ කියලා..
ඉතින් එකයි මං අවේ..

ගණන් ගන්න එපා මල්ලි..
මම විහිලුවට කිව්වේ..

මේ රවී අයියේ..
ඔවු මල්ලි..

මේ මෙතන තුසිතත් ඉන්නව..
එයාටත් ඕනලු අයියට කතා කරන්න..

ම්ම්..හා හා.,..දෙන්නකෝ දෙන්නකෝ..

මේකා හෙණ අකමැත්තෙන් නේ කිව්වේ..

තුසිත අයියේ මෙන්න..

රයිට් මල්ලි..
කෝ දියන් ඕක..
හෙලෝ රවියා.
බොට අඳුරන්න පුලුවන්ද මේ තුසිත යව..

*
*
*
අනේ නිකන් බොරු කියන් නැතුව හිටහන්..
අපි කොච්ච‍ර ට්‍රයි කලාද බන් උඹව අල්ල ගන්න..
*
*
*
පල පල බොරු නොකියා..
යකෝ උඹව අලගන්නවාට වඩා ලේසි ප්‍රසිඩන්ට් ව අල්ලගෙන්න එක..
*
*
*
මේ එක නෙමෙයි..
කුණුහරුප අහගන්නැතුව මට කියපන් මොකක්ද මේ උඹට හැදිලා තියෙන පිස්සුව කියලා?
මීට් වෙන් නෑ..කතා බහ කරන්නේ නැහැ. 
මොන මගුලක්ද බන් මේක..

*
*
*

ළඟදීම කියන්න..
ඇයි උඹ බඳින්න යනවද?

*
*
*අනේ නිකන් හිටහන් බන්..
දැන්උඹ මට බනින්නේමම මොකක් හරි වරද්දක් කරලා වගේ නේ..

*
*
*ඉතින්..

*
*
*ඉතින්..

*
*
*දැන් එතකොට උඹ ගැන හොයන එක වැරද්දක්..

*
*
*එහෙනම්..

*
*
*මේ මේ පිස්සු කෙලින් නැතුව මෙන්න මේ වරෙන් බන්..

*
*
*
හා..

*
*
*හා..

ඇ එහෙමද?
සෙනසුරාදා ද?

*
*
*

ඔකේ..
එහෙනම්..

මේ 
මොන ප්‍රශ්නේ තිබ්බත් ඇවිත් කතා කරපන් අපි එක්ක..
මොකාද වගේ හැංගිලා ඉන්නේ නැතුව..
*
*
*

ආ හරි මචං..

පස්සේ කතා කරමු..

බායි ..

ආ මල්ලි ෆෝන් එක.

මොකද අයියේ කේස් එක..

අනේ මන්දා මල්ලි..
මේකා විකාර කියෝනවා තියාගෙන..

ඌ කියනවා ඌ ඉන්නේ සැහෙන්න ප්‍රශ්නෙක ලු,
ඌ ඉන්න තත්වේ අපිට තෙර්න්නේ නැතිලු..
රෙද්ද තමයි..

මොකක්ද අයියේ ඒ සීන් එක..

එක තමයි මල්ලි.
එකයි මාත් ඌට බැන්නේ..

වැඩ ක් නෑ මල්ලිකතා කරලා..

අපි යන්  බන් අපේ වැඩේට..

හරි අයියේ.. ඔහොම ඉන්න මං එන්නම්..

අනේ මන්දා   ..මේ රවී අයියා නම්මාර පොරක්..
මොකක්දෝ දෙයක් හිතේ තද කරන් ද කොහෙද නිස්කාරනේ හිතින් දුක් විඳිනවා වගේ තේරෙන්නේ..

කෝ මේ තුසිතයා..
ආ අර ඉන්නේ මං එනකන්ද කොහෙද බලන් ඉන්නේ...
යන්න ඕනේ ඉක්මන් කරලා..

දවස් තුනකට පසු..
==============

ගන්න ඕනේ තුසිතයා ට කෝල් එකක්...
මගේ වැඩේ බැලුවද දන්නේ නැහැනේ..

ම්ම්ම්..
කෝ මුගේ නම්බර් එක..

ම්ම්
ආ මේ තියෙන්නේ..

ම්ම්

හෙලෝ  රසික මල්ලි ගුඩ් මෝනිං..
කියන්න.

හෙලෝ ගුඩ් මෝනිං තුසිත අයියේ..
මම කතා කලේ මගේ අර වැඩේ බැලුවද කියලා බලන්න..

ආ මල්ලි,
උඹේ වැඩේ නම් මම බලලා තියෙන්නේ..
මේ..
උඹ අද හවස බිසී ද?

අද උදේම වැඩක් ඇවිත් ද අයියේ..
නෑ අද හවස නම් ලොකු වැඩක් නැහැ..

ආ එහෙනම් මල්ලියෝ මම උඹට අද හවසා කතා කරන්නද?

දැන් මේ රවියා මෙහෙ ඇවිත් ඉන්නවා..
මම මේ ඌ එක්ක ලොබියේ කතා කර කර ඉඳලා උඹේ කෝල් එක දැකලයි මේ එලියට ආවේ..

ආ රවී අයියා ඔහේ ඇවිල්ලද?
මිනිහ මොකද කියන්නේ..

මල්ලි, මම උඹට සේරම විස්තර ටික පස්සේ කියන්නම් කෝ..
මම හවසට කෝල් එකක් ගන්නම්..
ඔකේ..

ආ හරි අයියේ හරි..
හවසට ගන්නකො එහෙනම්..

එදා හවස
-----------

කෝ මේ තුසිතයා .මහා ලොකුවට හවසට කතා කරන්නම් කියලා ..කෝ තාම නැහැනේ..
දැන් රෑ 9 ත්වෙලා..

ගන්න ඕනේ කෝල් එකක්..

හෙලෝ..

හෙලෝ තුසිත අයියේ..

ආ රසික මල්ලි..

කෝ අයියේ ඔයා කෝල් කරනවා කිව්වට ගත්තේනැහැනේ..

ආ.. මල්ලි මේ..
අනේ සොරි මල්ලි මට පොඩ්ඩක් අමතක වුනා..

එක නෙමේ,..
උඹේ වැඩේ ගැන කතා කරන්න මම හෙට උදේට කෝල් එකක් ගන්න ද?

කිසි අවුලක් නැහැ අයියේ..

දැන් කෝ රවී අයියා..
මිනිහා මොකද කියන්නේ..

මල්ලි, දැන් රැ වෙලානේ,,
පස්සේ නිවාඩු වෙලාවක මීට් වුනොත් මම විස්තර ටික කියන්නම්,
මම දැන් තියන්නම් මල්ලි..

ඔකේ..?

ආ...ඕකේ..ඕකේ..
පස්සේ හම්බෙමු එහෙනම්..

බායි..

ඒ ගමන තුසිතයා ත් අමුතු වෙලා..
බොහොම ලොකු දුකක් පපුවේ හිර කරන වගේ කතා කලේ..
ඇත්තටම මොකද මේ වෙන්නේ...
අපි කාටවත් තේරෙන්නේ නැති අමුතු දෙයක් වේගෙන යනවා වගේ...
මට නම් තාම හිතා ගන්න බැහැ..

----------------------------------------------------------------------------------------------------------------------
 <<මතු සම්බන්ධයි..>>

6 comments:

  1. පරන කොටස් ටික කියවලා එන්ම්

    ReplyDelete
  2. ඊලඟ කොටසින්වත් මොකක්ද මේ කේස් එක කියලා දැනගන්න පුලුවන් උනොත් හොඳයි... කුතුහලේ ඇවිස්සුනා....

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියන්නම්කො නිර්මාණි...

      Delete
  3. පරණ කොටස් ටිකට ලින්ක් එකක් දැම්ම නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ,
      උඩින්ම දාල තියෙන්නේ ඒ ලින්ක් එක තමයි...

      Delete

කමෙන්ට් කලාපය....